සමහර වැඩිහිටියන් කුඩා දරැවන් ලිංගික ගොදුරක් බවට පත්කරගන්නේ ඇයි.
පහත දැක්වෙන්නේ පුවත් පත් කීපයක පලවු ප්රවෘත්ති කීපයකි.
Sun, Jul 19th, 2015
නරුම සීයා දැරිය බලහත්කාරයෙන් අරංගිහින් දූෂණය කරයි
වයස අවුරුදු 11ක දැරියක් දූෂණය කළ බව කියන 63 හැවිරිදි
අයෙකුඅත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි. සැකකරු කල්පිටිය –
ආන්දන්කන්නිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.දැරිය නිවසේ සිට මිත්තණියගේ නිවස දක්වා ගමන් කරමින් සිටියදී
බලහත්කාරයෙක් රැගෙන ගොස් අපරාධය සිදු කර ඇති බව පොලීසියට ලැබී ඇති තොරතුරු
වල සදහන් වේ.
දැරිය කල්පිටය දිසා රෝහලට ඇතුළත් කර ඇත
2015 ජුනි 21දිණමින
හැට හැවිරිදි සීයා මන්ද මානසික මිණිබිරිය දූෂණය කරයි.
divaina.com/2014/04/10
2013 වසරේ ළමා හා කාන්තා
අපරාධ 2160 ක්
2013 වසරේදී අවුරුදු 16 ට අඩු ළමා දූෂණ සංඛ්‍යාව 1722 ක්
ලෙස වාර්තා වන බවද.....
2012 ජූලි 01 වෙනි ඉරිදා www.lankatruth.com
සය හැවිරිදි දැරිය දූෂණය කර මරාදමයි
සය හැවිරිදි දැරියකගේ මළ සිරුරක් කිරුළපන ප්‍රදේශයේ ඇලක තිබී අද (01) අලුයම සොයාගෙන තිබේ.පොලීසිය පැවසුවේ දැරිය එම ප්‍රදේශයේම පදිංචිකාරියක බවට හඳුනාගෙන ඇති බවත් දූෂණය කර ඇලට ඇද දෑමූ බවට සැකපිට
මෙබදු පුවත් දිනපතාම මෙන් අසන්නට ලැබෙි.මෙි සෑම පුවතකම මෙන් දක්නට ලැබෙන්නේ ඉතා ලාබාල වයසේ හා යෞවන වයසට ආසන්න දරැවන් දූෂණය කර ඇති බවකි.මෙලෙසින් කුඩා දරැවන් සමග ලිංගිකව එක්ව තෘප්තියක් ලැබීමට ඇති ආශාව පීඩොෆීලියා(Pedophilia) යනුවෙන් හදුන්වනු ලැබෙි.වයසට ගියද පිරිමින් තුල ඇති ලිංගික ආශාව අඩු වන්නේ නැත.එහෙත් ඔවුන්ට තම ලිංගික ආශාවන් ඉටුකර ගත හැකි මාර්ගයක් නොමැත.එවැනි අවස්තාවන් වල කුඩා දරැවන් තම උකුලෙහි වාඩිවි සිටින විට ඔවුන්ගේ සෙනෙහස වෙනුවට මතුවන්නේ ලිංගික හැගීමිය.වයසට යාමත් සමග ස්නායූ දුර්වල වීම හා අල්සයිමර් වැනි රෝගි තත්වයන්ද ඇති වෙි.මීට අමතරව ලමයින් කෙරෙහි පමනක් ලිංගික ආශාවන් ඇත්වන මානසික ව්‍යාදි තත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයන් පවා දැකිය හැක.මොවුනට ලිංගික හැගමී උත්දීපනය වන්නේ කුඩා දරැවන් දැකීමෙන්,ස්පර්ශ කිරිමෙන්,ඔවුන් හා කතාකිරිමෙන්ය.කුඩා දරැවන් සමගි ලිංගිකව එක්වීමට මොවුන් වඩාත් ප්‍රියකරති.එහෙත් සමාජ සමිමත සාරධර්මයන් ඉක්මවා යා නොහැකි බැවින් හා නීතීය ඉදිරයේ දැඩි දඩුවමි ලැබිය හැකි වරදකට තමා අසුවන බව දන්නා හෙයින් මොවුන් තම සිතැගි සගවාගෙනම සිටිති.එහෙත් අවස්ථාව ලද විට ඉතා සූක්ෂමව ක්රිියාත්මක වන බවක් දක්නට ලැබෙි.මෙවනි පුද්ගලයන් ළමුන්ට සමීප ලෙන්ගතු බවක් පෙන්වනු ලබයි.ක්‍රමයෙන් දරැවන් ලිංගික චර්යාවන් කෙරෙහි නැඹුරැ කර ගන්නට මොවුන් උත්සහ දරයි.
2013.4.30 රිවිර පුවත්පතෙහි බාල වයස් කාර දැරියන් සිවිදෙනෙකු දූෂණය කල 93 හැවිරිදි ඔස්ට්‍රෙිලියානු ජාතිකයෙක් පිළිබද පුවත්පත් වාර්තාවක් පලවී තිබින.ඔහුඅධිකරණය හමුවට පැමිනියේද රෝද පුටවක ආධාරයෙනි.පහත දැක්වෙන්නේ එම පුද්ගලයාගේ ඡායාරෑපයකි.
කෙසේ වුවද සිත් කමිපාකරවන තරමෙි මෙම අපරාධ ඇතිවීම කෙරෙහි බලැපා ඇති කරැනු කුමක්දැයි යන්න පිළිබදව සමාජ හා මනෝවිද්‍යාඥයන් නොයෙකුත් කරැනු ගෙනහැර දක්වා ඇත.බොහෝ
විට එවැන්නන් පෙර එවැනි අමිහිරි අත්දැකීමකට ගොදුරැ වු පුද්ගලයන්ය.විෂම
පෞරෂයක් ඇති අයගෙන්,සමාජ විරෝධි ක්‍රියාවල නිරත වෙන්නන්ගෙන්,මත්ද්‍රව්‍ය
කෙරෙහි ඇබිබැහි බවක් ඇති පුද්ගලයන්ගෙන් මෙවනි අපචාර සිදුවීමෙි ප්‍රවණතාවය
වැඩි බව දක්නට ලැබෙි.මන්ද යත් ඒ බොහෝ දෙනෙක් තුල පැහැදිලි මානසික අර්බුද
දක්නට ලැබෙන බැවිනි.අසභ්‍ය චිත්‍රපට බැලීමට ඇබිබැහී වි ඇත්නමි එයද මෙි සදහා
හේතු විය හැක.දැඩි කාමුකආශාවෙන් යුතු පීඩාව කෙසේ හෝ පිට කරගැනීමට උත්සහ
දරන එවැන්නන්ගේ පහසුම ගොදුරක් වන්නේ කිසිවක් නොතේරන ඉතා කුඩා දරැවන්ය.
2013 වසරේදි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය ධූරය දැරු තිස්ස කරලියද්ද මහතා එම වසරේ පාර්ලිමෙින්තුවෙිදි කල ප්‍රකාශයක ලමා අපයෝජන පිළිබදවද සදහන් කළේය.ඔහු ප්‍රකාශ කල අන්දමට 2012 වසරේ අපයෝජනයට ලක්ව ඇති දරැවන් ගනන 7418 කි.2013 වර්ෂයේ පැමිණිලි 10,273 ක් හා 2014 වර්ෂයේ පැමිණිලි 10,315 පමන ළමා ආරක්ෂණ අධිකාරියට ලැබි ඇත.2015 වසරේ මැයි මස වන විට ලැබි ඇති පැමණිලි ප්‍රමාණය 3,219 ක් බව වාර්ථා වෙි.මෙි අතරින් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලිංගික අපයෝජන සමිබන්ධයෙනි.
විවිධ හේතු මත තරැණයන්ගේ විවාහ වීමෙි වයස් සීමාව වර්ථමානයේ පෙරට වඩා වැඩිවන බවක් දක්නට ලැබෙි.ඔවුන් විවාහ වීමෙි කැමැත්තෙන් සිටියද නොයෙකුත් විරැකියාව වැනි ගැටලු මත විවාහය කල් දමා ඇත.එසේ වුවද තම ලිංගික අවශ්‍යතා පාලනය කර ගැනීමෙි හැකියාවක් ඒ සෑම දෙනාටම නැත.ඒ අතරින් එක් පිරිසක් තම ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සදහා කඩා දරැවන් යෙදා ගැනීමට පෙළඹෙන සුලභව දක්නට ලැබෙි.වර්ථමානයේ සදාචාරය පවා ඉක්මවා වාණිජ පරමාර්ඛ පමනක් අරමුණු කරගත් ඇතැමි මාධය මගින් කරනු ලබන පෙළඹවීමි මගින් ලිංගිකත්වය බර සමාජයක් නිර්මාණය කරමින් පවතින බව නොරහසකි.කුඩා දරැවන් වෙනුවෙන්ම පවත්වනු ලබන සමහර තරග පවත්වමින් ඒ සදහා ඉදිරිපත් වන දරැවන් අඩනිරැවතින් වෙිදිකා මත නටවමින් තම නාලිකාවම අංක එක බව පවසන ඇතැමි රෑපවාහිනි නාලිකාවන් කරනු ලබන්නේ සුලුපටු අපරාධයක් නොවෙි.දරැවන්ගේ ලමා ලොකයද අහිමි කරනු ලබන එවැනි ඇතැමි තරග නරඹනමානසික රෝගින්ට ක්‍රඩා දරැවාගේ අගපසග මිහිරි දසුනක් බවට පත් වෙි.කුඩා දරැවන් එවැනන්ගේ පහසු ගොදුරක් බවට පත් වෙි.
මෙවනි ක්‍රියා සදහා බලපානු ලබන මනෝවිද්‍යාත්මක පසුබිමි කුමක්දැයි යන්නද කෙටියෙන් වුවද විමසා බැලිය යුතුය.
මනෝ විද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඞ් පෙන්වා
දෙන ආකාරයට සිත කොටස් තුනකින් යුක්ත වේ.ඉන් පළමුවැන්න වනුයේ ඉඞ් සංස්කාරයයි.
අනෙක් ඒවා වනුයේ ඉගෝ, සහ සුපර් ඉගෝය.ඉඞ් සංස්කාරය තුළ (සිතෙහි ස්වභාවය) දිග
හැරෙනුයේ මිනිසාගේ ප්‍රාථමික අවශ්‍යතා පිළිබඳවය. මනුෂ්‍ය
වර්ගයා ආරම්භ වූ අවදියේදී මිනිසා
තුළ තිබූ මූලික අවශ්‍යතා වූ කුසගින්න, පිපාසය, චණ්ඩභාවය, ලිංගික අවශ්‍යතාවන් සහ නිදිමත යන ඒවා සපුරා ගන්නේ කෙසේද යන්න මෙම සිත
තුළින් සිදුවේ. මෙම සියලූ අවශ්‍යතා සතුන් තුළද දක්නට ලැබෙන්නේය.
ඉඞ් සංස්කාරය තුළදී සිදුවනුයේ මිනිසා
මෙම සීමිත අවශ්‍යතා සඳහාම පමණක් පෙළඹීමය.මනෝවිද්‍යාඥ ෆ්‍රොයිඞ් පෙන්වා දෙන
ආකාරයට ඉගෝ පද්ධතිය තුළ
ඇත්තේ,
ඒ ඒ සමාජ සංස්කෘතිය තුළින් මිනිසුන්
ඉගෙන ගන්නා දෙයය. හැසිරිය
යුත්තේ කෙසේද, නොහැසිරිය
යුත්තේ කෙසේද යන්න මෙමගින් හැඳින්වේ. චර්යාත්මක සංස්කෘතියේ ආරම්භය
සනිටුහන් වන්නේ එලෙසය. ඔබ මෙසේ කළ යුතුයි. මෙසේ නොකළ යුතුයි යන්නය. හොඳ
නරක හඳුනා ගන්නේ එලෙසය.
බොහෝ මිනිස්සු මෙම කාරණාව හොඳින්ම ඉගෙන
ගනිති. එසේ ඉගෙන ගත් මිනිසුන්ට සමාජයට පොදු ලෙස ජීවත්වීම අසීරු වන්නේ නැත.නමුත් ඇතැම් පිරිසකට මෙම කරුණු මෙලෙසම
ඉගෙනීමේ හැකියාවක් ඇත්තේ නැත. එනම් සමාජගත වීමේ හැකියාවක් ඇතැමෙකුට නොමැති වීමය.සිග්මන් ෆ්‍රොයිඞ් සිතේ ස්වභාවය පිළිබඳ
අධ්‍යනය කිරීමේදී තෙවැනි සිත ලෙසට විස්තර කරනුයේ සුපහන් සිත පිළිබඳවය.යම් ආකාරයේ ඉඞ් සංස්කාරයේ මූලික අවශ්‍යතා
ඉටු කිරීමේ පෙළඹවීමක් පරාජයට පත්කර ගත නොහැකි වුවහොත් පහන් සිතක් ඇතිවේ. ඒ
මොහොතේදී හදවතට දැනෙන පසුතැවිල්ලකි. අපරාදේ මට ඉවසන්න තිබුණා. මට ඒ දේ නොකර
ඉන්න තිබුණා යැයි යම් සිදුවීමකට පසුතැවිලි වෙති.එය හෘද සාක්ෂිය ලෙස හැඳින්වේ.
සමාජය තුළ ඇතිවන ඇතැම් අපරාධ ඇසූ විට, දුටු
විට අපට එකවර කියැවනුයේ හිතක් පපුවක් තිබෙන පුද්ගලයෙකු එසේ කරන්නේ කොහොමද
කියාය. බොහෝ අපරාධ වල සුලමුල වන්නේ එයයි.සමාජය තුළ මිනිසා සංස්කෘතික ගත නොවන්නේ
නම් හිතක් පපුවක් ඇති මිනිසුන් සමාජය තුළ ජීවත් වීමට ඉඩක්
ලැබෙන්නේ නැත. එය පොදුවේ සමාජයටම
බලපාන බරපතළම කරුණකි. මෙම තත්ත්වය ඇත්තේ
සමාජය තුළ ජීවත්වෙන සමස්ථ ජනකායෙන්
දශම එකකට හෝ දශම එකකට වඩා අඩු ප්‍රමාණයකින්
පමණි.අපරාධකාරිත්වය සහ ළමා අපචාරය පැමිණෙනුයේ
මෙම සියයට 1 හෝ දශම එකේ සමාජ රටාව තුළින්ය.
රට තුළ ළමුන් අපයෝජන ක්‍රියා වැඩි වීමට
මූලික හේතුවක් වී තිබෙන්නේ කුඩා දරුවෙකුට සිදුවුණ දෙයක් ඒ
අයුරින්ම විස්තර කිරීමේ හැකියාවක්
නොමැති වීමය. තවත් විටක නොදන්නා කමට
දරුවා සිදුවූ සියලූ දේ රහසක්ව තබා ගනී
කියන විශ්වාසයත් ඒ තුළින් තමන් හෙළිදරවු
නොවනා කියන අපයෝජකයා තුළ ඇති
නිසාය. එම නිසාම පවුලේ සමීපතමයන්ම තෝරා
ගැනීමට හේතු වී තිබේ.අතැමුන් තමන්ගේ ලිංගික ආශාවන් උද්දීපනය වූ
විට තමාගේ භාර්යාව සමග ලිංගිකව හැසිරෙන්න යන්නේ නැත. ඇතැම් විට වයස ද එයට
බලපානු ලබන්නේය. ඇතැම් විට දරුවන් කසාඳ බැඳ දීගතල ගොස් ඇත්නම්, සිතක
ඇති වන ලිංගික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට,
සිතන තරම් පහසු වන්නේ නැත. එවන් විටක
සිදුවන්නේ, ලිංගික ආශාවට පත්වූ මිනිසා එය කෙසේ හෝ පිටකර ගැනීමට උත්සහ
ගැනීමය.මෙවැනි පුද්ගලයන් දරුවන් ලිංගික
අපයෝජනයන් සඳහා යොදා ගනු
ලබනුයේ බලහත්කාරයෙන් නොවේ. ඔවුන් බොහෝ
විට එය සිදුකරනුයේ හුරු කිරීමක්
ලෙසටය. උදාහරණයක් ලෙසට, ඔඩොක්කුවේ
තබා ගැනීම, ස්පර්ශ කිරීම, ලිංගික අවයවයන්ට ආසන්න තැන්
සිප ගැනීම, ආදී දෑ, පිටස්තරයන්ටද නොදැනෙන්නට සිදුකරති. මේ තුළින් ලිංගික
ආශාවෙන් පෙළෙන පුද්ගලයා ආශ්වාදයක් ලබන අතර,
එය දරුවා හෝ දකින අයෙකුටද සැක
සිතෙන්නේ නැත.
මව්වරුන් විදේශගත වීමද දරුවන් අතර ළමා
අපයෝජනය වැඩිවීමට එක් හේතුවක් වී ඇත. බීමත්කමින් වල්මත්
වී නිවසට එන පියාට, තමා තුළ ඇති වන
ඇවිස්සුණු ලිංගික ආශාවන් ඉටුකර ගැනීමට
අවස්ථාවක් නොවන අතර, ඔහුගේ ගොදුර බවට
පත් වන්නේ තමාගේම ලෙයින් උපන් දියණියය.
එවැනි දරුවන්ට පවුල තුළ වෙනත්
විකල්පයක් ඇති වන්නේ නැත. මෙවැනි දේවල්
අඩුවක් නොමැතිව අප රට තුළ
සිදුවන්නේය.
(මෙම ලිපිය සැකසීමෙිදි ළමා රක්ෂණ අධිකාරියේ සංඛ්‍යාෙල්ඛණ හා පුවත්පත් වාර්ථා ලිපිද ඇසුරැ කරගැනින.)
ඉඩ් සහ ඉගෝ ගැන විස්තරය ප්‍රමාණවත්. ඒත් සුපර් ඉගෝ කොටස සකස් වෙන්නෙ කොහොමදැයි කියලත් විසරත කරන්න පුළුවන් නං හොඳා.
ReplyDeleteඑතකොට අපරාධයක් සිදු වෙන්නෙ, ගොඩක් වෙලාවට ඉගෝ විසින් ඉඩ් යටපත් කරගන්න බැරි වුන අවස්ථාවකදි ද? ඒ කියන්නෙ සමහර විට ඒ අයගෙ ඉගෝ කොටස සමාජය ඇසුරින් සකස් වෙලා තියෙන ආකාරයේ දුර්වලතාවයක් වෙන්න පුළුවන්?
ලිපිය ගොඩක් දීර්ඝ වුනාම කියවන්න අකමැත්තක් ඇති වන නිසා සමහර කරැනු කෙටිකලා.ඔය කරැනු පිලිබද වෙනම ලිපියක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා අපරාධ හා සමිබන්ධ මනොවිද්යාත්මක පසුබිම විස්තර කෙරෙන.ඉතා ඉක්මනින් එම ලිපය පල කෙරෙනවා.
Delete