සැගවුනු මුහුනු

        ලිපියක් පලකරලා සතියක්ම ගෙවිලා ගියා.අලුත් ලිපියක් පලකරන්න හිතාගෙන හිටියත් ඒකත් ටිකක් අතපසු වුනා.එකදිගටම වීඩියෝ කිහිපයක් සංස්කරණය කරන්න වීම නිසා සමහර දිනවල රාත්‍රි දොලහ පමන වනතෙක්ම නිදිමරමින් අවදිවෙලා ඉන්නත් සිදුවුනා.ඒ අතරේ  උපාධි පංතිවල සිසුන් වෙනුවෙන් නිබන්ධන කිහිපයක් සකස් කරන්නත් සිදුවුනා.ගමන් බිමන් බහුලවීමත් කෙටි කාලයකදි වැඩිපුර කාර්යන් කිහිපයක් අවසන් කරගන්නට සිදුවීමත් නිසා විවේකයක් ඇත්තෙම නැති තරම්...

ඔන්න ඔය වගේ කාර්ය බහුල වුනත් ලිපියක් පලකරන එකත් අතපසු කරන්න බැ.අද ලිපියක් පලනොකර මගේ පිංතූර එකතුවේ තියෙන පිංතූර කිහිපයක් පලකරන්න හිතුවා.මේ පිංතුර වල අමුතුම ආකාරයක කලාත්මක බවක්,ලස්සනක් වගේම වෙනසකුත් තියනවා.බලන්න ඒ වෙනස ඔබෙත් සිත්ගන්නවද කියලා....








     හොද අවධානයෙන් බැලුවොත් මේ පිංතූර සෑම එකකම සැගවුනු මුහුනු කිහිපයක් තිබෙන බව ඉතා පැහැදිලිව පෙනේවි.මේ පහත ඇති පිංතූරයේ ඇති සැගවුනු මුහුනු ප්‍රමානය දහහතරක් (14)  වෙනවා.බලන්න ඔබට ඒ මුහුනු සියල්ලම සොයාගන්න පුලුවන්ද කියලා.....


********************
ප/ලි

ඉතා ඉක්මනින් මෙම පිංතූරයේ ඇති මුහුනු දහහතර සහිත පිංතූරය පලකරනවා.ඒ නිසා කොමන්ටුවලට රිප්ලයි නොකර ඒ වෙනුවට ඒ පිංතූරයම පලකරන්නම්......

************************************************

ඔන්න එහෙනම් පහලම පිංතූරය දැම්මා.අශ්වයෝ දෙන්නයි,අශ්වයා උඩ ඉන්න මිනිසාගෙයි මුහුනු නැතිව තමයි මේ 14 පෙන්නේ.



දිනක් ඇතුලත 250 කට ආසන්න පිරිසක් පිංතූර ටික නරඹා තිබුනත් කිහිප දෙනයි පිලිතුරක් ලබාදිලා තිබුනේ

53 comments:

  1. Replies
    1. ඉතුරු හයටත් පොඩි ට්‍රයි එකක් දෙමු

      Delete
  2. අපූරු ඡායාරූප තමයි. යටම එකේ මුහුණු පහක් හරියටම අදුන ගත්තා.

    ReplyDelete
    Replies
    1. අර ගස් අස්සේ ටිකක් බැලුවොත් අනිත් ටික පැහැදිලිව පේනවා.

      Delete
  3. මාරයි. පළවෙනි එකේ තියෙන මූනු හොයන්න ගියොත් පිස්සු හැදෙනව.

    ReplyDelete
    Replies
    1. පලවෙනි එකේ මූනු හොයලා මට එපා වුනා..
      ඒකේ මට පෙනුන ටික දාන්නම්

      Delete
  4. මටත් අජිත් කුමාර කියපු දේම තමා කියන්න වෙන්නේ 1 වෙනි පින්තූරය ගැන...
    14ක් නෑ බොල 13 තියේ ඒකත් අශ්වයෝ දෙන්නගෙයි,එකෙක් පිට ඉන්න මනුස්සයගෙයි මූණු එක්ක හැක්.... දාමුකෝ විගහින් පින්තූරය

    ReplyDelete
    Replies
    1. අශ්වයෝ දෙන්නගෙයි පිටේ ඉන්න මනුෂ්‍යාගෙයි මුහුණු නැතිව මුහුණු 14 ක් තියනවා ශානු අක්කේ.මමත් මේක හොයාගන්න මාර කට්ටක් කෑවේ.හෙටත් මේක තියලා අනිද්දටම දාන්නම්...

      Delete
    2. නැතුව දහ තුනක් තියෙනවා.... හෙණ ගේමක් දුන්නා.. අනික බෑනේ....

      Delete
  5. 14 ට වැඩියි. මට 16ක් පෙනෙනවා...... මට පිස්සු වත් ද

    ReplyDelete
    Replies
    1. මිනිස් මූනයි,අශ්වයන්ගේ මූනූ දෙකයි ගත්තම 17 ක් වෙනවා.ඒවා නැතිව තමයි 14 වෙන්නේ.උඹට ඒවත් එක්කද 16 ක් ආවේ..තව මූනු වගේ පේන ඒවා කිහිපයක් තියනවා.ඒත් ඒවා ඒතරම් සම්පූර්න නෑ.

      Delete
  6. පලවෙනි රූපය නම් ඉස්තරම් . අන්තිම එකේ යන්තම් මූණු හයක් හොයාගත්තා

    ReplyDelete
    Replies
    1. පලවෙනි එකේ සජීව් බවක් තියනවා.ඒක නිසාමද වෙන්න ඇති අනිත් ඒවට වඩා ලස්සන....

      Delete
  7. අන්තිම චිත්‍රයේ මූණු 9 ක් හොයාගත්තා. ඉතාම අගනා නිර්මාණයක්. ලොකු බිත්තියක් අලංකරණය සඳහා කදිමයි.

    ReplyDelete
    Replies
    1. පලවෙනි එක පැහැදිලි හින්දා ඒකනම් බිත්තියට ලස්සනට තියේවි.

      Delete
  8. මම 5 යි..
    එල ද බ්‍රා පිංතුඑ ටික

    ReplyDelete
    Replies
    1. කැමයි,මදාවියයි,අහසින් යන්නයි තවම උත්තර දීලා නෑ....
      කැමාට එකක්වත් හොයාගන්න බැරි වෙනවා.....
      මදාවියාට ඇල්කොහොල් වැඩිවෙලා ඩබල් වෙලා පේන්නේ..
      කසුනා උත්තර දැම්මට පස්සේ කියයි මමත් ඕකමයි කියන්න හිටියේ කියලා...

      Delete
  9. තුන්වෙනි එකේ නමයක් පේනවා...ඒ ඇති...:D

    ReplyDelete
    Replies
    1. නමය නපුරුයිලු...
      ගස්වල අතුකොල වලින් තමයි අනිත් පිංතූර ටික හැදිලා තියෙන්නේ....

      Delete
  10. දාහතරක් ???? නෑ.................

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නෑ නෙවයි බොල තියනවා......ඔන්න බලහංකෝ හෙට දාපුවම...

      Delete
  11. පලමු පින්තූරයේ මූණ ඔයාගෙ වගේමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ බැබුන් කෙනෙක්ගේ වගේද.....

      Delete
  12. පලමු පින්තූරයේ මූණ ඔයාගෙ වගේමයි.

    ReplyDelete
    Replies
    1. අපේ කම්මල මලය වගේ කොමන්ටු දෙකක් දාලා මොකද?...


      Delete
  13. ඔහේම ගනංකරල දාන එක හොඳයි වගේ. හැක්..

    ReplyDelete
  14. දහ තුනක් තියෙනවා.. අැතුළෙන් ස්ක්‍රීන් ඒකේ පේන මගේ මූණක් ඒක්ක දා හතරයි... හැක්

    ReplyDelete
    Replies
    1. තව එකයි එහෙනම් මදිවෙලා තියෙන්නේ.ස්ක්‍රින් එකෙන් පේන චින්පන්සි මුහුන ඔට්ටු නෑ

      Delete
  15. නියම පින්තූර ටික........... ලස්සනයි.............. මූණු නම් ගණන් කරේ නෑ..............

    ReplyDelete
    Replies
    1. මමත් ඔය ටික සේව් කරගත්තේ ලස්සන හින්දා....

      Delete
  16. පිංතූර තුනෙම , අර උඩ එකේ වලාකුළු වල සත්තුන්නෙ මූණුත් එක්ක නං 14 කවුන්ට් කරන්න පුලුවන්.. ඒත් එහෙම බෑ නේද.. උඩම එකෙමිනිස් මූණු දෙකයි දැක්කෙ

    ReplyDelete
    Replies
    1. උඩම එකේ ඒවත් එක්ක තමයි මචං...ඒකෙනම් මටත් හරියට හොයාගන්න බැරි උනා..
      අන්තිම එකේනම් ටක්කෙටම දන්නවා....

      Delete
  17. 10 ක් හොයාගත්තා....
    ඉක්මනින් දාහන්කෝ එහෙනම්
    වෙනස් වැඩක්...
    ජයවේ මනෝ

    ReplyDelete
    Replies
    1. තව ටිකයි මදි වෙලා තියෙන්නේ.....
      ජයෙන් ජය මචං

      Delete
  18. මට පෙනුනෙ මුහුණු 12 .

    මනෝ අහල තියනවද conceptual art කියල එකක් මමත් අහම්බෙන් දැක්කෙ. ඔය වගේ පින්තූර හොයාගෙන යද්දි conceptual photography කියල ගූගල් කලාම හරි නිර්මාණශීලි පින්තූර බලාගන්න පුළුවන්.හරියට පින්තූර කතා කරනවා වගේ.

    මේ එක link එකක http://photography.tutsplus.com/articles/70-imaginative-examples-of-conceptual-photography--photo-5977

    තව ලස්සන පින්තුර තියනවා නිදහසේ හොයල බලන්නකො :)

    ReplyDelete
    Replies
    1. ලගටම ඇවිල්ලා තව දෙකයි මදි....
      සර්ච් කරලා බැලුවා.ඒ පිංතූර ලස්සනයි.....

      Delete
  19. දැන් ඉතින් හොයපන්කෝ.............
    අයියෝ මනෝ මගේ ඇහේ පොටත් ගියා.......

    ReplyDelete
    Replies
    1. අද පිංතූරය දාන්නම් කියලා හිටියේ...ඒක්කෝ හෙටම දාන්නම් මචං....ගොඩක් අය තවම මේක බලාගෙන යනවා..

      Delete
  20. ඩවුංලෝඩ් කරලා සූම් කොරන්නත් එපෑ බං. ඔය උඩහම එකේනං මූණු වගේම සත්තුත් බරගාණක් ඉන්නවා. උඹට මතකද ඩූඩයියා දාපු මේ පෝස්ට් එක?
    http://bluejeansntshirts.blogspot.com/2015/07/131.html

    ReplyDelete
    Replies
    1. ඩුඩයියාටත් මාර ඒවනේ පේන්නේ..
      ටයිල් අල්ලන්න කලින් ගන්නකොට ඩූඩයියා එකතු කරගෙන යන්න ඕන කියලා හිතුනා ඒ ක බැලුවම

      Delete
  21. ලස්සන පිංතූර ටික... ඒ කාලේ ප්‍රශ්නෝත්තර පොත් වලත් උත්තරේ ලියන්න කලින් උත්තරේ බලල ඉන්න පුරුද්දක් මට නං තිබ්බේ. එක නිසා උඹේ උත්තරේ බලල පිංතූර ටික බැලුවම මට නං ඔක්කොම පෙනුණා...

    ReplyDelete
    Replies
    1. සජ්ජා..
      උඹ මාර දක්ෂයෙක්නේ බං..ඔක්කොම හොයාගෙන..

      මමත් ප්‍රශ්නොත්තර පොතක් ගත්තම මුලින්ම බලන්නේ උත්තර පිටුව...
      තේරවිලි පොතක් ගත්තොත් තේරවිල්ලටත් කලින් උත්තරේ බලනවා....

      Delete
  22. මූණු ටික නම් ඔක්කොම පෙනුණා... වැඩිපුරත් එකක් පෙනුණා... හැබැයි තවත් මුහුණක කොටසක් එක්ක...
    පුංචි කාලෙ ඉඳන් මට පුරුද්දක් තිබුණා බිත්තිවල තීන්ත අවර්ණ වුණු, පළුදු වුණු, කුණු තැවරුණු තැන් දිහා බලලා පැන්සලෙන් මූණු මතුකරගෙන අඳින්න. හොඳ වෙලාවට ඒ මූණු දිහා බලලා හිනාවුණා මිසක් කවුරුවත් මට බැන්නෙ නැහැ. මම තවමත් ඒ දේ කරනවා :D
    ආයුබෝවන් ! සුරංග බංඩාරේ

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ගීතීකා
      තව මහුණු තියනවා.සම්පුර්ණයෙන්ම පේන්නේ නැති එක විතරයි වෙනසකට තියෙන්නේ.අර උඩම එකේනම් කීයක් තියනවද කියලා හොයාගන්න බැරි උනා.ඒකේ මම දැක්ක ටික වෙනම ලකුනු කරලා දාන්නම්කෝ...

      Delete
  23. මෙව්වා ඇහේ පොට යන වැඩ අප්පා ...

    ReplyDelete
    Replies
    1. එහෙනම්...එහෙනම්..වෑල් එක ගෙවෙනවා....

      Delete
  24. පලවෙනි එකේනම් මුණු 15 විතර පේනවා. ඉලනගේ දෙක නම් ලේසියි. දෙවෙනි එකේ බට නලාව අතින් වාදනය කරන එක අපුරුයි.

    ReplyDelete
    Replies
    1. මටත් පලවෙනි එකේ හොයාගන්න තමයි අමාරු වුනේ.පලවෙනි එකේ මම දැක්කෙත් මූනු 15 යි..

      ආවට ස්තුතියි අජිත් අයියේ

      Delete
  25. //මේ ඒ පැත්තේ ඇවිත් පලයං හම ගහන්න කලින්..//

    බයට අාවෙි...
    ෆලෝවක් දැම්මාාාා !!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නේ.තර්ජනය කරන්නේ නැතිව මොකුත් කරගන්න බෑ කියලා.මම උඹේ පෝස්ට් මුල ඉදලම කියවගෙන ආවා.තව ටිකක් තියනවා කියවන්න.

      Delete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි