සැගවුනු මුහුනු

        ලිපියක් පලකරලා සතියක්ම ගෙවිලා ගියා.අලුත් ලිපියක් පලකරන්න හිතාගෙන හිටියත් ඒකත් ටිකක් අතපසු වුනා.එකදිගටම වීඩියෝ කිහිපයක් සංස්කරණය කරන්න වීම නිසා සමහර දිනවල රාත්‍රි දොලහ පමන වනතෙක්ම නිදිමරමින් අවදිවෙලා ඉන්නත් සිදුවුනා.ඒ අතරේ  උපාධි පංතිවල සිසුන් වෙනුවෙන් නිබන්ධන කිහිපයක් සකස් කරන්නත් සිදුවුනා.ගමන් බිමන් බහුලවීමත් කෙටි කාලයකදි වැඩිපුර කාර්යන් කිහිපයක් අවසන් කරගන්නට සිදුවීමත් නිසා විවේකයක් ඇත්තෙම නැති තරම්...

ඔන්න ඔය වගේ කාර්ය බහුල වුනත් ලිපියක් පලකරන එකත් අතපසු කරන්න බැ.අද ලිපියක් පලනොකර මගේ පිංතූර එකතුවේ තියෙන පිංතූර කිහිපයක් පලකරන්න හිතුවා.මේ පිංතුර වල අමුතුම ආකාරයක කලාත්මක බවක්,ලස්සනක් වගේම වෙනසකුත් තියනවා.බලන්න ඒ වෙනස ඔබෙත් සිත්ගන්නවද කියලා....








     හොද අවධානයෙන් බැලුවොත් මේ පිංතූර සෑම එකකම සැගවුනු මුහුනු කිහිපයක් තිබෙන බව ඉතා පැහැදිලිව පෙනේවි.මේ පහත ඇති පිංතූරයේ ඇති සැගවුනු මුහුනු ප්‍රමානය දහහතරක් (14)  වෙනවා.බලන්න ඔබට ඒ මුහුනු සියල්ලම සොයාගන්න පුලුවන්ද කියලා.....


********************
ප/ලි

ඉතා ඉක්මනින් මෙම පිංතූරයේ ඇති මුහුනු දහහතර සහිත පිංතූරය පලකරනවා.ඒ නිසා කොමන්ටුවලට රිප්ලයි නොකර ඒ වෙනුවට ඒ පිංතූරයම පලකරන්නම්......

************************************************

ඔන්න එහෙනම් පහලම පිංතූරය දැම්මා.අශ්වයෝ දෙන්නයි,අශ්වයා උඩ ඉන්න මිනිසාගෙයි මුහුනු නැතිව තමයි මේ 14 පෙන්නේ.



දිනක් ඇතුලත 250 කට ආසන්න පිරිසක් පිංතූර ටික නරඹා තිබුනත් කිහිප දෙනයි පිලිතුරක් ලබාදිලා තිබුනේ

කාන්තාවන්ට ආවේණික මානසික ගැටලු මොනවාද ? (පුරුෂ පාර්ශවයද කියවිය යුතු ලිපියකි)

    


මේ වන විට සමීක්ෂණ මගින් හෙලිකරගෙන ඇති තොරතුරු වලට අනුව  කාන්තාවන්ට මානසික ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවය පිරිමින්ට වඩා දෙතුන් ගුණයකින් පමන වැඩිය.ඒ සදහා බලපාන හේතු සාධක කිහිපයකි.

  • කාන්තාවන්ට ආවේනික යම් හැගීම්,ක්‍රියාකලාප යනාදිය එක් හේතු සාධකයකි.නිදසුනක් ලෙස දක්වන්නේ නම් කාන්තාවන්ගේ සමහර හැගීම් දැනීම් සගවා තබා ගැනීමට ඇයට සිදු වේ.ඒවා ක්‍රමයෙන් මානසික ව්‍යාකූල අවස්ථාවන් දක්වා වර්ධනය වේ.
  • කාන්තා ජීවිතයේ විවිධ අවස්ථාවන් ස්වභාවයෙන්ම පීඩාකාරීය,වැඩිවිය පැමිනීම,ඔසප් වීම,දරු ප්‍රසුතිය,ආරක්ෂාව පිළිබද ගැටලු,විවාහය,නිවසේ හුදකලා වීම,පුරුෂාධිපත්‍යට යටත්වීමට සිදුවීම යනාදිය දැක්විය හැක.
  • සැදැ සමයට ලගාවීමේදි ඇතිවන මානසික ගැටලු.


කාන්තාවන්ට  පමනක් ආවේණික මානසික ගැටලු මොනවාද ?


ඔසප් වීම සම්බන්ධව ඇතිවන ගැටලු
-----------------------------------------
ඔසප් සමයේ  කායිකව ඇතිවන යම් යම් අපහසු තාවයන්  සමග කාංසාව, නොරිස්සුම් ස්වභාවය,අවපීඩන මනෝභාව,වැනි මානසික වෙනස්වීම් ඇති වේ.කාන්තාවකගේ ඔසප් චක්‍රය සමග ඇයගේ චර්යාවන් තුලද යම් වෙනස් වීමක් ඇතිවනු දැකිය හැක.විශේෂයෙන්ම පියයුරු,උදරය,යටිබඩ ආශ්‍රිතව ඇතිවන වේදනා අපහසුතා නිසා මානසික ව්‍යාකූල භාවයන් හට ගැනීම නිතතින්ම සිදු වේ.එමෙන් ඔසප් දින කිහිපය යනු කාන්තාවකට ඉතා අප්‍රසන්නව ගෙවි යන දින කිහිපයකි.මෙම අවධියේදි බලපානු බලන ජීවවිද්‍යාත්මක සාධකයක් ලෙස සිරුරෙහි හෝමෝන වල සහ තරල ප්‍රමාණයේ අඩුවැඩී වීම් වෙනස්කම් සිදුවන බව වෛද්‍යවිද්‍යාත්මකව සොයාගෙන ඇත.මෙවැනි බොහෝ කරුනු ඇයගේ මානසිකත්වය වෙනස් වීම කෙරෙහි බලපානු ලබයි.




දරු ප්‍රසූතිය හා සම්බන්ධ මානසික ව්‍යාකූලතාවයන්
---------------------------------------------------------

 දරු ප්‍රසූතියකින් පසු කාන්තාවකට යම් ආකාරයක මානසික ව්‍යාකූල භාවයන් ඇති විය හැක.ඒ සදහා බලපානු ලබන හේතු කාරනා කිහිපයකි.

  • ප්‍රසූතියෙන් පසු සති හයක පමන කාලයක් ගතවන තෙක්ම සිරුරෙහි සිදුවන ලිංගික හෝමොන් සාන්ද්‍රණය ඉහල යාම
  • කෝටිසෝල් සාන්ද්‍රණය ඉහල යාම.
  • ප්‍රසූතිය අතරතුරේදි සිදුවන ආසාධන
  • දරුවාගේ මුල් වයස් කාලයේදි මවගේ වගකීම් වැඩීවීම මත ඇතිවන අවිවේකි බව.
  • ආර්ථික ගැටලු වලට මැදීවන කාන්තාවන්ට බිළිදාගේ අවශ්‍යතා ඉටුකරගැනීමට යාමේදි ඒ මත විදින්නට සිදුවන පීඩාවන්
  • දරු ප්‍රසූතියකින් පසු කාන්තාවනට වැලදිය හැකි මානසික ආබාධ වන ප්‍රසව විෂාදය,ප්‍රසවයෙන් හටගත් සයිකෝසිස් වැනි තත්ත්වයන් ඇති වීම.

ප්‍රසවයෙන් පසු ඇතිවන විෂාද තත්ත්වය.
 දරු ප්‍රසූතියෙන් සති දෙකක පමන කාලයක් ගෙවියන විට ඇතිවන තත්ත්වයකි.මාගේ ඤාති සහෝදරියකට මෙම තත්ත්වය ඇති වීමෙන් පසු ඇය ඇගේ දරුවා නොරිස්සන ස්වභාවයකින් පසුවිය.මෙහි රෝග ලක්ෂණ ලෙස විඩාපත්බව සහ කාංසාමය ස්වභාවයන් දැකිය හැක.මාස කිහිපයකට පසුව මගහැරි යන බවක් දැකිය හැක.දිගින් දිගටම මෙවනි තත්ත්වයක පසු වේනම් ඖෂධ සහා මානසික ප්‍රතිකාර වෙත යොමු කල යුතුය.


ප්‍රසවයෙන් පසුව ඇතිවන සයිකෝසියා තත්ත්වය .
කාන්තාවන් 500 කගෙන් එක් අයකුට පමන ඇතිවන තත්ත්වයකි.සමහර කාන්තාවනට නොයෙක් ශබ්ද ඇසීම් රූප පෙනීම් වැනි භින්නොන්මාද ලක්ෂණද ඇතිවිය හැක. 


ප්‍රසූතියකින් පසු ඇතිවන මෙවනි ගැටලු මත මව සහ බිළිදා අතර දුරස්බවක් ඇති වේ.එය දරුවාගේ වර්ධනය සහ ආරක්ෂාව කෙරෙහි සෘජුවම බලපානු ලබයි.සමහර කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව සිට ගෙවි යන දිනවලදි කේන්ති යාම.දරුවා නොරිස්සීම,ස්වාමිපුරුෂයාගෙන් වෙන්ව සිටීම වැනි දෑ කිරීමට යොමු වේ.එවැනි දේ කෙරෙහි ඉහත සදහන්කල කරුනු බලපානු ලබයි.උපන් විගස තම බිළිදා මරා දමන කතුන් පිළිබදව ඔබට අනන්තවත් අසන්නට ලැබි ඇත.එවැනි රුදුරු ක්‍රියාවක් කිරිමට ඇය පෙළඹුන කරුනු අතර ඉහත සදහන් කල මානසික අවපීඩන ස්වභාවයන්ද තිබෙන බව අප අමතක නොකල යුතුය.එවැනි මව්වරුන් දෙස අප එක හෙල අප්‍රසාදය පලකලද එවැනි දෙයක් කිරීමට තරම් ඇයට බලපෑ මානසික ව්‍යාකූලභාවයන් බොහෝ තිබුනා විය හැක.

ඉහත සදහන් කල කරුනු පිළිබදව කාන්තාවන් පමනක් නොව,පුරැෂ පාර්ශවයද දැනුවත්ව සිටිය යුතුය.විවාහක යුවලක් නම් තම බිරිදගේ යම් යම් වෙනස්වීම් කෙරෙහි බලපාන හේතු සාධක හදුනාගනිමින් ඇයව තේරුම් ගනිමින් විවාහදිවිය ගෙවන්නට මෙම අවබෝධය ස්වාමිපුරැෂයකු වශයෙන් ඔබටද තිබිය යුතුමය.යමි යමි අවස්ථාවන් වල පීඩාකාරි මානසික පසුබිමක සිටින ඔබේ දයාබර බිරිද ඒ බව ඔබට නොපවසන්නේද එම පීඩාකාරි බව නිසාමය.එවැනි අවස්ථාවන්වල ඇය මනාව තේරුම් ගැනීම ඇයටද අස්වැසිල්ලකි.එසේ නොවී ඔබද ඇයට තව තවත් පීඩනය එල්ල කිරීමෙන් ඔබේ දයාබර බිරිද තව තවත් අසරණ වනු ඇත.

(කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන හා අතවර පිළිබද ඉදිරි ලිපියෙන් සාකච්ඡා කෙරේ.මේ පිළිබදව ඔබේ අදහස් දැක්වීම එම ලිපිය පලකීරීමේදි  එයට ප්‍රයෝජනවත් විය හැක)

පාසලේ රසකතා


ඔන්න මේ වතාවෙත් පාසල් සමයේ සුන්දර මතකයන් කිහිපයක් ඔබත් එක්ක බෙදා හදාගන්නයි සූදානම් වෙන්නේ.පාසලෙන් සමුඅරගෙන දැනට වසර පහලොවක වගේ කාලයක් ගෙවිලා ගිහින් තිබුනත් ඒ රසවත් සිදුවීම් නම් අද ඊයේ වගේ මතකයට නැගෙනවා.ඔය මතක ගොනුවේ ඇති සමහර සිදුවීම් වලට අපේ පාසලේ විදුහල්පතිතුමාත් සම්බන්ධයි.වැඩිය අටුවා ටිකා ටිප්පනි නැතිව මේ කතා ටිකත් කියවලා බලලම රස විදිමුකෝ එහෙනම්.


නයා
****
සාමාන්‍යයෙන් පාසල් කාල සටහනේ පලවෙනි සතියේ සිකුරාදා දිනය වෙන්වෙලා තිබුනේ පාසල් සාහිත්‍ය සමීතිය පැවැත්වීම වෙනුවෙන්.සමීතිය දහවල් 1.00ට ආරම්භ කලාම අවසන් වෙන්නේ 1.45 විතර.එදත් සිකුරාදා දවසේ පාසලේ සාහිත්‍ය සමීතිය ආරම්භ වුනා.සිසුන් දෙදහසක පමන පිරිසකගෙන් ප්‍රධාන රැස්වීම් ශාලාව පිරිලා තිබුනා.සමීතිය ආරම්භ කරලා පැය බාගයක පමන කාලයක් ගතවෙලා ගියා.අපේ පංතිවල ලමයි වාඩිවෙලා හිටියේ පසුපසම තිබුන ආසන වල.සමීතිය ආරම්භවුන වෙලාවේ ඉදලම පිටිපස්සටම වෙලා සමීතිය දැන් ඉවරවෙයි,දැන් ඉවරවෙයි, කියන බලාපොරොත්තුවෙන් පුල පුලා  මගබලාගෙන ඉන්න අපේ බුවලා තමන්ට ඉදිරියෙන් ඉන්න අනිත් පංතිවල සිසුන්ට මොකක් හරි අලකලංචියක් කරන්නත් අමතක කරේ නම් නැ.අලකලංචි කිරීම සම්බන්ධයෙන් නම් දරාපු කුකුලා කියන නම්බුනාමයෙන් හදුන්වපු අපේ එකෙක් මට එහා පැත්තේ ඉන්න අපේ නාමලයට කතා කරන්නේ ඔය අතරේ


මචං නාමල් උඹ අද අරන් ආවා නේද රබර් සර්පයෙක්..ඒකා දීපංකෝ ටිකකට......

මචෝ පිස්සු කෙලින්නම් එපා...උඹට ඕනනම් පස්සේ දෙන්නම් දැන්නම් බැ.....

එහෙම මගුලකට නෙවෙයි බං,දීපංකෝ ඒකාව.....

ම් ඉදා..හැබැයි ඉක්මනට දීපං......


නාමලයා අද ඉස්කෝලෙට අරගෙන ආව අඩියක් විතර දිග රබර් සර්පයා කුකුලට දුන්නේ පිස්සුවක් කෙලින්නේ නැතිවෙයි කියන විශ්වාසයෙන්මයි.හොදට වට පිට බලපු කුකුලගේ ඇස් දෙක ගියේ එහා පැත්තේ පුටු පෝලිම් වාඩිවෙලා හිටිය ඌ ඒ වෙනකොට ට්‍රයි කර කර හිටපු උගේ කෙල්ල දිහාවට.කුකුලගේ අතින් ගුවන් ගත වුන රබර් සර්පයා හරියටම ගිහින් ගොඩබැස්සේ උගේ කෙල්ලගේ උරහිසමත්තට.


...අම්මෝහ්....නයෙක්....


මුලු ශාලාවටම ඇහෙන්න  කෙල්ල බෙරිහන් දෙද්දි  ඒවෙනකොට වේදිකාවේ කවියක් කිය කිය හිටපු පොඩි පංතියක කොලු පැටියා බයවුන පාරට කවියත් නවත්වලා ගල්ගැහිලා වගේ බලගෙන ඉන්නවා.ගුරැවරැ දෙතුන් දෙනෙකුත් අපි ඉන්න පැත්තට ඉක්මනින් ආවේ මොකක්ද මේ කලබලේ කියලා බලන්න.ඒ අතරේ කුකුලගේ ප්‍රියම්බිකාවත් ඔලුව දෙපරන්ද අස්සේ හංගගෙන වැලහින්නක් වගේ අඩනවා.


"මොකද ළමයෝ උනේ...ඇයි කෑ ගැහුවේ.?" ඒ ප්‍රශ්නය ගුරැ මෑණිකෙනෙකුගෙන්


කෙල්ලෝ හැමෝම මීයට පිම්බා වගේ ඉන්නවා මිසක් උනේ මොකක්ද කියලා කියන්නේ නැ.බිම වැටිලා හිටපු රබර් සර්පයා දැක්ක විද්‍යාව උගන්වන අපේ ගුරුතුමියක් ඌව අතට අරගෙන එහෙට මෙහෙට හරව හරව බලනගමන් විද්‍යාත්මක පර්යේෂණයක් කරනවද කොහේද.කොහොමින් කොහොම හරි අන්තිමට රබර් සර්පයා ප්‍රධාන වේදිකාවටත් ඉන්පස්සේ විදුහල්පතිතුමන්ගේ අතටත් සම්ප්‍රාප්ත උනා.ඉන් පස්සේ විදුහල්පතිතුමා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අපි අමතන්න පටන්ගත්තා.


....කවුද මේ වැඩේ කරපු ගොන් බූරැවෝ...ඔය පිටිපස්සේම පුටුවල ඉන්න ලොකු පංති වල එවුන් වරෙව් මෙහාට...අද මම තොපිව මකනවා..වරෙව් ඉක්මනට........


අපි පිරිස ඒකා පස්සේ ඒකා ඉතා ශාන්ත ගමනින් වටපිටවත් බලන්නේ නැතිව වේදිකාවට ගොඩවුනා.අපි දන්නවා තව සුලු මොහොතකින් අපේ විදුහල්පතිතුමා පාසලේ ලමුන් හැමෝම ඉදිරිපිට අපිට කිරැලු පලන්දලා අපිව අභිෂේක කරන්න හදන්නේ කියලා.මේ වගේ ගෞරවණීය අවස්ථාවක් අපිට උදාකරලා දුන්න කුකුලා ගැන අපි හැමෝගෙම හිත්වල ඇතිවෙලා තිබුනේ පුදුමාකාර ගෞරවයක්.

....මොකාද මේක කරේ ඇත්ත කියාපියව්...

ඒ අභිත සිංහනාදය විදුහල්පතිතුමාගෙන්........

කවුද මේ අතිඋදාර සත්ගුණවත් සූරවීර ක්‍රියාව කලේ කියලා හෙලිකරන්න අපි කවුරැවත්ම සූදානම් උනේ නැ.මොහොතකින් මේ මෙහෙයුමේ මහා මොළකරු තමන් කියලා පිලිගත්ත කුකුලා විදුහල්පතිතුමා දෙසත් වේදිකාවෙන් පහල ඉන්න සිසුන්  දෙසත්බැලුවේ ලජ්ජාව මුසු උදාර බැල්මකින්.අපිව නිදහස්කල විදුහල්පතිතුමන් කුකුලගේ පිට මැද්දට හෙනගහනව වගේ පාරවල් දෙක තුනක්ම අතහරින්න අමතක කලේ නැ.වැඩේ ඉවරයි කියලා හිතුවට එතනින් ඉවර වුනෙත් නැ.සමීතිය අවසන් වෙනකමිම වේදිකාව උඩ දණගහගෙන රබර් සර්පයාවත් කටින් එල්ලගෙන ඉන්න අපේ කුකුලට සිද්දවුනා.



තදියම
***************************

මේක සිද්ද වුනේ පාසලේ ස්පොර්ට්මීට් පැවැත්වෙන දවස්වල.අනිත් දවස්වලට වඩා නිදහස වැඩිපුර ලැබෙන දවස් කිහිපයක් නිසා පුංචි නිදහසත් මොනවහරි අසමජ්ජාති වැඩකට යොදාගන්න අපේ උන් පසුබට උනේ නැ.මමයි අපේ තව දෙන්නෙකුයි පාසලේ විද්‍යාගාරයට ටිකක් එහායින් තිබුන පඩිපෙල දිගේ පහලට බැහැගෙන එනවා.ඔය අතරේ තියනවා අතහැරලා දාපු පාසලට අයිති පරන වැසිකිලියක්.

"ඒයි මේ තියෙන්නේ පොට් එක....වරෙන් වරෙන් ඉක්මනට යමු''.කියපු දිගා යන අනවර්ථ නාමයෙන් හදුන්වන අපේ එක් මිත්‍රයෙක් අපි දෙන්නවත් ඇදගෙන පරන වැසිකිලය පැත්තට ගියා..


...මොකද බං මේ උඹ එකවරම කුලප්පුවෙන් වගේ ?...


දිගා මේ තරමි හදිසියේ මොකක්ද කරන්න හදන්නේ කියලා හිතාගන්න බරිවුන මම උගෙන් එහෙම ඇහුවා........


ලොකු දෙයක් නෙවෙයි බං.සිගරට් එකක් තියනවා ඒක ගහන්න.මේක ටොයිලට් එක ඇතුලේ ගහපුවම කාටවත් පෙන්නේ නැනේ බං.........


මචෝ මමනම් ඔය වැඩේට එච්චර කැමති නැ...කමක් නැ උඹලා ගහනකම් මමත් ඉන්නම්.........


මාරැවෙන් මාරැවට සිගරට් එක ගහමු කියලා අජියත් එක්ක යෝජනා කරගත්ත දිගා සිගරට් එක පත්තුකරගෙන හෙමින් සීරැවේ වැසිකිලියට රිංගගෙන දොර වහගත්තා.විනාඩියක වගේ කාලයක් ගෙවිලා ගියා.විදුහල්පතිතුමත් අපි බැස්ස පඩිපෙල දිගේම බැහැගෙන අපි ලගටම ඇවිත් කියලා අපි දැනගත්තේ එතුමා අතේ තිබුන වේවැලෙන් අපේ පිටට තට්ටුවක් දානකොට.අපි දෙන්නට පැත්තකට වෙන්න කියලා සංඥා කරපු විදුහල්පතිතුමා වැසිකිලිය ලගට ගිහින් වැසිකිලි දොරට දොපාරක් තට්ටු කලා.ඒ එක්කම වැසිකිලිය ඇතුලේ ඉන්න දිගා මෙන්න මෙහෙම බෙරිහන් දෙන්න පටන්ගත්තා.


හිටපං බං හදිස්සි වෙන්නේ නැතිව..තව ටිකයිනේ ගැහැව්වේ...G අකුර ලගට ගහලා දෙන්නමි...............


ආයෙත් විදුහල්පතිතුමා දොරට තට්ටුවක් දැම්මා


හිටපන්කෝ හු....... හදිස්සි නැතිව..හරියට කවදාවත් ගහලා නැ වගේනේ බං..ආතල් එකේ ගහමු මචං හදිස්සි වෙන්නේ නැතිව..........


තුන්වැනි වතාවෙත් විදුහල්පතිතුමා වැසිකිලි දොරට තට්ටුවක් දැම්මා


ආ ඉදා ඉදා ගහපංකෝ.....ගහලා මට ආයෙත් දීපං හරිද...

එහෙම ලොකු සද්දයක් දාපු අපේ දිගා දොර ඇරගෙන එලියට ආවා සිගරට් එකත් ඉස්සරහට දික්කරගෙන.සිද්ධවෙන්න යන මහා ඛේදවාචකය තවදුරටත් බලාගෙන ඉන්න  බැරි අජියයි මමයි අනිත් පැත්ත හැරිලා කට අතින් වහගෙන හිනාව තදකරගත්තා.ඒත් එක්කම අපි දෙන්නට මෙන්න මේ වගේ ශබිදයක් ඇහුනත් අපි ඒ පැත්ත හැරිලාවත් බැලුවේ නැ....


 ..චටාස්...පටාස් ...තග් ...තග් ..තග්..

-----------------------------------------------------------------------------------------------

ප/ලි

(විදුහල්පතිතුමා යන්න වෙනුවට පිනා යන වචනය යෙදුවේනමි කතාව තවත් සමීපව රසවත්ව දැනෙන්නට ඉඩ තිබින.එහෙත් අප නිසි මගට යොමුකල එතුමන්ට හා අපහට සිප්සතර ලබාදුන් දුන් අප ගුරුදෙමාපියන්හට අපහාස උපහාස වන අන්දමෙන් ලිපිය ලිවීමට සිත්නොදුන්න බැවින් එම වචන ගෞරවණිය ආකාරයෙන්ම යොදන්නට යෙදින.)

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි