පුංචි දියනිය,අදයි නුඹෙ උපන් දිනය







මොළොව හැරගිය පුංචි දියනිය,අදයි නුඹෙ උපන්දිනය,
ඒත් නුඹෙ උපන්දිනය සිහිපත්කරලා සතුටු වෙනවා වෙනුවට,
හෙට දින රාත්‍රියට නුඹෙ මරණය සිහිපත් කරලා බන කියාවි,
අනිද්දා දහවල් නුඹ වෙනුවෙන් දානේ දේවි,
ඉන් පස්සේ නුඹ ගැන මතකය ටිකින් ටික නැති වෙලා යාවි,
ඒත් නුඹ වගේ පුංචි කිරිදරැවන්ට සිදුවෙන මෙවන් විපත් සැහැසිකමි,
හැමදාම ටිකින් ටික වැඩි වෙවි,
නුඹ වැනි තවත් පුංචි මල් කැකුලක් ආයෙත් අකාලයේ මිලින වෙලා යාවි.......

මගේ පුංචි දූගේ උපන්දිනය ඊයේ,
ඊයේ ඇයගේ උපන්දිනය එක්ක මට මතක් උනේ පුංචි නුඹෙ උපන්දිනය,
මගේ දූගේ මුහුනෙන් මට නුඹෙ මුහුනත් මැවි මැවි පෙනුනා,
මම නුඹෙ කවුරැවත්ම නෙමෙයි,
ඒත් මගේ දූ දිහා බලනකොට නුඹ මතක්වෙලා,
ඇස් තෙත් වෙන්න,උගුර හිරවෙනවා වගේ දැනෙන්න ගත්තා,
මගේ දූ අහනවා ඇයි අප්පචිචිගේ ඇස්වල කදුලු,
නුඹ මගේ දියනිය නොවුනත්,
නුඹත් මගේ දියනිය වගේම පුංචි දියනියක්  පුතේ,
ලස්සන අනාගතයක් තිබුන පුංචි දියනියක්,
ඒත්.............. 

නුඹෙ පුංචි මූන දිහා බලාගෙන තවත් මොනවත් ලියන්න බැ පුංචි පුතේ,
මගේ අත්දෙක වෙවිලනවා පුංචි පුතේ,
මට මෙතනින් එහාටනමි නුඹ ගැන ලියන්න,
කොහොමටවත් බැ පුංචි පුතේ..

පුංචි රත්තරං දියනියේ නුඹට නිවන් සුව පතන්නෙමි .........!!!

......................................................................................


සමහර වැඩිහිටියන් කුඩා දරැවන් ලිංගික ගොදුරක් බවට පත්කර ගන්නේ ඇයි ?
 
ලිංගික අපයෝජනයට ලක් වන දියණියන්ගේ ඉරණම

 





39 comments:

  1. රටේ ආරක්ෂාවත් බල්ලට ගිහින් ආපහු අර පරන දහ ජරා තත්වයටම රට ක්‍රමක්‍රමයෙන් ඇදී යනවා. මේක මහ කාලකන්නි කමක්. හැම අතින්ම රට පිරිහී වැනසෙන මාර්ගයකට අවතීර්න වන සොහොන් ලකුනු මේ.

    ReplyDelete
    Replies
    1. ඉදිරියට තවතවත් මෙ වගේ අහස පොලව නුහුනල අපරාධ අහන්න වෙයි අජිත්,මෑතක ඉදලා මෙ වගේ දේවල් වැඩි වෙන බවක් පේනවා

      Delete
  2. කියල වැඩක් නෑ මනෝ මේක නම් මහ එපා කරපු රටක්

    ReplyDelete
    Replies
    1. තමන්ගේ තිරිසන් සතුටක් වෙනුවෙන් කටෙන් කිරි සුවද හමන මෙ වගේ කිරි දරැවෝ ගොදුරක් කරගන්න තරමි මිනිස්සු තිරිසන්නු වුනා සබරේ.ඒත් අපි ආඩමිබරෙන් කියන්නේ මෙක ධර්මද්වීපයක් කියලා,වාර්තා වෙන්නේ මෙචිචරයි,වාර්තා නොවන දේවල්

      Delete
  3. හරි සංවේදී මනෝ හැමදාම මෙහෙම ළමයි විනාශ වෙනවා කම්පාවෙනවා කවි ලියනවා අපරාධකාරයෙක් අල්ලලා හිරේට යනව ඒත් ඉවරයක් නෑනේ ආයෙම දවසක මේ වගේ දුක්බර කතාවක් ආයෙම අහන්න වෙනවා වැරැද්ද කොතනද කියල තාම අපිට හරියට අඳුරගන්න බැරිවෙලා

    ReplyDelete
    Replies
    1. ඔවි නිසා.නිවරදි වෙන්න එනා දේවල් බොහෝ තිබෙනවා.මගේ මිතුරෙක් කීවා ඔහුට මෙ දින කිහිපයට විතරක් මෙ වගේ තවත් අපරාධ කිහිපයක් අහන්න ලැබුනා කියලා.දරැවෝ ඝාතනය කරලා නැතත් දූෂණය කරලා,හැමදාම නොදරැවෝ මෙ ඉරනමට ගොදුරැ වෙනවා,මම දැනට වසර කිහිපයකට කලින් ළමා නිවාස වලට නිතරම ගිය නිසා මෙ ගැන බොහෝ දේ දන්නවා.ඇත්තටම හරිම සෝචනීය දේවල් වෙන්නේ.

      ස්තුතියි නිසා අදහස් දැක්වීම ගැන

      Delete
  4. අනුන්ගෙ දරුවෙක් උනත් තමන්ගෙ දරුවා වගේ දැනිලා මනෝගෙ ඇස් වලට කඳුළු ඉනුව වගේ හැම එකාටම හැම දරුව ගැනම එහෙම හිතෙනවා නම් මේ වගේ දේවල් වෙන්නෙ නෑ. ඒත් එහෙම දවසක් කවදා ඒවිද කියන එක හීනයක් වේවි.

    ReplyDelete
    Replies
    1. ළමා වයස පහු කරලා වැඩිහිටි වයසට ආව අපි දරැවන්ගේ ලෝකයට අනාගතයට ශක්තියක් වෙනවනමි මොනතරමි වටිනවද.ඇත්තෙන්ම අපි පතන මෙ සුන්දර ලෝකය නමි කවදාවත් දකින්න වෙන්නැ මචං,මිනිස්සු මිනිස්කම පැත්කට දාලා තිරිසන්නු වගේ වෙන්න පටන් අරගෙන.මෙවා විතරක්ද . තමන්ගේ අමිමව,සහෝදරියව පවා දූෂණය කරන තරමට පහත් වුනානේ

      Delete
  5. මම උඔගේ කමෙන්ටුවකිනුත් දැක්කා මේ ගැන සංවේදිතාවය..

    ReplyDelete
    Replies
    1. නොදරැවන්ගේ ලෝකය විතරක් නෙවෙයි නොදරැවෝ තලල පොඩි කරලා දාලා ඉන්නවා දැක්කම කියාගන්න බැරිතරමි මහා වෙදනාවක් හිතට දැනෙනවා බං.මෙ නොදරැවෝ දන්නේ හුරතල් දේවල් කරන්න විතරයි.මට මෙ දරැවගේ මූන දිහා බලන්න බැ,අද හිටියනමි උපන් දිනේට ලස්සන ඇදුමක් ඇදගනෙ හුරතල් වෙව ඉන්න විදය මතක් වෙනවා.ඒත් දැන් ඉන්නේ මිනි ඇදුමක් අන්දවලා.මොන තරමි වෙනසක්ද

      Delete
  6. කැමරාවෙන් එහා ලෝකය
    ඌගේ හිත රිදිලා...එක්කෝ
    වහ බොනවලු...නැත්නම්
    තපසට යනවලු....බැරිනම්
    ගගේ මුහුදේ පනිනවලු...
    අනේ ..කට්ටිය ගිහින් පොඩ්ඩක් අහිංසකයාගේ මුණ අන්තිම වතාවට බලලා එනවද..

    ReplyDelete
  7. දුවණිය ඔබට නිවන්සුව...

    ReplyDelete
    Replies
    1. අපිට අවසානයට හිත හදාගෙන ඒච්චරමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ නලීන්.

      Delete
  8. කියල වැඩක් නෑ මනෝ!
    ඇයට නිවන්සුව පතමි!!

    ReplyDelete
    Replies
    1. අපි ඇස් දෙකට කවදාවත් දැකලා නැතත් මෙ පුංචි දුව මෙ දවස් ටිකේ මුලු රටම අඩවනවා,ඒ පුංචි පැටියට අපි නිවනු සුව පතමු.

      ආවට අදහස් දැක්වුවාට ස්තුතියි බස්සි

      Delete
  9. මේ වගේ මල් කැකුළු විනාශ කරන තිරිසනුන්ට ස්වභාවධර්මයේ දඬුවම් ලැබෙනවා නියත ලෙසම
    ජයවේ මනෝ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ණේ මෙ පැත්තට ආවට.ඔබෙ පෝස්ටි එකෙනුත් අපි බොහෝ දෙනෙකුට ඔය අපරාධයත් එක්ක ඇතිවුන සංවෙගය ගැන කියවෙනවා.අද දවසේ සංවෙගයෙන් ඉන්න බොහො දෙනෙක් හිතන්නේ අපි මෙ හිතන විදියටම තමයි වර්ණෙ.

      Delete
  10. එන්ඩෛා්....ඇවිද්ද පයේ සුදික අයියා සොයි එලු පැටියෙකුයි ඌරැ පැටියෙකුයි ගෙනල්ලා... ගිහින් බලලා ඇවිත් කියන්න ඌරැ පැටියා “කැමරාවෙන් එහා ලෝකය“ ලියන කැමා වගේ නේද කියලා..හරියට කිව්වොත් “ඩ්‍රැකිගේ අඩවියෙන්“ කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං එක බැගින් යථා කාලයේදී හිමි වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකි ලකුනුත් දාලා.මම කලින්ම ඔය තුන් පැත්තටම ගියා

      Delete
  11. චූටි දුවට නිවන් සුව.

    පාපතරයාට සතර අපායම හිමි වේවා.

    ReplyDelete
    Replies
    1. ඔවි කසුන් අපි හැමෝ ඒ පුංචි පැටිය වෙනුවෙන් කදුලක් හෙලුවා වගේම නිවන් සුව පතමු.

      Delete
  12. පව්..දරුවා මොනවත් ලියන්න හිතෙන්නේ ..නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔවි අජිත් අයියේ.දැන් මම ඒ දරැවා ගැන සදහන් වෙන ප්‍රවෘත්ති බලන්නෙත් නැ.තව තවත් හිත පෑරෙනවා විතරයි.

      Delete
  13. මේ අපරාධය කරපු උන්ට පොලීසිය සලකාවි නොවැරදීම. වුණත් නොවුණත් මමත් කියන්නෙ ස්වභාව ධර්මයෙන් හරි දඬුවමක් ලැබෙන්න කියලා අනික් උන්ට පාඩමක් විදිහට. එහෙමයි කියලා මේක කරපු එකාගෙ අතපය කපන්න, අරවා මේවා කපන්න, ගල් ගහලා මරන්න වගේ දේවල් ඉල්ලන අයියලාත් ඉන්නවා. උන් හිතන්නේ මේක අරාබිය කියලා. එහෙම හිතන උන් ඉන්නා රටක මෙහෙම අපරාධ සිදුවීමේ පුදුමයකුත් නෑ.
    උඹ ලියන දේ කාලීනයි. මේවා තුලින් සංවේදී මිනිස්සු හැමදාම තවත් අවදි වෙනවා. මේ ඉහල දාලා තියෙන කමෙන්ට්ස් වලින් කියවෙන්නෙත් ඒක. ඒවුණාට බං අපි මේවා පණ දාගෙන ලීවා කියලා විවෘත සමාජයේ ඉන්න අපරාධකරුවන්ට මේ දේවල් යන්නෙ නෑ. මමනං මේ වගේ පෝස්ට් අපේ ගෙදර උන්ටත් ඔෆීසියෙ උන්ටත් කියවනවා. ඒ වගේ ක්‍රමේකින් තමා මේවා සමාජගත කරන්න වෙන්නෙ. තාම බ්ලොග් කියවන්නෙ අතලොස්සයි. තව එකෙක් කියෙව්වත් අහං ඉන්න සමහරු අකමැතියි. ලිං ගෙම්බො.

    ReplyDelete
    Replies
    1. මධු අද ගොඩක් පරක්කු වෙලා.අපරාධකාරයෝ ගැන විමසලා බලනකොට මම දැක්ක දෙයක් තමයි ඔවුන් ඒ සදහා යොමු වුන සමාජ වටපිටාවක් තියනවා.සමහරැන්ට පුංචිකාලේ යමි යමි බලපෑමි සිදුවෙලා තිබෙනවා.එකක් නෙවෙයි නොයෙක් ගැටලු.අතපය කපලා මරලා දඩුවමි දුන්නම කෘරබව සමාජගත වෙනව මිසක් ගැටලුවට විසදුමක් ලැබෙන්නේ නැ.අර මුල් හේතුවලටයි විසදුමි හොයන්න ඔන.නමුත් අප රටවල එහෙම සාර්ථක ක්‍රමවෙදයක් ඇත්තේ නැ.

      Delete
  14. මේ ගැන කතා කරන්න හිතෙන්නේ නෑ මචං..... මුළු ඇඟම ලොක් වෙනවා

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම එහෙමයි ඉවාන්.අද දවසේ බොහෝ දෙනෙක් මෙ පුංචි දරැවා ගැන දුක් වෙනවා මචං තමන්ගේ දරැවෙක් නැති උනාම දුක් වෙනවා වගේ.

      Delete
  15. හැම දෙනාම හැම තැනම එක එක දේවල් කියනව.. සමහර අය විරෝධතා කරුවන් සමහර අය මධ්‍යස්ථ අය.. ඒත් ඔය දෙගොල්ලම කරපු වැරැද්දක් මම දැක්ක අර මියගිය කෙල්ලව තව පාරක් මරපු එක.. ඇත්තටම අපේ සමහරක් නං හරිම කාලකණ්නියි...
    ඇයට නිවස් සුව පතමි නැවත මෙවන් පාපතරයන් අතර නොයිපදේවා යැයි ඉසියුම් ප්‍රාර්තනාවක්ද සමග

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය මෙ දවස් ටිකේම ඒ දරැවා මාකටිං කරනවා තමන්ගේ අලෙවිය වැඩි කරගන්න.අපි වුනත් නැවත නැවතත් ඒ දරැවා ගැන ප්‍රචාරය කරන එක වැරදියි.මට මෙ පෝස්ටි එක පලකලාට පස්සේ මට හිතුන දෙයක් තමයි මෙ පෝස්ටි එක උනත් නොදා ඉන්න තිබුනා කියලා.ඒත් දැන් අයින් කරන්න හිත දෙන්නේ නැ.මට දැනෙන්නේ මගේ ගෙදර ඉන්න දරැවා එලියට ඇදලා දානව වගේ දෙයක්.

      Delete
  16. මට මේකට කොමෙන්ට් එකක් දාන්න හිත හදාගන්න බෑ..... මට හිතෙන්නේ ලංකාවේ රහස් පොලිසිය වෙන්න ඇති හතර වටේටම කිය කිය පරීක්ෂණ කරන්නේ..... කලින් කිව්වා තාත්තා සැකයි කියලා...... ඊට පස්සේ ඒ අම්මටයි තාත්තටයි උන දේ දැක්කනේ... දැන් කියනවා කිට්ටු ගෙදරක කොල්ලෙක් සැකයි ලු. යකෝ පරීක්ෂණ ඉවරවෙලා එපැයි මීඩියා වලට කියන්න. ගොන් හැත්ත.

    ReplyDelete
    Replies
    1. අපරාධයක පරික්ෂණ සිදුකරන ක්‍රමවෙදය,සොයාගත්තදේ,සොයන්න බලාපොරොත්තු වන දේ,සැක කවුද වගේ දේවල ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ජනතාව අතරට ගෙනත් කරන්නේ අඥාණ ක්‍රියාවක්.අද මාධ්‍ය තවත් අපරාධ වලට උඩගෙඩි දීමක් කරන අතරේ නිර්දොෂි පුද්ගලයෙක්ව අපරාධකාරයෙක් බවට පත්කරනවා.සිවිල් සමාජයේ බොහෝ ආරාවුල් කලකෝලාහල ඇතිකරන්න මාධ්‍ය මගින් සෘජු දායකත්වයක් සපයන බව තමයි දකින්න තියෙන්නේ.

      බණ්ඩෙ ස්තුතියි ආවට.මමත් ගියා ඒ පැත්තේ අද උදේම

      Delete
  17. ළමයි විනාශ වීම දැන් සුළබ දෙයක් වෙලා.. මේවට වග කියන්න ඕන අයට හොයලා හරි දඬුවමක් නොදීමෙන් වැරදි කරන්න මිනිස්සුන්ගේ හිත් වල තියෙන බය නැති වෙලා යනවා.. අන්න ඒක මේ ඔක්කොටම වැඩිය මහා අපරාදයක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් ආවට අදහස් දැක්වුවාට.

      Delete
  18. මට මේ ගැන ලියන්න දෙයක් හිතට එකඟ කරගන්න බැරි වුනා මනෝ...

    ReplyDelete
    Replies
    1. මට මෙ පෝස්ටි එකට කරැනු ගලපන කොට හිතට ආවෙ පුදුම දුකක්.පේලි දෙකක් ටයිප් කරලා ටිකක් වොල ඉදලා හිත සැහැල්ලු කරගෙන ආයෙත් පේලි දෙකක් ටයිප් කරනවා.මෙ ටික ටයිප් කලේ හරිම අමාරැවෙන්.පෝස්ටි එකට ටයිප් කල අනිත් අයටත් එහෙම වුනා.අපි හැමෝටම එහෙමයි ඩ්‍රැකි.

      Delete
  19. මෑතක සිදුවුණ හිත සසල කරාපු දෙවැනි සිදුවීම.... 1. වෙරළට ගොඩගහපු දරුවා..

    ReplyDelete
    Replies
    1. කුරැටු සෑහෙන දවසකින් ආවෙ
      ඒ සිදුවිමි වලින් සිත් සසල කලා වගේම පුංචි දූගේ සිදුවීම නිසා දරැවෝ භීතියට පත්වුනා කියලත් දැනගන්න ලැබුනා.මුලින්ම ඒ අපරාධය කලේ ඒ දරැවගේ පියා කියලා මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගිය නිසා පියවරැත් අපහසු තාවයට පත්වුනා.මෙ අපරාධ වැඩි වෙනවා මිසක් අඩුවීමක් නමි නැ කුරැටු

      කුරැටු ස්තුතියි ආවට

      Delete
  20. මෙවැනි ඛේදවාචකයන් අසන්ට දකින්ට ලැබෙනවා පමණක් නොව ඒවා නාට්‍යාකරයෙන් රඟ දකවමින් රාව ප්‍රතිරාව වෙමින් අනෙක් මිනිසුන්ගේ සිත්වල සටහන් කරන කටයුතු බොහොම ජයටම ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් . ඒ දියණිය නැවත නැවත මරාදමනවා විතරක් නෙවෙයි අනෙක් දරුවන්ටත් මරණ බිය ඇති කරවමින් දෙමාපියන් ගුරුවරුන් සෙසු වැඩිහිටියන් ද “අසමජ්ජාති තුච්ඡ පිරිසක්“ යන හැඟිම් රෝපණය කරමින් සම්බන්ධතා බිඳ දමා ඈත් කර දැමීමේ ව්‍යාපෘතිය සියලුම මාධ්‍ය විසින් ඒක මතිකව භාරගෙන තිබෙනවා.
    ඇතිවෙමින් වර්ධනය වෙමින් පවතින ආකල්ප විනාශය වලක්වා ශිෂ්ටත්වය ඇති කළයුතු බවට හැඟිමක්වත් පෙනෙන්නේ ඉතාම කලාතුරකින්
    මිනිසුන් සමාජයක් ලෙස සිටිය හැකි අය නොව හුදකලා වූ අසරණයින් බවට පත් වෙමින් ශිෂ්ටාචාරය ආපසු ම්ලේච්ඡත්වය දෙසට යමින් තිබෙනවා

    ReplyDelete
    Replies
    1. පසුගිය දිනකිහිපයේම මාධ්‍යකලේ මෙ දරැවා විකුනගත්ත එක.අපේ රට ජඩ මාධ්‍ය කලාවක්නේ තියෙන්නේ.

      ස්තුතියි අදහසට

      Delete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි