ඇය මරණය සමග සටන්කොට මිය ගියාය.


                  ඩෙල් රැයිස් යනු කොළෙම්බියාවේ පිහිටි ගිනි කන්දකි. 1985 වසරේදි මෙම ගිනි කන්ද හදිසියේ පුපුරා යාමත් සමග ගිනි කන්ද අවට ගම්මාන 16 පමන මුලුමනින්ම විනාශ වී ගියේය. ඉන් හානියට පත් මිනිස් ජීවිත ගනන 23,000 ක් පමන වේ යැයි දැක්වේ. ඒ අතරින් මුලු මහත් ලෝකයේම අවධානය යොමු වූයේ ඔමාරියා සන්චෙස් (Omaira Sanchez) නම් 13 වියැති දැරිවිය කෙරෙහිය. ගිනි කන්ද පුපුරා යාමත් සමග එයින් ගලා ගිය මඩ තට්ටු හා කඩා වැටුන ගොඩනැඟිලි වල සුන් බුන් අතරේ සිර වූ ඇය දින තුනක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර මහා සටනක යෙදුනාය. සිය ගණනකටත් අධික සහන සේවකයෝ ඇය බේරා ගැනීමට බොහෝ උත්සහා දැරූහ. එහෙත් එම සියලු උත්සහයන් ව්‍යර්ථ විය. 

       ඒ වන විටත් දැරියගේ ගෙල දක්වාම ජලය පිරි පැවතින. ගෙලෙන් පහල ඇයගේ සිරුර සම්පූර්නයෙන්ම මඩ තට්ටු අතරේ සිරවී තිබින. ඇයට තම දෙඅත් පමනක් ඉහලට එසවිය හැකි විය. මෙලෙසින් දින තුනක්ම ගෙවීමට සිදු විය. එහිදි විඳි අධික වේදනාව නිසාම ඇයගේ දෑස් මළානිකව තද රත් පැහැ ගැන්වෙන්නට විය. තුන්වන දිනය වනවිට ඇගේ දෑස් ඉදිමි කලු පැහැ ගැන්වි තිබිණ. මේ දින කිහිපය පුරාවටම ඇයගේ ජීවිතය බේරා ගැනීමට සහන සේවකයන් කොතෙකුත් උත්සහා දැරුව ද ඇයව යටකරගෙන වැටි තිබු කොන්ක්‍රිට් තට්ටුව එසවීමට ඔවුන්ටද නොහැකි විය. එනිසාම මඩ අතරේ සිරවී සිටි ඇයව එලියට ගැනීමට නොහැකි විය. තමාට තව දුරටත් ජීවත් වීමට හැකියාව ඇත්තේ ඉතාමත්ම සුලු මොහොතක් පමනක් බව ඇයට වැටහෙන්නට විය. දින තුනක් තිස්සේ අප්‍රමාණ වේදනා විඳිමින් සිටි ඇය මරණාසන්න මොහොතේ තමා ඉදිරියේ සිටි රූපවාහිනි වාර්ථාකරුවකු අමතා මෙසේ විමසා සිටියාය.


ඔබ මොන රූපවාහිනි නාලිකාවෙන් ද ? මට පොඞ්ඩක් කතා කරන්න දෙන්න පුලූවන්ද?


රූපවාහිනි වාර්ථාකරු ඇයට එම අවස්ථාව ලබාදුන් පසු ඇය ඇයගේ අවසන් වචන ස්වල්පය මෙසේ මුදා හැරියාය.


"මගේ ආදරණිය අම්මේ ඔබට මාව ඇහෙනවද ?
මම දන්නවා අම්මේ ඔබට මාව ඇහෙනවා කියලා.
මම වෙනුවෙන් දෙවියන් යදින්න මගේ අම්මේ මට නැවත කලින් වගේ ඇවිදන් යන්න පුළුවන් වෙන්න කියලා මේ මාව බෙර ගන්න මහන්සි වෙන මිනිසුන්ට ශක්තිය ලැබෙන්න කියලා මගේ ආදර අම්මේ ආදර තාත්තේ මගේ මල්ලි 

                           මම සමු දෙන්නම් ඔයාලට" 









මැරුනා නම් හොදයි කියලා හිතෙනවද ?

          

       බලාපොරොත්තු බිඳ වැටුනම, හුදකලාව අසරණ වුනාම, පෙම් සබඳතා බිද වැටුනම,  බරපතල විදියට ලෙඩ රෝග අසනීප නිසා පීඩා විඳින්න වුනාම, තෘප්තිමත් ජීවිතයක්  ගෙවිය නොහැකි වුනාම ඕනෑම අයකුට සියදිවි නසා ගන්නට සිතෙන්න පුලුවන්. සියදිවි නසා ගැනීම පිලිබද වාර්ථාවන්වලට අනුව නම්  ලෝකය පුරාම එක් වසරකදි මිලියනයක පමනක් පිරිසක් සියදිවි නසා ගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යමි පුද්ගලයකුගේ මරණය සියදිවි නසා ගැනීමක්ද යන්න තීරණය කරන්නේ මෙවනි සාධක කිහිපයක් මත පදනම්වයි. එනම්

1-මරණයට පත්වීම සදහා යොදාගන්නා උපාය පුද්ගලයා විසින් ආරමිභ කර ඔහු විසින්ම කරගෙන යාම

2-නියත වශයෙන්ම මරණයට පත්වන බව දැන දැනම මරණය බලාපොරොත්තුවෙන්ම එම උපාය යෙදීම

3-පුද්ගලයා එයින් මරණයට පත්වීම


ලෝකයේ සිය දිවි නසා ගැනීම සම්බන්ධ වාර්තා වල වලට අනුව නම්


*ලෝකය පුරාම එක් වසරකදි මිලියනක පමනක් පිරිසක් සියදිවි නසා ගනිති.

*සියදිවි නසා ගැනීමට උත්සහ දරන පිරිස මිලියන 10ත් 20ත් අතර වෙ

*ලෝකයේ මිනිස් මරණ සිදුවන ප්‍රධාන හේතු 10න් එකක් වනුයේ සියදිවි නසා ගැනීමය

*සිය දිවි නසා ගන්නා පුද්ගලයන්ගෙන් 60% පමන යෞවන වයසේ පසුවන්නන්ය.


*ජනගහන අනුපාතයට අනුව වැඩියෙන්ම සියදිවි නසා ගන්නා රට ලංකාවය

*අනුපාතයට අනුව වැඩිපුරම කාන්තාවන් සියදිවි හානි කරගන්නා රටද ලංකාවය.

          1985 සිට 2000 දක්වා වසර පහලොව තුල ලංකාවෙ යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව දළවශයෙන් 50000 පමනය.එම කාලය ඇතුලතම සියදිවි හානිකරගත් සංඛ්‍යාව 106000 පමන වෙ.ලංකාවෙ සියදිවි නසාගැනීමෙදි පලිබොධනාශක භාවිතා කර ඇති ප්‍රමාණය 70% කි. ලංකාවෙ සිය දිවිනසා ගන්නා අයගෙන් 50% පමන යමි තදබල මානසික ගැටලු රෝගි තත්ත්වයක් නිසා සිය දිවි නසා ගන්නා බව අනාවරණය කරගෙන ඇත. කෙස් වුවද යමකු සියදිවි හානි කරගැනීමට හේතු සාධක වන කරුනු අතරින් කිහිපයක් මෙසේ පෙළගැස්විය හැක‍

විශාද රෝගය.
මත්පැන් භාවිතයේදි ඇතිවන කායික මානසික ගැටලු, 
පෞරුෂමය ගැටලු, 
භින්නෝන්මාදය වැනි තත්ත්වයන්ය, 
බලාපොරොත්තු බිදවැටීම, 
විවාහය සම්බන්ධ ගැටලු,
පවුල සම්බන්ධ ගැටලු,
පවුලෙ සාමාජිකයන් නොසලකා හැරීම,
ප්‍රේම සම්බන්ධතා බිදවැටීම,
දුගි අසරණ බව, 
ජිවත්වීමෙ ආර්ථිකමය ගැටලු, 
සමාජයෙන් හුදකලාව සිටිම
හීනමාන තත්ත්වයන්, 
දරැනු කායික ආබාධ,
විරැකියාව,
අසරණබවක් දැනීම,
වයෝවෘදව හුදකලා වීම,

 
     අනුන්ගේ අවධානය ලබාගැනීමද සමහරකු සියදිවි හානි කර ගැනීමට උත්සහ කරති. හදිසි ආවේග චිත්ත පීඩානිසා හදිසි තීරනය මතද සියදිවි හානිකර ගනු ලැබේ. එවැනි හානිකරගැනීම චිත්ත ආවෙග පීඩා දැරිය නොහැකි කමින්ම කලින් සැලසුමි කිරිමෙන් තොරවම හදිසියේම කර ගැනීමට ඉඩ ඇත. ආගමික පෙලඹවීමි මුල්කරගනිමින් සිදු කරගන්නා දිවිනසා ගැනීමද දැකිය හැක. සමාජයට යමි බලපැමක් සිදුකිරිමේ අරමුනින්ද දිවිහානි කරගන්නා අය සිටි. කෙසේවුවද සියදිවි හානි කරගැනිමට වැඩිපුරම උත්සහ දරනුයේ කාන්තාවන් වුවත් දිවිහානි කරගෙන බහුලව මරනයට පත්ව ඇත්තේ පිරිමින් බව වාර්තා වී ඇත‍

භික්ෂුව හා විනය




         බුදුන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණින් උදෙසා දේශනා කල  විනය දේශනාව ඕවාද ප්‍රාතිමෝක්‍ෂය සහ ආණා ප්‍රාතිමෝක්‍ෂය වශයෙන් ආකාර දෙකකින් දක්වා ඇත. සසුන ඇරඹී මුල් කාලීනව සසුන් ගතවූවෝ ධර්මාවබෝධය කිරිමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම සසුන්ගත වූවන් විය. එම කාල සිමාව තුලදි බුදුන් වහන්සේ ඔවුන් උදෙසා අවවාද අනුශාසනා ලබාදීමක් පමනක් සිදුකලේය.ඕවාද ප්‍රාතිමොක්ෂය යනු මෙයයි. නමුත් කලගත්වත්ම මෙම තත්ත්වය වෙනස් විය. සමහරු ලාභ අපෙක්ෂාවෙන්ම පැවිදි විය. තවත් සමහරකු ජීවත්විය හැකි වෙනයම් මඟක් නොමැතිව ජීවිකාව පිනිස පැවිදි විය. මුල්කාලීනව පැවිදි වූවන් තුල තිබු පුපේශල ශික්ෂාකාමි විනයකාමි බව මොවුන් තුල දැකිය නොහැකි විය. භික්ෂුත්වයට නොගැලපෙන දෑ සිදු කරමින් මහජනතාවගේ අප්‍රසාදයට පවා ලක්විය. විනය ශික්ෂා පද පැනවීමට සිදුවූයේ මෙවනි පසුබිමක් මතය. බුදුන් වහන්සේ විසින් මුල්ම විනය ශික්ෂාපදය පනවන්නේ සුදින්න නැමැති භික්ෂුවගේ ක්‍රියා කලාපය හේතුකොටගෙනය. පැවිදි වීමට පෙර ධනවත් සිටුවරයකුගේ පුත්‍රයකුව සිටි සුදින්න පැවිදි වූයේද දෙමාපියන්ගේ බලවත් අකමැත්ත පිටය. කෙසේ හෝ දෙමාපිය අවසරය ලබා පැවිදී වීමෙන් පසු සුදින්න ඉතා සිල්වත් ගුණවත් භික්ෂුවක් සේ දිවි ගෙවීය. නමුත් වසර අටකට පසු ඔහු තමන්ගේ පෙර ගිහි දිවියේ භාර්යාවක සමග ලිංගිකව හැසිරුනේය. එයින් ඇය ගැබ් ගත්තාය. මේ වන තෙක් සසුන තුල විනය නීති පැනවීමක් සිදු කර නොතිබිනි. සසුනේ පලමු විනය ශික්ෂා පදය සුදින්න තෙර මුල් කරගෙනම පනවන්නට විය. මුල්ම ශික්ෂාපදය එසේ පනවන්නට සසුන ඇරඹී වසර විස්සකට පසුවය.  එදා පැනවු පලමු ශික්ෂා පදය මෙසේය.

“යෝ පන භික්ඛු! මේථුනං ධම්මං පතිසේචෙය්‍ය පාරාජිකෝ හෝති අසංවාසෝ.”

 “යම් මහණෙක්  ලිංගිකව හැසුරුනේ නම් පාරාජිකා වේ. සංඝයාගේ සංවාසට නුසුදුසු වේ,”


           
    මේ පලමු ශික්ෂා පදයයි. ඉන් දිනකිහිපයකට පසු මෙම ශික්ෂා පදයට අනුප්‍රඥප්තියක් එක් කිරිමට සිදුවිය. එයට හේතු වූයේ විශාලා මහනුවර මහාවනයෙහි විසු භික්ෂුවකගේ ක්‍රියා කලාපයයි. එම භික්ෂුව වැඳිරියක් සමග ලිංගිකව එක්විය. ඒ සමග ශික්ෂා පදයට  අනුප්‍රඥප්තියද එක්කොට මෙසේ දැක්වින.


“යෝ පන භික්ඛු මේථුනං ධම්මං පති සේවෙය්‍ය, අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකා හෝති”

 තිරිසන්ගත ස්ත්‍රියක සමග වුව ලිගිකව හැසිරුණේ නම් පාරාජිකා වේ


මෙලෙසින් අවස්ථානූකූලව අනුප්‍රඥප්තීන්ද එක්වීමෙන් පසු මෙම ශික්ෂා පදය මෙසේ සම්පූර්ණ විය.


“යෝ පන භික්ඛු භික්ඛුනං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මේථුනං ධම්මං පතිසේවෙය්‍ය අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකෝ හෝති අසංවාසෝ.” 


            ඉතා සරලවම දක්වන්නේ නම් මෙහි දැක්වෙන ආකාරයට මනුෂ්‍ය පමනක් නොව තිරිසනකු සමග වුවද ලිංගිකව එක්වීමෙන් පාරාජිකා බවට පත් වේ. එනම් භික්ෂුත්වය නැති වේ. යෝනිය, ගුදය, මුඛ්‍ය යන අංග තුනෙක් කුමන් හෝ අංගයකට ලිංගය ප්‍රවිෂ්ඨ කලේද ඒ සමගම එම භීක්ෂුවගේ උපසම්පන්න බව නොමැතිවී භික්ෂූත්වයෙන් පිරිහී යයි. එවැනි භික්ෂුවකට නැවත උපසම්පන්න විය නොහැකි බව පාරාජිකා පාලියෙහි දක්වා ඇත. කෙසේ වුවද බාහිර ලිංගික එක්වීමකින් උපසම්පදාව අහෝසි නොවේ. එය සංඝාදීශේෂ ඇවතකට පැමිනීමකි. පාරාජිකා පාලියෙහි දැක්වෙන මෛථූන ධම්ම පාරාජිකාව හා සම්බන්ධ අවස්ථා කිහිපයක් පමනක් මෙසේය. ( අර්ථය සරල කර දක්වා ඇත )


ඒ කාලයේ එක්තරා භික්‍ෂුනමක් වැඳිරියක සමග ලිංගිකව එක්වූයේය. ඔහුට සැකයක් ඇති විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂා පදයක් පණවන ලදී. . කිමෙක්ද,මම පාරාජිකා පාපයට පැමුණුනෙම්ද?. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. ,මහණෙනි, ඔබ පාරාජිකා ඇවතට පැමිනියෙහිය, .


එක්තරා පිඩුපිණිස යන භික්‍ෂුවක් පුටුවක සිටින ගෑණු දරුවකු දැක කාමයෙහි ඇලුනේ ඇගිල්ල ස්ත්‍රී ලිංගයට ඇතුලත් කෙළේය. ඕ තොමෝ කලුරිය කළාය.ඔහුට සැකයක් ඇති විය. භාග්‍යවතුන්වහන්සේ විසින් ශික්ඛාපදයක් පනවන ලදී. කිමෙක්ද? මම පාරාජිකා පාපයට පැමුණුනෙම් ද? භාග්‍යවතූන් වහන්සේට මේ කාරණය සැළකළේය. , මහණ,ඔබ පාරාජිකාවට නොපැමිණියෙහිය සංඝාදිසෙස ඇවතට පැමිණියෙහිය.,

 

එක්තරා භික්‍ෂුවක් නැමෙන පිටක් ඇත්තේය.හෙතෙම නො ඇලීමෙන් යුක්ත වූයේ තමාගේ රහසග කටින් ගත්තේය. ඔහුට සැකයක් විය. ,මහණ, ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,


එක්තරා භික්‍ෂුවක් ස්ත්‍රි ශරීරයක් දුටුවේය. ඒ ශරීරයෙහි ස්ත්‍රී නිමිත්ත සමීපයෙහි වනයක් විය. හෙතෙම .මෙසේ මට ඇවත් නො වන්නේයයි . නිමිත්තෙහි නිමිත්ත ඇතුල් කරවා වනයෙන් පිට කෙළේය.ඔහුට සැකයක් විය. , මහණ, තෝ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

 

ඒ කාලයේ වනාහි එක්තරා භික්‍ෂුවක් කාමයෙහි ගිජු වුයේ ලී බෝනික්කකුගේ රහස් අවයවය පුරුෂ නිමිත්තෙන් ස්ර්‍පෂ කෙළේය.ඔහුට සැකයක් ඇතිවිය. , මහණ, පාරාජිකා ඇවැත් නොවේ. දුකුලා ඇවැත් වේ.,

 

සුන්දර නම් භික්‍ෂුවක් රජගහ නුවරින් පැවිදි වූයේ වීථියෙහි යයි.එක්තරා සත්‍රියක් ,සවාමීණි, මොහොතක් නවතින්න, වඳින්නෙමියි කීවාය. ඕ තොමෝ වඳිමින් භික්ෂූවගේ අඳනය ඔසවා කටින් පුරුෂ නිමිත්ත අල්වා ගත්තාය. ඔහුට සැකයක් විය.,මහණ, තොප ඉවසූයෙහිද?, ,භාග්‍යවතුන් වහන්ස,මම නො ඉවසූයෙමිය,කීවාය. , මහණ, නො ඉවසන්නාට ඇවැත් නොවේ.,


එක්තරා භික්‍ෂුවක් එක්තරා ස්ත්‍රියක් සමග ආලය සහගත සිත් ඇත්තේ වේ. ඕ තොමෝ කලුරිය කළාය. සොහොනෙහි දමන ලද්දීය. ඇට විසුරුණාහු වෙත් ඉක්බිති ඒ මහණ තෙම සොහොනට ගොස් ඇට එකතු කොට පුරුෂ නිමිත්තෙන් ස්ත්‍රී අවයවය පිළියෙල කළේය. ඔහුට සැකයක් විය. ,මහණ, ඔබට පාරාජිකා ආපත්තිය නොවේ.දුකුලා නම් ඇවැත වේ ,

 

එකල්හි වනාහි භාරුකචඡ දේශවාසී එක්තරා භික්ෂුවක් සිහිනෙන් පෙර බිරිඳට මෛථුන ධර්‍මයෙහි හැසිර මම ශ්‍රමණයෙක් නොවෙමි. සිව්රු හරින්නෙමියි. භාරුකචඡ රටට යන්නේ. අතරමග ආයුෂ්මත් උපාලි තෙරුන් දැක මේ කාරණය සැළ කළාය. ආයුෂ්මත් උපාලි තෙමේ ,ඇවැත්නි. සිහිනෙන් ඇවැත් නැතැයි කීයේය.,

 

එකල්හි වනාහි රජගහනුවර සුපබ්බා නම් උපාසිකාවක් හිස් ශ්‍රද්ධාවන්තියක් වෙයි.  ඕ තොමෝ යමෙක් මෛථුන ධර්‍මය දේද ඕ තොමෝ අග්‍රදානය දෙන්නීයයි. මෙවැනි දෘෂ්ටියක් ඇත්තීවෙයි. ඕ තොමෝ භික්‍ෂුවක් දැක ,ස්වාමීනි. වඩින්න මෛථුන ධර්‍මය සේවනය කරන්නැයි, කීවාය. ,නැගණිය. නොසුදුසුය මෙය කැප නැතැයි, කීවේය. ,ස්වාමීනි. වඩිනු මැනව.දෙකලවා අතරෙහි ගටන්න මෙසේ ඔබට ඇවැත් නොවන්නේයයි,කීවාය. ඒ භික්‍ෂුව එසේ කළේය. ඔහුට සැකයක් පහළ විය.,මහණ. පාරාජිකා ඇවත නොවේ. සංඝාදිසෙස ඇවතවේ., 

 

    මෙලෙසින් මෙහි දක්වන්නට යෙදුනේ භික්ෂූවක් පාරාජිකා බවට පත්විය හැකි කරුණු සතරෙන් පලමු පාරිකාව වන මෛථුන ධම්ම පාරාජිකාව පිළිබදව වන අතර එයද ඉතා කෙටියෙනි.උපසම්පදා ශීලය බිඳියන භික්ෂුත්වය අහෝසිවන සතර පාරාජිකා මෙසේය.


  1. මෛථුන ධම්ම පාරාජිකාව   ( ලිංගික සේවනය)
  2. මනුෂ්‍ය විග්ගහ පාරාජිකාව   (මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම)
  3. අදත්තාදාන පාරාජිකාව    ( සොරකම )
  4. උත්තරීතර මනුෂ්‍ය ධම්ම   (මගඵල ධ්‍යාන වැනි උත්තරීතර ධර්ම ලබා ඇතැයි බොරුකීම)

          මේවායින් එකක් හෝ කඩකල විට භික්ෂූත්වය අහෝසි වේ. යළි පැවිදි උපසම්පදාව ලැබිය නොහැකිය.පිරිසිදු විය නොහැකිය.


         මෙලෙසින් විනය ශික්‌ෂා පද පැනවීමට හේතු වශයෙන් බුදුන් වහන්සේ කරුනු දහයක්‌ දැක්‌වූහ.


1සංඝ සමාජයේ අභිවෘද්ධිය


2 සංඝ සමාජයේ පහසුව


3 තක්‌කඩියන් මැඩීම


4 යහපත් වර්යාවෙන් යුත් භික්‌ෂුන්ගේ යහපත


5 ඒ ඒ අවස්‌ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්‌වීම


6 ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්‌වීම


7 තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම


8 පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම


9 ආර්ය ධර්මයාගේ චිරජීවනය


10 විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම


වයසට හැදෙන ලෙඩ


                 


        2015 වසරත් ගෙවිලා ගියා.2016 වසරෙත් සතියක්ම ගෙවිලා ගියා.2015 වසරෙදි බ්ලොග් අවකාශයට අලුතින්ම බ්ලොග් කිහිපයක්ම එකතු වුනා වගේම 2015 වර්ෂය අවසන් වෙනකොට ඒ කිහිප දෙනෙක්ම බ්ලොග් ලියවිල්ල අත්හැර දාලා.හුදෙකලා සිතිවිලි ලියපු  ආරි මල්ලියා නම් හෙමින් සීරුවේ බ්ලොග් ලියවිල්ල අත්හැරලම දාලා.මගේ බිලොග් එකට නිතරම ආව නිතර අදහස් දක්වූ මධ්‍යස්ථ මතධාරියත් බ්ලොග් අවකාශයට සමුදුන්නා.අහසෙන් එන්න ලියපු කසුන් කාර්යබුහල බව නිසා කෙටි කාලයකට බ්ලොග් අවකාශයට සමුදුන්නා.කැමරාවෙන් එහා ලෝකය ලියපු අපේ කැමයි මමයි දෙන්නා ඊයේ ( 06 ) ගියා අපේ අටම් අයියගේ කඩේ පැත්තේ.ඔය යන අතරේ කැමා කිව්වෙත් ටිකක් කාර්ය බහුල බව නිසා බ්ලොගේ එක ලියන්න බැරි වුනා කියලයි.බයෝස් අප්සට් එකක් හින්දා මගේ කම්පියුටර් එක ON වෙන්නේ නැති නිසා මටත් මාසයක්ම අලුත් පොස්ට් එකක් දාන්නවත් අනිත් බිලොග් වලට කොමන්ට් කරන්නවත් බැරිවුනා.ඒ වගේම කාර්ය බහුලබවත් බ්ලොග් අවකාශය මඟ හැරෙන්නට තවත් හේතුවක් වුනා.බොහෝ දෙනෙක් බ්ලොග් අවකාශයෙන් සමුගැනීමට හේතු වන කරුනු අතර තම බ්ලොගය හුදකලා වීමත් ඒ නිසා ලියවිල්ල එපා වීමත් එක් කරුණක් වෙන්න පුලුවන්.ඒත් මගේ බ්ලොග් එකට පැමිනෙන අය අතරේ පුංචි වෙනසක් මම දුටුවා.ඒ තමයි සාමාන්‍යයෙන් බ්ලොග් අඩවියකට එන අයගෙන් වැඩි පිරිසක් වෙනත් බ්ලොගේ අඩවි වලම සහෘදයෝ උනත් මගේ බ්ලොග් එකට google search හරහාත් විශාල පිරිසක් පැමින තිබෙනවා.බලන්න මොනවද ඔවුන් search කර තිබෙන්නේ කියලා




.

            ඔය මකලා තියෙන්නේ මඳක් පමන අසභ්‍ය වචන.කොහොම උනත් වැඩිපුරම හොයලා තියෙන්නේ ලිංගිකත්වය සම්බන්ධයෙන් කියන එකනම් පැහැදිලියි.මෙම ලිපි වලින් කවරකුගේ හෝ ගැටලුවකට පිලිතුරු ලැබෙනවනම්,ප්‍රයෝජනවත් වෙනවනම් මගේ බලාපොරොත්තුවත් ඒයමයි.අවිවේකි අවස්ථාවල අලුත් ලිපි පලකිරීමට මඳක් පරක්කු වීම හැරුනුකොට මෙම අඩවියේ ලිපි පල කිරීම පෙර පරිදිම සිදු කරන්න අදහස් කලෙත් ඒ නිසාමයි.

            ඉතින් කොහොමින් හරි කමක්නැ 2015 ගෙවිලා 2016 ලැබුවා කියන්නේ අපිත් වසරකින් වයසට ගියා කියන එකයි.වයසට යනවාත් එක්කම විවිධාකාරයේ කායික මානසික ආබාධත් ඇති වෙනවා.අපි අද ඒ ගැනත් ඉතාමත්ම කෙටියෙන් කතා කරමු.


වයස්ගත වීමත් සමග බලපාන මානසික සෞඛ්‍ය ගැටලු.


           වයස්ගත වීමත් සමග පුද්ගලයාගේ මානසික සෞඛ්‍යද පිරිහේ.යම් යම් මානසික ව්‍යාකූලභාවයන් මේ සමග ඇතිවන්නට පටන් ගනි.ඒ අතරින් බහුලවම දැකිය හැක්කේ විෂාද තත්ත්වයයි.දිගින් දිගටම දොම්නස් බවින් යුතුව සිටීම,කලකිරීම,ශෝකි බව, ඒවැනි තත්ත්වයන් දිගින් දිගටම පැවතීම මෙහි ලක්ෂණයන්ය.සාමාන්‍ය වැඩකටයුතු කෙරෙහි උනන්දුවක් නොදක්වන තරමට මෙය වර්ධනය විය හැකි අතර ජීවත් විමට වඩා අපේක්ෂා කරන්නේ මරණයයි. වෙහෙස නොවුවද නිතර වෙහෙස කාරි බවක් දැනිය හැක.එනිසාම පුද්ගලයා උදාසීන කෙරේ.තමන් කිසිඳු වටිනාකමක් නොමැත්තකු සේ හැඟි යා හැක.නිරන්තරයෙන්ම අසුභවාදි ආකල්ප ගොඩනගනු ලබන අතර අසරණ බවක් ආරූඪ කරගනි.නින්දෙහි අක්‍රමවත් බව,නින්ද නොයාම දැකිය හැක.කුසගින්න දැනුනද කෑම අරුචිය ඇති විය හැක.මෙහි දක්වා ඇත්තේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පමනක් වන අතර මෙයට අමතරව තවත් ලක්ෂණ දැකිය හැක.වයස්ගත් වීමත් සමග ඇතිවන විෂාද තත්ත්වය පිළිබදව අවධානය යොමු කිරිමේදි එවැනි තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපෑ හැකි හැකි කරුණු කිහිපයක් දැකිය හැක.එනම්

  • ඒකාකාරි ජීවන රටාවක් ගෙවා තිබිම.
  • තෘප්තිමත් ජීවිතයක් ගෙවා නොතිබීම.
  • තරුණ වයසේ යම් යම් අමිහිරි සිදුවීම් නිරන්තරයෙන් මතකයට නැගීම.
  • සෞඛ්‍ය තත්ත්වය පිරිහී යාමත් සමග ඇතිවන දොම්නස.
  • තමාගේ කටයුතු කර ගැනීමට නොහැකි විමෙන් ඇතිවන දොම්නස
  • නිරන්තරයෙන්ම රෝගාබාධ වලින් පීඩාවට පත්වීම.
  • සමාජීය තත්ත්වයන් අහිමී වී හුදකලා වීම.
  • මූලික අවශතා සපුරා ගැනීමට නොහැකිවී ජීවිතය දුෂ්කර වීම.
  •  දරුවන්ගේ පවුලේ අන් අයගේ අවධානය නොලැබුනු විට ඇතිවන දොම්නස.
              
  මේ ආකාරයෙන් ජීවිතය පිළිබදව කලකිරීමක් ඇතිවන ජීවත් වීම එපා වන ඕනම කරුනක් මෙයට අදාල විය හැක.මෙය පාලනය කිරිම සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාරද එකසේ වැදගත්ය.

 

ප/සු

මාසයක් පැමීනීමට නොහැකි වූ හෙයින් නත්තලට මෙන්ම 2016 නව වසරට සුභ පැතීමට නොහැකි විය.ප්‍රමාද වී හෝ සුභ පැතුම් එක් කරමි.




( අනුන්ගේ කම්පියුටරයකින් පැමින පොස්ට් දැමීමට සිදුවන බැවින් කොමන්ටු වලට රිප්ලියි කිරීමට මදක් ප්‍රමාද විය හැක)

රැකියාව කරන්න එපා වෙනවද ?..එහෙනම් මේ ලිපිය කියවලාම බලන්න

රැකියා ආතතිය




පියල් වයස අවුරුදු 32 ක විවාහක එක්දරු පියෙකි. විද්‍යා උපාධිධාරියකු වන ඔහු පුද්ගලික සමාගමක විධායක නිලයක් දරයි.‍ෙතද හිසරදය, නින්ද නොයෑම, සිතට බියක් ඇතිවීම, ඇඟපත කැක්කුම, ජීවිතය ගැන කළකිරීම, රැකියාව එපාවීම, හිත එක තැනක තබා ගැනීමට නොහැකිවීම, කේන්තියාම, රැකියාවේ වැඩ කිරීමට නොහැකියාව, නුරුස්නාගතිය, රැකියාව ගැන අවිශ්වාසය, වැඩ ගොඩ ගැසීම ආදී ප්‍රධානතම ප්‍රශ්න පියල්ට තිබුණි. මෙයට අමතරව සමහර දිනවල දී රාත්‍රී 10 පමණ වනතුරු සේවය කිරීමට සිදුවීම, නිවාඩු ගැනීමට නොහැකිවීම, ගෙදර සිටියත් රැකියාවේ ගැටලු දුරකථන පණිවිඩ මගින් විසඳීමට සිදුවීමත් පියල්ට තිබුණ ප්‍රධානතම හිතට වදදෙන ගැටලු විය.

මා මෙහි සඳහන් කළේ පියල්ට තිබුණු ප්‍රධානතම ගැටලු සමූහයයි. තවත් ගැටලු රාශියක් විය. තරුණයකු වූවද පියකු වූවද පියල්ට තම ජීවිතය සැහැල්ලුවෙන් ගත කළ නොහැකි විය. හොඳ පඩියක් ලැබුණත් එයින් සතුටට පත්වීමට ඔහුට නොහැකිවිය. හොඳ බිරිඳක් ඔහුට සිටියත් ගෙදර සිටින්නේ තදබල අපහසුතාවයකිනි.මෙවන් දිවියක් පියල් කෙදිනකවත් බලාපොරොත්තු නොවීය. ප්‍රතිකාරවලින් සහනයක් නොලද ඔහු ඉතාම අසරණ තත්ත්වයක සිටියේය.

පියල්ට සිදුව තිබුණේ කුමක්ද? මෙය අද සමාජයේ සිටින විශේෂයෙන්ම විවිධාකාර රැකියාවල යෙදෙන අයට ඇති රෝගී තත්ත්වයකි. මෙය විශේෂිත චර්යාවක් සමගින් මතුවන්නකි. සෞඛ්‍ය මනෝවිද්‍යාව (Health Psychology) එම චර්යාව. Type A Coronary – prone behaviour හෙවත් Type A Behaviour නමින් හඳුන්වනු ලබයි. Dunbar (1978) දී මුලින්ම හඳුනාගත් මෙම චර්යාව, Mcmichel (1978) දී මානසික ආතතිය සමඟින් එක්තරා විශේෂිත කණ්ඩායමකට මතුවන හෘද රෝග ලක්ෂණවලට සබඳතාව දක්වන්නක් බව පෙන්වා දී ඇත.

මෙම චර්යාව හා මනෝවිද්‍යාව සබඳතා දක්වන්නේ කෙසේද? ‘මානසික ක්‍රියාකාරිත්ව හා චර්යාව පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම’ වශයෙන් මනෝවිද්‍යාව හඳුන්වයි. මේ හෙයින් කුමන හෝ චර්යාවක් විස්තර කිරීම, අධ්‍යයනය කිරීම වැනි දෑ මනෝවිද්‍යාවට සම්බන්ධ විෂය ක්ෂේත්‍රයකි. මනෝ විද්‍යාව හා චර්යාව අතර සබඳතාවය John B Wodson නමැති අමෙරිකානු මනෝවිද්‍යාඥයා විසින් ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. මෙයට උත්තේජන – ප්‍රතිචාර සබඳතාවය ද විස්තර කර ඇත.

ඉගෙනීම චර්යාවේ ස්ථිර වෙනස්වීමක් ලෙසට අර්ථකථනය කර ඇත. Ivan Pavlov හා B. B. Skinner නැමති මනෝවිද්‍යාඥයින්ගේ පර්යේෂණවලට අනුකූලව චර්යාවන් අලුතින් ඉගෙනගත හැක. චර්යාවන් හඳුනාගත හැකිය. එසේම චර්යාවන් නැතිවී ගිලිහී යනු ඇත. චර්යාවන් පාලනය කිරීමටද හැකිය. ඉහත මනෝවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති සිද්ධාන්තවලට අනුකූලව Behavioural Theapy නැමති මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය ගොඩනැගී ඇත.

චර්යාව අධ්‍යයනය කිරීමෙන්, චර්යාව නිරීක්ෂණය කිරීමෙන් පුද්ගලයකුගේ මානසික තත්ත්වයේ යම් යම් ඇගයීම් (Assesment) කිරීමට හැකිය. මෙය ප්‍රතිකාරවලදී වැදගත් වන්නකි. එම ඇගයීම තුලින් පුද්ගලයකුගේ පෞරුෂත්වය, ආතතිය, විශාදය, කාංසාව, වැනි මානසික ක්‍රියාකාරිත්ව පිළිබඳව කරුණු අවබෝධ කර ගැනීමට හැකිය.

මේ හෙයින් චර්යාව මනෝවිද්‍යාවට හා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සංවිධානයට ඉතාම වැදගත් කරුණු ලබාදෙයි. චර්යාව එක් එක් අයගේ විවිධ වනු ඇත. පුද්ගලයින්ගේ වයස, ස්ත්‍රි පුරුෂ භාවය, රැකියාව, වගකීම, අධ්‍යාපනය, සමාජ තත්ත්වය, සිතුවිලි මතිමතාන්තර අනුව වෙනස්වනු ඇත. මෙම චර්යාව පෙන්වනු ලබන අය ඉතාම තරගකාරී පරිසරවල යම් යම් ඉලක්ක කරා, ඉතාම වෙහෙස මහන්සි වී වැඩ කරයි. එසේම ඔවුන් ඉක්මනින් කලබලවන, ඉතා හයියෙන් කතා කරන, සංසුන් මනසක් රහිතයි. එසේම ඔවුන් ඉක්මනින් කේන්ති යන, නොසන්සුන්, ඉක්මන්වන, ප්‍රශ්නවලින් ගැලවීමට නොහැකි, සුළු දෙයකින් පවා සැලෙන පුද්ගලයින් වනු ඇත. ගෙදර සිටියත් රැකියාව ගැන හිතයි. සැකයක් ඇත. උසස්වීම් පිළිබඳව සැක ඇත. කරන ලද වැඩ හරියට කළාද යන්න හිතයි.
 

මෙවන් පුද්ගලයින් තමන්ගේ සේවා පරිසරයේදී

1. විශාල වැඩ කොටසක් කරන අතර; ඉතා වැඩි කාලයක් ඒ සඳහා ගත කරයි.

2. ගෙදර යනවිටදී රස්සාවේ වැඩ ගෙන යයි. සැහැල්ලුවක් නැත.

3. නිවාඩු නොගනී.

4. අන් අය සමඟ තරගකාරීව වැඩ කරයි. තමන්ට යාමට නොහැකි තත්ත්වයන් ගැන හිතයි.

5. රාජකාරි ගැන ඉතා ඉක්මනින්ම කළකිරේ.

6. තමාගේ පහල නිලධාරින් සමඟ නිතරම රණ්ඩු කරයි.

7. ඉහළ නිලධාරින් ගැන වැරදි අවබෝධ දරයි.
 

මෙම තත්ත්වය අද සමාජයේ සිටින මෙවන් රාජකාරි කරන පුද්ගලයින් සතුව ඇත. පියල්ට ද මෙම තත්ත්වය ඉතාම නොඅඩුව තිබුණි. මෙම චර්යා රටාව තරුණ වයසේ දී යම් ප්‍රමාණයකට ඔරොත්තු දුන්නද ක්‍රම ක්‍රමයෙන් වයසට යනවිටදී එය විවිධාකාර ශාරීරික රෝග ඇතිකරලීමට හේතුවක් වනු ඇත.

පියල්ට ද මෙම තත්ත්වය නිසා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර (Psychological Treatment) මාලාවක් ආරම්භ කරනු ලැබීය. රෝගී තත්ත්වය පිළිබඳව ඉතා සරල අවබෝධයක් සමඟම ඔහුට මානසික සංතුලනය උදෙසා ප්‍රතිකාර ආරම්භ විය. එය පියවර දෙකකින් සිදුකරන අතරේදී පියල්ට තම රැකියා ආතතිය කළමනාකරණය කිරීමට අවශ්‍ය යොමු කිරීම් ආරම්භ විය.

ගැටලු කළමනාකරණය, සිතුවිලි කළමනාකරණය අශුභවාදී සිතුවිලි කළමනාකරණය පියවරින් පියවර ආරම්භ විය. එසේම තමන්ගේ වෘත්තිමය ක්‍රියා සංවිධානය හා තම සේවකයන් කළමනාකරණය කිරීමේ ක්‍රමයත් පියල් ආරම්භ කළේය. තමන්ගේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානයද විවිධාකාර අන්දමින් වර්ධනය කර ගැනීමට අවශ්‍ය මානසික උද්දීපනය පියල්ට ලබා දුනිමි. එසේම වෙනස්කම් ඇතිවීමත් සමඟම පියල්ගේ ජීවන රටාව වෙනස්කර ගැනීමට අවශ්‍ය පියවර ඔහු ගනු ලැබීය. මෙම ප්‍රතිකාර මාලාව ඉතාම ක්‍රමිකව හා සංවිධානාත්මකව කරගෙන යන විටදී ආකල්ප වෙනස් කිරීම ක්‍රම ක්‍රමයෙන් සිදුවිය.

පියල්ට ඉතා ඉක්මන් සුවය අවශ්‍ය වූවද එය ක්‍රම ක්‍රමයෙන් පියවරින් පියවරට ලබාදීමට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර මාලාව ඔහුට ලබා දුනිමි. එහිදී ඔහු විසින්ම තම ප්‍රගතිය මැන ගැනීම හා ආත්ම විශ්වාසය ඇතිකර ගැනීම කරගනු ලැබීය. මේ සඳහා මාස 2 1/2 ක කාලයක් ගත වූ අතර එය ඔහුගේ උනන්දුව අවශ්‍යතාව හා පවුලේ අයගේ සහයෝගය ඉතාම වැදගත් විය.දැන් පියල් ස්වාධීනව කටයුතු කරන, තම රැකියාව හොඳින් සතුටින් කරන කායික හා මානසික සෞඛ්‍ය මෙන්ම සමාජයීය තත්ත්වයද හොඳින් ඇති පුද්ගලයෙකි.

මෙවන් Type A Behaviour ඇති අය නියම අන්දමින් ප්‍රතිකාර ලබා ගැනීම තුලින් තම රැකියාවන් හොඳින්
කරන අයවනු ලබන අතර කායික හා මානසික සෞඛ්‍යය හොඳින් ඇති කාර්යක්ෂම පුද්ගලයින් වනු ඇත.

 (ව්‍යවහාරික මනෝවිද්‍යාඥ නිමල් ලියනගේ මහතාගේ ලිපියක් ඇසුරිනි.වැදගත් කරුණු රැසක් මෙහි අන්තර්ගතව ඇති බැවින් මෙම ලිපිය සංස්කරණයකින් තොරව මෙහි පලකර ඇත.)

 

ගැටයන්ටයි ගැටිස්සියන්ටයි languages




          මේ ගෙවි යන්නේ කාර්ය බහුල දින කිහිපයකි.එම නිසාම මෙම අඩවියේ අලුත් ලිපියක් පලකිරීමටද ප්‍රමාද විය.එමෙන්ම වෙනත් බ්ලොග්වල පලවූ ලිපි බැලීමටද නොහැකි විය.අලුත් ලිපියක් පල නොවන විට බිලොගය පාලුවට යන නිසාම ලද විවේකය අනුව ලිපියක් පලකිරීමට සිතුවෙමි.මෙවර පලවන ලිපිය සිංහල භාෂා සම්ප්‍රදාය පිළිබදවය.සිංහල වාග් කෝෂයෙහි ප්‍රාදේශීය උපභාෂා සහ සමාජීය උපභාෂා ඇත.උඩරට හා පහතර ප්‍රදේශවල සැලකීමේදි මෙම ප්‍රදේශවල ජනයා එකම දෑ හැදින්වීම සහ ප්‍රකාශ කිරිම සඳහා යොදාගන්නා බස්වහරෙහි විවිධත්වයක් දැකිය හැක.එපමනක් නොව සමහර අවස්ථාවල එකම පලාතක වුවද ගම්මානයෙන් ගම්මානයටද භාෂාවෙහි විවිධත්වයක් දැකිය හැක.කෙසේ වුවද එහි ඇත්තේ සුන්දරත්වයකි.එමෙන්ම ප්‍රදේශිය අනන්‍යතාවයක්ද ඒතුලින් ගොඩනැගි ඇත.පැරන්නන් අතරෙහි භාවිත වූ මෙම බස්වහර වත්මනෙහි ක්‍රමයෙන් භාවිතයෙන් බැහැරව යන බවක්ද දැකිය හැක.සමහර වදන් භාවිතා නොවන තරම්ය.



දකුණු පළාත් භාෂා ව්‍යවහාර (කිහිපයක් පමනක් දක්වා ඇත)

අකබක්ක වෙනවා - විනාශ වෙනවා
අංබරුවා - ගොනා
අජලයා - කෑදරයා
අක්කු වික්කු - අන්ද මන්ද වීම
අටම් පහුර - තේරුම්ගතනොහැකි/ඉබේ කඩා වැටිය හැකි යමක් ( අපේ අටම්පහුරේ අටමාද බ්ලොග් වලට කඩා වැදෙන්නේ හිටි හැටියේය)
අඩී - භාර්යාව
අත්බරුව - උදැල්ල
අන්දෝ උනා - මළා
අපෝවුණා - බැරිවුනා,අමතක වුනා
අඹනවා- පලවා හරිනවා
ඇහැකි- පුළුවන්
උංගා - කුඩා දරුවා
උංගි - කුඩා දැරිය
ඉළව්ගෙදර - මළගෙදර
උච්චිකරනවා - පමාවෙනවා
ඔක්කේ - ඔඩොක්කුව
ඔජර- කම්මැලි
ඔලොක්කම - විහිළුව
ඔහේ - ඔබ
කම්බස් වෙලා යනවා - විනාශවෙලා යනවා
කීම්බස් - කේළම්
කෝනම - ඇඳුම
කොළ විඩ - බුලත්විට
ගැටයා - තරුණයා
ගැටිස්සි -  තරුණිය
කෝලිත්තං - විහිළු
ගෙට යනවා,මුල්ලට වෙනවා - මල්වර වීම
නරිප්පඩ-  නරක
පත බෑවෙනවා - වැටෙනවා
පාච්චල් කරනවා - පහත්කර කතා කරනවා
බරුවා - ස්වාමිපුරුෂයා
බැදැනියැන්දෑ- නෑනා
බැරැස්සි - හැඩිදැඩි තරුණිය
බ්ජ්ජ - පුරුෂලිංගය
බොණ්ඩි - වේසි
බොණ්ඩිගේ පුතා- වේසිගේ පුතා
මක්කෙයි - මොනවද
මදාවියා - අඩු ආයුෂ ඇති ( අපේ රසසරණියේ මදාවියා වැඩිකල් ජීවත් වේවා...)
මරාලේ - කරදරේ
මොරේ - කෑ ගසනවා
මොරෝ නොගහ - කෑ නොගසා
විච්චූර්ණ - විලාසිතා
හොට බරියා - වල් ඌරා



නුවර උඩරට ප්‍රදේශයේ භාෂා ව්‍යවහාර ( කිහිපයක් පමනකි)

අරෝව - විපත
අම්මා දෙයියෝ - පත්තිනි දේවිය
අල්ල පනල්ලේ - අවස්ථාවේ
ඉලව්ව - මරණය
ඊගාව - ඉන්පසුව
දොහේ-දවසේ
උදැහැනැක්ක - උදැසන
කොරලා - අවසන්  කල
කම්බස් - විනාශ
සුනංගු - ප්‍රමාද
ලමයා ලොකු වෙලා,නෑඹ් වීම- මල්වරවීම
කූරපයිය - පසුම්බිය
කොටා බානව - කනවා
ගොබිලා,ගැටයා,නාම්බා - තරුණයා
ගැටිස්සි - තරුණිය
ගොඩාරියක් - වැඩි ප්‍රමානයක්
මාළුපිනි - ව්‍යංජන
රූටනවා - ලිස්සා යනවා
වකාරේට - ඕනැතරමට
වහන්වෙලා - සැඟවී
වාහේ - සැමියා
සප්පායං වෙනවා - ආහාර පාන අනුභව කරනවා
සහේට ගන්නවා - විවාහ වෙනවා
හැබැය ? - ඇත්තද ?
සුට්ට,ඩිංග- කුඩා
හයියත්තිය - ශක්තිය
කෙලියා - වැරදුනා
ආයිබෝන් - ආයුබොවන්



මෙම ප්‍රාදේශීය ව්‍යවහාරයන් අධ්‍යයනය කිරීමේදි දැකිය හැකි ලක්ෂණ කිහිපයකි.
එනම්, එක් පදයක්, එක වචනයක්, එක් සිදුවීමක් දක්වන්නට එක් එක් පළාත්වල වවිධ ව්‍යවහාර යෙදෙන බව.
එමෙන්ම එකම වචනය හා වාක්‍යය උච්චාරණය කරන ආකාරයද ප්‍රදේශ අනුව වෙනස්වන වන අවස්ථා ඇත.එවැනි වදන් කිහිපයක් මෙසේය.
කියන්න (සාමාන්‍ය ව්‍යහාරය)
කියන්ට  (නුවර උඩරට,නුවරඑළිය)
කියාලා   (වලපනේ සමහර ප්‍රදේශ)
කියන්ඩ  ( උතුරුමැද සමහර ප්‍රදේශවල)
කියොනවැයි
කීවැයි
බොනවා (සාමාන්‍ය ව්‍යවහාරය)
බුන්නා  
බිව්වා
බීවා
බොන්ට
බොන්ඩ
මෙවනි වදන් බොහෝමයක් ඇතත් මෙහි දක්වා ඇත්තේ සුලු ප්‍රමානයකි.බසෙහි විවිධත්වය පිළිබද සිළුමිණ පුවත්පතෙහි පලවතිබු ලිපියක්ද නෙත ගැටින.එය මෙතනින් කියවන්න


ඉහතින් දක්වන ලද්දේ ප්‍රදේශිය ව්‍යවහාරයන් පීළිබදවය.අනතුරුව දක්වනට බලාපොරොත්තු වන්නේ මඳක් වෙනස් කරුනක් පිළිබදවය.එනම් සිංහලයෙහි හා බුදුසමයෙහි වදන් වලට විවිධ පුද්ගලයන් විසින් දෙන ලද නොයෙක් අර්ථවිවිරණ ගැනය.එම සමහර අර්ථ විවරණ ගෙන දෙන්නේ විනෝදය පමනකි.තවත් සමහර අර්ථ විවරණ සිනහව උපදවයි.තමන් මගඵල ලාභීයකු යයි පවසා ගත් පුද්ගලයකු දිගු කාලයක් සමීපයෙන් ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබුනි.ඔහු මෙන්ම තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් බුදුසමයෙහි සමහර වදන් වලට ලබා දෙන්නේ මෙවනි අර්ථ විවරණයන්ය.


බුද්ධචරිතය හා සම්බන්ධ පුද්ගලයන් හා ස්ථාන වලට ලබාදෙන අර්ථ විවරණ.

මෙම අර්ථ විවරණ ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් සංකල්ප මිස පිටකයේ සඳහන් වන්නක් නොවන අතර මේ කිසිවකින් මෙම ස්ථාන හෝ නම්වල සැබැ අර්ථය ගම්‍ය නොවන බවද සැලකිය යුතුය.මෙය පලකරනුයේ ඔබගේ දැනගැනීම සදහා පමනකි.

පස්මහා බැලුම් - රූප,වේදනා,සංඥා,සංස්ඛාර,විඤ්ඤාණ යන පංචඋපාදානස්කන්ධය නුවනින් දැක අවබෝධකරගැනීමය.

මගධය - මගධෙසු යනු තම මගධයෙහි සැරිසැරීමයි.මෙහි මගධය යනු සසරය,සසරෙහි සැරිසැරීම මගධෙසු යනුවෙන් දක්වා ඇත.

උරුවේලාව - උරු යනු විශාල යන්නය,වේලා යනු වෙරලයි,අති විශාල වෙරල යන්න මෙහි අර්ථයයි,එනම් සසර සාගරෙහි වෙරලෙහි සැරිසැරීමයි.
සේනානිගම - සෙන්පතියාගේ ගමයි.මෙහි සෙන්පතියා යනු කවරෙක්ද.එනම් තමාය.මම යන අන ඇතිව ක්‍රියා කිරිම සේනානිගමෙහි සැරිසැරීම නම් වේ.

ගිජ්ජකූට පර්වතය - ගිජ්ජ යනු ගිජුකමය.ගිජුකම කුලුගන්වන පර්වතය යන්න මෙහි අදහසයි.එනම් තම ශරිරයයි.තම ශරිරයට ගිජුව අසුභය නොවඩන්නා ගිජ්ජකුට පර්වතයේ සිටින්නකු ලෙස දක්වා ඇත.ගිජ්ජකූට පර්වතයෙන් බැසීම යනු කායානුපස්සනාව වඩා සිරුරට ඇති ඇල්ම දුරු කරගැනිමය.
සෝතාපන්න - සෝතයනු කනය.ආපන්න යනු පැමිනි යන තේරුමයි. දහමට කන යොමු කල තැනැත්තා සෝතාපන්න නම් වේ. (නමුත් සෝත යනු ආර්ය මාර්ගය බවත් සෝතාපන්න යන්නෙහි ආර්ය මාර්ගයට ස්ථිර වශයෙන්ම පැමිනි යන අදහස ඇතිබවත් බවත් බුදුන් වහන්සේ සැරියුත් හිමියන්ට දේශනා කර ඇත)

ධම්සක් පැවතුම් සූත්‍රය වරදවා පරිවර්ථනය කිරිමෙන් එහි සැබැ අර්ථය සැගව ගොස් ඇතැයි මා හට පැවසුවේද ඉහත තමන් මාර්ගඵළලාභියකු යයි හදුන්වා ගත් තැනැත්තාමය.ඔහු එම සූත්‍රයේ සමහර වදන් වලට ලබා දෙන්නේ මවනි අර්ථකථනයන්ය.

පඤ්ච වග්ගියා භික්ඛු -  භික්ඛු යනු ඉල්ලන්නාය.පඤ්ච වග්ගිය යනු පස් ආකාරයකින්ඉල්ලන්නාය.එනම් ඇසෙන්,කනෙන්,නාසයෙන්,දිවෙන්,ශරිරයෙන් ඉල්ලන යන අදහසයි.මෙය පස්වග මහනුන් ලෙස පරිවර්ථය වී ඇත්තේ වැරදිමකිනි.පඤ්ච වග්ගියා භික්ඛු යනු ඉන්ද්‍රියන් පහය.ඉන්ද්‍රිය පහ සංවර කරගනිමින් දහම් අසන්නට උපදෙස් දුන් බව මෙයින් අදහස් වේ.

කොණ්ඩඤ්ඤ - අඤ්ඤ යනු අන්‍ය ලෙසින් යන්නය,නිතර අන්‍ය ලෙසට පත්වන රූපය හැදින්වීමට කොණ්ඩඤ්ඤ යන්න යෙදි ඇත.
වප්ප - වප්ප යනු වැපීරීමය.කෙෙලස් වැපීරීම වප්පයි.

භද්දිය -  භද්දිය යනු බැඳීමය.උපාදාන  හැදින්වීමට භද්දිය යන්න යෙදි ඇත.

මහානාම - නාමකය අවබෝධකර නොගන්නා ඒය මහත්වෙයන් ෙගන මෝහයට පත් යන්න හැදින්වීමට මාහානාම යන්න යෙදි ඇත.

අස්සජි - අස්ස යනු දීර්ඝ යන්නය,දීර්ඝ සසරේ සැරිසරන්නා යන්න සදහා අස්සජි යනුවෙන් යෙදි ඇත.
හීනෝ ගම්මෝ -  හීන යනු අප දකින හීනයන්ය.ගම්මෝ යනු ගමනය.එනම් හීනෝ ගම්මෝ යනු අවිද්‍යාසහගත හීනවල පැටලෙමින් සසරේ ගමන් කිරිමය.
පෝථුජ්ජනිකෝ - ජන යනු ජනනය හෙවත් ඉපදීමයි.එනම් නැවත නැවතත් ඉපදීමය.

(  හීනෝ,ගම්මෝ,පෝථුජ්ජනිකෝ යන්නට ධම්සක්පැවතුමි සූත්‍රයේ දී ඇති අර්ථය වනුයේ පෘතග්ජනයන්ගේ පහත්වූ ග්‍රාම්‍ය වූ ක්‍රියාව යන අර්ථයයි)

බිමිබ්සාර - ප්‍රතිබිම්බ මායාව සාර යයි ගත් සියලු තැනැත්තන් හැදින්වීම සඳහා යෙදි ඇති වචනයකි.ඒ අනුව බෝසතුනට බිම්බිසාර රජු මුනගැසීම යනු සැබැවින්ම රජු මුනගැසීම නොව මුලාව හදුනාගැනිමය.බෝසතුන් මුලාවට පත්වන සියල්ල හදුනාගත් නිසා බිම්බිසාර මුන ගැසුනා යයි දක්වා ඇත.
තවද මෙවැනි බොහෝ අර්ථකථන ඇතත් එම කරුනු සදහන් කිරිමට යාමෙන් මෙම ලිපිය බොහෝ දීර්ග විය හැක.එබැවින් මෙම ලිපියෙහි මීට වඩා කරුනු දැක්වීමට අදහස් නොකරමි.ඉල්ලීමක් ඇතොත් පමනක් මතු ලිපියකින් එම කරුනුද සදහන් කරමි.


 සිංහල ජනවහර ගැන ලිපි පලවූ බිලොගයක් සිංදු ඇනෝ විසින් පසුව පෙන්විය. ජනවහර නම් වූ එම බිලොගයෙහි ලිපි බලන්න මෙතනින් යන්න.
 


--------
ප/ලි

දෙකක් පතබාන තෙක් අම්බරුවන් මෙන් නොසිට අල්ලපනල්ලක් ලැබෙන දොහේ උච්චිනොකර ඕන මලඉලව්වක් මෙහි කොටාදෑමට මෙහි සැරිසරණ ගැටයන්ට හා ගැටිස්සියන්ට අවසරය ඇත.
 

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි