රැකියාව කරන්න එපා වෙනවද ?..එහෙනම් මේ ලිපිය කියවලාම බලන්න

රැකියා ආතතිය




පියල් වයස අවුරුදු 32 ක විවාහක එක්දරු පියෙකි. විද්‍යා උපාධිධාරියකු වන ඔහු පුද්ගලික සමාගමක විධායක නිලයක් දරයි.‍ෙතද හිසරදය, නින්ද නොයෑම, සිතට බියක් ඇතිවීම, ඇඟපත කැක්කුම, ජීවිතය ගැන කළකිරීම, රැකියාව එපාවීම, හිත එක තැනක තබා ගැනීමට නොහැකිවීම, කේන්තියාම, රැකියාවේ වැඩ කිරීමට නොහැකියාව, නුරුස්නාගතිය, රැකියාව ගැන අවිශ්වාසය, වැඩ ගොඩ ගැසීම ආදී ප්‍රධානතම ප්‍රශ්න පියල්ට තිබුණි. මෙයට අමතරව සමහර දිනවල දී රාත්‍රී 10 පමණ වනතුරු සේවය කිරීමට සිදුවීම, නිවාඩු ගැනීමට නොහැකිවීම, ගෙදර සිටියත් රැකියාවේ ගැටලු දුරකථන පණිවිඩ මගින් විසඳීමට සිදුවීමත් පියල්ට තිබුණ ප්‍රධානතම හිතට වදදෙන ගැටලු විය.

මා මෙහි සඳහන් කළේ පියල්ට තිබුණු ප්‍රධානතම ගැටලු සමූහයයි. තවත් ගැටලු රාශියක් විය. තරුණයකු වූවද පියකු වූවද පියල්ට තම ජීවිතය සැහැල්ලුවෙන් ගත කළ නොහැකි විය. හොඳ පඩියක් ලැබුණත් එයින් සතුටට පත්වීමට ඔහුට නොහැකිවිය. හොඳ බිරිඳක් ඔහුට සිටියත් ගෙදර සිටින්නේ තදබල අපහසුතාවයකිනි.මෙවන් දිවියක් පියල් කෙදිනකවත් බලාපොරොත්තු නොවීය. ප්‍රතිකාරවලින් සහනයක් නොලද ඔහු ඉතාම අසරණ තත්ත්වයක සිටියේය.

පියල්ට සිදුව තිබුණේ කුමක්ද? මෙය අද සමාජයේ සිටින විශේෂයෙන්ම විවිධාකාර රැකියාවල යෙදෙන අයට ඇති රෝගී තත්ත්වයකි. මෙය විශේෂිත චර්යාවක් සමගින් මතුවන්නකි. සෞඛ්‍ය මනෝවිද්‍යාව (Health Psychology) එම චර්යාව. Type A Coronary – prone behaviour හෙවත් Type A Behaviour නමින් හඳුන්වනු ලබයි. Dunbar (1978) දී මුලින්ම හඳුනාගත් මෙම චර්යාව, Mcmichel (1978) දී මානසික ආතතිය සමඟින් එක්තරා විශේෂිත කණ්ඩායමකට මතුවන හෘද රෝග ලක්ෂණවලට සබඳතාව දක්වන්නක් බව පෙන්වා දී ඇත.

මෙම චර්යාව හා මනෝවිද්‍යාව සබඳතා දක්වන්නේ කෙසේද? ‘මානසික ක්‍රියාකාරිත්ව හා චර්යාව පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම’ වශයෙන් මනෝවිද්‍යාව හඳුන්වයි. මේ හෙයින් කුමන හෝ චර්යාවක් විස්තර කිරීම, අධ්‍යයනය කිරීම වැනි දෑ මනෝවිද්‍යාවට සම්බන්ධ විෂය ක්ෂේත්‍රයකි. මනෝ විද්‍යාව හා චර්යාව අතර සබඳතාවය John B Wodson නමැති අමෙරිකානු මනෝවිද්‍යාඥයා විසින් ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. මෙයට උත්තේජන – ප්‍රතිචාර සබඳතාවය ද විස්තර කර ඇත.

ඉගෙනීම චර්යාවේ ස්ථිර වෙනස්වීමක් ලෙසට අර්ථකථනය කර ඇත. Ivan Pavlov හා B. B. Skinner නැමති මනෝවිද්‍යාඥයින්ගේ පර්යේෂණවලට අනුකූලව චර්යාවන් අලුතින් ඉගෙනගත හැක. චර්යාවන් හඳුනාගත හැකිය. එසේම චර්යාවන් නැතිවී ගිලිහී යනු ඇත. චර්යාවන් පාලනය කිරීමටද හැකිය. ඉහත මනෝවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති සිද්ධාන්තවලට අනුකූලව Behavioural Theapy නැමති මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය ගොඩනැගී ඇත.

චර්යාව අධ්‍යයනය කිරීමෙන්, චර්යාව නිරීක්ෂණය කිරීමෙන් පුද්ගලයකුගේ මානසික තත්ත්වයේ යම් යම් ඇගයීම් (Assesment) කිරීමට හැකිය. මෙය ප්‍රතිකාරවලදී වැදගත් වන්නකි. එම ඇගයීම තුලින් පුද්ගලයකුගේ පෞරුෂත්වය, ආතතිය, විශාදය, කාංසාව, වැනි මානසික ක්‍රියාකාරිත්ව පිළිබඳව කරුණු අවබෝධ කර ගැනීමට හැකිය.

මේ හෙයින් චර්යාව මනෝවිද්‍යාවට හා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සංවිධානයට ඉතාම වැදගත් කරුණු ලබාදෙයි. චර්යාව එක් එක් අයගේ විවිධ වනු ඇත. පුද්ගලයින්ගේ වයස, ස්ත්‍රි පුරුෂ භාවය, රැකියාව, වගකීම, අධ්‍යාපනය, සමාජ තත්ත්වය, සිතුවිලි මතිමතාන්තර අනුව වෙනස්වනු ඇත. මෙම චර්යාව පෙන්වනු ලබන අය ඉතාම තරගකාරී පරිසරවල යම් යම් ඉලක්ක කරා, ඉතාම වෙහෙස මහන්සි වී වැඩ කරයි. එසේම ඔවුන් ඉක්මනින් කලබලවන, ඉතා හයියෙන් කතා කරන, සංසුන් මනසක් රහිතයි. එසේම ඔවුන් ඉක්මනින් කේන්ති යන, නොසන්සුන්, ඉක්මන්වන, ප්‍රශ්නවලින් ගැලවීමට නොහැකි, සුළු දෙයකින් පවා සැලෙන පුද්ගලයින් වනු ඇත. ගෙදර සිටියත් රැකියාව ගැන හිතයි. සැකයක් ඇත. උසස්වීම් පිළිබඳව සැක ඇත. කරන ලද වැඩ හරියට කළාද යන්න හිතයි.
 

මෙවන් පුද්ගලයින් තමන්ගේ සේවා පරිසරයේදී

1. විශාල වැඩ කොටසක් කරන අතර; ඉතා වැඩි කාලයක් ඒ සඳහා ගත කරයි.

2. ගෙදර යනවිටදී රස්සාවේ වැඩ ගෙන යයි. සැහැල්ලුවක් නැත.

3. නිවාඩු නොගනී.

4. අන් අය සමඟ තරගකාරීව වැඩ කරයි. තමන්ට යාමට නොහැකි තත්ත්වයන් ගැන හිතයි.

5. රාජකාරි ගැන ඉතා ඉක්මනින්ම කළකිරේ.

6. තමාගේ පහල නිලධාරින් සමඟ නිතරම රණ්ඩු කරයි.

7. ඉහළ නිලධාරින් ගැන වැරදි අවබෝධ දරයි.
 

මෙම තත්ත්වය අද සමාජයේ සිටින මෙවන් රාජකාරි කරන පුද්ගලයින් සතුව ඇත. පියල්ට ද මෙම තත්ත්වය ඉතාම නොඅඩුව තිබුණි. මෙම චර්යා රටාව තරුණ වයසේ දී යම් ප්‍රමාණයකට ඔරොත්තු දුන්නද ක්‍රම ක්‍රමයෙන් වයසට යනවිටදී එය විවිධාකාර ශාරීරික රෝග ඇතිකරලීමට හේතුවක් වනු ඇත.

පියල්ට ද මෙම තත්ත්වය නිසා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර (Psychological Treatment) මාලාවක් ආරම්භ කරනු ලැබීය. රෝගී තත්ත්වය පිළිබඳව ඉතා සරල අවබෝධයක් සමඟම ඔහුට මානසික සංතුලනය උදෙසා ප්‍රතිකාර ආරම්භ විය. එය පියවර දෙකකින් සිදුකරන අතරේදී පියල්ට තම රැකියා ආතතිය කළමනාකරණය කිරීමට අවශ්‍ය යොමු කිරීම් ආරම්භ විය.

ගැටලු කළමනාකරණය, සිතුවිලි කළමනාකරණය අශුභවාදී සිතුවිලි කළමනාකරණය පියවරින් පියවර ආරම්භ විය. එසේම තමන්ගේ වෘත්තිමය ක්‍රියා සංවිධානය හා තම සේවකයන් කළමනාකරණය කිරීමේ ක්‍රමයත් පියල් ආරම්භ කළේය. තමන්ගේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානයද විවිධාකාර අන්දමින් වර්ධනය කර ගැනීමට අවශ්‍ය මානසික උද්දීපනය පියල්ට ලබා දුනිමි. එසේම වෙනස්කම් ඇතිවීමත් සමඟම පියල්ගේ ජීවන රටාව වෙනස්කර ගැනීමට අවශ්‍ය පියවර ඔහු ගනු ලැබීය. මෙම ප්‍රතිකාර මාලාව ඉතාම ක්‍රමිකව හා සංවිධානාත්මකව කරගෙන යන විටදී ආකල්ප වෙනස් කිරීම ක්‍රම ක්‍රමයෙන් සිදුවිය.

පියල්ට ඉතා ඉක්මන් සුවය අවශ්‍ය වූවද එය ක්‍රම ක්‍රමයෙන් පියවරින් පියවරට ලබාදීමට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර මාලාව ඔහුට ලබා දුනිමි. එහිදී ඔහු විසින්ම තම ප්‍රගතිය මැන ගැනීම හා ආත්ම විශ්වාසය ඇතිකර ගැනීම කරගනු ලැබීය. මේ සඳහා මාස 2 1/2 ක කාලයක් ගත වූ අතර එය ඔහුගේ උනන්දුව අවශ්‍යතාව හා පවුලේ අයගේ සහයෝගය ඉතාම වැදගත් විය.දැන් පියල් ස්වාධීනව කටයුතු කරන, තම රැකියාව හොඳින් සතුටින් කරන කායික හා මානසික සෞඛ්‍ය මෙන්ම සමාජයීය තත්ත්වයද හොඳින් ඇති පුද්ගලයෙකි.

මෙවන් Type A Behaviour ඇති අය නියම අන්දමින් ප්‍රතිකාර ලබා ගැනීම තුලින් තම රැකියාවන් හොඳින්
කරන අයවනු ලබන අතර කායික හා මානසික සෞඛ්‍යය හොඳින් ඇති කාර්යක්ෂම පුද්ගලයින් වනු ඇත.

 (ව්‍යවහාරික මනෝවිද්‍යාඥ නිමල් ලියනගේ මහතාගේ ලිපියක් ඇසුරිනි.වැදගත් කරුණු රැසක් මෙහි අන්තර්ගතව ඇති බැවින් මෙම ලිපිය සංස්කරණයකින් තොරව මෙහි පලකර ඇත.)

 

89 comments:

  1. මමත් අත්විඳ ඇති දෙයක්. අවාසනාවකට මම ප්‍රතිකාර ගන්න යොමුවෙනකොට නැවත යථා තත්ත්වයට පත්කල නොහැකි ශාරීරික ආබාධ කිහිපයක්ම හැදිලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඉයන්
      සමහර රැකියාත් ආතතියට හේතු වෙනවා.මටත් මුල්ම රැකියාවේදි ආතතිය තිබුනා.

      Delete
  2. මං කියවලම කමෙන්ට් එකක් දාන්නං. මනෝවිද්‍යාත්මක ලිපි ආයෙම ලියන එක හොඳයි මනෝ...

    ReplyDelete
    Replies
    1. මම ගොඩක් දුරට මගේ බිලොග් එකේ අනන්‍යතාවය තියාගන්න හිතුවෙත් මනෝවිද්‍යා ලිපි ලිවීමෙන්.ඇත්තෙන්ම කීවිවොත් වැඩිපුරම කියවලා තියෙන්නෙත් ඒ ලිපි.

      Delete
  3. මම නම් ඔෆිස් එක ගෙදර ගේන්නෙ නෑ. ගෙදර ඔෆිස් එකට ගෙන යන්නෙත් නෑ. බස් එකේදි ට්‍රේන් එකේදි වෙනම පරිසරයක්. මනස සැහැල්ලුව තබා ගැනීමට මම පුරුදුවෙලා තිබෙන නිසා මට වැඩ කොයි තරම් වැඩි වුනත් එය මනසට බරක් වෙන්නෙ නැහැ.
    වැඩ ගැන අනවශ්‍ය ලෙස සිතන්නෙ නෑ.කළ හැකි ප්‍රමානයට වැඩ කරනවා එච්චරයි. සමහර විට රජයේ නිසා වැඩ වල පීඩනය සාපේක්ෂව අඩු ඇති.නමුත් වික් ලෝඩ් එක පීඩනයක් කරනොගෙන වැඩ කරන්න මම දන්නවා. කොයි තරම් වැඩ තිබුනත් මම දැන් කරන වැඩේ ගැන විතරයි සිතන්නෙ. අනික් ඒව මට නෙමේ වාගෙ ඉන්නෙ. පොත් කියවල තමා මේ වගෙ ටෙක්නික් සොයාගෙන තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි වැදලත් වෙන්නෙත් මධ්‍යස්ථ.රැකියාව බරක් කරනොගෙන කටයුතු කිරීම.බුදුසමයෙත් කියවෙන එක් කරුනක් තමයි සැහැල්ලුවෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න කියන එක.

      Delete
  4. අපිනං ගෙදර යනකොට බ්ලොග් එකක්වත් අරං යන්නෙ නෑ. හැක්...

    මොනව උනත් මේ ගැන දැනගෙන ඉන්න එක වටිනව.

    ReplyDelete
    Replies
    1. මට ආතතිය හැදෙන්නේ පෝස්ට් වලට රිප්ලයි කරන්න ලියාම.ඇයි ඉතින් එකකට එකක් වෙනස් වෙනස් රිප්ලයි දාන්නත් එපාය.

      Delete
  5. මේ ලක්ෂණ ඔක්කොම වගේ තියෙන පුද්ගලයෙක් ඒක්ක පහුගිය ටිකේ ම වැඩ කරන්න වුණා... ඒක අපිටත් හරිම පීඩනයක්.... දැන්නං නිදහස් වෙලා ඉන්නේ.... ඒ වගේ අය නිසා ඉහළට වගේ ම විශේෂයෙන් ම පහළට ලොකු පීඩනයක් තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කෙනෙක් එක්ක කටයුතු කරන්න ගියාම ලොකු අපහසුවක් ඇති වෙන්නේ.සමහර විට ඒ නිසාම අනිත් අයත් ආතතියට ලක් වෙනවා.

      Delete
  6. api nam office eke hitiayath gedara wage thami gedara inna eka thama athathiya hadean wade ;)

    ReplyDelete
    Replies
    1. නිවසට වෙලා කිසිම දෙයක් නොකර ඉන්නකොට ඒකම ආතතියට හේතුවෙන්න පුලුවන්.

      Delete
    2. මම හිතන්නේ මේ කියන්නේ ගෙදර ඉන්නකොට ඔෆිස් එකේ කරනවට වඩා වැඩ කරන්න වෙනවා කියන එක බවයි මට හැඟෙන්නේ...

      Delete
    3. ලොකු

      හරියට හරි බං.රන්සකු ඒක තමයි මේ කියන්නේ.

      Delete
  7. "මට නම් කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන"

    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
    එතන තමයි මා හට ඇති විනෝද උයන
    ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
    කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන

    මම වැඩට යන්නෙ දවල් දහය පහු වෙලා
    මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
    අපෙ ලොකු මහත්මය එන වෙලාව බල බලා
    මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා

    මම වැඩ කරනව කියාල කන්තෝරුවෙ
    මගෙ මේසෙ ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ
    තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
    කටු ගැන ගැන ඉන්නව ඔරලෝසුවෙ

    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...

    පාටියකට යන්නට මට හිතුනොතින්
    කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
    මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
    මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්

    පැනල ආ නමුත් මගෙ වැඩ හරියට
    මගෙ යාළුවො ටික කරල තියයි නූලට
    දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට
    බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට

    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...

    පඩි දින හැර අනිත් දවස් බල බලා
    මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
    තේ බී එනකොට මම වැඩපොල බලා
    දහවල් කෑමට යන්නට සිදු වෙලා

    කෑම පැයට ටිකක් නිදාගන්නවා
    ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
    එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
    නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා

    කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...

    ගායනය - ඇන්ටන් ජෝන්ස්

    ReplyDelete
    Replies
    1. මම ඒත් කල්පනා කලා මේ පෝස්ට් එකට සිංදු මොන වගේ කොමන්ටුවක් දාවීද කියලා.ස්තුතියි මචං සිංදුවට

      Delete
    2. අන්න මචං. අපේ ජාතික ගීය දාලා...

      Delete
    3. වැඩි හරියක්ම අපේ සිංහල ජාතියේ ගීය

      Delete
    4. Ammatasiri aththa thama bn. jathika giyama thamaa... niyamai bn.

      Delete
  8. මගේ යහළුවෙක් හිටිය, ඕෆ් වෙලා ගෙදර යද්දී කියනවා, වැඩට යනවා කියල.

    ReplyDelete
    Replies
    1. සමහර දෙනෙකුට ඔෆිස් එකට වඩා වැඩ තියෙන්නේ ගෙදර ගියාම.මහ රෑ වෙනලුත් ඔෆිස් වැඩ.මගේ යාලුවොත් ඉන්නවා එහෙම

      Delete
  9. මට නම් කිසි අාතතියක් නෑ. බ්ෙලාග් එක තියනවනේ

    ReplyDelete
    Replies
    1. අනික කවි නිර්මාණය කරනකොට ආතතීය අඩු වෙනවා.ඒකම හොද ප්‍රතිකාරයක්.

      Delete
  10. මටත් රැකියාවේ ආතතියක් නෑ..මල් වගේ කෙල්ලෝ මැද්දෙනේ ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ මචං ආතතියට ප්‍රතිකාර.ඒකනේ ලේකම්ලට කෙල්ලො ගන්නේ.රෝහල් වල සාත්තුසේවිකාවෝ වැඩිපුර එහෙම ඉන්නෙත්.

      Delete
    2. කාන්තාවෝ නැති මේ ලොව කුමටද විමලා?

      Delete
    3. "සිනා නගන්නි ලැසි ලැසි ගමනින් යන්නි" කියලා සනත්නන්දසිරි කියන්නේ නිකමටද ඉතින්

      Delete
    4. ඉස්කෝලේ යන කාලේ ඉදලා මට දොස්තර ඉංඥිනේරැවෙක් ගනකධිවරෙයෙක් වෙන්න වුවමනාවක් තිබුනේ නෑ..මේ රස්සාව කරන්නෙ හිතේ සතුටින්..

      Delete
  11. කොහෙද මේක දාපු ගමන් හැන්ගුවේ.. :)

    මචං.. Occupational Stress කියන එක අපිටත් වඩා ගොඩක් දියුණු රටවල තියෙනවා.. ඇත්තටම අපේ එවුන් නම් ස්ට්‍රෙස් වෙන්නේ ජොබ් එකත් සම්භන්ද බාහිර සාධක නිසා.. (වෘත්තීන් කිහිපයක් ඇර..) කොහොම උනත් මේක ලොකු ප්‍රශ්නයක්.. මැනේජ්මන්ට් ලෙවල් එකෙන් මේ ගැන අවධානයෙන් ඉන්න ඕනි සහ නිසි පරිදි කළමනාකරණය කර ගන්න ඕනි..
    දිගට කතා කරන්න වටිනා මාතෘකාවක්.. වෙලාව මදි..:/

    ReplyDelete
    Replies
    1. බාගෙට ලියාගෙන යනකොට පබ්ලිස් වුනානේ.ඒකයි හංගුවේ.

      දක්වලා තිබෙන කරුනු ස්තුතියි.කොමන්ට්වල කරුනුත් පොස්ට් එක වගේම වටිනවා කියවන කෙනෙකුට

      Delete
  12. මට ආතතියක් නෑ. සමහර වෙලාවට මේ ඩීන් කියන එකාවයි, සහකාර ලේඛකාදිකාරී කියන එකාවයි මරං කන්න තරහක්නම් එනව.

    ReplyDelete
    Replies
    1. ඉතින් බොල ඒකම මදැයි.

      Delete
    2. පිස්සා දන්නවැයි මනෝ පිස්සට පිස්සු කියලා.... ගනන් ගන්නෙපා කසුනට ආතතියක් නෑ නිකමට ආදරේට මරන් කන්නේ හී හී

      Delete
    3. මට නිකම් කසුනා මුන ගැහෙන්න බයකුත් හිතෙනවා වගේ.

      Delete
  13. මනෝ ගෙන් විශාල සේවයක් සිදුවෙනවා

    ReplyDelete
  14. ඔය ගමන්ම මෙන්ටල් රිලැක්සිං ඇක්සයිස් ටිකකුත් දැම්මනං කොච්චර වටීද? මනෝගෙන් පමණයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඊ ලඟ පෝස්ට් එකෙන් දාන්නම් මචං.මේ පෝස්ට් එක දිග වැඩි වුනොත් කියවන්න එපා වෙයි කියලත් හිතුනා.

      ජයෙන් ජය ...

      Delete
  15. හප්පා... කියෝපු පලවෙනි ලිපියෙම බර.. මටත් ආතතියක් තිබුනෙම නෑ. බ්ලොග් එක තිබුනනේ.

    ReplyDelete
    Replies
    1. මනෝෂ් මේ පැත්තට ආවමයි.සාදරයෙන් පිලිගන්නවා.මම මධූවගේ බිලොග් රොල දිගේ ඒ පැත්තට ගිහින් ආවේ.

      Delete
    2. මං උඹව රෝලෙ එල්ලගත්තා. ආයෙ මඟහැරෙන්නෙ නෑ.

      Delete
    3. මමත් උඹව රෝලට ඇඩිකලා.
      මම යන එන බ්ලොග් ටික බලන්න පහසුවෙන්න වෙනම රෝලකුත් හදාගත්තා.මේ තියෙන්නේ ලින්ක් එක...

      http://myblog-list.blogspot.com/

      Delete
  16. මා ප්‍රතිකාර සඳහා යොමුවියයුතුයි... ප්‍රතිකාර වලින් තොරව ඔය දෙයින් මිදෙන මගක් නැද්ද මනෝ??

    ReplyDelete
    Replies
    1. සජ්ජා
      උපදේශනය මගින් පුලුවන් අවස්ථා තිබෙනවා.මට මේල් එකක් දාපං මම විස්තර මේල් කරන්නම්

      surangab9@gmail.com

      Delete
  17. වැදගත් ලිපියක් මනෝ.. මේකෙන් යම් යම් දේවල් මටත් තියෙනවා.
    මනෝ උදව්වක් ඕනේ..
    warnakulakaya@gmail.com මේකට මේලක් දානවද

    ReplyDelete
    Replies
    1. වර්ණේ මේලක් දැම්මා.

      Delete
  18. අදයි මේ පැත්තේ ආවෙ. වටිනා ලිපියක් . ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. ආවට අදහස් දැක්වුවාට ස්තුතියි මෙතු.සාදරයෙන් පිලිගන්නවා ඔබවත්

      Delete
  19. වැඩ කන්දරාව සිහිවෙනකොට ආසාවක් දැනෙන්නෙ. විනාඩියට තත්ත්පර/පැයකට විනාඩි සීයක් දෙසීයක්, දවසකට පැය/මාසෙකට දවස්/අවුරද්දකට මාස පණහක් හැටක් තියෙනවානං..........
    වැඩ කියන්නේ මටනම් මාව ක්‍රියාශීලීව තියන එකම මාර්ගය. ඒ වුණත්...

    උඹ අහලා තියෙනවාද, සේවකයෙක් එයාගෙ මිතුරෙක් එක්ක ගෙදර ගියාලු. ගෙදරට ‍ගොඩවෙන්න කලින් මිදුලේ ගහක අත්තක අතේ තිබුණු පොඩි බෑග් එකක් එල්ලුවලු. පහුවදා වැඩට යනකොට ආයි ඒ බෑග් එක අතට ගත්තළු. උඹ හිතන්නේ මොනවද ඒ බෑග් එකේ තියෙන්න ඇත්තෙ?

    උඹේ ලිපි කීපයක් මහ හැරුණා. කියවලා එන්නම්.

    ReplyDelete
    Replies
    1. මොනවද බං ඇත්තටම ඒ මල්ලේ තිබුනේ.වැඩ කරන තැන දේවල්ද ?

      Delete
    2. මම කතාවක් අහලා තියනවා බන්ධනාගර ඡේලර් මහත්තයෙක් වැඩකරන තැනට ඇතල්වෙනකොට පිටවෙනකොට කකල් දෙක පාපිස්සෙ තදින් ගසලා යනවලු

      Delete
    3. මල්ලෙ ඇත්තටම පේන්න මොකවත් නෑ.
      තිබුණෙ වැඩපොලේ ප්‍රශ්න, ලොක්කගෙන් අහපු බැණුම්, ක්ලයන්ට්ස්ලගෙන් අහපු බැණුම්, අද ඉවර කරගන්න බැරුව හෙටට කල්දාපු වැඩ!

      Delete
    4. උඹේ කතාවනම් අහගත්තා.ඒත් මෙන්ඩාගේ ජේලර් මහත්තයාගේ කතාව අහගන්න මාස දෙකක්ම ඉන්න වෙයි.

      Delete
  20. මට නම් එහෙම අවුලක් නෑ හොද වෙලාවට. එකම අප්සට් එක ඉතින් හීතල කාලෙට පාරේ යන්න එපා වීම විතරයි.

    ReplyDelete
    Replies
    1. Dinesh

      ඔබ ජීවත් වෙන රටේ තිබෙන ස්වභාවයත් ඒ සදහා හේතුවක් වෙලා ඇති සමහර විට.අනික තමන්ගේ රැකියවා වෘත්තිමය තෘප්තිමත් බාවයක් ඇතිව කරන්න පුලුවන්නම් ආතතියක් ඇතිවෙන්නේත් නෑ.

      Delete
  21. මා හිතනවා වර්තමාන සමාජයේ බරපතල ලෙස මෙවැනි මනෝව්‍යාධීන් පැතිර තිබෙනවා කියා. හමුදා සෙබළුන් තුළ මෙවැනි තත්වයන් මා දැක තිබෙනවා. නමුත් මෙවැනි ව්‍යාධි වලින් පෙලෙන්නන් හඳුනාගැනීම සහ ප්‍රතිකාර/ප්‍රතිකර්ම කිරීම සඳහා රාජ්‍ය/පෞද්ගලික අංශ තුළ යම්කිසි සංවිධානාත්මක වැඩපිළිවෙලක් යෙදීම අත්‍යවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්.තමන්ගේ රැකියාව කුමක් වුවත් ඒ රැකියාව තෘප්තිමත් බවකින් යුතුව කරන්න අවශ්‍ය කෙරෙන මානසික පසුබිමක් ගොඩනඟා ගන්නත් යම් ගැටලු තිබෙන අය ඉන් මුදවා ගන්නත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවනම් කාර්යක්ෂම සේවයකුත් බලාපොරොත්තු වෙන්න පුලුවන්.යුරෝපිය රටවල මෙවනි දේ ගැන අවධානය යොමු කලත්,ක්‍රියාත්මක වුනත් අපේ රටවල් තවම ඒ ගැන ඒ තරම් අවධානය යොමු කරන්නේ නෑ වගේ.

      Delete
  22. මුලු සමාජයක් පුරාම පැතිරුන ව්‍යාධියක් මෙය...අධ්‍යාපන ක්‍රමයේ සිට මුලුමහත් සමාජයටම ප්‍රතිකාර දියයුතුයි යන්නයි මගේ නම් හැඟීම...කීයෙන් කී දෙනාද තමන් ආසා කරන හෝ තමන්ට සහජ හැකියාවක් ඇතැයි සිතන වෘත්තියක නියලෙන්නේ..කීයෙන් කීදෙනාද තමන් කැමති පරිසරයක ජීවත් වෙන්නේ...රැකියාවේ ආතතිය පටන් ගන්නේ කාර්‍යාලයේ දොරකඩින් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. ...//අධ්‍යාපන ක්‍රමයේ සිට මුලුමහත් සමාජයටම ප්‍රතිකාර දියයුතුයි යන්නයි මගේ නම් හැඟීම//...

      +++++++

      දැන් මේක පොදු සමාජ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ...

      Delete
  23. අපොයි!! ඔව්වා හැදෙන්නේ නෑනේ??
    වැඩට ආව ගමන් ෆී වයිෆයි තියෙනවා! ඉතින් ආයේ මොන ආතතිද?

    ReplyDelete
    Replies
    1. මට ආතතිය හැදෙන්නේ නෙට් ගිහින් ඉන්නකොට සිගනල් ඩ්‍රොප් වෙනකොට.මේ දැනුත් එහෙම උනා බං.කොටපු කොමන්ටුවම ඉවරයි...

      Delete
  24. ගොඩක් වැදගත් ලිපියක් මනෝ.වැඩ වැඩි දවස්වලට අපිටත් ටිකක් ඔය ගතිය එනවා. හැබැයි ඕව ගෙන ගෙදර ගිහින්නම් හිතන්න යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. Mahesh

      සමහර දෙනෙකුට කරන රුකියාවම ආතතියට හේතුයක් වෙන වෙලාවලුත් තියනවා.මමනම් මගේ වෘත්තියේ නියලෙන්නේ ආශාවෙන්.ඒ නිසා තියන ආතතියත් අඩු වෙනවා රැකියාවත් එක්ක.

      Delete
  25. ඒක නෙමේ මනෝ බ්ලොග් රෝලක් දාගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. Layout > add a gsdget ගියාම Basics වල පහල තියනවා blog list.ඒක ක්ලික් කරලා කැමති බ්ලොග් ටික ඇඩ් කරගන්න පුලුවන්

      Delete
    2. බොහෝම ස්තුතියි මචන්....

      Delete
  26. සමහර රැකියා වලට අදාලව ඔය ලිස්ට් එකේ මුල් කරුණු තුන තමන්ගේ පාලනයෙන් බාහිර කරුණු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉකෝ.රැකියාව අනුව සමහර රැකියාවල ස්වභාවයම ආතතියට හේතුවෙනවා. ඔබ පෙන්වන කරුනු ඒ ඒ රැකියාවන් අනුව රැකියාවටම සම්බන්ධ වන අවස්ථා තිබෙනවා.

      Delete
  27. මම මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මනෙ ඒක නෑ.

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුවා උඹ මොකද මේ වතාවේ මේ පැත්තට ඇවිත් නැත්තේ කියලා.
      මචං කොමන්ට් ඒක spam වෙලාද කියලා බැලුවා එහෙම වෙලත් නෑ.
      හැබැයි මම ටෙම්ලේට් එකනම් එඩිට්කලා emoticon කොමන්ට් දාන්න පුලුවන් වෙන විදියට.ඒත් කොමන්ට් මැකෙන්න විදියක් නෑ නේද ?

      හිටහං මම මේල් එකේ බලන්නම්...

      Delete
  28. ඊයේ කමෙන්ට් එකක් කෙටුවා, පබිලිස් කරන්නේ නැතුවම කොම්පීතරේ ඕෆ් කරලද කොහෙද....

    කොහොම නමුත් Stress අඩු වැඩි වශයෙන් එක එක වෙලාවට දැනෙනවා, ගොඩක්ම දැනෙන්නේ පොකට් එකේ ගැටළු වලට...
    ඒත් ඉතින් ඉහ ගහගෙන රස්සාව කරගෙන යනවා, වෙන මක්කා කරන්නද...

    ReplyDelete
    Replies
    1. මට මුල් කාලේ ජොබක් නැතිව හිටපු ටිකෙත් Stress තිබුනා.ඉන් පස්සේ ලැබුන ජොබ්එකත් Stress හැදෙන එකක්.මට දැන් වැඩිපුරම ආතතිය දැනෙන්නේ බස් එක ට්‍රැෆික් වල හිරවෙලා මගේ ගමන් පරක්කු වෙනකොට...

      Delete
  29. Mamath alut blog akak heduwa me peththatath avith yanna........

    ReplyDelete
  30. මං නං ආතතිය හැදුනම චුට්ටක් ඔපිස් එක පැත්තට දුවලා එනවා.. හැක්හ ක්..

    හොද ලිපියක්..

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. උඹ අලුත් ක්‍රමයක් හොයාගත්තද ආතතිය අඩු කරගන්න ?

      Delete
  31. මෙම රෝගයේ දරුණු අවස්ථාවකට මමද මුහුණ දුන්නෙමි. මෙම ලක්ෂණ වලට අමතරව දරුණු ලෙස ඇල්කොහොල් වලට ඇබ්බැහි වී සිටියෙමි.ප්‍රසිද්ද මනෝ වයිද්‍ය වරුන්ගෙන් ප්‍රතිකාර ගත්තද පලක් නොවුනි. මෙම ලිපිය ලියු නිමල් ලියනගේ මහතාගෙන් මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා ඉතා ඉක්මන් සුවය ලදිමි. බෙහෙත් මගින් කරන මනෝ වයිද්‍ය ප්‍රතිකාර වලට වඩා මනෝ චිකිත්සක ප්‍රතිකාර පලදායි බව මගේ අත්දැකීමයි. හොඳ ලිපියක්. ඉස්තුතියි . - මනෝ මන්දිර වැසියෙක්.

    ReplyDelete
    Replies
    1. ...//බෙහෙත් මගින් කරන මනෝ වයිද්‍ය ප්‍රතිකාර වලට වඩා මනෝ චිකිත්සක ප්‍රතිකාර පලදායි බව මගේ අත්දැකීමයි//...

      මානසික ගැටලු සම්බන්ධයෙන් ඖෂධ ප්‍රතිකාර වලට වඩා වඩාත් පලදායි වන්නේ මනෝ චිකිත්සාව.යම් යම් අවස්ථාවලද ඖෂධ ප්‍රතිකර ලබාදෙන්නත් වෙනවා.විෂාදය වැනි තත්වයකදි ප්‍රතිකාර ලබාදෙන අවස්ථා තිබෙනවා.

      Delete
  32. ලංකාවේ රැකියාව කරපු කාලේ ඔය අසනීපෙ තදින් තියන උදවිය ඇතිවෙන්න හමුවෙලා තියෙනවා. අවුරුදු පහක් විතර වැඩ කරේ ඔය අසනීපෙ තදින්ම තියන එවුන් එක්ක සහ ඔය සනීපෙ තදින්ම තිබ්බ බොස් කෙනෙක් ළඟ. ඒ කාලකන්නි මිනිස්සු අසරණ සේවකයින්ට දෙන වැඩ බන්දන දැක්කාම පිස්සු හැදෙනවා අප්පා.. මිනිස්සුත් ඉතින් රස්සාව නැතිවෙයි කියන භයට කියන ඕනෑම දෙයක් කරනවා. මම තමයි එතන හිටපු නරකම සේවකයා. අදටත් ඒ කාලකන්නි එවුන් මතක් වෙද්දී හිතෙනවා උන්ට දීපු පරිප්පු මදියි කියල.

    ReplyDelete
    Replies
    1. උඹේ මේ වතාවේ පෝස්ට් එක බැලුවම උඹට රුකියාවත් එක්ක ලැබුන අත්දැකීම් හිතාගන්න පුලුවන්...

      Delete
  33. වැඩ කරන තැන රස්සාව එපා කරවන උන් එකෙක් හරි ඉන්නවා තමයි.එක රස්සාවක් ගැන කලකිරිලා තවත් රස්සාවකට යන්න හදන ගොඩක් අය තේරුම් ගන්න ඕනේ ඒ අලුත් රස්සාව කරන්න යන තැනත් පරන තැන වගේ කට්ටිය ඉන්න පුළුවන් කියන එක.

    රස්සාවට ගිය මුල් කාලේ මටත් ඔය කලකිරීම්,ආතතිය තිබුනා.හැබැයි දැන් එක ගොඩක් දුරකට නැහැ.

    ReplyDelete
    Replies
    1. Manoj

      අපි මුලින්ම රැකියාවකට යනකොට සුන්දර රැකියා ස්ථානයක් සුහද මිතුරෝ පිරිසක් හිතේ මවාගෙන යන්නෙත් මචං.ඒත් ගියාට පස්සේ තමයි දැනෙන්නේ ඒකේ අනිත් පැත්ත තියෙන්නේ කියලා.නමුත් කාලයක් යනකොට අපිත් ඔය රටාවට හුරු වෙනවා.ඉන් පස්සේ නම් සමහර දේවල් ගානක්ම නෑ...

      ඔන්න බලහං බිලොග් අවකාශයේ මනෝලා තුන්දෙනෙක් එකට මුන ගැහිලා මේ පෝස්ට් එකේදි.

      Manoj Fernando
      Manosh Sandaruwan
      මනෝ මන්දිර

      තව මනෝලා කී දෙනෙක් ඉන්නවද මේකේ...

      Delete
    2. හෙහේ මනෝ රැකියාවට යන්න හිතේ කැමැත්ත ඇති කර ගන්න තව ක්‍රමයක් තමයි නිතිපතා උදේට ලස්සන කෙල්ලෙක් හොයා ගෙන ගූඩ් මෝර්නින් කියන එක
      අර කෙල්ලට good morning කියන්න තියෙන උනන්දුව වැඩි තරමට රස්සාවට යන්නත් උනන්දු වෙනවා.

      Delete
    3. ඔන්න බලහං ඉතින් ආතතිය දුරුකරගන්නයි යමක් ආශාවෙන් කරන්න කැමැත්ත ඇති කරගන්නයි යොදාගන්න උපක්‍රම.මම ඉංග්‍රිසි පංතියකටත් ගියා ඔහොම උගන්වන ටීචර් ලස්සන හින්දා...

      Delete
  34. මම නම් තාම රස්සාවක් කරන්නේ නැහැ හැබැයි හරි වැදගත් ලිපියක්.. කැම්පස් වැඩ project වලට හිරවෙද්දීත් ඔක්කොම වැඩ බදාගෙන ලොකු පීඩනයකින් ඉන්නෙ ඔක්කොම ඉවර උනාම හිත නිදහස් ආයෙම සාමාන්‍යයි ඒත් හිතෙනවා රස්සාව කරන කාලේ කොයි වගේ ඉඳීවිද දන්නේ නැහැ කියල.මම හිතන්නේ අද ගොඩක් අයට මේ ප්‍රශ්න තියනව රැකියාව,ගෙදර ප්‍රශ්න හැල්මේ දුවන ජිවිත රටාව එක්ක හැමෝම වගේ ඉන්නේ එක්තරා විදිහට මානසික ආතතියකින් තමයි.

    ReplyDelete
    Replies
    1. හංසි සෑහෙන දවසකට පස්සේ...

      සංකිර්ණ ජීවන රටාවත් මේකට බලපාලා තියෙන්නේ.අනික එන්න එන්නම නොයෙක් ආකාරයේ අනිකුත් අවශ්‍යතා සපුරා ගන්නත් වෙලා තිබෙනවා.ඒ වගේ කරුනු නිසා අද සෑම දෙනෙක්ම වගේ ජීවත් වෙන්නේ ආතතියෙන්.

      Delete
  35. හොඳ ලිපියක්. ඔරිගීනල් එක කොහෙද තියෙන්නේ. ඔයා ලිපියට තමන්ගේ අදහසුත් දැම්මද?

    ReplyDelete
    Replies
    1. අජිත් අයියේ...

      මේ ලිපිය තිබුනේ සති අන්ත පුවත්පතක වගේ කියලයි මට මතක.දැන්නම් ඇත්තටම ඒක මතක නෑ.මේ ලිපි බලනකොටම වැටහුනා ඉතා වැදත් ලිපියක් කියන එක.ඒ නිසාම එදා ඒ ලිපිය මම මගේ සුවමනස කියන බ්ලොග් එකේ පෝස්ට් එකක් විදියට දැම්මා.මුල් ලිපිය තිබුන ඒ පත්තරේ දැන් මගේ ලඟ නෑ.මෙම ලිපිය සුලු වශයෙන් පමනක් සංස්කරණය කලා.නමුත් අවශ්‍ය කොටස් ඉවත් කලේ නෑ.ඒ හැරුනුකොට මගේ අදහස් දාලා නෑ.මම ඒ නිසයි මේ ලිපියේ කතෘ ගැන මෙහි අවසානයට සඳහනක් කලේ.

      Delete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

Google+ Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි