මැරුනා නම් හොදයි කියලා හිතෙනවද ?

          

       බලාපොරොත්තු බිඳ වැටුනම, හුදකලාව අසරණ වුනාම, පෙම් සබඳතා බිද වැටුනම,  බරපතල විදියට ලෙඩ රෝග අසනීප නිසා පීඩා විඳින්න වුනාම, තෘප්තිමත් ජීවිතයක්  ගෙවිය නොහැකි වුනාම ඕනෑම අයකුට සියදිවි නසා ගන්නට සිතෙන්න පුලුවන්. සියදිවි නසා ගැනීම පිලිබද වාර්ථාවන්වලට අනුව නම්  ලෝකය පුරාම එක් වසරකදි මිලියනයක පමනක් පිරිසක් සියදිවි නසා ගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යමි පුද්ගලයකුගේ මරණය සියදිවි නසා ගැනීමක්ද යන්න තීරණය කරන්නේ මෙවනි සාධක කිහිපයක් මත පදනම්වයි. එනම්

1-මරණයට පත්වීම සදහා යොදාගන්නා උපාය පුද්ගලයා විසින් ආරමිභ කර ඔහු විසින්ම කරගෙන යාම

2-නියත වශයෙන්ම මරණයට පත්වන බව දැන දැනම මරණය බලාපොරොත්තුවෙන්ම එම උපාය යෙදීම

3-පුද්ගලයා එයින් මරණයට පත්වීම


ලෝකයේ සිය දිවි නසා ගැනීම සම්බන්ධ වාර්තා වල වලට අනුව නම්


*ලෝකය පුරාම එක් වසරකදි මිලියනක පමනක් පිරිසක් සියදිවි නසා ගනිති.

*සියදිවි නසා ගැනීමට උත්සහ දරන පිරිස මිලියන 10ත් 20ත් අතර වෙ

*ලෝකයේ මිනිස් මරණ සිදුවන ප්‍රධාන හේතු 10න් එකක් වනුයේ සියදිවි නසා ගැනීමය

*සිය දිවි නසා ගන්නා පුද්ගලයන්ගෙන් 60% පමන යෞවන වයසේ පසුවන්නන්ය.


*ජනගහන අනුපාතයට අනුව වැඩියෙන්ම සියදිවි නසා ගන්නා රට ලංකාවය

*අනුපාතයට අනුව වැඩිපුරම කාන්තාවන් සියදිවි හානි කරගන්නා රටද ලංකාවය.

          1985 සිට 2000 දක්වා වසර පහලොව තුල ලංකාවෙ යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව දළවශයෙන් 50000 පමනය.එම කාලය ඇතුලතම සියදිවි හානිකරගත් සංඛ්‍යාව 106000 පමන වෙ.ලංකාවෙ සියදිවි නසාගැනීමෙදි පලිබොධනාශක භාවිතා කර ඇති ප්‍රමාණය 70% කි. ලංකාවෙ සිය දිවිනසා ගන්නා අයගෙන් 50% පමන යමි තදබල මානසික ගැටලු රෝගි තත්ත්වයක් නිසා සිය දිවි නසා ගන්නා බව අනාවරණය කරගෙන ඇත. කෙස් වුවද යමකු සියදිවි හානි කරගැනීමට හේතු සාධක වන කරුනු අතරින් කිහිපයක් මෙසේ පෙළගැස්විය හැක‍

විශාද රෝගය.
මත්පැන් භාවිතයේදි ඇතිවන කායික මානසික ගැටලු, 
පෞරුෂමය ගැටලු, 
භින්නෝන්මාදය වැනි තත්ත්වයන්ය, 
බලාපොරොත්තු බිදවැටීම, 
විවාහය සම්බන්ධ ගැටලු,
පවුල සම්බන්ධ ගැටලු,
පවුලෙ සාමාජිකයන් නොසලකා හැරීම,
ප්‍රේම සම්බන්ධතා බිදවැටීම,
දුගි අසරණ බව, 
ජිවත්වීමෙ ආර්ථිකමය ගැටලු, 
සමාජයෙන් හුදකලාව සිටිම
හීනමාන තත්ත්වයන්, 
දරැනු කායික ආබාධ,
විරැකියාව,
අසරණබවක් දැනීම,
වයෝවෘදව හුදකලා වීම,

 
     අනුන්ගේ අවධානය ලබාගැනීමද සමහරකු සියදිවි හානි කර ගැනීමට උත්සහ කරති. හදිසි ආවේග චිත්ත පීඩානිසා හදිසි තීරනය මතද සියදිවි හානිකර ගනු ලැබේ. එවැනි හානිකරගැනීම චිත්ත ආවෙග පීඩා දැරිය නොහැකි කමින්ම කලින් සැලසුමි කිරිමෙන් තොරවම හදිසියේම කර ගැනීමට ඉඩ ඇත. ආගමික පෙලඹවීමි මුල්කරගනිමින් සිදු කරගන්නා දිවිනසා ගැනීමද දැකිය හැක. සමාජයට යමි බලපැමක් සිදුකිරිමේ අරමුනින්ද දිවිහානි කරගන්නා අය සිටි. කෙසේවුවද සියදිවි හානි කරගැනිමට වැඩිපුරම උත්සහ දරනුයේ කාන්තාවන් වුවත් දිවිහානි කරගෙන බහුලව මරනයට පත්ව ඇත්තේ පිරිමින් බව වාර්තා වී ඇත‍

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි