ගැටයන්ටයි ගැටිස්සියන්ටයි languages
![]() |
මේ ගෙවි යන්නේ කාර්ය බහුල දින කිහිපයකි.එම නිසාම මෙම අඩවියේ අලුත් ලිපියක් පලකිරීමටද ප්‍රමාද විය.එමෙන්ම වෙනත් බ්ලොග්වල පලවූ ලිපි බැලීමටද නොහැකි විය.අලුත් ලිපියක් පල නොවන විට බිලොගය පාලුවට යන නිසාම ලද විවේකය අනුව ලිපියක් පලකිරීමට සිතුවෙමි.මෙවර පලවන ලිපිය සිංහල භාෂා සම්ප්රදාය පිළිබදවය.සිංහල වාග් කෝෂයෙහි ප්‍රාදේශීය උපභාෂා සහ සමාජීය උපභාෂා ඇත.උඩරට හා පහතර ප්‍රදේශවල සැලකීමේදි මෙම ප්‍රදේශවල ජනයා එකම දෑ හැදින්වීම සහ ප්‍රකාශ කිරිම සඳහා යොදාගන්නා බස්වහරෙහි විවිධත්වයක් දැකිය හැක.එපමනක් නොව සමහර අවස්ථාවල එකම පලාතක වුවද ගම්මානයෙන් ගම්මානයටද භාෂාවෙහි විවිධත්වයක් දැකිය හැක.කෙසේ වුවද එහි ඇත්තේ සුන්දරත්වයකි.එමෙන්ම ප්‍රදේශිය අනන්‍යතාවයක්ද ඒතුලින් ගොඩනැගි ඇත.පැරන්නන් අතරෙහි භාවිත වූ මෙම බස්වහර වත්මනෙහි ක්‍රමයෙන් භාවිතයෙන් බැහැරව යන බවක්ද දැකිය හැක.සමහර වදන් භාවිතා නොවන තරම්ය.
දකුණු පළාත් භාෂා ව්‍යවහාර (කිහිපයක් පමනක් දක්වා ඇත)
අකබක්ක වෙනවා - විනාශ වෙනවා
අංබරුවා - ගොනා
අජලයා - කෑදරයා
අක්කු වික්කු - අන්ද මන්ද වීම
අටම් පහුර - තේරුම්ගතනොහැකි/ඉබේ කඩා වැටිය හැකි යමක් ( අපේ අටම්පහුරේ අටමාද බ්ලොග් වලට කඩා වැදෙන්නේ හිටි හැටියේය)
අඩී - භාර්යාව
අත්බරුව - උදැල්ල
අන්දෝ උනා - මළා
අපෝවුණා - බැරිවුනා,අමතක වුනා
අඹනවා- පලවා හරිනවා
ඇහැකි- පුළුවන්
උංගා - කුඩා දරුවා
උංගි - කුඩා දැරිය
ඉළව්ගෙදර - මළගෙදර
උච්චිකරනවා - පමාවෙනවා
ඔක්කේ - ඔඩොක්කුව
ඔජර- කම්මැලි
ඔලොක්කම - විහිළුව
ඔහේ - ඔබ
කම්බස් වෙලා යනවා - විනාශවෙලා යනවා
කීම්බස් - කේළම්
කෝනම - ඇඳුම
කොළ විඩ - බුලත්විට
ගැටයා - තරුණයා
ගැටිස්සි - තරුණිය
කෝලිත්තං - විහිළු
ගෙට යනවා,මුල්ලට වෙනවා - මල්වර වීම
නරිප්පඩ- නරක
පත බෑවෙනවා - වැටෙනවා
පාච්චල් කරනවා - පහත්කර කතා කරනවා
බරුවා - ස්වාමිපුරුෂයා
බැදැනියැන්දෑ- නෑනා
බැරැස්සි - හැඩිදැඩි තරුණිය
බ්ජ්ජ - පුරුෂලිංගය
බොණ්ඩි - වේසි
බොණ්ඩිගේ පුතා- වේසිගේ පුතා
මක්කෙයි - මොනවද
මදාවියා - අඩු ආයුෂ ඇති ( අපේ රසසරණියේ මදාවියා වැඩිකල් ජීවත් වේවා...)
මරාලේ - කරදරේ
මොරේ - කෑ ගසනවා
මොරෝ නොගහ - කෑ නොගසා
විච්චූර්ණ - විලාසිතා
හොට බරියා - වල් ඌරා
නුවර උඩරට ප්‍රදේශයේ භාෂා ව්‍යවහාර ( කිහිපයක් පමනකි)
අරෝව - විපත
අම්මා දෙයියෝ - පත්තිනි දේවිය
අල්ල පනල්ලේ - අවස්ථාවේ
ඉලව්ව - මරණය
ඊගාව - ඉන්පසුව
දොහේ-දවසේ
උදැහැනැක්ක - උදැසන
කොරලා - අවසන් කල
කම්බස් - විනාශ
සුනංගු - ප්‍රමාද
ලමයා ලොකු වෙලා,නෑඹ් වීම- මල්වරවීම
කූරපයිය - පසුම්බිය
කොටා බානව - කනවා
ගොබිලා,ගැටයා,නාම්බා - තරුණයා
ගැටිස්සි - තරුණිය
ගොඩාරියක් - වැඩි ප්‍රමානයක්
මාළුපිනි - ව්‍යංජන
රූටනවා - ලිස්සා යනවා
වකාරේට - ඕනැතරමට
වහන්වෙලා - සැඟවී
වාහේ - සැමියා
සප්පායං වෙනවා - ආහාර පාන අනුභව කරනවා
සහේට ගන්නවා - විවාහ වෙනවා
හැබැය ? - ඇත්තද ?
සුට්ට,ඩිංග- කුඩා
හයියත්තිය - ශක්තිය
කෙලියා - වැරදුනා
ආයිබෝන් - ආයුබොවන්
මෙම ප්‍රාදේශීය ව්‍යවහාරයන් අධ්‍යයනය කිරීමේදි දැකිය හැකි ලක්ෂණ කිහිපයකි.
එනම්, එක් පදයක්, එක වචනයක්, එක් සිදුවීමක් දක්වන්නට එක් එක් පළාත්වල වවිධ ව්‍යවහාර යෙදෙන බව.
එමෙන්ම එකම වචනය හා වාක්‍යය උච්චාරණය කරන ආකාරයද ප්‍රදේශ අනුව වෙනස්වන වන අවස්ථා ඇත.එවැනි වදන් කිහිපයක් මෙසේය.
කෙලියා - වැරදුනා
ආයිබෝන් - ආයුබොවන්
මෙම ප්‍රාදේශීය ව්‍යවහාරයන් අධ්‍යයනය කිරීමේදි දැකිය හැකි ලක්ෂණ කිහිපයකි.
එනම්, එක් පදයක්, එක වචනයක්, එක් සිදුවීමක් දක්වන්නට එක් එක් පළාත්වල වවිධ ව්‍යවහාර යෙදෙන බව.
එමෙන්ම එකම වචනය හා වාක්‍යය උච්චාරණය කරන ආකාරයද ප්‍රදේශ අනුව වෙනස්වන වන අවස්ථා ඇත.එවැනි වදන් කිහිපයක් මෙසේය.
කියන්න (සාමාන්‍ය ව්‍යහාරය)
කියන්ට (නුවර උඩරට,නුවරඑළිය)
කියාලා (වලපනේ සමහර ප්‍රදේශ)
කියන්ඩ ( උතුරුමැද සමහර ප්‍රදේශවල)
කියොනවැයි
කීවැයි
බොනවා (සාමාන්‍ය ව්‍යවහාරය)
බුන්නා
බිව්වා
බීවා
බොන්ට
බොන්ඩ
මෙවනි වදන් බොහෝමයක් ඇතත් මෙහි දක්වා ඇත්තේ සුලු ප්රමානයකි.බසෙහි විවිධත්වය පිළිබද සිළුමිණ පුවත්පතෙහි පලවතිබු ලිපියක්ද නෙත ගැටින.එය මෙතනින් කියවන්න
ඉහතින් දක්වන ලද්දේ ප්‍රදේශිය ව්‍යවහාරයන් පීළිබදවය.අනතුරුව දක්වනට බලාපොරොත්තු වන්නේ මඳක් වෙනස් කරුනක් පිළිබදවය.එනම් සිංහලයෙහි හා බුදුසමයෙහි වදන් වලට විවිධ පුද්ගලයන් විසින් දෙන ලද නොයෙක් අර්ථවිවිරණ ගැනය.එම සමහර අර්ථ විවරණ ගෙන දෙන්නේ විනෝදය පමනකි.තවත් සමහර අර්ථ විවරණ සිනහව උපදවයි.තමන් මගඵල ලාභීයකු යයි පවසා ගත් පුද්ගලයකු දිගු කාලයක් සමීපයෙන් ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබුනි.ඔහු මෙන්ම තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් බුදුසමයෙහි සමහර වදන් වලට ලබා දෙන්නේ මෙවනි අර්ථ විවරණයන්ය.
බුද්ධචරිතය හා සම්බන්ධ පුද්ගලයන් හා ස්ථාන වලට ලබාදෙන අර්ථ විවරණ.
මෙම අර්ථ විවරණ ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් සංකල්ප මිස පිටකයේ සඳහන් වන්නක් නොවන අතර මේ කිසිවකින් මෙම ස්ථාන හෝ නම්වල සැබැ අර්ථය ගම්‍ය නොවන බවද සැලකිය යුතුය.මෙය පලකරනුයේ ඔබගේ දැනගැනීම සදහා පමනකි.
මෙම අර්ථ විවරණ ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් සංකල්ප මිස පිටකයේ සඳහන් වන්නක් නොවන අතර මේ කිසිවකින් මෙම ස්ථාන හෝ නම්වල සැබැ අර්ථය ගම්‍ය නොවන බවද සැලකිය යුතුය.මෙය පලකරනුයේ ඔබගේ දැනගැනීම සදහා පමනකි.
පස්මහා බැලුම් - රූප,වේදනා,සංඥා,සංස්ඛාර,විඤ්ඤාණ යන පංචඋපාදානස්කන්ධය නුවනින් දැක අවබෝධකරගැනීමය.
මගධය - මගධෙසු යනු තම මගධයෙහි සැරිසැරීමයි.මෙහි මගධය යනු සසරය,සසරෙහි සැරිසැරීම මගධෙසු යනුවෙන් දක්වා ඇත.
උරුවේලාව - උරු යනු විශාල යන්නය,වේලා යනු වෙරලයි,අති විශාල වෙරල යන්න මෙහි අර්ථයයි,එනම් සසර සාගරෙහි වෙරලෙහි සැරිසැරීමයි.
සේනානිගම - සෙන්පතියාගේ ගමයි.මෙහි සෙන්පතියා යනු කවරෙක්ද.එනම් තමාය.මම යන අන ඇතිව ක්‍රියා කිරිම සේනානිගමෙහි සැරිසැරීම නම් වේ.
ගිජ්ජකූට පර්වතය - ගිජ්ජ යනු ගිජුකමය.ගිජුකම කුලුගන්වන පර්වතය යන්න මෙහි අදහසයි.එනම් තම ශරිරයයි.තම ශරිරයට ගිජුව අසුභය නොවඩන්නා ගිජ්ජකුට පර්වතයේ සිටින්නකු ලෙස දක්වා ඇත.ගිජ්ජකූට පර්වතයෙන් බැසීම යනු කායානුපස්සනාව වඩා සිරුරට ඇති ඇල්ම දුරු කරගැනිමය.
සෝතාපන්න - සෝතයනු කනය.ආපන්න යනු පැමිනි යන තේරුමයි. දහමට කන යොමු කල තැනැත්තා සෝතාපන්න නම් වේ. (නමුත් සෝත යනු ආර්ය මාර්ගය බවත් සෝතාපන්න යන්නෙහි ආර්ය මාර්ගයට ස්ථිර වශයෙන්ම පැමිනි යන අදහස ඇතිබවත් බවත් බුදුන් වහන්සේ සැරියුත් හිමියන්ට දේශනා කර ඇත)
ධම්සක් පැවතුම් සූත්‍රය වරදවා පරිවර්ථනය කිරිමෙන් එහි සැබැ අර්ථය සැගව ගොස් ඇතැයි මා හට පැවසුවේද ඉහත තමන් මාර්ගඵළලාභියකු යයි හදුන්වා ගත් තැනැත්තාමය.ඔහු එම සූත්‍රයේ සමහර වදන් වලට ලබා දෙන්නේ මවනි අර්ථකථනයන්ය.
පඤ්ච වග්ගියා භික්ඛු - භික්ඛු යනු ඉල්ලන්නාය.පඤ්ච වග්ගිය යනු පස් ආකාරයකින්ඉල්ලන්නාය.එනම් ඇසෙන්,කනෙන්,නාසයෙන්,දිවෙන්,ශරිරයෙන් ඉල්ලන යන අදහසයි.මෙය පස්වග මහනුන් ලෙස පරිවර්ථය වී ඇත්තේ වැරදිමකිනි.පඤ්ච වග්ගියා භික්ඛු යනු ඉන්ද්‍රියන් පහය.ඉන්ද්රිය පහ සංවර කරගනිමින් දහම් අසන්නට උපදෙස් දුන් බව මෙයින් අදහස් වේ.
කොණ්ඩඤ්ඤ - අඤ්ඤ යනු අන්‍ය ලෙසින් යන්නය,නිතර අන්‍ය ලෙසට පත්වන රූපය හැදින්වීමට කොණ්ඩඤ්ඤ යන්න යෙදි ඇත.
වප්ප - වප්ප යනු වැපීරීමය.කෙෙලස් වැපීරීම වප්පයි.
භද්දිය - භද්දිය යනු බැඳීමය.උපාදාන හැදින්වීමට භද්දිය යන්න යෙදි ඇත.
මහානාම - නාමකය අවබෝධකර නොගන්නා ඒය මහත්වෙයන් ෙගන මෝහයට පත් යන්න හැදින්වීමට මාහානාම යන්න යෙදි ඇත.
අස්සජි - අස්ස යනු දීර්ඝ යන්නය,දීර්ඝ සසරේ සැරිසරන්නා යන්න සදහා අස්සජි යනුවෙන් යෙදි ඇත.
හීනෝ ගම්මෝ - හීන යනු අප දකින හීනයන්ය.ගම්මෝ යනු ගමනය.එනම් හීනෝ ගම්මෝ යනු අවිද්‍යාසහගත හීනවල පැටලෙමින් සසරේ ගමන් කිරිමය.
පෝථුජ්ජනිකෝ - ජන යනු ජනනය හෙවත් ඉපදීමයි.එනම් නැවත නැවතත් ඉපදීමය.
( හීනෝ,ගම්මෝ,පෝථුජ්ජනිකෝ යන්නට ධම්සක්පැවතුමි සූත්‍රයේ දී ඇති අර්ථය වනුයේ පෘතග්ජනයන්ගේ පහත්වූ ග්‍රාම්‍ය වූ ක්‍රියාව යන අර්ථයයි)
බිමිබ්සාර - ප්‍රතිබිම්බ මායාව සාර යයි ගත් සියලු තැනැත්තන් හැදින්වීම සඳහා යෙදි ඇති වචනයකි.ඒ අනුව බෝසතුනට බිම්බිසාර රජු මුනගැසීම යනු සැබැවින්ම රජු මුනගැසීම නොව මුලාව හදුනාගැනිමය.බෝසතුන් මුලාවට පත්වන සියල්ල හදුනාගත් නිසා බිම්බිසාර මුන ගැසුනා යයි දක්වා ඇත.
තවද මෙවැනි බොහෝ අර්ථකථන ඇතත් එම කරුනු සදහන් කිරිමට යාමෙන් මෙම ලිපිය බොහෝ දීර්ග විය හැක.එබැවින් මෙම ලිපියෙහි මීට වඩා කරුනු දැක්වීමට අදහස් නොකරමි.ඉල්ලීමක් ඇතොත් පමනක් මතු ලිපියකින් එම කරුනුද සදහන් කරමි.
සිංහල ජනවහර ගැන ලිපි පලවූ බිලොගයක් සිංදු ඇනෝ විසින් පසුව පෙන්විය. ජනවහර නම් වූ එම බිලොගයෙහි ලිපි බලන්න මෙතනින් යන්න.
--------
ප/ලි
දෙකක් පතබාන තෙක් අම්බරුවන් මෙන් නොසිට අල්ලපනල්ලක් ලැබෙන දොහේ උච්චිනොකර ඕන මලඉලව්වක් මෙහි කොටාදෑමට මෙහි සැරිසරණ ගැටයන්ට හා ගැටිස්සියන්ට අවසරය ඇත.
සිංහල ජනවහර ගැන ලිපි පලවූ බිලොගයක් සිංදු ඇනෝ විසින් පසුව පෙන්විය. ජනවහර නම් වූ එම බිලොගයෙහි ලිපි බලන්න මෙතනින් යන්න.
--------
ප/ලි
දෙකක් පතබාන තෙක් අම්බරුවන් මෙන් නොසිට අල්ලපනල්ලක් ලැබෙන දොහේ උච්චිනොකර ඕන මලඉලව්වක් මෙහි කොටාදෑමට මෙහි සැරිසරණ ගැටයන්ට හා ගැටිස්සියන්ට අවසරය ඇත.
වමෙන් ගියත් - අපි දකුණේ :D
ReplyDeleteආයිබෝන් මලයා.උදැහැනැක්කෙම අවාට අපිත් මනාපයි ඕං:D
Deleteඅඩේ නොදන්න දේවල් සැට් එකක්ම තියෙන්නේ
ReplyDeleteපෝස්ට් එකට ඌව පලාතේ භාෂාව දාන්න බැරි වුනා.එතන අබි වැඩිය අහලම නැති වචන තියනවා.
Deleteනොදන්න දේවල් බොහොමයක් ඉගෙන ගත්තා. මට මෙහෙම හිතෙනව. ලංකාව වගෙ කුඩා රටක මේ වගෙ භාෂා වෙනස්කම් ඇතිවුනා කියන්නෙ තව කාලයක් ගියානම් මේ වෙනස්කම් පුළුල් වෙලා වෙනම භාෂා බවට පත්වෙන්නත් ඉඩ තිබුනා. ලංකාවෙ ජනතාවත් ඉස්සර එකිනෙකා මිශ්‍ර වෙලා තිබුනෙ ඉතා අඩුවෙන්.ඒකයි මේ වගෙ වෙනස්කම් ඇතිවුනේ.
ReplyDeleteඑකම ප්‍රජාවක් සොබාවික හේතුවක් නිසා දෙකට බෙදුන කියල හිතමු. උදාහරනයකට ගංගාවක් ගලා යාම වගෙ දෙයක් නිසා . මිනිසුන් එකිනෙකා හමුවීම නැවතුනාට පස්සෙ කාලයක් ගියාම ඒ දෙගොල්ල කතා කරන දේවල් තේරුම් ගන්න බැරි තරමට භාෂාව වෙනස් වෙනව. මේ විදියට තමා එක් භාෂාවක් අනෙක් භාෂාවෙන් වෙනස් වෙලා තියෙන්නෙ.
ඉන්දු ආර්යයන් ස්ටෙප්ස් තැනිතලාවල ඉන්න කොට එකම භාෂාවක් කතා කළත් ඔවුන් විසිරුන විට එක පිරිසක් කතා කළ භාෂාව තව පිරිසකට තේරුම් ගන්න බැරිවුනා. නමුත් එකම මූලයකින් පැවත එන බව සොයා ගන්න පහසුයි.
භාෂාව මගින් ඉතිහාසය සොයා යන්න පුළුවන්. ද්‍රවිඩයන් කයිබර් දුර්ගය හරහා ආ බවට සාක්ෂියක් ලෙස ඒ අවට සිටින බ්‍රාහුයි නම් ද්‍රවිඩ භාෂාව කතා කරන ජනකොටස පෙන්වා දෙනවා.
සියළු භාෂා ගනවලට බෙදා තිබෙනවා.නමුත් බුරුම හා ජපන් වගෙ භාෂා වර්ග කරන්න වාග් විද්‍යාඥයන් අසමත් වෙලා තියනව.
...//ලංකාව වගෙ කුඩා රටක මේ වගෙ භාෂා වෙනස්කම් ඇතිවුනා කියන්නෙ//...
Deleteඔව් මධ්‍යස්ථ.මගේ මුල්ගම් ප්‍රදේශයේ සමහර දුරින් පිහිටා තිබෙන ගම්මානයෙන් ගම්මානයටත් කතා විලාෂයේ භාෂාවේ වෙනසක් තියනවා.සමහර ගම්මානවල ප්‍රශ්න අහන්නේ මෙහෙමයි.
එනවනෝද ? - එනවද
කනවනෝද ? කනවද
යනවනෝද ? - යනවද
ඉන්දු ආර්යන් කණ්ඩායම් වශයෙන් විවිධ ප්‍රදේශ වලට සංක්‍රමණය වුනත් ඔවුන්ගේ මුල් භාෂාව,සිරිත් විරිත්,ඇදහිලිවල ආභාෂය ඔවුන් පසුව ස්ථිර පදිංචි වූ ප්‍රදේශවල භාෂාව,ඇදහිලි වලට සම්මිශ්‍රණය වෙලා තිබෙන බව පේනවා.දේව සංකල්ප වගේම දෙවිවරුන් හදුන්වා ඇති සමහර නම් බැලුවමත් ඒ බව පැහැදිලි වෙනවා.ඔබ කියනවා වගේ සමහර භාෂාවන් ගැන වාග් විදයාඥයන්ගේ අවධානය යොමු වෙලාම නැති ගානයි.
සියලු මිනිසුන්ට අදහස් හුවමාරු කරගත හැකි පොදු බසක් ගැන අවධානය යොමු වී තිබෙනවා. එස්පරාන්ටෝ එවැනි එක් උදාහරනයක්.කියුබාවෙ පාසල්වල මෙය උගන්වනවාලු. කෙසේ හෝ ජාත්‍යාන්තර බසක් ලෙස ජනප්‍රිය වී ඇත්තෙ ඉංග්‍රීසි තමයි.
ReplyDeleteඅනාගතයෙදි වඩා විද්‍යාත්මක ජාත්‍යාන්තර බසක් එන්න පුලුවන්. මම හිතනව එහෙම බසක් ඉගෙන ගැනීම ඉතා පහසු විය යුතුයි.උදාහරනයකට shall/will ,has /have වගෙ දේවල් එහි තිබෙන්න බෑ. එසේම උච්ඡාරනය පහසු විය යුතුයි.
එස්පරාන්ටෝ ගැන මම දැනුයි දන්නේ.අනාගතයේ පහසුවෙන් උච්චාරණය කල හැකි පොදු බසක් පැමිනියොත් එය සංනිවේදනයට ඉතා පහසුවක් වේවි.
Deleteඅභාවයට යන සිංහල භාෂාවේ වචන කොහේ හරි පිනක් මනෝ.. පිටරටවල ඉන්න උදවියට සිංහල වචනයක තේරුම හොයාගන්න ඕන උනාම පිහිටට තියෙන්නේ අන්තර්ජාලය විතරයි...
ReplyDeleteමීට අවුරුදු තිස්පහකට හතළිහකට කලින් මිනිස්සුන්ට ඇහෙන පොදු භාෂා මාද්‍ය උනේ ගුවන්විදුලිය විතරක් නිසා වෙන්න ඇති මෙහෙම පලාතෙන් පලාතට වෙනස් භාෂා ආරක් නිර්මාණය උනේ. දැන් හැම ගෙදරකම විද්‍යුත් මාද්‍ය තියන නිසා ටිකෙන් ටික පාලාත්වල තිබ්බ භාෂා අනන්‍යතාවය නැතිවෙගෙනයි යන්නේ.
ගම්වල ජීවත්වන පැරැන්නන් අතරේ තවමත් යන්තමින් භාෂා අනන්‍යතාවය ඉතිරි වෙලා තිබෙනවා.මට මේ පැරනි වදන් තිබෙන පොතක් හොයාගන්න පුලුවන් වුනා.අපි කිසිම දවසක අහලා නැති වචන පවා ඒකේ තිබෙනවා.දැන්නම් රටේ හැමතැනකම වගේ භාෂා විලාෂය එකම විදියට ව්‍යවහාර වෙන බවක් පෙන්න තියනවා.
Deleteදකුණේ භාවිතා වන "අහිලයා " යන්නන් අදහස් වෙන්නේ කුමක්ද
ReplyDeleteපෝස්ට් එකේ තිබෙන වචන අතරින් මම වැඩිපුරම දන්නේ උඩරට වචන පමනයි.ඒ මම උඩරට නිසා.මේ වචන මට ලැබුනෙත් සිංහල උගන්වන මගේ මිතුරෙක්ගෙන්.ඔහු මට දුන්න පොතක මෙවනි වචන 3000 ක් පමන තිබෙනවා.අහිලයා කියන වචනය එහි නෑ.මම මගේ මිතුරගෙනුත් මේ වචනය අහලා බලන්නම්.සමහර විට පෝස්ට් එක බලන කවුරුන් හෝ මේ වචනය දැනගෙන ඉන්නත් පුලුවන්.
Deleteවිද්‍යුත්මාධ්‍ය සිංහල කියල තවත් වචන සෙට් එකක් හදන්න පුළුවන් නේද මනෝ
ReplyDeleteවිද්යුමාධ්යයේ දැන් දැන් අලුත් අලුත් වචන භාවිතා කරනවා.සමහර ඒවානම් බස නසනවා.කොහොම උනත් ඒ වචන සෙට් එකත් වෙනම ගන්න පුලුවන් තමයි.
Deleteගැටයන්ටයි ගැටිස්සියන්ටයි විතරනේ අදහස් දක්වන්න ඉඩ දීලා තියෙන්නේ. අපි වගේ ළදරුවෝ මොකද කරන්නේ? :D
ReplyDeleteඅනේ මේ උංගට කුක්කු බෝතලයක් දෙන්න කවුරුත් නැද්ද?
Deleteවිචයි කමියයි දෙන්නත් තවම ගැටයෝ තමයි. :D
Deleteප්‍රසා
අපේ පැත්තේ දෙන්නේ අක්කුං.
@ Praසන්ன
Deleteකවුද යකෝ කුක්කු බෝතලෙන් බොන්නේ? ස්වභාවික සූප්පු තියෙද්දී
අනික කුක්කු ලස්සන ඇසුරුම්වල දාලා තියෙද්දි
Deleteවිචා අම්මි කුක්කු බොනවද? මම අම්මි කුක්... (ඩෝ...ං)
Deleteඒයි..මචෝ/ නාම්බා මට මේක ඊයේ අපෝවුණා..
ReplyDeleteරෑන්න යනවා?
“තියනවා“ කියන වචනය “තියේ“ කියලා බාවිතා වෙනවා අහලා තියනවා..
ඇඔිලිපිටියේදි ඇහුනා “ඒකනෝ කියන්නෙ“..“ඒක තමයි කිව්වේ“
මයේ අප්පා උඹ සුනංගු උනේ ඒකැයි ?
Deleteමගේ මුල්ගම පැත්තේත් (නුවරඑළියේ,කොත්මලේ) ඒකනෝ කියන වචනේ තවම කියනවා.
දකුනෙ සිංහලෙයි කියල හිතල ඒකැයි කියන්න එපා.ගොඩක් අය වරද්ද ගන්න තැනක්
Deleteදකුනෙදි ඕක අහන්නෙ ''ඒකෙයි?'' කියල.
ආවැයි - ආවයි
කිව්වැයි - කිව්වයි
"ඒකැයි,කැවැයි,"වගේ වචන කියන්නේ නුවරඑළියේ සමහර ප්‍රදේශවල.නමුත් බහුල නෑ.අම්පාර පැත්තෙත් ඒ වචන කියවෙනවා.
Deleteඒකැයි
කරනවැයි
කෑවැයි
දකුනේ සමහර වචන නම් පොත්පත් ලිපි වලින් හැරුනම වැඩිය දන්නේ නෑ.බිලොග් අවකාශයේ ඉන්න දකුණේ මිතුරෝ ඒ වචන සඳහන් කරාවි.ඔබ පෙන්වා දී තිබෙන "ඒකෙයි" කියන වචනයත් පෝස්ට් එකට ඇතුලත් කරානම් වටින නිසා ඒකත් ඇතුලත් කලා.
අඩෝ නරිප්පඩයා ...
Deleteසජ්ජා
Deleteඋඹ නරිප්පඩයා කීවේ මෙන්ඩටද ?
සඡ්ඡා ගැටයා මට ඔලොක්කම්පාලා අකබක්ක වෙන්න තමයි ඔය දත කන්නෙ..
Deleteමෙන්ඩ මේ අල්ලපනල්ලේ කෝලිත්තන් කොරල බිජ්ජ අක්කබක්ක කොරගන්න දතකන්ට එපා......
Deleteඅඩෝ හොට බරියා තෝ මට උංගා ..
Deleteඋඩරට පලාත් වල ගඳට කුවිලය කියලත් කියනවා
ReplyDeleteTrans Sylvania මේ පැත්තට ආවමයි වෙන්න ඇති.මගේ සමහ පෝස්ට් වලට ඔබේ ග්‍රන්ථවල කරුනුත් මට උපකාර වෙලා තිබෙනවා.
Deleteමමත් උපන්නේ උඩරට පලාතේ.උඩරට ගඳට කුවිල කුයිල කියන දෙකම කියනවා.
අන්න වචනේ.... කුයිලෙ.....
Deleteදීවර ප්‍රජාව භාවිතා කරන බාශාවත් මේ විදිහට ගන්න පුලුවන් නේද? ඒ විතරක් නෙවෙයි පලාතෙන් පලාතට වගේම රැකියා අනුවත් භාශාව වෙනස් වෙනවා.
ReplyDeleteධීවර වගේම කමත් භාෂාවේ වචනත් මගේ ලග තිබෙනවා.පෝස්ට් එක දිග වැඩි වෙන නිසා දැම්මේ නෑ.රැකියාව අනුව භාවිත කරන වචන ටිකකුත් හොයාගන්න බලන්නම්.ඒවා එකතු කරලා තියාගන්න ඕන.
Deleteගැටයා, ගැටිස්සි කියන එකනං කොහෙත් එක විදියට පාවිච්චි වෙනව මට හිතෙන හැටියට.
ReplyDeleteමොනා උනත් හොඳ ලිපියක්.
ගැටයා,ගැටිස්සි වචන දෙක ගම්වල තවම පොදුවේ කියවෙනවා.
Deleteගැටිස්සි කියන වචනෙ හැදිලා තියෙන්නේ
ගැට + ඉස්සි = ගැටිස්සි
ලමිස්සි කියන්නෙත් ලැම + ඉස්සි = ලමිස්සි
ලැම මතුවෙන කාලේ කියන එකලුනේ ඕකේ තේරුම.එතකොට ගැටයා කියන්නේ මොකක්ද බං.ගැට ඉස්සෙන කියන එකද ?
නැහැ, උගුරු ගැටය ඉස්සෙනවා නව යෞවනයට එනවිට. ඒකයි ගැටයා කියන්නේ.
Deleteඅපේ වඳ බාප්පගෙ පුතාගෙ යාළුවෙක් ඕවිටක දෙහිගැට කඩල අහුවෙලා, ඌටත් කියන්න ගත්ත “ගැටය“ කියල...
Deleteමේකත් අර ප්‍රසිද්ද ගුරුවරයෙක්ගෙ කොකිස්, පකිස් වගේ එකක් ද බං?
Deleteඒ මොකක්ද බං කොකිස්,පකිස් කේස් එක ?
Deleteකතාව හරි........... නුවර පැත්තේ වචන බොහොමයක් මගේ කටෙත් තියෙනවා කොයිවෙලෙත්.....
ReplyDeleteමමත් උඩරට පැත්තෙනේ උපන්නේ.ඒ හින්දා මගෙත් ඔය සමහර වචන තියනවා.
Deleteකරව්වා........... බලව්වා........ වගේ වචන සෙට් ඒකක් නිසා මං හැමදාම අපේ කට්ටියගෙන් කතා අහගන්නවා...... උන් ඔ්ක නියමෙට හදලා කියනවා........ අපේ ඉතින් ඔය ගතිය යන්නෙත් නෑනේ....
Deleteහුකා ...උඹත් මොනා හරි වචනයක් කියව්වද ?මමත් කලින් ඔය කේස් එක නිසා දුවව්වා මචෝ ...කවව්වා ,පොවව්වා ,වාගේ ඒවා අපිටත් කියවෙනවා ..
Delete(පැටව් = පැට්ටු ):-)
ඔය වචන නොහිතන විදියට ඉබේම කියවෙනවනේ.කතාවෙන්ම දැනගන්නවා අපි නුවර කදුරට පැත්තේ කියලා.
Deleteමනෝ මෙන්න තියනවා ප්‍රාදේශීය වහර ගැන ලියවුන හොඳ බෝගක් ...පුලුවන්නම් ගිහින් බලන්න
ReplyDeletehttp://janawahara.blogspot.com/2014_06_01_archive.html
මම ඒක බැලුවා.වටිනා බිලොගයක්නේ ඒක.දැන්නම් ලියවෙන්නේ නෑ වගේ.මේ බිලොග් එක පෝස්ට් එකේ ලින්ක් එකක් විදියට දාන්නම්.
Deleteඅකරගනේ අසංචියක් වෙලා වගේ
ReplyDeleteබොලන්නේ
අරමක්කද අකම්පාල වෙලා ඉන්නෙ
ළමයිනේ
ලවක් දෙවක් නැතුව තැනුණු
උඩංජඹුරු මක්වුණේ
තාන්තුවා වෙලා වගේ ඉන්නෙ
මොකෝ හිච්චි- හිංචනෝ
අටන්පහුරු අරතපාල
කාටෙයි මේ කියන්නේ
අට්ටන්දර පට්ටන්දර
අපට මොටෝ දෙයියනේ
පලන්කාදු පාරට්ටුව
පලිච්චි කර හරින්නේ...
ළමා ගීයකි
ගී පද - සිසිර දිසානායක
අපේ ජනවහරේ වචන තියන මෙහෙම සිංදුවක් තියනවා කියලා දැනගෙන හිටියේ නැනේ සිංදු.පෝස්ට් එකට තවත් වටිනාකමක් ලැබුනා මේ සිංදුවෙන්.ස්තුතියි මචං.
Deleteඋඔ මේවා කොහෙන් හොයා ගන්නවද සින්දුවෝ?
Deleteදැං ඉතිං හොයපංකො ඔය සිංදුව... ඉඳපිය උඹට වද කොරල කොරල මං උඹේ අතිං අන්ෆ්රෙන්ඩ් වෙනවා...
Deleteඅනේ සුදෝ සිසිර දිසානායකගේ ‘අතුරු මිතුරු’ කියන ළමා ගී cd එක හොයා ගනිල්ලා ...මා ගාව දැන් සින්දුව නැතෝ ...උඹලට හම්බවුනොත් මටත් දියන් ...
Deleteලිපිය නම් හුගක් වටිනවා. සමහර වචන නම් අහල තිබුනට ගොඩක් වචන මීට කලින් අහලවත් තිබුනෙ නෑ. බෙදා ගත්තට ස්තූති
ReplyDeleteතව අපි අහලවත් නැති වචන තියනවා.මම ගොඩගේ පොත් මැඳුරේ මේ ගැන ලියවුන පොත් හෙව්වා.එහෙම පොත් තිබුනත් සුලු කරුනු තිබෙන්නේ.ආගමික සම්ප්‍රදායන් අනුව වෙනස්වන වචන ගැනත් හොයලා බලන්න ඕන.ඒවගේ කරුනුත් පෝස්ට් එකකට වැදගත් වෙයි.
Deleteමායාරංජන් දිගාමඩුල්ලේ ආශ්චර්යය, මගේ රාජ්‍යය, අපේ රාජ්‍යය පොත් තුනේ ඒ ප්‍රදේශයේ ජනවහර ගැන ලියල ඇතිදේ කියෙව්වද? එහි අමුතු වචන වගේම වචන උච්චාරණය නිසා වෙනස් වීමත් තියනව.
ReplyDeleteකුරුල්ලා කියන එක අසභ්‍ය වචනයක් එහෙ. පක්ෂීන්ට කියන්නෙ සකලයන් කියල
ප්‍රා
Deleteඔය කියන පොත් හොයාගන්න ඕන.ජනවහර ගැන ලියවුන වෙනත් පොත් තිබෙනවා.නමුත් විස්තර අඩුයි.
කුරුල්ලා කියන වචනේ වගේම තවත් වචන සමහර පැති වලදි අසභ්‍ය වචන විදියට පාවිච්චිකරනවා කියලා මම අහලා තියනවා.
ඒකත් එහෙමයි එහෙනං... ඒක තමා කාලෙකට කලින් කසිප්පු බීපු පොරක් "පියඹා ආවා ප්‍රේම කුරුල්ලා" කියන සිංදුව "පියඹා ආවා සීනි කුරුල්ලා" කියල වෙනස් කරලා කිව්වෙ... ඔන්න දැනුයි ගැටේ ලිහුනේ...
Deleteදිගාමඩුල්ලේ සිට බ්ලොග් ලියන මායාරංජන්ලාගේ පරපුරේ “සදරෑ“...කියලා ලක්බිම පත්තරේ ලිපියක් තිබුනා
Deleteඔන්න එදා තමයි මෙන්ඩා බ්ලොග් ගැන දැන ගත්තෙ..අදටත් බ්ලොග් අහසේ මම කැමැතිම බ්ලොග හිස් අහස
මෙන්ඩ , මමත් ඔය ලිපිය බලල තමයි බ්ලොග් කියවන්න ඇබ්බැහි උනේ.
Deleteඒකේ තියනවා නියම ලිපි පෙලක්.ලියන ශෛලයත් ලස්සනයි.දැන්නම් ඒ බිලොග් එක ලියවෙනව අඩුයි වගේ.
Deleteඒක පුදුම බ්ලොග් එකක්.. මේ ලඟදි ඇදගත්තා.. එකදිගට පෝස්ට් 5ක් 6ක් කියවල නැවැත්තුවේ... සඳරු ලියන්නේ නැති එක අවාසනාවක්...
Deleteඌට ලියන්න කොම්පීතර් එකක් නැහැ...
Deleteසඡ්ඡා
Deleteදවසට ඌගේ එක ලිපියක් කියවහන්..සුපිරි..
ලොකූ
සිරාවටද?
මම කියෝනව.. ලොක්ක මොකද්ද ඒ සීන් එක?
Deletehttp://www.amazon.co.uk/Mother-Tongue-Story-English-Language/dp/0141040084
ReplyDeleteප්‍රා
Deleteස්තුතියි ලින්ක් එක ඇදලා දැම්මට.ඒ නිසා පොස්ට් එක බල අයට තව තොරතුරු කියවන්න අවස්ථාව සැලසෙනවා.
අක්කු වික්කු වීමි
ReplyDeleteඋඹ ආවය?
Deleteදෙකක් පතබාන්නම් කියලා හිතාන හිටියේ නාවනම් එහෙම
අපි හිතුවා උඔ අන්දෝ උනා කියලා
Deleteඅඩා සේර්.. උඹ මෙයාකාර දෙයක් ලියනවා කියලා කියව්වානම් මටත් තිබ්බා ජාති කතන්දර ටිකක් එක්කාසු කරන්ඩ.. මං ඌව ගන්තුලානේ එකා වෙච්චි, අපේ මායියා හද්දා දකුනෙලු ඕන්.. මං උන්දැට 'ඇහැකිනම් මක්කටෙයි' කියලා 'ඔලොක්කුවට කියද්දී' උන්දා මට 'රවටන්නේ' 'ඔවුද..අ..අ.. පොළොස් මාළුවට ලුණු වැඩියිද..අ.අ.?' කියාලා ඕන්.. :)
ReplyDeleteමේ තියෙන්නේ වදන් ශබ්දකෝෂයක්ම.
Deleteතකහනියක්ම ලියාලා දැම්මේ අයියණ්ඩි.ලියාලා කොරාලා අහවර වෙනකොට ගොංමනත් ලඟා වෙච්චි.ඊගාව දොහේ නම් සුනංගු වෙන්නෑ ඕං...
මේ ලිපියේ සමහර වචන ඊට අදාළ පළාතට පමණක් සීමා නොවන පරිදි අද ව්‍යාප්තව තිබෙනවා.
ReplyDeleteඔව් විචාරක.
Deleteප්රදේශියස ම්බන්ධතා විවාහ සම්බන්ධතා වගේ දේවලුත් ඒ සඳහා හේතුවක් වෙන්න ඇති.
ෂෝක් විස්තරයක් මනෝ... මේ වචනගොන්න අතරේ නොදන්නා වචන ගොඩක් තියනව... ආයෙත් මුල ඉඳන් බලන්න ඕන නිවීහැනහිල්ලේ...
ReplyDeleteසජ්ජා
Deleteසිංදු ඇනෝ දාපු ලින්ක් එකේ ගියාම තවත් අලුත් වචන තියනවා.ඒ බිලොග් එකෙත් අහාලම නැති වචන ගොඩක් තියනවා.
දකුණට වෙන්වූ වචන ලයිස්තුවේ ඌවෙ භාවිතා වෙන සමහර වචනත් තියෙනවා. ඌව විශාල පලාතක්.ඉහල ඌව හා පහල ඌව කියලා කොටස් දෙකක් තියෙන අතර පහල ඌවේ තියෙන සමහර වචන ඉහල ඌවෙ නැහැ. ඉහල ඌව සීතල පලාතක් නිසා හිරු එලිය වැටීම එහි ඉන්නා අයට හරි වැදගත්. යන්තම් හිරු එළියක් වැටුනාම අව්රඹයක් වැටුනා කියලා කියන්නෙ ඒකයි .
ReplyDeleteසමරසේකර
සමරසේකර
Deleteසමහර පැතිවල පොදුවේ වගේම ප්‍රදේශ අනුව වෙන වෙනම කතා කරන වචන අහන්න ලැබෙනවා තමයි.දකුණේ සමහර වචන උඩරටත් භාවිත වෙනවා.ඔය අව්රඹයක් වැටුනා කියන වචනේ මමත් අහලා තියනවා.
ඔබේ අදහස ඒක් කිරිම ගැන ස්තුතිය
ඔන්න බැලුවා භාෂාවේ කතන්දරේ .....
ReplyDeleteමේ අපිත් දකුණේ හරිද ...?
නිහිංසා සෑහෙන දවසකට පස්සේ නොව මේ පැත්තට සේන්දු වුනේ.
Deleteදකුණේ කෙල්ලෝ වසයිද ? ඔන්න අපි ෂේප්....
අපිත් දකුණේ හරිය .....ලෙස නිවැරදි විය යුතුය.
Deleteඊගාව දොහේ මනෝට ඔය ඔක්කොම වචන වලින් පත බානවා හොදේ ... පෝස්ට් සුනංගු උනොත්
ReplyDeleteපහුගිය දොහේ ඉස්පාසුවක් නැතිවෙන තරමට රාජකාරි ඕන්.ආයේ සුනංගු නොවි දාඤ්ඤංකෝ.
Deleteඅපේ පැත්තෙ අඹනව කියන්නෙ අර හරක්ගෙ සෙට් එක පොඩි කරන එකට.
ReplyDeleteඅපි පොඩි කාලෙ ලගපාත ගෙදරකට ආව උඩරට පවුලක් දුවන්ට, කන්ට ,බොන්ට ,එන්ට වගේ වචන තමයි කතාකරන්නෙ. කාලයක් යද්දි අපේ පැත්තෙ බාසාවට මාරු උනා, ඒත් ගමේ උන් ඒ අයට කිවුවෙ 'ටං' ගෙදර අය කියල.
කර අඹනව කියන්නෙත් ඒකම නේද ?
Deleteඔය "ට" යන්නෙන් වචන අවසන් වෙන එක අපේ පැත්තෙත් තියනවා.
පොඩ්ඩී.........මෙන්නෝ.........කම්මලයා ඔයාලට බණිනවා..........
Deleteමනෝ අයියණ්ඩි වැදගත් ලිපියක් ලියලා තියෙන්නේ.බුද්ධ චරිතය සම්බන්ධ හුඟක් වචනවල තේරුම දැන ගත්තා.ස්තුතියි ..
ReplyDeleteඅම්මා අසනීප වුණු නිසා පහුගිය දවස් වල බ්ලොග් පැත්තට එන්න බැරි වුණා.දැන් අම්මා සනීපෙන්.ඉස්පිරිතාලෙන් එක්ක ආවා.මගෙ අම්මාට සුවය ප්‍රාර්ථනා කරපු ඔයාලා හැමෝටම පින්.
ආ ගැටිස්සි..උඔට වෙච්ච මරාලේ අපි දැනගත්තා..
Deleteඅම්මට සනිපවුන සතුටුයි නංගා
ඉවානයාගේ පෝස්ට් එකක අම්මට අසනීපයි කියලා කොමන්ටුවක් දාලා තිබුන නිසා දැනගත්තේ අම්මා අසනීපයෙන් බව.අම්මා සුවයෙන් ඉන්නවා කියලා දැනගන්න ලැබුන එක සතුටුයි.
Deleteබුද්ධචරිතය සම්බන්ධ වචන වලට එක් එක් පුද්ගලයන් දෙන අර්ථකතන කිහිපයක් තමයි මම ඔය දැම්මේ.ඒ සමහර ඒවා ඒ අයගේ අදහස් විතරයි.බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් ගැන ඉදිරි ලිපියකින් ලියන්න හිතාගෙන ඉන්නේ.
කොහොමද මෙන්ඩා අයියෙ...හොඳින් ඉන්නවා නේද...අම්මා සනීපෙන්.දැන් ශාරීරික ආබාධයක් නැහැ..ඒත් මානසිකව වැටිලා ...සමාවෙන්න මට වෙන පෞද්ගලික විස්තර කියන්න බැරි වීම ගැන.ඔයාලගෙ හිතවත්කම ඇත්තටම මට ශක්තියක්.මම තනිවෙලා නෑ කියලා හිතුණා.
ReplyDeleteකොහෝමත් මේ දින කිහිපයේ මානසිකව දුර්වලව ඉදීවී.තව දින කිහිපයක් ගතවුනාම ඒක හරියාවි.
Deleteනොදන්නා වචන සෑහෙන්න තියෙනවනේ. අර අනුරගේ "වනචාරිනි"පොත කියවන කොට ඕන වෙනවා. ඒකෙ වචන සෑහෙන්න අමාරුයි.
ReplyDeleteඅජිත් අයියේ
Delete"සිංහල වාග්කෝෂය" කියලා පොතක් තිබෙනවා.ඒ පොතේ මෙවනි වචන 5000 ක් පමන තිබෙනවා.ඒ පොත ටිකක් හොයාගන්න අමාරුයි.මමත් පුස්තකාලයෙන් අරගෙන බැලුවේ.අපි කිසිම දවසක අහලා නැති පැරනි වචන පවා ඒකේ තිබෙනවා.
මේ ටික කියවද්දී මතක් උනේ පොඩි කාලේ ශිෂ්‍යත්වෙට කමත් භාෂාවේ වචන ඉගෙන ගත්ත හැටි :)
ReplyDeleteතවමත් ශිෂ්‍යත්වයට ප්‍රදේශීය වදන් ලියන්න තියනවා.පුංචි දරුවෝ මේවා කොහොම මතක තියාගන්නවද මන්දා.
Deleteහංසි බිලොග් එකේ ලියන එක අතහැරියද.පෝස්ට් එකක් දාලාම නෑ...
මෙන්න අද කාලෙට වටින ලිපි. සතුටුයි බං මෙහෙම එකක් ලියවුන එක ගැන උබෙන්.
ReplyDeleteතැන්ක්ස් මචං.
Deleteමම මේ වචන ඉගෙනගන්න ආසයි.මේ වචන වල අපේ පැරනි කම තවම තියනවා.
අඩා මහත්තෙය, උඹ මකබෑ උනයි කියල මෙහෙ කොන දිඩි ගාල හෙව්ව...
ReplyDeleteරාජකාරි බෝමයි.ඒකනොව සුනංගු වුනේ.
Deleteමනෝ කොත්මලේද? ඩ්‍රැකියානිත් කොත්මලේ. කොත්මලේ ඉතිහාසය පුරාම දුර්ගම ප්‍රදේශයක් නිසා භාෂාව, සිරිත්, සහ කෑම බීම වල අනන්‍යතාවය තාම රැකිල තියෙනව. පොඩ්ඩක් නුදුරින් පිහිටි ගම්පොළ දිහාට එනකොට ඒ ඔක්කොම වෙනස්.
ReplyDeleteඔව් මචං.මම උපන්නේ කොත්මලේ.කොටින්ම කොත්මලේ වේල්ල ආසන්නයේ ගම තිබුනේ.90 දි වගේ කොත්මලේම වෙනත් ප්‍රදේශයක පදිංචියට ආවා නාවලපිටියට ආසන්නයේ.අම්මලා එහෙම ඉන්නේ එහේ.ඒ වුනාට මම 2002 න් පස්සෙම ඉන්නෙම පිට.දැන් ඉන්නේ දෙල්ගොඩ.
Deleteඋඹ කියනව වගේ කොත්මලේ භාෂාව තවම ඒ විදියමයි.වෙනස් වෙලා තියනවනම් බොහෝම සුලුවෙන්.මට වෙනත් පැතිවල ඉඳලම ඒ වචන කතා විලාසය කියවෙන්නෙම නැති තරම්.
ඩ්රැකියානිලැයි මුල් ගමත් ඩෑම් එකට යට වෙලා. ඒ උදවියට ඉඩං හම්බුනයි කියන්නෙ පරණ ජනවසම තේවත්තක් කඩල හදපු නවතිස්පනේ ගමේ.
Deleteඅපි ආයෙ ගමේ යනකොට කියන්නං ඈ...
එහෙනම් මචං ලඟ ලඟ වගේ.සමහර විට අදුනනවද දන්නෙත් නෑ.හිටහංකෝ මම විවේකයෙන් උඹට විස්තර ටිකක් මේල් කරන්නම්.
Deleteචෑ ඩ්රැකියානිලැයි මුල් ගම ඩෑම් එකට යට වෙන්න ඉස්සර තෝ එහේ පංදිචි කරන්න තිබුනේ
Deleteඑහෙනම් ඩ්‍රැකියා උඩුකුරුඤ්ඤං වෙලා
Deleteඑතකොට පාඩුව මෙන්ඩටම තමා. ඌට කතන්දර හොයාගන්න බැරුව පොඩි මෙන්ඩගෙං කනව කෑමක්... කොහොමද දන්නවද?
Deleteඅඩේ.......මගේත් ඔය වගේ ඒවා තියෙනවා...... හැමඑකට ම අගට ට යන්න දාපු එක නම් දැන් අඩුවෙලා ගිහින්!!
ReplyDeleteමටත් මුල් කාලේ ට යන්න කියවුනා කෙලවරක් නැතිව හැම වචනයකදීම
Deleteකන්ට
යන්ට
දෙන්ට
දැන්නම් අඩුයි.ඒත් තවම ලාවට වගේ කියවෙනවා.
හලාවත වැඩ කරද්දී යාළුවෙක්ගේ ගෙදරදී එහෙනම් නංගිවත් කැන්දන් යන්ඩ කිවුවා, මගේ ඇස් උඩ ගියා.
ReplyDeleteකැන්දන් යනවා කිව්වම විවාහවෙනවා කියන අදහසනේ එන්නේ.උඹට වහෙන් ඔරෝ කිව්වේ එහෙම දන්නෙත් නෑ.
Deleteචෑ..මට කිව්වා නම් එවලේම සහේට ගන්නවා
Deleteඑක දවසක් මම පුංචි පහේ මං වැඩසටහන බලද්දී අපුරු වචන දෙකක් ඇහුනා...
ReplyDeleteඑකක් තමයි "උඩුහළු" අනික "ළමුන්දු", ඔය දෙකේම තේරුම අහපු කෙනාට කියන්න බැරි උනා...
උඩුහළු කියන්නේ එළු සමෙන් කල කියන එකලු, ළමුන්දු කියන්නේ අම්මටලු...
ඔක්කොම හරි ඒවා 5 වසරේ ප්රශ්ණලු...
වැදගත් පෝස්ට් එකක් මචං...
මමත් ඔය වචන දෙක ඇහුවමයි.වැඩිහිටියොවත් මේවා දන්නේ නැතිකොට පුංචි දරුවෝ මේවට කොහොම උත්තර දෙන්නද බං ?
Deleteඋඔ දන්නවාද මේ භාෂාව..
ReplyDelete#&**(^$#$&&^%
$##(^%$@
නෑ බං.
Deleteඕක දන්නවා ප්රසානම්
අර්ධයෝ...
Deleteපුරුෂ ලිංගයෝ...
ඒකද බං මෙන්ඩා ඔය කියලා තියෙන්නේ..
Deleteබොරුනං අහල බලහං සුරංගයගෙං...
Deleteභාෂාවක් මචං කවදාවත් එක තැන පල් වෙන්නේ නැහැ.එකතුවීම්,අඩුවීම් එක්ක තමයි භාෂාවක් ගමන් කරන්නේ.මේ තියෙන ගොඩක් වචන මට නම් නුහුරුයි.මොකද අපේ කොළඹ පළාතේ භාෂා භාවිතය ගොඩක් දුරට අර සම්මතයි කියන සාමාන්‍ය භාෂා ව්‍යහාරය නිසා.
ReplyDeleteහැබැයි ඔය අනුරාධපුර වගේ පැති වල කතා කරනකොට තියෙන වචන උච්චාරණයේ වෙනස නම් මම හොඳට අත් දැකලා තියෙනවා.
මගේ මුලින් තිබුන වචන දැන් වෙනස් වෙලා තියනවා.සමහර ඒවා මතකයෙන් ඈත් වෙලාම යනවා.මම වැඩිපුරම කොළඹ හිටපු එකත් ඒකට හේතුවක් වුනා.උඹ කියනවා වගේ අලුත් වචන එකතු වෙනවා සමහර වචන ඉවත්වෙනවා භාෂාව වෙනස් වෙනවා අලුත් වෙනවා.
Deleteඅනුරාධපුරයේ වගේම නුවරඑළියේ සමහර පැතිවලත් තවම එහෙමයි.අම්පාර පැත්තෙත් කතාවේ වෙනසක් තියනවා.වචන ඇදලා කියන ස්වභාවය වැඩි
ඇයි මචං භාශාව උසුරුවන රිද්මයේ වෙනස? බලපිටිය,රත්ගම වගේ පැති වල අමුතු තාලයක් එක්ක කතා කරන්නෙ.ඒවගේම දික්වැල්ල,බෙලිඅත්ත පැත්තට එනකොට තව විදිහක්.ඇත්තටම පුංචි දූපතක් උනත් කිලෝමීටර් 100න් 100ට වගේ අපේ භාෂාවේ හඳුනාගත හැකි වෙනස්කම් තියෙනවා.හරිම අපූරුයි නේද?
ReplyDeleteඔහේ සකලයෝ අඹන්නෙයි හූ තියන්නෙ?
දුවනවා= දුහනවා
ගුලිය= උණ්ඩිය
ඇවිල්ලා= ඇහිල්ලා
වගේ පාවිච්චි වෙන අවස්ථාත් දැකලා තියෙනවා.
ජයවේවා..!!
භාෂාව හසුරුවන රිද්මයේ වෙනස අපේ ගම්පලාත් වලත් තියනවා.සමහර පැතිවල අන්තිම අකුර ටිකක් ඇදලා කියනවා.ඉක්මනට කියන වචනය වෙනුවට "ටක්ගාලා" කියන වචනය වැඩිපුරම පාවිච්චි කරන පැති තිබෙනවා.
Deleteජයෙන් ජය
උඹ දකුණෙ කියල දාල තියෙන වචන බොහොමයක් පට්ට දකුණෙ එකෙක් වෙච්චි මං කවදාවත් අහල නෑ. ඒ දාපුව ගොඩක් දිගාමඩුල්ල පානම පැත්තෙ කියෙවෙන වචන... අපෝ වෙනවා, අඩී වගේ වචන.. මේ අහපං රියල් දකුණෙ වචන
ReplyDeleteමක්කැයි - මොනවද?
ඔයනවා - පොල් ලෙලි ගහනවා
වියරයි - ඉවරයි
ඔහේ - ඔබ, ඔයා (ගෞරවාර්ථයෙන්ද යෙදේ)
හුකා - පුදුමය හගවන පදයක්
මෙන්න දිගාමඩුල්ලෙ වචන
පුක්ක - කිරිබත්
පුක්ක විලා - බත් බෙරි වෙලා
හොටබරියා - වල් උෟරා
බුඩා - නාකියා
බුඩී - මැහැල්ල
මෝ - අම්මා
අමා - අම්මා
පරියා - වළහා
පාන් කළුව - උදෑසන
කිරි වෙලාව - උදෑසන
පද්දනවා - යනවා
කුදහනවා - නිදා ගන්නවා
තව තියෙනවා බං මතක නෑ
මුලින්ම කියපං උඹ කොහේද මෙච්චර දවසක් මකබෑවිලා හිටියේ කියලා.මට අදත් උඹව මතක් වුනා උඹ මොකද නැත්තේ කියලා.
Deleteඔය තියෙන්නේ නියම වචන ටිකක්.දැන් පෝස්ට් එක බලන කෙනෙකුට ඉගෙන ගන්න වචන සෙට් එකක්ම මේකේ තියනවා.
සුපිරි පෝස්ට් එකක් මචන්. අපිටත් මහියන්ගනේ පැත්තේ ඩයල් එකෙක් සෙට් වෙලා හිටියා. ඌ අපෙන් අහන දේට උත්තර දෙකක් දෙන්න ඕන.අපිට ඉතින් කුනුහර්ප මතක් වෙනවා...
ReplyDeleteඅම්මේ බොඩිම් කාමර වලදි එහෙම කොල්ලෝ මුන ගැහෙනවා...
Deleteසකලයන් අඹනවා කියන එකේ තේරුම මොකද්ද අනේ😥
ReplyDelete