මේ ගෙවි යන්නේ කාර්ය බහුල දින කිහිපයකි.එම නිසාම මෙම අඩවියේ අලුත් ලිපියක් පලකිරීමටද ප්‍රමාද විය.එමෙන්ම වෙනත් බ්ලොග්වල පලවූ ලිපි බැලීමටද නොහැකි විය.අලුත් ලිපියක් පල නොවන විට බිලොගය පාලුවට යන නිසාම ලද විවේකය අනුව ලිපියක් පලකිරීමට සිතුවෙමි.මෙවර පලවන ලිපිය සිංහල භාෂා සම්ප්‍රදාය පිළිබදවය.සිංහල වාග් කෝෂයෙහි ප්‍රාදේශීය උපභාෂා සහ සමාජීය උපභාෂා ඇත.උඩරට හා පහතර ප්‍රදේශවල සැලකීමේදි මෙම ප්‍රදේශවල ජනයා එකම දෑ හැදින්වීම සහ ප්‍රකාශ කිරිම සඳහා යොදාගන්නා බස්වහරෙහි විවිධත්වයක් දැකිය හැක.එපමනක් නොව සමහර අවස්ථාවල එකම පලාතක වුවද ගම්මානයෙන් ගම්මානයටද භාෂාවෙහි විවිධත්වයක් දැකිය හැක.කෙසේ වුවද එහි ඇත්තේ සුන්දරත්වයකි.එමෙන්ම ප්‍රදේශිය අනන්‍යතාවයක්ද ඒතුලින් ගොඩනැගි ඇත.පැරන්නන් අතරෙහි භාවිත වූ මෙම බස්වහර වත්මනෙහි ක්‍රමයෙන් භාවිතයෙන් බැහැරව යන බවක්ද දැකිය හැක.සමහර වදන් භාවිතා නොවන තරම්ය.
දකුණු පළාත් භාෂා ව්‍යවහාර (කිහිපයක් පමනක් දක්වා ඇත)
අකබක්ක වෙනවා - විනාශ වෙනවා
අංබරුවා - ගොනා
අජලයා - කෑදරයා
අක්කු වික්කු - අන්ද මන්ද වීම
අටම් පහුර - තේරුම්ගතනොහැකි/ඉබේ කඩා වැටිය හැකි යමක් ( අපේ අටම්පහුරේ අටමාද බ්ලොග් වලට කඩා වැදෙන්නේ හිටි හැටියේය)
අඩී - භාර්යාව
අත්බරුව - උදැල්ල
අන්දෝ උනා - මළා
අපෝවුණා - බැරිවුනා,අමතක වුනා
අඹනවා- පලවා හරිනවා
ඇහැකි- පුළුවන්
උංගා - කුඩා දරුවා
උංගි - කුඩා දැරිය
ඉළව්ගෙදර - මළගෙදර
උච්චිකරනවා - පමාවෙනවා
ඔක්කේ - ඔඩොක්කුව
ඔජර- කම්මැලි
ඔලොක්කම - විහිළුව
ඔහේ - ඔබ
කම්බස් වෙලා යනවා - විනාශවෙලා යනවා
කීම්බස් - කේළම්
කෝනම - ඇඳුම
කොළ විඩ - බුලත්විට
ගැටයා - තරුණයා
ගැටිස්සි - තරුණිය
කෝලිත්තං - විහිළු
ගෙට යනවා,මුල්ලට වෙනවා - මල්වර වීම
නරිප්පඩ- නරක
පත බෑවෙනවා - වැටෙනවා
පාච්චල් කරනවා - පහත්කර කතා කරනවා
බරුවා - ස්වාමිපුරුෂයා
බැදැනියැන්දෑ- නෑනා
බැරැස්සි - හැඩිදැඩි තරුණිය
බ්ජ්ජ - පුරුෂලිංගය
බොණ්ඩි - වේසි
බොණ්ඩිගේ පුතා- වේසිගේ පුතා
මක්කෙයි - මොනවද
මදාවියා - අඩු ආයුෂ ඇති ( අපේ රසසරණියේ මදාවියා වැඩිකල් ජීවත් වේවා...)
මරාලේ - කරදරේ
මොරේ - කෑ ගසනවා
මොරෝ නොගහ - කෑ නොගසා
විච්චූර්ණ - විලාසිතා
හොට බරියා - වල් ඌරා
නුවර උඩරට ප්‍රදේශයේ භාෂා ව්‍යවහාර ( කිහිපයක් පමනකි)
අරෝව - විපත
අම්මා දෙයියෝ - පත්තිනි දේවිය
අල්ල පනල්ලේ - අවස්ථාවේ
ඉලව්ව - මරණය
ඊගාව - ඉන්පසුව
දොහේ-දවසේ
උදැහැනැක්ක - උදැසන
කොරලා - අවසන් කල
කම්බස් - විනාශ
සුනංගු - ප්‍රමාද
ලමයා ලොකු වෙලා,නෑඹ් වීම- මල්වරවීම
කූරපයිය - පසුම්බිය
කොටා බානව - කනවා
ගොබිලා,ගැටයා,නාම්බා - තරුණයා
ගැටිස්සි - තරුණිය
ගොඩාරියක් - වැඩි ප්‍රමානයක්
මාළුපිනි - ව්‍යංජන
රූටනවා - ලිස්සා යනවා
වකාරේට - ඕනැතරමට
වහන්වෙලා - සැඟවී
වාහේ - සැමියා
සප්පායං වෙනවා - ආහාර පාන අනුභව කරනවා
සහේට ගන්නවා - විවාහ වෙනවා
හැබැය ? - ඇත්තද ?
සුට්ට,ඩිංග- කුඩා
හයියත්තිය - ශක්තිය
කෙලියා - වැරදුනා
ආයිබෝන් - ආයුබොවන්
මෙම ප්‍රාදේශීය ව්‍යවහාරයන් අධ්‍යයනය කිරීමේදි දැකිය හැකි ලක්ෂණ කිහිපයකි.
එනම්, එක් පදයක්, එක වචනයක්, එක්
සිදුවීමක් දක්වන්නට එක් එක් පළාත්වල වවිධ ව්‍යවහාර යෙදෙන බව.
එමෙන්ම එකම වචනය හා වාක්‍යය උච්චාරණය කරන ආකාරයද ප්‍රදේශ අනුව වෙනස්වන වන අවස්ථා ඇත.එවැනි වදන් කිහිපයක් මෙසේය.
කියන්න (සාමාන්‍ය ව්‍යහාරය)
කියන්ට (නුවර උඩරට,නුවරඑළිය)
කියාලා (වලපනේ සමහර ප්‍රදේශ)
කියන්ඩ ( උතුරුමැද සමහර ප්‍රදේශවල)
කියොනවැයි
කීවැයි
බොනවා (සාමාන්‍ය ව්‍යවහාරය)
බුන්නා
බිව්වා
බීවා
බොන්ට
බොන්ඩ
මෙවනි වදන් බොහෝමයක් ඇතත් මෙහි දක්වා ඇත්තේ සුලු ප්‍රමානයකි.බසෙහි විවිධත්වය පිළිබද සිළුමිණ පුවත්පතෙහි පලවතිබු ලිපියක්ද නෙත ගැටින.එය මෙතනින් කියවන්න
ඉහතින් දක්වන ලද්දේ ප්‍රදේශිය ව්‍යවහාරයන් පීළිබදවය.අනතුරුව දක්වනට බලාපොරොත්තු වන්නේ මඳක් වෙනස් කරුනක් පිළිබදවය.එනම් සිංහලයෙහි හා බුදුසමයෙහි වදන් වලට විවිධ පුද්ගලයන් විසින් දෙන ලද නොයෙක් අර්ථවිවිරණ ගැනය.එම සමහර අර්ථ විවරණ ගෙන දෙන්නේ විනෝදය පමනකි.තවත් සමහර අර්ථ විවරණ සිනහව උපදවයි.තමන් මගඵල ලාභීයකු යයි පවසා ගත් පුද්ගලයකු දිගු කාලයක් සමීපයෙන් ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබුනි.ඔහු මෙන්ම තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් බුදුසමයෙහි සමහර වදන් වලට ලබා දෙන්නේ මෙවනි අර්ථ විවරණයන්ය.
බුද්ධචරිතය හා සම්බන්ධ පුද්ගලයන් හා ස්ථාන වලට ලබාදෙන අර්ථ විවරණ.
මෙම අර්ථ විවරණ ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් සංකල්ප මිස පිටකයේ සඳහන් වන්නක් නොවන අතර මේ කිසිවකින් මෙම ස්ථාන හෝ නම්වල සැබැ අර්ථය ගම්‍ය නොවන බවද සැලකිය යුතුය.මෙය පලකරනුයේ ඔබගේ දැනගැනීම සදහා පමනකි.
පස්මහා බැලුම් - රූප,වේදනා,සංඥා,සංස්ඛාර,විඤ්ඤාණ යන පංචඋපාදානස්කන්ධය නුවනින් දැක අවබෝධකරගැනීමය.
මගධය - මගධෙසු යනු තම මගධයෙහි සැරිසැරීමයි.මෙහි මගධය යනු සසරය,සසරෙහි සැරිසැරීම මගධෙසු යනුවෙන් දක්වා ඇත.
උරුවේලාව - උරු යනු විශාල යන්නය,වේලා යනු වෙරලයි,අති විශාල වෙරල යන්න මෙහි අර්ථයයි,එනම් සසර සාගරෙහි වෙරලෙහි සැරිසැරීමයි.
සේනානිගම - සෙන්පතියාගේ ගමයි.මෙහි සෙන්පතියා යනු කවරෙක්ද.එනම් තමාය.මම යන අන ඇතිව ක්‍රියා කිරිම සේනානිගමෙහි සැරිසැරීම නම් වේ.
ගිජ්ජකූට පර්වතය - ගිජ්ජ යනු ගිජුකමය.ගිජුකම කුලුගන්වන පර්වතය යන්න මෙහි අදහසයි.එනම් තම ශරිරයයි.තම ශරිරයට ගිජුව අසුභය නොවඩන්නා ගිජ්ජකුට පර්වතයේ සිටින්නකු ලෙස දක්වා ඇත.ගිජ්ජකූට පර්වතයෙන් බැසීම යනු කායානුපස්සනාව වඩා සිරුරට ඇති ඇල්ම දුරු කරගැනිමය.
සෝතාපන්න - සෝතයනු කනය.ආපන්න යනු පැමිනි යන තේරුමයි. දහමට කන යොමු කල තැනැත්තා සෝතාපන්න නම් වේ. (නමුත් සෝත යනු ආර්ය මාර්ගය බවත් සෝතාපන්න යන්නෙහි ආර්ය මාර්ගයට ස්ථිර වශයෙන්ම පැමිනි යන අදහස ඇතිබවත් බවත් බුදුන් වහන්සේ සැරියුත් හිමියන්ට දේශනා කර ඇත)
ධම්සක් පැවතුම් සූත්‍රය වරදවා පරිවර්ථනය කිරිමෙන් එහි සැබැ අර්ථය සැගව ගොස් ඇතැයි මා හට පැවසුවේද ඉහත තමන් මාර්ගඵළලාභියකු යයි හදුන්වා ගත් තැනැත්තාමය.ඔහු එම සූත්‍රයේ සමහර වදන් වලට ලබා දෙන්නේ මවනි අර්ථකථනයන්ය.
පඤ්ච වග්ගියා භික්ඛු - භික්ඛු යනු ඉල්ලන්නාය.පඤ්ච වග්ගිය යනු පස් ආකාරයකින්ඉල්ලන්නාය.එනම් ඇසෙන්,කනෙන්,නාසයෙන්,දිවෙන්,ශරිරයෙන් ඉල්ලන යන අදහසයි.මෙය පස්වග මහනුන් ලෙස පරිවර්ථය වී ඇත්තේ වැරදිමකිනි.පඤ්ච වග්ගියා භික්ඛු යනු ඉන්ද්‍රියන් පහය.ඉන්ද්‍රිය පහ සංවර කරගනිමින් දහම් අසන්නට උපදෙස් දුන් බව මෙයින් අදහස් වේ.
කොණ්ඩඤ්ඤ - අඤ්ඤ යනු අන්‍ය ලෙසින් යන්නය,නිතර අන්‍ය ලෙසට පත්වන රූපය හැදින්වීමට කොණ්ඩඤ්ඤ යන්න යෙදි ඇත.
වප්ප - වප්ප යනු වැපීරීමය.කෙෙලස් වැපීරීම වප්පයි.
භද්දිය - භද්දිය යනු බැඳීමය.උපාදාන හැදින්වීමට භද්දිය යන්න යෙදි ඇත.
මහානාම - නාමකය අවබෝධකර නොගන්නා ඒය මහත්වෙයන් ෙගන මෝහයට පත් යන්න හැදින්වීමට මාහානාම යන්න යෙදි ඇත.
අස්සජි - අස්ස යනු දීර්ඝ යන්නය,දීර්ඝ සසරේ සැරිසරන්නා යන්න සදහා අස්සජි යනුවෙන් යෙදි ඇත.
හීනෝ ගම්මෝ - හීන යනු අප දකින හීනයන්ය.ගම්මෝ යනු ගමනය.එනම් හීනෝ ගම්මෝ යනු අවිද්‍යාසහගත හීනවල පැටලෙමින් සසරේ ගමන් කිරිමය.
පෝථුජ්ජනිකෝ - ජන යනු ජනනය හෙවත් ඉපදීමයි.එනම් නැවත නැවතත් ඉපදීමය.
( හීනෝ,ගම්මෝ,පෝථුජ්ජනිකෝ යන්නට ධම්සක්පැවතුමි සූත්‍රයේ දී ඇති අර්ථය වනුයේ පෘතග්ජනයන්ගේ පහත්වූ ග්‍රාම්‍ය වූ ක්‍රියාව යන අර්ථයයි)
බිමිබ්සාර - ප්‍රතිබිම්බ මායාව සාර යයි ගත් සියලු තැනැත්තන් හැදින්වීම සඳහා යෙදි ඇති වචනයකි.ඒ අනුව බෝසතුනට බිම්බිසාර රජු මුනගැසීම යනු සැබැවින්ම රජු මුනගැසීම නොව මුලාව හදුනාගැනිමය.බෝසතුන් මුලාවට පත්වන සියල්ල හදුනාගත් නිසා බිම්බිසාර මුන ගැසුනා යයි දක්වා ඇත.