භික්ෂුව හා විනය
බුදුන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණින් උදෙසා දේශනා කල විනය දේශනාව ඕවාද ප්රාතිමෝක්ෂය සහ ආණා ප්රාතිමෝක්ෂය වශයෙන් ආකාර දෙකකින් දක්වා ඇත. සසුන ඇරඹී මුල් කාලීනව සසුන් ගතවූවෝ ධර්මාවබෝධය කිරිමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම සසුන්ගත වූවන් විය. එම කාල සිමාව තුලදි බුදුන් වහන්සේ ඔවුන් උදෙසා අවවාද අනුශාසනා ලබාදීමක් පමනක් සිදුකලේය.ඕවාද ප්රාතිමොක්ෂය යනු මෙයයි. නමුත් කලගත්වත්ම මෙම තත්ත්වය වෙනස් විය. සමහරු ලාභ අපෙක්ෂාවෙන්ම පැවිදි විය. තවත් සමහරකු ජීවත්විය හැකි වෙනයම් මඟක් නොමැතිව ජීවිකාව පිනිස පැවිදි විය. මුල්කාලීනව පැවිදි වූවන් තුල තිබු පුපේශල ශික්ෂාකාමි විනයකාමි බව මොවුන් තුල දැකිය නොහැකි විය. භික්ෂුත්වයට නොගැලපෙන දෑ සිදු කරමින් මහජනතාවගේ අප්‍රසාදයට පවා ලක්විය. විනය ශික්ෂා පද පැනවීමට සිදුවූයේ මෙවනි පසුබිමක් මතය. බුදුන් වහන්සේ විසින් මුල්ම විනය ශික්ෂාපදය පනවන්නේ සුදින්න නැමැති භික්ෂුවගේ ක්‍රියා කලාපය හේතුකොටගෙනය. පැවිදි වීමට පෙර ධනවත් සිටුවරයකුගේ පුත්‍රයකුව සිටි සුදින්න පැවිදි වූයේද දෙමාපියන්ගේ බලවත් අකමැත්ත පිටය. කෙසේ හෝ දෙමාපිය අවසරය ලබා පැවිදී වීමෙන් පසු සුදින්න ඉතා සිල්වත් ගුණවත් භික්ෂුවක් සේ දිවි ගෙවීය. නමුත් වසර අටකට පසු ඔහු තමන්ගේ පෙර ගිහි දිවියේ භාර්යාවක සමග ලිංගිකව හැසිරුනේය. එයින් ඇය ගැබ් ගත්තාය. මේ වන තෙක් සසුන තුල විනය නීති පැනවීමක් සිදු කර නොතිබිනි. සසුනේ පලමු විනය ශික්ෂා පදය සුදින්න තෙර මුල් කරගෙනම පනවන්නට විය. මුල්ම ශික්ෂාපදය එසේ පනවන්නට සසුන ඇරඹී වසර විස්සකට පසුවය. එදා පැනවු පලමු ශික්ෂා පදය මෙසේය.
“යෝ පන භික්ඛු! මේථුනං ධම්මං පතිසේචෙය්ය පාරාජිකෝ හෝති අසංවාසෝ.”
“යම් මහණෙක් ලිංගිකව හැසුරුනේ නම් පාරාජිකා වේ. සංඝයාගේ සංවාසට නුසුදුසු වේ,”
මේ පලමු ශික්ෂා පදයයි. ඉන් දිනකිහිපයකට පසු මෙම ශික්ෂා පදයට අනුප්‍රඥප්තියක් එක් කිරිමට සිදුවිය. එයට හේතු වූයේ විශාලා මහනුවර මහාවනයෙහි විසු භික්ෂුවකගේ ක්‍රියා කලාපයයි. එම භික්ෂුව වැඳිරියක් සමග ලිංගිකව එක්විය. ඒ සමග ශික්ෂා පදයට අනුප්රඥප්තියද එක්කොට මෙසේ දැක්වින.
“යෝ පන භික්ඛු මේථුනං ධම්මං පති සේවෙය්‍ය,
අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකා හෝති”
තිරිසන්ගත ස්ත්‍රියක සමග වුව ලිගිකව හැසිරුණේ නම් පාරාජිකා වේ
මෙලෙසින් අවස්ථානූකූලව අනුප්රඥප්තීන්ද එක්වීමෙන් පසු මෙම ශික්ෂා පදය මෙසේ සම්පූර්ණ විය.
“යෝ පන භික්ඛු භික්ඛුනං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං
අනාවිකත්වා මේථුනං ධම්මං පතිසේවෙය්‍ය අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකෝ හෝති
අසංවාසෝ.”
ඉතා සරලවම දක්වන්නේ නම් මෙහි දැක්වෙන ආකාරයට මනුෂ්‍ය පමනක් නොව තිරිසනකු සමග වුවද ලිංගිකව එක්වීමෙන් පාරාජිකා බවට පත් වේ. එනම් භික්ෂුත්වය නැති වේ. යෝනිය, ගුදය, මුඛ්‍ය යන අංග තුනෙක් කුමන් හෝ අංගයකට ලිංගය ප්‍රවිෂ්ඨ කලේද ඒ සමගම එම භීක්ෂුවගේ උපසම්පන්න බව නොමැතිවී භික්ෂූත්වයෙන් පිරිහී යයි. එවැනි භික්ෂුවකට නැවත උපසම්පන්න විය නොහැකි බව පාරාජිකා පාලියෙහි දක්වා ඇත. කෙසේ වුවද බාහිර ලිංගික එක්වීමකින් උපසම්පදාව අහෝසි නොවේ. එය සංඝාදීශේෂ ඇවතකට පැමිනීමකි. පාරාජිකා පාලියෙහි දැක්වෙන මෛථූන ධම්ම පාරාජිකාව හා සම්බන්ධ අවස්ථා කිහිපයක් පමනක් මෙසේය. ( අර්ථය සරල කර දක්වා ඇත )
ඒ කාලයේ එක්තරා භික්ෂුනමක් වැඳිරියක සමග ලිංගිකව එක්වූයේය. ඔහුට සැකයක් ඇති විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂා පදයක් පණවන ලදී. . කිමෙක්ද,මම පාරාජිකා පාපයට පැමුණුනෙම්ද?. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. ,මහණෙනි, ඔබ පාරාජිකා ඇවතට පැමිනියෙහිය, .
එක්තරා පිඩුපිණිස යන භික්ෂුවක් පුටුවක සිටින ගෑණු දරුවකු දැක කාමයෙහි ඇලුනේ ඇගිල්ල ස්ත්‍රී ලිංගයට ඇතුලත් කෙළේය. ඕ තොමෝ කලුරිය කළාය.ඔහුට සැකයක් ඇති විය. භාග්‍යවතුන්වහන්සේ විසින් ශික්ඛාපදයක් පනවන ලදී. කිමෙක්ද? මම පාරාජිකා පාපයට පැමුණුනෙම් ද? භාග්‍යවතූන් වහන්සේට මේ කාරණය සැළකළේය. , මහණ,ඔබ පාරාජිකාවට නොපැමිණියෙහිය සංඝාදිසෙස ඇවතට පැමිණියෙහිය.,
එක්තරා භික්ෂුවක් නැමෙන පිටක් ඇත්තේය.හෙතෙම නො ඇලීමෙන් යුක්ත වූයේ තමාගේ රහසග කටින් ගත්තේය. ඔහුට සැකයක් විය. ,මහණ, ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,
එක්තරා භික්ෂුවක් ස්ත්‍රි ශරීරයක් දුටුවේය. ඒ ශරීරයෙහි ස්ත්‍රී නිමිත්ත සමීපයෙහි වනයක් විය. හෙතෙම .මෙසේ මට ඇවත් නො වන්නේයයි . නිමිත්තෙහි නිමිත්ත ඇතුල් කරවා වනයෙන් පිට කෙළේය.ඔහුට සැකයක් විය. , මහණ, තෝ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,
ඒ කාලයේ වනාහි එක්තරා භික්ෂුවක් කාමයෙහි ගිජු වුයේ ලී බෝනික්කකුගේ රහස් අවයවය පුරුෂ නිමිත්තෙන් ස්ර්‍පෂ කෙළේය.ඔහුට සැකයක් ඇතිවිය. , මහණ, පාරාජිකා ඇවැත් නොවේ. දුකුලා ඇවැත් වේ.,
සුන්දර නම් භික්ෂුවක් රජගහ නුවරින් පැවිදි වූයේ වීථියෙහි යයි.එක්තරා සත්‍රියක් ,සවාමීණි, මොහොතක් නවතින්න, වඳින්නෙමියි කීවාය. ඕ තොමෝ වඳිමින් භික්ෂූවගේ අඳනය ඔසවා කටින් පුරුෂ නිමිත්ත අල්වා ගත්තාය. ඔහුට සැකයක් විය.,මහණ, තොප ඉවසූයෙහිද?, ,භාග්‍යවතුන් වහන්ස,මම නො ඉවසූයෙමිය,කීවාය. , මහණ, නො ඉවසන්නාට ඇවැත් නොවේ.,
එක්තරා භික්ෂුවක් එක්තරා ස්ත්‍රියක් සමග ආලය සහගත සිත් ඇත්තේ වේ. ඕ තොමෝ කලුරිය කළාය. සොහොනෙහි දමන ලද්දීය. ඇට විසුරුණාහු වෙත් ඉක්බිති ඒ මහණ තෙම සොහොනට ගොස් ඇට එකතු කොට පුරුෂ නිමිත්තෙන් ස්ත්‍රී අවයවය පිළියෙල කළේය. ඔහුට සැකයක් විය. ,මහණ, ඔබට පාරාජිකා ආපත්තිය නොවේ.දුකුලා නම් ඇවැත වේ ,
එකල්හි වනාහි භාරුකචඡ දේශවාසී එක්තරා භික්ෂුවක් සිහිනෙන් පෙර බිරිඳට මෛථුන ධර්මයෙහි හැසිර මම ශ්‍රමණයෙක් නොවෙමි. සිව්රු හරින්නෙමියි. භාරුකචඡ රටට යන්නේ. අතරමග ආයුෂ්මත් උපාලි තෙරුන් දැක මේ කාරණය සැළ කළාය. ආයුෂ්මත් උපාලි තෙමේ ,ඇවැත්නි. සිහිනෙන් ඇවැත් නැතැයි කීයේය.,
එකල්හි වනාහි රජගහනුවර සුපබ්බා නම් උපාසිකාවක් හිස් ශ්‍රද්ධාවන්තියක් වෙයි. ඕ තොමෝ යමෙක් මෛථුන ධර්මය දේද ඕ තොමෝ අග්‍රදානය දෙන්නීයයි. මෙවැනි දෘෂ්ටියක් ඇත්තීවෙයි. ඕ තොමෝ භික්ෂුවක් දැක ,ස්වාමීනි. වඩින්න මෛථුන ධර්මය සේවනය කරන්නැයි, කීවාය. ,නැගණිය. නොසුදුසුය මෙය කැප නැතැයි, කීවේය. ,ස්වාමීනි. වඩිනු මැනව.දෙකලවා අතරෙහි ගටන්න මෙසේ ඔබට ඇවැත් නොවන්නේයයි,කීවාය. ඒ භික්ෂුව එසේ කළේය. ඔහුට සැකයක් පහළ විය.,මහණ. පාරාජිකා ඇවත නොවේ. සංඝාදිසෙස ඇවතවේ.,
මෙලෙසින් මෙහි දක්වන්නට යෙදුනේ භික්ෂූවක් පාරාජිකා බවට පත්විය හැකි කරුණු සතරෙන් පලමු පාරිකාව වන මෛථුන ධම්ම පාරාජිකාව පිළිබදව වන අතර එයද ඉතා කෙටියෙනි.උපසම්පදා ශීලය බිඳියන භික්ෂුත්වය අහෝසිවන සතර පාරාජිකා මෙසේය.
- මෛථුන ධම්ම පාරාජිකාව ( ලිංගික සේවනය)
- මනුෂ්‍ය විග්ගහ පාරාජිකාව (මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම)
- අදත්තාදාන පාරාජිකාව ( සොරකම )
- උත්තරීතර මනුෂ්‍ය ධම්ම (මගඵල ධ්‍යාන වැනි උත්තරීතර ධර්ම ලබා ඇතැයි බොරුකීම)
මේවායින් එකක් හෝ කඩකල විට භික්ෂූත්වය අහෝසි වේ. යළි පැවිදි උපසම්පදාව ලැබිය නොහැකිය.පිරිසිදු විය නොහැකිය.
මෙලෙසින් විනය ශික්ෂා පද පැනවීමට හේතු වශයෙන් බුදුන් වහන්සේ කරුනු
දහයක් දැක්වූහ.
1සංඝ සමාජයේ අභිවෘද්ධිය
2 සංඝ සමාජයේ පහසුව
3 තක්කඩියන් මැඩීම
4 යහපත් වර්යාවෙන් යුත් භික්ෂුන්ගේ යහපත
5 ඒ ඒ අවස්ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්වීම
6 ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්වීම
7 තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම
8 පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම
9 ආර්ය ධර්මයාගේ චිරජීවනය
10 විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම