ලිංගිකත්වය පිළිබඳ බුදු සමයේ ආකල්පය (පලමු වන ලිපිය)



ස්ත්‍රි පුරැෂ භාවය,ලිංගිකත්වය,ලිංගික චර්යාවන් හා ඒ හා සමිබන්ධ මනෝ භාවයන්,විවාහය,වැනි සංකල්ප පිළිබදව බුදු සමයේ හෙලා ඇති දෘෂ්ඨිය ඉතා ගැඹුරැ වූවකි.නූතන මනෝවිද්‍යාව තුල පවා අවධානයට යොමු නොවු තරමි පුලුල් පරාසයක් දක්වා බුදු සමය මෙම කරැණු පිළිබදව අවධානය යොමු කර ඇති බවක් පිටක සාහිත්‍ය අධ්‍යයනයේදි මැනවින් පෙනි යයි.

               ස්ත්‍රිත්වය හා පුරැෂත්වය පිළිබද බෞද්ධ ආකල්පය පරික්ෂා කිරිමෙදි දීඝ නිකායෙහි අග්ගඤ්ඤ සූත්රයෙන් ඉදිරිපත් කෙරි ඇති මානව සමාජ විකාශය පිළිබද විමසීය යුතුමය.එහි දැක්වෙන ආකාරයට සත්ත්වයා පෘතුවි වාසයට පැමිනි පැමින මුල් අවදියේදි ස්ත්‍රි පුරැෂ භාවය ප්‍රකට නොවු අතර එය ප්‍රකට වන්නේ කලක් ගතවීමෙන් පසුවය.සියුමි ශරිරය ක්‍රමයෙන් ගොරෝසු බවට පත්වීමත් සමග ස්ත්‍රි පුරැෂ ලක්ෂණ වෙන් වෙන්ව ප්‍රකට වන්නට විය.මෙලෙස ස්ත්‍රි පුරැෂ භාවය ප්‍රකට වීමත් සමග ඔවුනොවුන් එකිනෙකා දෙස බොහෝ වෙලා බලා සීටිමට ආසා කීරිමත් එසේ බලා සිටිනමත් සමග කාමරාගය මතුවි සංසර්ගයේ යෙදීමත් සිදු වූ බව එම සූත්රයෙහි දක්වා ඇත.සංසර්ගය ප්‍රධාන වීමෙන් ගෘහ ජීවිතය ආරමිභ විම,විවාහය වැනි සමාජසංස්ථා ගොඩනැගුන ආකාරය ඉන් අනතුරැව විස්තර කෙරි ඇත.කල් යත්ම සමාජය ක්‍රමයෙන් වඩා සංකිර්ණ වීම.සමාජ අර්බුධ කලකෝලාහල ඇතීවීම,රාජ්‍යත්වය,ආගමික සංස්ථාව ගොඩනැගීම යනාදිය සිදුවූ ආකාරයද අග්ගඤ්ඤ සූත්රයේ විස්තරාත්මකව දක්වා ඇත.මෙහිදි ඉතාම වැදගත් කාරණය වන්නේ මුලදි ලිංග භේදය ප්‍රකට නොවු අතර ලිංගික චර්යා නොවීමත් ලිංග භේදය ප්‍රකට වීමත් සමග ලිංගික චර්යාවන් ඇති වූ බව දක්වා තිබිමත්ය.ලිංග භේදය ලිංගික චර්යාවන් සදහා හේතුවන සමීපතම සාධකය බව මෙයින් ප්‍රකට කෙරෙයි.ස්ත්‍රියත් පුරැෂයාත් ඔවුනොවුන්ගේ රෑපයට,ශබිදයට,ගන්ධයට,ස්පර්ශයට ආසා කරන බව සංයුක්ත නිකායෙහි තවදුරටත් දක්වා ඇත.උක්ත කරැනු වැදගත් වන්නේ ලෝකොත්තර දර්ශණයක් වන බුදු සමය ලෞකිකත්වය හා බැදි ලිංගිකත්වය පිළිබදව දක්වා ඇති ආකල්පය කුමක්දැයි යන්න විමසීම සදහාය.අන්‍යාගමිකයන් පමනක් නොව බෞද්ධයන්ම වන බොහෝ දෙනෙකුද බුදුන් වහන්සේ ලිංගික චර්යාවන් ප්‍රතික්ෂේප කර ඇතැයිද බුදු දහමට අනුව ජීවත් විය නොහැකි යයිද පවසනුයේ මෙම කරැනු පිළිබද කිසිදු අධ්‍යයනයක් නොකරය.

             සැබැවින්ම බුදු සමය යනු ලොකොත්තර දර්ශණයක් ලොවට පෙන්වා දෙන්නකි.එම ලොකොත්තර මාර්ගයට පිවිසෙනුයෙත් එහි උත්තරීතර ඵලයට පැමිනෙන්නේත් ලෞකික ජීවිතයක් ගෙවමින් සිටි ශ්‍රවකයාමය.එබැවින් බුදු සමය ලෞකික හා ලොකොත්තර යන අංශයන් දෙක පිළිබදවම අවධානය යොමු කර ඇත.කුමන ආකාරයකින් හෝ පවත්වන ස්ත්‍රි පුරැෂ ලිංගික සමිබන්ධතා ලොකොත්තර මගට බාධාවකි.එහෙත් ගෘහස්ත ලෞකික ජීවිතය ගත කරනු ලබන ශ්‍රවකයකු සමාජ සමිමත සාරධර්ම බිද නොදමා දැහැමි සීමාවක සිටිමින් ලිංගික චර්යාවන් වල නියලීමට අවකාශය ඇත.ලිංගික සම්බන්ධතා අහම්බයක් හෝ සමාජයක අනවශ්‍ය දෙයක් බව බුදුසමය නොපිළිගනී.කෙසේ වුවද මෙම මතෘකාව මුල් කරගනිමින් ලිවිය හැකි කරැණු බොහෝය.කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය රලුවෙ පද්මසිරි හිමියන්ගේ දේශණයක මෙම කරැණු ඉතා පුලුල් පරාසයකට අනුව පැහැදිලි කෙරින.එම දේශණයේ ඇතුලත් වූ කරැනු වල සංස්කරණය කරන ලද සාරංශ කරැනුද මෙම ලිපියට එක් කර ඇත.

              සූත්‍ර පිටකයෙහි හා විනය පිටකයෙහි මෙන්ම ජාතක කතාවන් තුලද ලිංගිකත්වය හා සමිබන්ධ මනෝභවයන් ගොඩනැගෙන ආකාරය ඉතා පැහැදිලිව දක්වා ඇත.මෙහිදි නැවතත් පෙර සදහන් කල අග්ගඤ්ඤ සූත්‍රයට අවධානය යොමු කරමු.ලිංගිකත්වයේ සීමා, නිර්ණායක හා පැනවීම් ඒ ඒ කාල-අවකාශ සීමා තුළ වෙනස් වේ නම් එය සමාජයීය පරිහානියක් ලෙසින් ම හඳුනාගත යුතු නැත. බුදුසමය එවැනි නව ප්‍රවණතා එකහෙළා ප්‍රතික්‍ෂේප නොකරන බව ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් විෂයයෙහි අවධානය යොමු කිරීමෙන් වටහාගත හැකි ය. එහෙත් මිනිසුන් ‘ශිෂ්ට’ (Civilzed) ‘සංස්කෘතික’ (Culturized) වීමත් සමඟ ලජ්ජාව හා භය සමාජයීය සාරධර්ම බවට පත් වෙයි. එවිට ලිංගික කාර්යය එයට සම්බන්ධ වන පුද්ගලයන් පමණක් දත යුතු යැ යි සමාජය උපකල්පනය කරයි. අප පෙර සඳහන් කළ අග්ගඤ්ඤ සූත්‍රයේදී ලිංගික චර්යාව ‘අසද්ධම්ම’ හෙවත් ‘ධර්මය නොවන’ ලෙස දක්වන්නේ එතෙක් පැවති සම්මතය තුළ එම ක්‍රියාවට හිමි වූ තැන පැහැදිලි කිරීමට යි.
“කථංහි නාම සත්තෝ සත්තස්ස ඒවරූපං කරිස්සති...”යනුවෙන් පවසමින් එම ක්‍රියාවට සම්බන්ධ නොවූ පිරිස එම ලිංගික චර්යාවේ කොටස්කරුවන්ට ගරහන්නට, පහර දීමට, හිරිහැර කිරිමට ආරම්භ කරයි. ඇතැම් විට ඊර්ෂ්‍යා පරවශ සිතිවිලි හෝ සමාජ සම්මතයට ගරු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම වේදය අනුව අනෙක් පිරිස මෙම හැසිරීමට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා ද විය හැකි ය.

          එහෙත් සමාජ සම්මත වෙනස් වීම්, අගයන් වෙනස් වීම් තුළ විවිධ ප්‍රතිජානාත්මක හෙවත් යහපත් ඇගැයුම් බිහි වේ නම් බුදුසමය ඒවා පිළිගනී. අධම්ම ලෙස කලකදී හඳුනාගනු ලබන දේ ‘ධම්ම’ ලෙස කලකදී හඳුනාගනු ලබන දේ ‘ධම්ම’ හෙවත් යහපත් දේ බවට තවත් කලකදී පත් විය හැකි ය. එය පුද්ගල පැවැත්මට හානිකර නො වේ. නම් යහපත් සේ පිළිගත යුතු වේ.චක්කවත්ති සීහනාද සූත්‍රය සදාචාර ඇගැයුම් පරිවර්තනය වීමේ සීමා ඉක්මවා යන ආකාරයත් එවිට සමාජය නැවතත් තිරශ්චීන අවධියකට ප්‍රවිෂ්ට වන ආකාරයත් විග්‍රහ කරයි. සදාචාරය පිරිහීමෙන් පසු මව, පියා, නැන්දා, මාමා, පුතා ආදි සංඥා ඉවත් වී, ලිංගිකත්වයට ප්‍රධාන තැන දෙන යුගය බිහි වන සමයක් ගැන කරුණු ඉදිරිපත් කරන බුදුරදුන් ඒවා සාධනීය ලක්‍ෂණ සේ හඳුනා නොගනී. ලිංගික ඇගැයුම් මිනිස් අවශ්‍යතා අනුව පරිණාමය විය යුතු බව සැබෑ ය. එහෙත් මාතෘත්වය, පිතෘත්වය වැනි උදාර ඇගැයුම් කාමයෙන්, රාගයෙන් වැසී යයි නම් බුදුරදුන් එය හඳුනාගන්නේ පිරිහීම් කාරකයක් ලෙසින් බව එම සූත්‍රයෙන් අනාවරණය වෙයි:

“දසවස්සායුකේසු භික්ඛවේ මනුස්සේසු න භවිස්සති මාතාති වා මාතුච්ඡාතිවා මාතුලානිතිවා ආචරිය භරියාතිවා ගරූනං දාරූතිවා සම්භේදං ලෝකෝ ගමිස්සති යථා අජේලකා කුක්කුට සුකර සෝන සිගාලා...”

         පශ්චාත්නූතන චින්තනය ද තිරශ්චීන ලිංගික සබඳතා අනුමත කිරීමක් සිදු නො කරයි. බුදුසමය එම චින්තනයට වඩා ඉදිරි වැඩ පිළිවෙළක් සදාචාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරයි. මිනිසාගේ ජීවිතය ‘සාදාචාර’ රාමුවකට යටපත් කිරීමේ සිරගත කිරීමේ අරමුණක් බුදුසමය තුළ අප්‍රකට ය. බුදුසමයට අවශ්‍ය වන්නේ මනුෂ්‍යත්වය තුළ එසේ ම මිනිස්කමේ සීමා තුළ සෑම සබඳතාවක් ම රඳවාගෙන ජීවිතයට නිවැරදි දෘෂ්ටියක් ලබාදීම යි.

             පශ්චාත්නූතන චින්තකයන් විසින් ලිංගිකත්වය පිළිබඳ ගෙනෙන ප්‍රබල තර්කයක් ඇත. ඔවුන්ගේ විග්‍රහයට අනුව ලිංගිකත්වය පිළිබඳ සකස් වී ඇති නීති-රීති සේ ම ආකල්ප ද අනෙක් බොහෝ දේ පරිදි ම මිනිසා විසින් සිය සංස්කෘතික අංගයක් සේ සකස් කරගෙන ඇත. එනිසා එවන් සංස්කෘතික නිර්මාණයක් වෙනස් නොකළ යුතු පූජනීය අංගයක් ලෙසින් ඔවුහු නොපිළිගනිති. මෙම කරුණ සමඟ බුදුසමය ද එකඟ වෙයි. එසේ ම පශ්චාත් නූතනවාදීන්ට අනුව මිනිසාගේ ලිංගිකත්වය, ලිංගිකකාරණය සහ ලිංග භේදයන්, එසේ ම ඒ හා බැඳී පවතින දේශපාලන බල ව්‍යූහයත් ලිංගික සංකේත කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වීම ද ස්වාභාවික වූවක් නො වේ.එය සංස්කෘතික වූවකි. මිනිසාගේ ආත්මාර්ථකාමීත්වය තවතවත් වර්ධනය වන, අධිකාරීමය ලක්‍ෂණ තම පෞරුෂය තුළ වැඩෙන ලක්‍ෂණ බුදුසමය අගය නො කරයි. ලිංගිකත්වය පිළිබඳ පවතින සම්බන්ධතාව විසංයෝජනය කිරීමට බුදුසමය එරෙහි නො වේ. අනිත්‍යය පිළිබඳ බෞද්ධ ආකල්පය මෙම පරිවර්තන කාර්ය විෂයයෙහි ද ආදේශ කළ හැකි ය. ප්‍රත්‍ය සම්බන්ධතාව වෙනස් කළ විට ඕනෑ ම තත්ත්වයක ප්‍රතිඵලය වෙනස් වීම අවශ්‍යයෙන් ම සිදු වෙයි. බුද්ධ කාලීන රහතන් වහන්සේ සමාජය තුළ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස ම අන්තර්ගත විය. 

           බුදුසමය මිනිසා හඳුනාගන්නේ ලෝකයේ පාලකයා ලෙසින් නො ව, සුවිශේෂ බුද්ධියක් සහිත පරිපූර්ණත්වයට පත් වීමේ වඩා ශක්‍යතාවක් සහිත ජීවියකු ලෙසිනි. මිනිසා ලිංගිකත්වයට විසංවාදී හෝ පරිබාහිර අංශයක් නො වේ. යම් යම් ජෛවීය සබඳතා සහ මානසික ආකල්ප සමඟ ලිංගිකත්වයේ ඇති ප්‍රබලත්වය බුදුසමයෙහි පිළිගැනේ. මහායාන බුදුසමයේ වජ්‍රායාන හා තන්ත්‍රයාන වැනි ඇතැම් සම්ප්‍රදායයන්හිදී නම් සම්භෝගයෙන් සුරතාන්තයට පත් වීම විමුක්තියට යම් යම් අංශ මඟින් සම වන බව පිළිගැනේ. එසේ ම සෙන් සම්ප්‍රදාය තුළදී මිනිසා පරාර්ථකාමී වීමේ ප්‍රබල අවස්ථාවක් ලෙස සංසර්ගය හඳුනාගැනේ.මිනිසා විසින් මිනිසත් බව ආරක්ෂා කළ යුතු බව බෞද්ධ විග්‍රහය යි. 

            එහෙත් ලිංගිකත්වය අමනුෂ්‍ය කාර්යයක් බව ඉන් ගම්‍ය නො වේ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධය නිවැරැදි වන විට බුදුසමය ‘ධම්මික’ හෙවත් නිවැරැදි ලිංගික සමවායක් බව පිළිගනියි. ඇතැම් විට එම දර්ශනය ප්‍රභවය වූ සංස්කෘතියට සාපේක්ෂ ව තිබූ ඇගැයුම් සමඟ සමගාමී ව මෙවැනි ආකල්පයන් ප්‍රකාශ වූවා ද විය හැකි ය. ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇති වන සබඳතා අතර ස්පර්ශය හෙවත් කායික සබඳතාව ඉතා ප්‍රබල භාවයක්, චිත්ත වේගයක් බව ‘ඉත්ථි බන්‍ධන’ හා ‘පුරුෂ බන්‍ධන’ සූත්‍ර මඟින් හෙළි කරයි.

         එහෙත් මෙම විග‍්‍රහය තුළ කුමනාකාරයක හෝ ස්ත්‍රී ආධිපත්‍යයක් හෝ පුරුෂාධිපත්‍යයක් ප්‍රකාශ නොවේ. මනුෂ්‍යත්වයේ හෝ පෘථග්ජන ජීවිතයේ භාවමය අංශයේ ස්වභාවය කුමක් ද යන්න පොදුවේ ප්‍රකාශ කරයි. බුදුසමය මිනිස් ලිංගික ක්‍රියා විෂයයෙහි ප්‍රතිවිරෝධතාවක් නොදක්වන බව මෙම එක් පැහැදිලි කිරීමකින් වුව ද පැහැදිලි ය.
බුද්ධකාලය වර්තමාන ලෝකයට සාපේක්ෂ ව සංකීර්ණ නොවුණ ද ලිංගිකත්වය සම්බන්ධ විවිධ වෛවාරණ ක්‍රම භාවිත වූ බවට විනය පිටකය සාක්‍ෂි දරයි. විශේෂයෙන් පාරාජිකා පාළිය මෙයට නිදසුනකි. පළමු පාරාජිකාපත්තිය සේ ම පළමු සංඝාදිසේසාපත්තියත් ලිංගික චර්යාව හා සම්බන්ධ වීමෙන් එහි ප්‍රමුඛ බව ස්ඵුට වෙයි. භික්ෂූන් වහන්සේ විමුක්ති මාර්ගයට අවතීර්ණ වූ පිරිසක් බැවින් ‘බ්‍රහ්ම චරිය’ වාසය ඔවුනට දැඩි සේ අවධාරණය කරයි. එහෙත් සාමාන්‍ය මිනිසුන් වන කාන්තාවන්, පුරුෂයන්, පණ්ඩවයන් හා උභතෝ බ්‍යඤ්ජනකයන් සමග විවිධ ලිංගික කාර්යයන් භික්ෂූන් විසින් පවත්වනු ලැබූ ආකාරයට ප්‍රමාණවත් උදාහරණ ඉහත දැක්වූ මූලාශය තුළ ප්‍රකට වෙයි.

        එකල මිනිසුන් විසින් ලිංගික ආස්වාදය ලැබීමට භාවිත කල ක්‍රම හා ඉරියවු රැසක් ද එහිදී විදහා දැක්වේ. වසමග, පසමග, මුවග, කලවා සංසර්ගය, රහසග හෝ නැබ ගැටීම, උදර ගැටියෙහි ගැටීම, කිසිල්ලෙහි ගැටීම, හස්ත උපක්‍රම භාවිතය (පාරාජිකා පාලි 93 - 94 - 95 - 69 - 80 පිටු අංක ) ආදි විවිධ අංශ ඒ අතර වෙයි. භික්ෂූන් වහන්සේ බ්‍රහ්මචර්යා වාසය අනුගමනය කිරීමට බැඳී සිටින බැවින් සියලු ආකාරයේ ලිංගික ක්‍රියා බැහැර කිරීමට බුදුසමය උපදෙස් දෙයි.

(මෙම ලිපියේ ඉතිරිය ඉදිරි ලිපියෙන් පලකෙරේ)

9 comments:

  1. බොහෝ දෙනා විවුර්තව කතා නොකරන එහෙත් වැදගත් කාරනා කීපයක් සාක්ච්චා කිරීම ගැන ඔබට කෘතඥ්ඥ වෙමි.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම පිළිබදව ස්තුතිවන්ත වෙමි.

      Delete
  2. මමත් මේ වගේම ලිපියක් පල කළා. ඇත්තෙන්ම ලිංගිකත්වය ගැන බුදු දහමේ තිබෙන දැක්ම ගැන හරි වටහීමක් අද ඉන්න බොහොමයක් උගත් පිරිසටත් නෑ.ඊට හේතු වෙන්නේ උගත් බොහෝ දෙනෙක් බටහිර දැක්මට අනුව බුදු දහම තේරුම් ගැනීමට යෑම නිසා බුදු දහමේ ලිංගිකත්වය සම්බන්ධ දැක්මත් බටහිරටම අනුව තේරුම් ගැනීමට යෑම. බුදු දහමට අනුව ලිංගිකත්වය ස්වභාවික ගුණාංග කිසිවක් හෙලා දැක හෝ ප්‍රතික්ෂේප කර නෑ. ඒ වගේම මිනිස් ලිංගික ස්වභාවයන් විරුද්ධ ලිංගික ආකර්ශනය සමාජයේ ලිංගිකත්වයන් එකිනෙක ගැලපෙන ගොඩනැගීම් පවුල් සංස්ථාව ආදිය මනුස්සයන්ගේ ලෞකික ජීවිතයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය සම්මුතීන් හැටියට පිළිගෙන තිබෙනවා. එතැනදීත් මද්‍යම ප්‍රතිපදාව ඊට අදාල වෙනවා. ලිංගිකත්වයේ ස්වභාවික යහ ගුනයන් හරියට පිලිගන්න බුදු දහමේ දැක්ම අද සමහර උගත් බුද්ධිමත් යැයි කියාගන්නා පිරිස් නයා වල්ගයෙන් අල්ලාගත් ආකාරයට ගනිමින් ස්වභාවයට පිටින් යන මිනිස් කුහකත්වයන් හරි යැයි කීමට යොදාගන්නවා.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම ඔවි.මුල් බුදුසමය නිවරදිව ගැඹුරින් අධ්‍යයනය නොකිරිමෙන් එයින් ප්‍රකට කෙරෙන සැබැම දර්ශණය සැගවී යනවා.මතු පිටින් පමනක් අසන්නට දකින්නට ලැබෙන අර්ථ විවරණ නිසා සැබවටම බුදු සමයට හානියක් වෙලා තියනවා.බුදු සමය කියන්නේ උසස්ම ජීවන දර්ශණයක්.ලෞකික ලොකොත්තර අංශ දෙක පිළිබදවම ඉතා ගැඹුරැන් අවධාරණය යොමු කර තිබෙනවා.ලිංගිකත්වය පිලිබදව පවා එලෙසමයි.නමුත් අද බොහෝ දෙනෙක් මෙ පිලිබදව එතරමි අවධානයක් යොමු නොකරන බවයි පෙනෙන්නේ.

      Delete
  3. නියම බ්ලොගයක් අපේ පැත්තේ ආපු නිසයි දැනගත්තේ
    ජයවේවා දිගටම කියවන්න එන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීම පිළිබදව

      Delete
  4. ලිංගිකත්වය ගැන බුදු දහමේ ඇති දේවල් විචාරයට ලක් කිරීම ගැන ගොඩක් ස්තූතියි. මේ ලිපිය සළකුණු කර තියාගෙන නිතර නිතර කියවා තේරුම් ගැනීමට වටිනා බව මගේ හැඟීම. මට පොඩි ප්‍රශ්නයක් තිබුණා, බුදුන් ස්ත්‍රී පුරුෂ භාවය ගැන දක්වපු අදහස් ගැන. අපි දන්නා බුදුන්, ස්ත්‍රිය පුරුෂයාගේ වහලියක් ව සිටි යුගයෙන් ඈ මුදවා ගෙන ඇයටත් පැවිද්ද ලබා දුන්නා. ඒත් ඇයි ඇයට පමණක් අෂ්ටගරුධර්ම නියම කළේ? මනෝ හිතන්නෙ මොකද මේ ගැන?

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රියට පැවිද්ද ලබා දීමට බුදුන් වහන්සේ එක් වරම ක්‍රියා නොකීරීමට බලැ පැ හේතු සාධක බොහො තිබෙන බව පේනවා.ප්‍රධාන වශයෙන්ම ඇයට පැවැදි ජිවිතය ගත කිරිමෙදි පුරැෂයකුට වඩා දුෂ්කර අවස්ථාවන් වලට මුහුණ දෙන්නත් වෙනවා.යොවුන් වියේ කාන්තාවක් සමාජයෙන් වෙන්ව හුදකලාව වාසය කරන කොට ඇයට ආරක්ෂාව පිළිබදව පවා ගැටලු මතු වෙනවා.සුභා තෙරණියට සල්ලාලයකුගෙන් කරදර වුනා.උත්පලවන්නාව සල්ලාලයෙක් දූෂණය කරනවා.එක් පසෙකින් මෙවනි ගැටලු.අනෙත් පැත්තෙන් බලනකොට භික්ෂු භික්ෂූනි දෙපිරිසම එකට එකම සංස්ථාවක ඉන්නකොට සමිබන්ධතා ඇති වෙලා ප්‍රශ්න ඇති වෙනවා.මජ්ජිම නිකායේ තියනවා මොලිය පග්ගුන හාමුදුරැවෝ ඉදලා තියෙන්නේම භික්ෂුනින් එක්ක කියලා.ඔය වගේ නොයෙකුත් ප්‍රශ්න එක්කම දෙපැත්තටම අනර්ථයක් වෙන නිසා බුදුන් වහන්සේ මෙ ප්‍රශ්නෙදි සෑම දෙයක්ම හිතලා බලල තියනවා.ඒ වගේම එ වන විට පැවැති සමාජ බලපෑමි පවා මෙ සදහා හේතු වෙනවා.සමාජ බලපෑමි නිසාම පනවන ලද ශික්ෂා පද විනයේ තිබෙනවා.ඒවැනි අවස්ථා වලදි බුදුන් වහන්සේ නම්‍යශීලිව කටයුතු කර තිබෙනවා.ඇත්තෙන්ම කෙටියෙන් ලියන්න බැරි දීර්ඝ කරැනු මෙ සමිබන්ධව තිබෙනවා.කොහොම උනත් අෂ්ඨ ගරැ ධර්ම පිළිබදව මතවාද තිබෙනවා.ඉන් ප්‍රධාන මතවාදය තමයි ගරැධර්ම බුදුන් වහන්සේගේ දේශනයක් නොව පසුකාලීනව මහතෙරවරැ නොයෙක් කරැනු නිසා එවැනි විනය පැනවීමි කීපයක් විනයට එකතු කලාය කියන එක.හොදින් අධ්‍යයනය කලොත් පෙනේවි ධර්මසංගයනා එකකදි වත් භික්ෂුනින්ට අවස්ථාව දීලා නැ.මහ තෙරවරැ විතරයි සියලු තීන්දු තීරණ අරගෙන තිබෙන්නේ.ආධිපත්‍ය පතරැවා ගන්න උත්සහ දැරැ බවක් පෙනෙන් තියනවා.ඒ වගේම අෂ්ට ගරැධර්මවල දකින්න ලැබෙන්නේ පසුකාලීන ස්වභාවයක්.භික්ෂුනි ශාසනයේ ආරමිභයත් විනය පැනවී ඇති ආකරයත් පිලිවෙලින් විමසලා බලනකොට එහෙම ගැටලු කීපයක් මතු වෙනවා.විනය පැනවීම සිදු කරන්නේ බුද්ධත්වයෙන් වසර 20 කට පමන පසුව සුදින්න හිමි මුල් කරගෙන.භික්ෂුනි සසුන ආරමිභ වන්නේ බදුන් වහන්සේගේ හය හත වස් කාල ඇතුලත.එයිනුත් වසර ගනනාවක පසු තමයි විනය ශීක්ෂා පද පැනවෙන්නේ.ගරැධර්ම වල ඇතුලත්ව ඇති කරැනු සමිබන්ධව පරස්පර බවක් පෙනෙන්න තිබෙනවා ඉතා පැහැදිලිවම.කාල වෙලාව අනුව මෙ ගැනත් ලිපියක් පල කරන්නමි.ආචාර්ය පාතේගම ඥණාරාම හාමුදුරැවෝ පරිනිර්වාණයට පසු සියවස් තුනක් කියලා පොතකුත් ලියලා තිබෙනවා මෙ කරැනුත් ඇතුල් කරලා.

      Delete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

Google+ Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි