ඇය මරණය සමග සටන්කොට මිය ගියාය.
ඩෙල් රැයිස් යනු කොළෙම්බියාවේ පිහිටි ගිනි කන්දකි. 1985 වසරේදි මෙම ගිනි කන්ද හදිසියේ පුපුරා යාමත් සමග ගිනි කන්ද අවට ගම්මාන 16 පමන මුලුමනින්ම විනාශ වී ගියේය. ඉන් හානියට පත් මිනිස් ජීවිත ගනන 23,000 ක් පමන වේ යැයි දැක්වේ. ඒ අතරින් මුලු මහත් ලෝකයේම අවධානය යොමු වූයේ ඔමාරියා සන්චෙස් (Omaira Sanchez) නම් 13 වියැති දැරිවිය කෙරෙහිය. ගිනි කන්ද පුපුරා යාමත් සමග එයින් ගලා ගිය මඩ තට්ටු හා කඩා වැටුන ගොඩනැඟිලි වල සුන් බුන් අතරේ සිර වූ ඇය දින තුනක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර මහා සටනක යෙදුනාය. සිය ගණනකටත් අධික සහන සේවකයෝ ඇය බේරා ගැනීමට බොහෝ උත්සහා දැරූහ. එහෙත් එම සියලු උත්සහයන් ව්‍යර්ථ විය.

ඔබ මොන රූපවාහිනි නාලිකාවෙන් ද ? මට පොඞ්ඩක් කතා කරන්න දෙන්න පුලූවන්ද?
රූපවාහිනි වාර්ථාකරු ඇයට එම අවස්ථාව ලබාදුන් පසු ඇය ඇයගේ අවසන් වචන ස්වල්පය මෙසේ මුදා හැරියාය.
"මගේ ආදරණිය අම්මේ ඔබට මාව ඇහෙනවද ?
මම දන්නවා අම්මේ ඔබට මාව ඇහෙනවා කියලා.
මම වෙනුවෙන් දෙවියන් යදින්න මගේ අම්මේ මට නැවත කලින් වගේ ඇවිදන් යන්න පුළුවන් වෙන්න කියලා මේ මාව බෙර ගන්න මහන්සි වෙන මිනිසුන්ට ශක්තිය ලැබෙන්න කියලා මගේ ආදර අම්මේ ආදර තාත්තේ මගේ මල්ලි
මම සමු දෙන්නම් ඔයාලට"