කවුද හොරු ?



      පාසල් අවධිය කියන්නේ අපේ ජීවිතයේ සුන්දරව ගෙවි ගිය අවධියක්.පාසල් සමයේ මිහිරි සුන්දර මතකයන් තවමත් අපේ හිත්වල රැදිලා තිබෙනවා.පාසලට සමුදීලා බොහෝ කාලයක් ගෙවිලා ගිහින් තිබුනත් තවමත් ඒ සොදුරැ අවධියට අපි ඇලුමි කරන බව රහසක් නෙවෙයි.මගේ පාසල් දිවියේ සුන්දර මතකයන් අතරින් කිහිපයක් ඔබත් සමග බෙදා හදාගන්නයි අද සූදානමි වෙන්නේ.දගකාර යෞවන වයසේදි අපි මොනවද නොකරන්නේ.පාසල් පංති කාමරේදි මිතුරන් එක්ක එකතු වුනාම කරන කියන සමහර දේවල් ඇත්තෙන්ම කලේ දගකාරකම නිසාමයි.මෙ මගේ පාසල් මතකයේ එවැනි එක් සිදුවීමක්.

**********************************************************************************

     ඒ ගෙවිලා ගියේ නොවැමිබර් මාසය.පාසල් වාර විභාගයත් ආරමිභ වෙලා දින කිහිපයක් ගතවෙලා තිබුනා.එදා වෙනදට වඩා කල් වෙලාසනින් වාර විභාගය අවසන් වුනා.අපි මිතුරෝ කිහිප දෙනෙක් එකටම නිවෙස් වලට එන්න පිටත් වුනා.ටිකක් දුර පයින්ම ආව අපි මහන්සියි වගේ දැනුන නිසා මග නැවතුනා.හොදටම මහන්සියි ඒ වගේම බඩගිනියි.අතේ තිබුන මුදලුත් උදේම අවසන් වුනා.කල්වෙලාසනම නිවෙස්වලට යන්නත් කමිමැලියි වගේ.දැන් මොකද අපි කරන්නේ.කෙලින්ම නිවෙස්වලට යනවද.නැත්නමි වෙනත් විකල්පයක් තියනවද ?.හැමෝම මෙ ගැන සාකචිඡාව

        ටික වෙලාවකට පස්සේ අපි තීරණය කලා පන්සල් වත්තේ තැඹිලි කැඩීම වඩාත් සුදුසු බව.ඒ යෝජනාව ඒකමතිකව සමිමත වුනාට පස්සේ  අට දෙනෙක් විතර  හිටපු අපේ කණ්ඩායම තව කිලෝමීටරයක් විතර දුර ඇවිත්  පන්සල් වත්තට රිංගාගත්තා.අක්කර පහලොවක් වගේ විශාල පන්සල් වත්තේ කෙලවරේම තියන තැඹිලිගස් ටිකේ ගෙඩි පිරිලා තිබුනා.වටපිටාවෙ කවුරැවත් පෙන්න නැති එක අපේ වැඩෙට තවත් රැකුලක් වුනා.අපේ එක කොල්ලෙක් හෙමින් සීරැවෙ ගහ මුදුනටම නැග්ගා.සුළු මොහොතයි ගතවුනේ පන්සලේ නායක හාමුදුරැවෝ තවත් දෙන්නෙකුත් එක්ක අපි ඉන්න පැත්තට කඩාගෙන බිදගෙන එනවා.අපි තැඹිලි ගහ උඩ ඉන්න අපේ මිත්‍රයාට කතා කලා.ඒත් දැන්නමි තැඹිලි ගහෙන් බිමට බැහැගන්න අපේ මිත්‍රයාට කොහොමටවත් බැ.වෙලාවක් ඇත්තෙම නැ.



මචං මොකද කරන්නේ බැහැපං ඉක්මනට......

උඹලා දුවපල්ලා මට බහින්න බැ බං ඔය තරමි ඉක්මනට......

උඹ දාලා යන්නේ කොහොමද ? උඹ අහුවෙනවනේ දැන්......

නැ නැ උඹලා පලයල්ලකෝ..මම ඒකට මොකක් හරි කරන්නමි.....

බැ බැ එහෙම බැ බං බැහැපංකෝ ඉක්මනට.....

පලයල්ලකෝ හු... ඉක්මනට.....නැත්නමි ඔක්කොම අහුවෙනවනේ..මම ඒක බලාගන්නමි කීවනේ හු....... 
දැන් පලයවිකෝ.....



අපි උගේ බෑග් එකත් අරගෙනම ටිකක් දුර දුවගෙන ඇවිත් මග නැවතුනා.පැය භාගයක් විතර බලාගෙන ඉදලා අපේ එකා ආවෙ නැත්නමි අපි හැමෝම ආයෙත් යමු කියලා කතා වුනා.විනාඩි විස්සක් විතර යනකොට මෙන්න අපේ බුවා එනවා.


මොකද මචං වුනේ..උඹ අමිබානක කෑවද ?.......

නෑ බං මගෙන් අපි හැමෝගෙම නමි ටික ඉල්ලගත්තා..අදම ප්‍රින්සිපල්ට දෙනවා කීවා........

ඉතින් උඹ දුන්නද අපේ නමි.....

නැතිව මම දුන්නා..අට දෙනාගේම නමි ටිකයි පන්තියයි ලියලා දුන්නා....

මොකක්ද බං කරේ.උඹ අපිව පාවලා දුන්නද ? කැත වැඩක්නේ බං කරලා තියෙන්නේ.....

ආ...උඹලා  මාව දාල දිවිවෙ එහෙනමි..ඒක හොද වැඩක්ද එතකොට.......

අනේ පලයං..උඹමනේ කීවෙ අපිට යන්න කියලා..බලාගන්නමි කීවෙ ඔක්කොම.....

           ඔන්න ඔය විදියට කතාව දිගටම ඇදුනා.හෙට පාසලේදි මොනව උනත් වාර විභාගේ නිසා යන්නම වෙනවා.අපි නිවෙස්වලට යනතුරැම අපිව පාවාදුන්න එක ගැන අපේ එකාට දෙස්දෙවොල් තිබිබා.

***************************************************************************************
     පහුවෙනිදත් වෙනදා වගේම උදැසනම අපි හැමෝම පාසලට ආවා.උදැසන පාසල් රැස්වීම ආරමිභ කරන්න කලින් අපිට විදුහල්පති තුමාගෙන් පනිවිඩයක් අවා ඉක්මනින් එතුමාගේ ඔෆිස් එකට එන්න කියලා.අපේ පංතියෙන් මටයි තව එක් ශිෂ්‍ය නායකයකුටයි එන්න කියලා තිබුනා.( මුලින් සදහන් කරන්න අමතක වුනා මම ඒ වෙනකොට ශිෂ්‍ය නායකයෙක් කියන එක).අපි යනකොටත් එතනට තවත් ශීෂ්‍යනායකයෝ කිහිප දෙනෙක් කැදවලා තිබුනා.මොකක්ද කොල කැබැල්ලක් බලමින් හිටපු විදුහල්පති තුමා අපි දිහාවට හැරැනා.හොදින් අපි හැමෝම දිහා බැලුවා.අතේ තිබුන කොල කැබැල්ල මෙසේ උඩින් තියලා අපෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා.

දන්නවද මෙකේ මොනවද තියෙන්නේ කියලා...

නෑ සර්.....

ඊයේ පන්සල් වත්තේ හොරෙන් පොල් කඩලා තියනවා ලොකු පන්තිවල ලමයි කිහිපදෙනෙක්.ගහේ හිටපු කෙනා විතරක් නායක හාමුදුරැවන්ට අල්ලගන්න පුලුවන් වෙලා.බිම ඉදලා දුවපු අයගේ නමි ටික මෙකේ ලියලා දීලා තියනවා.දන්නවද මෙකේ තියන නමි මොනවද කියලා........

නෑ සර් දන්නේ නැ...

හ්මි ...මෙක ගන්නවා අතට කවුරැහරි....

විදුහල්පති තුමා එහෙම කීව ගමන් අර මෙසේ උඩ තිබුන කොල කැබැල්ල මම මගේ අතට අරගත්ත.

දැන් කියනවා බලන්න නමි ටික.උඩම තියෙන්නේ ගහේ හිටපු කෙනාගේ නම.මොකක් කියලද ලියලා තියෙන්නේ.....

මම බැලුවා උඩම තිබුන නම.ඒ නම දැක්කා විතරයි අමාරැවෙන් හිනාව තද කරගත්ත මම ඒ නම හැමෝටම ඇහෙන්න කීවා..

ඒ.කේ තිලකරත්න ...  13 වසර
  
කවුද   ඒ.කේ තිලකරත්න කියන්නේ....විදුහල්පතිතුමාගෙන් ප්‍රශ්නයක්

සර්    ඒ.කේ තිලකරත්න කියන්නේ සර්ට

පේනවා නේද.හොරෙන් තැඹිලි කඩලා ඒ මදිවට ගහේ නැගපු කෙනාගේ නමට මගේ නම දීලා.ඔය යටින් තියෙන්නේ ගුරැ මණ්ඩලේ කිහිප දෙනෙකුගේ නමි.දැන් බලනකොට ලොකු හොරා මම.අනිත් හොරු ගුරැ මණ්ඩලේ.මෙ වැඩෙ කරපු එවුන් ටික කවුද කියලා හොයලා බලලා මට කියනවා ඉක්මනට.

        ඒ වගකිම බාරගත්ත අපි හැමෝම පංති වලට ආවා හොරු සෙවීම අපේ එකම අරමුණ බවට පත්කරගෙන.ඒත් තවම එකම එක හොරෙක්වත් අල්ලගන්න අපිට බැරිවුනා.හොරුන්ගේ දක්ෂතාවයද අපේ දුර්වලකමද කියන්නනමි දන්නේ නැ.

***************************************************************************************
ප/ලි

මෙ සිදුවීම ඒ දිනවල ලංකාදිප පුවත්පතෙහි ඇසුවෙමි දුටුවෙමි තීරැවෙ පවා පලවිය.කෙසේ වුවත් මෙය සිදුවූයේ කාහටද යන වගනමි බොහො දෙනෙක් නොදැන සිටියේය.එමෙන්ම මෙ හා සමාන සිදූවීමි තවත් බොහෝ පාසල් තුලද සිදුවී ඇත.

.......මෙහි පලකර ඇති නමි සැබැ නමි නොවන බව සැලකිය යුතුය.....


76 comments:

  1. හොරා හොයන්න බැරි වෙන්නද මනෝ හැම වෙලේම මුන වෙනස් කරන්නේ

    ReplyDelete
    Replies
    1. පොඩි චෙන්ජ් එකක් දාලා බැලුවා මචං.තියෙන එකම හොදයි කියලා හිතුනා.ආයෙත් ඒකම දාගත්තා

      Delete
  2. Replies
    1. ස්තුතියි මචං ආවට.
      සමහර අකුරැ ටයිප් කරන්න බැ.හල් කරන්නත් බැ.කොපි පේස්ටි කරා.දැන් හරි.

      Delete
  3. මරු කථාව. මටත් ඒවගේ එකක් මතක් වුනා. ටික කාළයකට පෙර මම සේවය කළ ස්ථානයේ ප්‍රධානියා ඔහු කැමති ගැහැණු අය සමඟ කාර්යාල වේලාවේදීම එවකට කොළඹ 5, ගවර් පාරේ පිහිටි යටාරෝ කැෆටේරියා නමින් වූ අවන් හලක ඇති කාමර වල යාමට පුරුදුව සිටියා. ඒ කාළයේ කවුරුත් ජාතික හැඳුනුම්පත අරගෙන යන්නේ නැහැ. මෙම ප්‍රධානියාගේ මෙම දුර්වලකමත් නිතර මත්පැන් පානයට දැක්වූ ගිජු කමත් හැරුණු විට ආයතනයේ ඉලක්ක බොහෝ හොඳින් සපුරන අයකු මෙන්ම අප අතර බොහෝ ජනප්‍රිය චරිතයක්ද වුනා.

    අධ්‍යක්ශක මණ්ඩලයේ සිටි තැනැත්තකු ඔහු හා වෛරයෙන් සිටි අතර ඔහුගේ රැකියාව අහිමි කිරීමට මාන බලමින් සිටියා. ඔහුගේ මෙම හොරගමන් ගැන ආරංචි වී සමාගමේ අභ්‍යන්තර විගණක අංශය එම අවන් හලට යවා අදාල දිනවල කාමර ගත් අයගේ නම් ලැයිස්තුව ලබා ගෙන සභාපති තුමාට යවන ලෙස එම තැනැත්තා ක්‍රියා කළා. අභ්‍යන්තර විගණක අංශයේ එම වාර්ථාව සභාපතිගේ ලේකම් හරහා පිට කරගන්නට අපිට හැකිවුනා. එම වාර්ථාව අනුව අදාල දිනවල්වල සමාගමට සම්භන්ධ අයගෙන් එම හෝටලයට ගොස් තිබුණේ සභාපති තුමා සහ අනිකුත් අධ්‍යක්ශක මණඩලයේ සාමාජිකයින්. ඔවුන් ගොස් තිබුණේ එවකට ප්‍රසිද්ධ නිළියන් සමඟ.

    ReplyDelete
    Replies
    1. ඒකතාවත් මරැ .
      එකවගේම චරිත ලංකාවෙ හැමතැනම ඉන්නවනේ මචං බලාගෙන යනකොට

      Delete
    2. ඉයන් මරු කතාව.

      Delete
  4. එල එලස්...
    හොරු සමග හෙලුවෙන්

    ReplyDelete
    Replies
    1. හොරාගේ අමිමගෙන් පේන ඇහුවා වගේ කියන්නේ නිකමටද ඉතින්

      Delete
  5. ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන
    රාජ සභාවේ අසුන බලා
    අපෙ කැකිල්ලෙ රජ්ජුරුවොයි ඔය එන්නේ
    ඉඳපල්ලා නිශ්ශබ්ද වෙලා...
    නුවණක්කාරගේ මොට්ටපාල...
    මොට්ටපාල උඹ වැරදිකාරය ද
    ඒබරං ගෙ කණ කැපුවාට
    ඇත්ත නොකීවොත් කසෙන් ගහනවා
    පේන තුරා හඳෙ ආවාට...
    කොණ්ඩෙ කපද්දී බෙල්ල ඇල්ලුව ම
    මිනිහට හංකිති කැවුණා
    මිනිහ හිනා වී කලබල කෙරුව ම
    දැලි පිහියට කණ කැපුණා...
    බේගල්හාමුගේ සත්‍යපාල...
    බේගල්හාමුගෙ සත්‍යපාල උඹ
    නැන්සි අක්කලගෙ කුකුළා
    මල්ලක දාගෙන ගියයි කියන්නේ
    ඇත්ත ද අත්තටු හකුළා...
    බේගල් හාමුගෙ සත්‍යපාල මම
    එනමුත් කියන්නෙ ඇත්තයි
    මම ඔය කුකුළව සොරකම් කෙරුවේ
    නැන්සි අක්ක දැනුවත්වයි.....

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. සිංදුවක අඩුපාඩුවක් තමයි තිබුනේ මචං,ඔන්න දැන් ඒකත් හරි.
      සෑහෙන දවසකින් අපිට සිංදුවක් අහන්නත් නැති උනා.මොකද පරක්කු ?

      Delete
  6. හා එල එල. අරූ පට්ට පොරක්නෙ බං.කොහෙද ඕකා ඉන්නෙ.

    ඇයි අර කොලේ උඹම ගත්තෙ? උඹේ නම තිබුනොත් ඒ වෙනුවට වෙන නමක් දාලා කියවන්න නේද? හැක හැක

    ReplyDelete
    Replies
    1. උඹ සෑහෙන දවසකින් නොවැ දැක්කේ
      අරෑ මැනේජ්මන්ටි ඩිග්‍රියක් කරලා දැන් කමිපැනි එකක වැඩ.එතැනනමි අවංකවම රාජකාරියකරගෙන ඉන්නවා.
      අර කොලේ ගත්ත විතරයි අපේ නමි නැ කියලා දැනගත්තම පස්වනක් ප්‍රිතීයෙන් පිනා ගියා අරෑ අපිව පාවානොදුන්න එක ගැනනමි.

      Delete
  7. ඊලග පාර අහුනාම ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් දිලා තිබුනලු

    ReplyDelete
    Replies
    1. හප්පේ මෙන්ඩා උඹ දැක්ක කල්.පහුගිය ටිකේ හිටියෙම නැනේ.
      පස්සේ පසසේ නමි ඔය වැඩෙිම ටිකක් වෙනස් විදියකට කරපු ඒවා ගැනත් දැනගන්න ලැබුනා.දැන් ඉන්න කොල්ලෝ කරන ඒවා බලපුවම අපි කැලේ බං

      Delete
    2. ආ........මෙන්ඩයියේ,

      Delete
    3. මාව වටින තැනට මම පන හරි දෙනවා බං..
      මට වලංගු නැත්නම් මගේ අතපය වුනත් කපලා දානවා..
      ඩයලොග් එකේ ලොකු පඩියකත් දාලා ගමන්ට් වලට ආවේ හිතේ සතුට වෙනුවෙන්..මේ ආයතනයට මම ලෙකු බරක් දුන්නා බං නෙකා නොබි දිවා රෑ නැතුව මට මගේ පවුලේ යුතුකම් වගකිම් අතඇරැනා..
      අනිත් එවුන් පිගන් හොදන්නෙත් නෑ වගකිමක් ගන්නෙත් නෑ පුකේ ගූ වුනු වෙලා බයේ ගැහෙනවා..මම ඒ පිගන් ටික හෝදන වගකිම ගත්තාම බිදුන පිගාන ගැන විතරක් කතා කරනවා...පාර අයිනේ තියාගෙන තැබිලි කපනවා මගේ රස්සාවේ ආත්මාබිමානය පාවලා දෙන්නෙ නෑ..
      මම වැරදිද?

      Delete
    4. උඹට දැනෙන දේ අපිට හිතාගන්න පුලුවන් මචං.
      අපි ලොකු කැපකිරිමකින් ආසාවකින් වැඩකරගෙන යනකොට කැපිල්ල බැනුමි ඇහිල්ල එකදිගටම,සමහරැ අපෙත් එක්ක ජන්මාන්තර වෛරයක් ඇති කරගෙන ඒක පිටට නොපෙන්වා ඉන්නවා.ඒත් අවස්ථාව ලැබුන හැටියේම අපිට කපනවා.මටත් ඔය දේ වෙලා තියනවා.මමත් එකවතාවක් ගාමන්ටි එකක වැඩ කලා.සමහරැන්ට අපි මොනව කරත් වැරදි මචං.මම ඔය හැම කටිටක්ම කාලා තියනවා.
      උඹෙ හිත පිරිසිදුයි මචං,උඹට වරදින්නේ නැ කියන එක අපි දන්නවා.

      Delete
    5. බැලුවම කොයි ක්ෂේත්‍රයත් එකයි බං. තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ රාජකාරිය කරගෙන ඉන්න උන් ටික දෙනයි ඉන්නෙ. අනික් උන් සේරම ඇවිදින කුණු ට්‍රැක්ටර්.

      Delete
  8. වැඩේ හරියට කරලා නැහැනේ..... හිටපු අධීක්ෂක අැමතිතුමා වගේ රජයේ සාක්කිකාරයා වුණානම් හරිනේ නේද?????????

    ReplyDelete
    Replies
    1. අපේ ක්ලාස් එකේ එකම එක කොල්ලෙක් හිටියා පොර රජයේ සාක්ෂිකාරයෙක් වගේ තමයි.AL හිටියට මොකද වෙවැල දැක්කත් අඩනවා.ඒ හැරැනම අනිත් කොල්ලෝ කෙල්ලෝ එකෙක්වත් කවදාවත් පාවලා දුන්නැ මචං.මටත් දවසක් වැදුනා වැදිල්ලක් ඉදගන්න බැරි වෙන්නම.දැන්නමි ඒවා මතක් වෙනකොටත් හිනා යනවා බං

      Delete
  9. ඉඳපන් දැන් සාක්කි එක්.කම ආපහු පත්තරේට යවන්න... යකෝ මෙහෙමත් අසජ්ජාතියො ටිකක්.
    උඹලගෙ යාළුවා නම් අදහන්න වටින පොරක් බං. අන්න පොරවල්. කොහෙද උඹලා දන්නෙ දුවන්න විතරයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මිනිහා ගලක් වගේ එකෙක් බං.ඒ වගේම බොක්ක.අනිත් උන්ගේ ඒවටත් ඌට ගහලා තියනවා ප්‍රින්සිපල්.ඒත් පාවලා දෙන්නැ.අර වෙලාවෙ දිවිවෙ නැත්නමි සෙටි එකම අහුවෙනවා බං.අපිට ෂුවර් එකක් තිබුනා අපේ ඒකා මොන ක්‍රමෙකින් හරි බෙරෙනවා කියලා.

      අපි මෙි සීන් එක පත්තරේ දාමු මදාවියාව ප්‍රධාන චරිතේ කරලා..මදාවියා තවම ඇවිල්ලත් නැ.ලමයි ක්ලාස් යවලා ගෙදරට වෙලා ඔරැ පදිනවද දන්නැ.

      Delete
    2. ඔරු පැදලා කකුල් මැන්ඩලින් ගහනවා ඇති ඕකගෙ. ඒකයි පරක්කු....... වයසක උන්දලානෙ බං..

      Delete
    3. යක්කු ගස් නගින වෙලාවට තමයි ආයේ එන්නේ.ඔන්න බලහං නැද්ද කියලා

      Delete
    4. ඇව්...ඇව්...ඔරු පදිනවා, තැඹිලි ගහක් උඩ.
      අනේ ඔය පන්සලේ නායකකම මට තිබුණනං තොපි ඇතුලෙ ඉද්දි පන්සල් වැටට කරන්ට් එක දානවා. මනෝ මේක කියවලා තියේද?
      http://madhumadhavi135.blogspot.com/2014/11/blog-post_3.html

      Delete
    5. මට මැවිලා පෙනුනා සිද්ධිය.උඹ පටිට ඒවනේ බං කලින් දාලා තියෙන්නේ.මම බැලුවා එකේ කොමන්ටුවක් නමි දැමිමෙ නැ.ආයේත් උඹෙ පරන ටික බලන්න යනවා අද හවස.

      Delete
    6. ඔය ඇවිල්ලා ඉන්නේ..... අමාරුවෙන් ඇඳෙන් බැහැගන්න ඇති...

      Delete
    7. හබලේ දෝෂයක් ඇවිත් ගොඩ බිමට එන්න වෙලා ගියාලු.ඔරැවත් දැන් පැදලා පැදලාම කොචිචර පැද්දත් එක තැන.ඒකලු පරක්කු වුනේ.

      Delete
    8. පහුගිය ටිකේ වැඩ ටිකක් අඩුවුණ නිසා දවල් දවසේත් උඹලා එක්ක හරි හරියට කමෙන්ට් කලා. දැන් ඒ නිදහස නැතිවේගෙන බොලව් යන්නෙ. කොහොමත් මේක අබිං කෑවා වගේ කේස් එකක්. ඒ නිසා දවාලට මං මොකුත් නොලීවට උඹලා එක්ක හැම මොහොතෙම මං ඉන්නවා.
      රෑට ඉතිං මං කොහොමත් වැඩ්ඩනෙ. අපේ නෝනගෙං අහපල්ලා බොරුනං. නිකමට අහල පහල ගෙවල් වලිං අහපල්ලා.

      Delete
    9. උඹ අලුත් පෝස්ට් එකක් දානවද... නැත්නම්....

      Delete
    10. මචෝ මට අභයදානය දීපං
      හෙට හවස් වෙනකොට එකක් දාන්නම්....

      Delete
  10. ගහේ හිටපු එකා සුපිරි බුවෙක්නේ..
    ජයවේවා මනෝ!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මිනිහා හැමපැත්තකින්ම සුපිරියි මචං.ක්ලාස් එකෙත් එක දෙක වුනා.මතක ශක්තිය ඉහලයි.ස්පොට්ස් වලදිත් ඉදිරියෙන්ම හිටියා.පිස්සුකෙලින වෙලාවටත් එහෙමයි.මැරැවත් පාවල දෙන්නෙනමි නැ.ඇත්තටම මගේ ස්කූල් බැජ් එකේ යාලුවෝ ටිකනමි කියලා වැඩක් නැ මචං.මොනතරමි පිස්සු කෙලියත් හැමෝම ඉහලටම ඉගනගත්තා.
      එහෙනමි ජයෙනුත් ජය වර්ණෙ

      Delete
  11. අපේ කාලේ කොල්ලො කරපු දේවල් මතක් වෙලා වගේම මේ කතාව අහල හුගක් වෙලාවකට පස්සේ හිනාවෙන්න අවස්ථාවක් ලැබුණා ස්තුතියි හොඳේ !

    ReplyDelete
    Replies
    1. පාසල් කාලේ මතකය නමි හරි මිහිරියි.ඒ කාලේ කල දේවල් මතක් වුනාම තනියමත් හිනා යන අවස්ථා තියනවා.පාසලෙන් සමුගත්තම තමයි ඒ කාලේ අගය හොදින්ම හිතට දැනෙන්නේ.

      ආවට ස්තුතියි සාගරිකා

      Delete
  12. ඒකනං පට්ට........ මොන කුප්ප වැඩේ කරත් ඔයවගේ එකෙක් හිටියොත් කිසි ගින්නක් නැතුව ඔක්කොටම ගැලවෙන්න පුළුවන්........... සුපිරි ආ..........

    ReplyDelete
    Replies
    1. අපේ හිටියා පාවලා දෙන එකම එකෙක්.ඒ හැරැනම අනිත් උන් ටිකනමි ඔක්කොම එකවගේ.තව ඔය වගේ සිද්දී බොහෝමයි.වෙලාව අනුව දාන්න ඉන්නේ.

      මචං උඹ තවම අලුත් පෝස්ටි එකක් දැමිමෙ නැනේද ? දැමිම ගමන් ඒ පැත්තට එන්නමි.

      Delete
  13. උඹ ගහක අඹ තනියම කාල තියෙයිද නෑනෙ
    එහෙනං වැඩක් නෑ
    හැක්
    මරු පොර ඈ.. උං තමා සිරා ඩයල්. හික්ස්

    ReplyDelete
    Replies
    1. අඹ කන්න ගස් නැගලා අපිට උන සිද්ධියක් කැමාගේ ඇත්තටම මං ෆොටෝ ගන්න එකෙක්ද.. කියන පෝස්ටි එකේ කොමන්ටුවකට දැමිමා.ඒක මෙකේ දාන්න බැරි උනා.උඹලටත් ඒ වගේ මොකක් හරි ජරමරයක්වත් උනාද මචං.

      Delete
  14. ඔන්න බලාපල්ලා උඹලා අලුගුත්තෙරුවෝ ඌව දාලා ගියාට ඌ උඹලව බේරපු හැටි නියම කොල්ලෙක් වගේ

    ReplyDelete
    Replies
    1. අපේ එකා එන්න තව පරක්කු වුනානමි අපි ආයෙත් ඌව හොයාගෙන යනවා මචං.අපි දන්නවා අපේ එකා හොද වැඩ කාරයා කියලා.ඒහෙම එකෙක් හිටියම මුලු බැජ් එකටම ඇති.ඔය වගේ තව සීන්කොන් තියනවා.ඒවත් දාන්නමිකෝ.
      උඹෙ පෝස්ටි එකනමි සංවෙදීව හිතන්න යමක් ඉතුරැකරලා තියනවා.සුපිරිම සුපිරි සිතිවිල්ලක් ඒක.

      Delete
  15. අන්න සිරා හොරු.. එහෙම තමා ඉතින් කියන්න වෙන්නේ අන්තිමට..

    ReplyDelete
    Replies
    1. ඔහොම කොල්ලෝ සෙටි එකක් හැම ස්කුල් එකකම වගේ ඉන්නවා මචං.මෙ හැම එකෙක්ගෙම හිත හොදයි.ඇත්තෙන්ම හැම පැත්තෙන්ම සිරා චරිත.
      උඹ සෑහෙන දවසකින් මොනවත් දැමිමෙත් නැ අපිට ඒ පැත්තට එන්න.

      Delete
  16. එළ කොල්ලෙක්නේ!
    උඹේ මේ පාසල් සමයේ සුන්දර මතකයන් ලිපි පෙල අපිවත් අවුස්සනවා මචෝ. ඒකනං ඉතිං ආයෙ හෝදන්න දෙයක් නෑ සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මතක් උනාම ආයෙත් ඒ කාලේට යන්න තිබුනනමි කියලා හිතෙනව මචෝ.ඒ දවස් වල තිබුන සැහැල්ලුව,ගෙවපු සුන්දර කාලේ ආයේ හීනෙකින්වත් ලැබෙන්නේ නැ.ඒ කාලේ මතක් වුනත් ඇති දැනේන්නේ පුදුමාකාර හැගීමක්.

      Delete
  17. නියමයි ඉස්කෝලේ කතා තමයි මරු කතා

    ReplyDelete
    Replies
    1. මගේ ජිවිතේ ගෙවිලා ගිය කාලවලින් මට හොදටම දැනුන ආසමකරන කාලේ තමයි ඉස්කොලේ කාලේ.තව තියනව හොද හොද සෙල්ලමි.හෙමින් සැරේ දාන්නමි මචං.

      Delete
  18. හි.. හි.. හොරාගේ අම්මගෙන් නේ පේන අහලා තියෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි වුනේ.හොරැ අල්ලන්න බාර දුන්නෙත් හොරැන්ටමනේ .

      ආවට ස්තුතියි කුෂානි

      Delete
  19. ,මේක මං කලිනුත් ඇවිත් බැලුව බං.හැබැයි කමෙන්ට් කලේ නෑ.මේ කතාවම අපේ ඉස්කෝලෙත් තියෙනවා කොල්ලො අඹ කැඩුව කියල හිටං.

    ReplyDelete
    Replies
    1. ඔය වැඩෙ ඒ දවස්වල හැමතැනම වගේ හොදට නැගලා ගිය එකක්.ඔය සමාන නමුත් ටිකක් වෙනස් ඒවා මම අහලා තියනවා.ස්කූල්වල තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ.දැන්නමි ඔය වගේ දේවල් ආරංචි වෙන්නෙම නැ.

      උඹට කවුරැ හරි ඇනෝ කෙනෙක් දිගින් දිගටම කේස් දානව නේද ?.ජෙමාගේ එකටත් ගිහින් කේස් දාලා තිබුනා.කවුරැ හරි අසරණයෙක් ඉන්නවා මෙකේ මට පෙන්නේ.

      Delete
    2. ඇනෝ සමහරු පුදුම ට්‍රයි එකක් දාන්නෙ බ්ලොග් ලියන උං හලන්න. කාලයක් කකා, මාතලං වගේ අය පස්සෙ ගියා. දැන් හැලපෙයි විචාරකයි පස්සෙ යනවා.

      Delete
    3. ඒ ජෙනුඉන් ඇනෝල නෙවෙයි බංස්ල වරදවා තේරුම් ගන්න එපා.ලියාගන්න බැරි ප්‍රොපයිල්ලු ඇනෝ ඇවිත්.මට මොකද .

      Delete
  20. උඹට මෙව්වත් ලියන්න පුළුවන් නේ?

    අපේ ඉස්කෝලෙ එක සැරයක් තිබුණා මෙහෙම නීතියක්. පරක්කු වෙලා එන උං ගෙ නම් මුරකුටියෙ තියෙන පොතක ලියලා ඇතුල් වෙන්න ඕනෙ. ඕක අපේ වයිස් ප්‍රින්සිපල් කෙනෙක් වෙච්ච ජයතිස්ස සර් (කොටා) ගෙ අදහසක්. එයා ඒ කාලෙ අපිට ඉකොන් උගන්නනවා. දවසක් පොර අපේ පංතියට ඇවිත් කතා කර කර ඉද්දි කිව්වා,

    “අද අපේ ඉස්කෝලෙට පරක්කු වෙලා ආව අයගෙ නම් අතරෙ තිබුණනෙ, ඇන්ටන් බාලසිංහම්, වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන නම් දෙකත්. උං දෙන්නත් ඉස්කෝලෙ ඇවිත්...“

    ReplyDelete
    Replies
    1. ඒකතාවත් නියමයි ඩ්‍රැකි.
      එකම වර්ගයේ කොල්ලෝ සෙටි එකක් හැම ඉස්කෝලෙකම ඉදලා තියනවා මචං,ඒ කාලේ ඒකනේ අපිට ඉස්කෝලේ යන්නත් ආසා හිතුනේ.ඉස්සර අපි හරි සැහැල්ලුවෙන් හිටියෙත් එක නිසාමයි.ගුරැවරැ යාලුවෝ අතරේ අපිට වෙනම ලෝකයක් තිබුනනේ.නමුත් දැන් ටිකක් එන්න එන්නම තත්වෙ වෙනස් වෙනවා.ලමයින්ට පාසල් ජීවිතය නීරස වෙන තරමටම බොහෝ දේවල් වෙනස් වෙලා.අනික සැහැල්ලු පාසල් ගමනක් වෙනුවට ඒකත් මහ පීඩනයක් වෙලා.

      Delete
  21. පාසල් ආතල්....මරු මරු.....

    ReplyDelete
    Replies
    1. මෙ ලගදි අවුරැදු ගනනාවකට පස්සේ ඉස්කෝලෙට ගියා ස්කූල් නිවාඩු දවසක.පරන අතිතයට හිත ගියාම ඇස්වලට කදුලුත් ආවා මචං.අමිමයි තාත්තයි දකිනවා වගේ හැගීමක් දැනෙනවා ඉස්කෝලේ දැක්කම.අපේ ජීවිතේ මුල් අවධියම ගෙවුන සුන්දර පාරාදිසයක් වගේ තැනක් ඉස්කොලේ කියන්නේ.

      මෙ පැත්තට ආවට ස්තුතියි.හැමදාම අපිත් එක්ක ඉමු.

      Delete
  22. හොරුන්ගෙත් හොරු අර මක්කද හොරු කියනවනේ. කතාව මරු

    ReplyDelete
    Replies
    1. ඒහෙනමි ඒහෙනමි.
      දවසක් ඉස්කෝලේ වත්තේ වරකා වගයක් කඩලා අහුවෙලා ඔෆිස් එකට ගේන්න කියලා ප්‍රින්සිපලුයි ගුරැවරැයි ඒක අපිටම කියලා කපාගෙන කෑවා.අපිට නිකමටවත් එක කෑල්ලක් දුන්නේ නැනේ.එදා දුන්න දඩුවම ඒක.

      නලීන් අයියේ ස්තුතියි මෙ පැත්තට ආවට.

      Delete
  23. අන්න නියම දේශපාලනයට සුදුසු පොරක්.
    මොනව උනත් උගේ ස්තානෝචිත මෙවුව එකනං නියමයි.

    අපිනං ඉස්කෝලෙ හොරෙන් කෙසෙල් කපල තියෙනව උනාට කවදාවත් අහු වෙලා නෑනෙ.

    ReplyDelete
    Replies
    1. උඹ ආවද සුදා.මම ඒත් බැලුවා උඹ මොකද තවම පරක්කු කියලා.
      උගේ ස්තානෝචිත එක නොතිබුනනමි මගේ නායක බැජ් එකත් ගැලවෙනවා.
      මම උඹෙ බිලොග් එක පැත්තට ගියා.සෑහෙන දවසකින් පෝස්ටි එකක් දාල නැනේ.දාමුකෝ මචං මොකක් හරි

      Delete
  24. සුපිරු හොරු?
    ජයවේවා මචෝ....!

    ReplyDelete
    Replies
    1. වැස්සත් අරගෙන ආවට ස්තුතියි මචං
      ජයෙන් ජය

      Delete
  25. ඕවගේ එකක් කරන්න කල්පනා වෙනවා කියන්නේ හොඳ ස්ථානෝචිත ප්‍රඥාව තිබ්බ කෙනෙක්. දැන් කොහෙද දන්නේ නැහැ ඉන්නේ.
    http://nelumyaya.com/?p=4360

    ReplyDelete
    Replies
    1. එහෙනමි අපේ හොරා නෙලුමි යායටත් ගියා.කොල්ලා මැනේජ්මන්ටි ඩිග්‍රියක් කරලා කමිපැනි එකක ලොක්කෙක් වෙලා ඉන්නේ දැන්.
      අජිත් අයියගේ අලුත් ලියුම බැලුවා.අද ඒ පැත්තට ආයෙත් එන්නමි කොමන්ටුවක් දාලා යන්න.
      ආවට අදහස් දැක්වුවාට ස්තුතියි අජිත් අයියේ.

      Delete
  26. අන්න නියම යාළුවෝ...
    ලස්සන කතාව...
    ඕනම සිංහල අකුරක් මේකෙන් ලියාගන්න පුළුවනි.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    ආයුබෝවන් ! සුරංග බංඩාරේ

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ගීතිකා
      මම ඒ ලින්ක් එකට ගියා.මට ගොඩක් ප්‍රයොජනවත්

      ස්තුතියි ආවට,අදහස් දැක්වීමට,උදවි කලාට

      Delete
  27. යකඩෝ....මුන් බොලන් හොරු.....
    තැබිලි බාලා පිනාගෙ නමත් විකුනලා ඇවිත් තියෙන්නේ....
    මරු ඈ....
    තව කතා තියේ නම් දාන්ට....
    පාසල් කාලේ ගැන කියලා නිම කරන්න බෑ කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ...

    ReplyDelete
    Replies
    1. වසනාවන් වාසනාවන් උඹ ආවද.උඹෙ පෝස්ටි එකනමි එළකිරි.
      අපේ උන් එකා එකා ඒ පැත්තට කැන්දන් යමු.එකෙත් කියවන්න දේවල් බොහෝමයි.
      ඒහෙනමි සදා වාසනාවන්

      Delete
  28. හරි හොරා අහුඋනා :D කෝ ප්‍රින්සිපල් නැද්ද ගිහින් කේලමක් කියල එන්න :D

    ReplyDelete
    Replies
    1. සැහෙන දවසකින් නොවැ
      ප්‍රින්සිපල් දැන් විශ්‍රාම ගිහින් ඉන්නේ.
      අපිනමි හොරැ නෙවෙයි අපි හොඳම හොඳ ළමයි.

      Delete
  29. ඔන්න ඉතින් විභීෂණ ත් ගොඩබැස්ස කියහන් කෝ...
    ---------
    පොස්ට් එක ටොපේ ටොප්...
    අනිවා ඉස්සරහටත් එන්නම්,...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං ආවට.අනිවාර්යෙන්ම ඉදිරියෙදිත් අපිත් එක්ක ඉමු.

      එහෙනමි ජයෙන් ජය

      Delete
  30. දැන් ඔය ප්‍රින්සිපල්ගේ නම සහ ගුරු මණ්ඩලයේ නම් ටික ලියල දුන්නු පොර මොකද කරන්නේ? පොර හෙන creative පොරක් වෙන්න ඕන කිසිම කලබලයක් නැතුව වැඩේ ගොඩදාගන්න .

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැ බං පොර ගැනනම්. අපි ඕ වෙලක් කරපු කාලේ විෂයන් අටනේ බං තිබුනේ.අපේ එකා විෂයන් අටටම විශිෂ්ඨ සම්මාන.උසස් පෙළ A තුනයි.මැන්ජ්මන්ට් ඩිග්‍රියක් කලේ.හොද ජොබක් එහෙම සෙට්වුනා.
      අනිත් හැම යාලුවෙක්ම උසස් පෙළින් පස්සෙත් නිතර මුන ගැහුනත් මෙ යාලුවනම් අපිට දැන් මුන ගැහෙන්නේම නැති තරම්.අලුත්ම විස්තර දන්නෙත් නැ.

      Delete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි