පාසලේ රසකතා


ඔන්න මේ වතාවෙත් පාසල් සමයේ සුන්දර මතකයන් කිහිපයක් ඔබත් එක්ක බෙදා හදාගන්නයි සූදානම් වෙන්නේ.පාසලෙන් සමුඅරගෙන දැනට වසර පහලොවක වගේ කාලයක් ගෙවිලා ගිහින් තිබුනත් ඒ රසවත් සිදුවීම් නම් අද ඊයේ වගේ මතකයට නැගෙනවා.ඔය මතක ගොනුවේ ඇති සමහර සිදුවීම් වලට අපේ පාසලේ විදුහල්පතිතුමාත් සම්බන්ධයි.වැඩිය අටුවා ටිකා ටිප්පනි නැතිව මේ කතා ටිකත් කියවලා බලලම රස විදිමුකෝ එහෙනම්.


නයා
****
සාමාන්‍යයෙන් පාසල් කාල සටහනේ පලවෙනි සතියේ සිකුරාදා දිනය වෙන්වෙලා තිබුනේ පාසල් සාහිත්‍ය සමීතිය පැවැත්වීම වෙනුවෙන්.සමීතිය දහවල් 1.00ට ආරම්භ කලාම අවසන් වෙන්නේ 1.45 විතර.එදත් සිකුරාදා දවසේ පාසලේ සාහිත්‍ය සමීතිය ආරම්භ වුනා.සිසුන් දෙදහසක පමන පිරිසකගෙන් ප්‍රධාන රැස්වීම් ශාලාව පිරිලා තිබුනා.සමීතිය ආරම්භ කරලා පැය බාගයක පමන කාලයක් ගතවෙලා ගියා.අපේ පංතිවල ලමයි වාඩිවෙලා හිටියේ පසුපසම තිබුන ආසන වල.සමීතිය ආරම්භවුන වෙලාවේ ඉදලම පිටිපස්සටම වෙලා සමීතිය දැන් ඉවරවෙයි,දැන් ඉවරවෙයි, කියන බලාපොරොත්තුවෙන් පුල පුලා  මගබලාගෙන ඉන්න අපේ බුවලා තමන්ට ඉදිරියෙන් ඉන්න අනිත් පංතිවල සිසුන්ට මොකක් හරි අලකලංචියක් කරන්නත් අමතක කරේ නම් නැ.අලකලංචි කිරීම සම්බන්ධයෙන් නම් දරාපු කුකුලා කියන නම්බුනාමයෙන් හදුන්වපු අපේ එකෙක් මට එහා පැත්තේ ඉන්න අපේ නාමලයට කතා කරන්නේ ඔය අතරේ


මචං නාමල් උඹ අද අරන් ආවා නේද රබර් සර්පයෙක්..ඒකා දීපංකෝ ටිකකට......

මචෝ පිස්සු කෙලින්නම් එපා...උඹට ඕනනම් පස්සේ දෙන්නම් දැන්නම් බැ.....

එහෙම මගුලකට නෙවෙයි බං,දීපංකෝ ඒකාව.....

ම් ඉදා..හැබැයි ඉක්මනට දීපං......


නාමලයා අද ඉස්කෝලෙට අරගෙන ආව අඩියක් විතර දිග රබර් සර්පයා කුකුලට දුන්නේ පිස්සුවක් කෙලින්නේ නැතිවෙයි කියන විශ්වාසයෙන්මයි.හොදට වට පිට බලපු කුකුලගේ ඇස් දෙක ගියේ එහා පැත්තේ පුටු පෝලිම් වාඩිවෙලා හිටිය ඌ ඒ වෙනකොට ට්‍රයි කර කර හිටපු උගේ කෙල්ල දිහාවට.කුකුලගේ අතින් ගුවන් ගත වුන රබර් සර්පයා හරියටම ගිහින් ගොඩබැස්සේ උගේ කෙල්ලගේ උරහිසමත්තට.


...අම්මෝහ්....නයෙක්....


මුලු ශාලාවටම ඇහෙන්න  කෙල්ල බෙරිහන් දෙද්දි  ඒවෙනකොට වේදිකාවේ කවියක් කිය කිය හිටපු පොඩි පංතියක කොලු පැටියා බයවුන පාරට කවියත් නවත්වලා ගල්ගැහිලා වගේ බලගෙන ඉන්නවා.ගුරැවරැ දෙතුන් දෙනෙකුත් අපි ඉන්න පැත්තට ඉක්මනින් ආවේ මොකක්ද මේ කලබලේ කියලා බලන්න.ඒ අතරේ කුකුලගේ ප්‍රියම්බිකාවත් ඔලුව දෙපරන්ද අස්සේ හංගගෙන වැලහින්නක් වගේ අඩනවා.


"මොකද ළමයෝ උනේ...ඇයි කෑ ගැහුවේ.?" ඒ ප්‍රශ්නය ගුරැ මෑණිකෙනෙකුගෙන්


කෙල්ලෝ හැමෝම මීයට පිම්බා වගේ ඉන්නවා මිසක් උනේ මොකක්ද කියලා කියන්නේ නැ.බිම වැටිලා හිටපු රබර් සර්පයා දැක්ක විද්‍යාව උගන්වන අපේ ගුරුතුමියක් ඌව අතට අරගෙන එහෙට මෙහෙට හරව හරව බලනගමන් විද්‍යාත්මක පර්යේෂණයක් කරනවද කොහේද.කොහොමින් කොහොම හරි අන්තිමට රබර් සර්පයා ප්‍රධාන වේදිකාවටත් ඉන්පස්සේ විදුහල්පතිතුමන්ගේ අතටත් සම්ප්‍රාප්ත උනා.ඉන් පස්සේ විදුහල්පතිතුමා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අපි අමතන්න පටන්ගත්තා.


....කවුද මේ වැඩේ කරපු ගොන් බූරැවෝ...ඔය පිටිපස්සේම පුටුවල ඉන්න ලොකු පංති වල එවුන් වරෙව් මෙහාට...අද මම තොපිව මකනවා..වරෙව් ඉක්මනට........


අපි පිරිස ඒකා පස්සේ ඒකා ඉතා ශාන්ත ගමනින් වටපිටවත් බලන්නේ නැතිව වේදිකාවට ගොඩවුනා.අපි දන්නවා තව සුලු මොහොතකින් අපේ විදුහල්පතිතුමා පාසලේ ලමුන් හැමෝම ඉදිරිපිට අපිට කිරැලු පලන්දලා අපිව අභිෂේක කරන්න හදන්නේ කියලා.මේ වගේ ගෞරවණීය අවස්ථාවක් අපිට උදාකරලා දුන්න කුකුලා ගැන අපි හැමෝගෙම හිත්වල ඇතිවෙලා තිබුනේ පුදුමාකාර ගෞරවයක්.

....මොකාද මේක කරේ ඇත්ත කියාපියව්...

ඒ අභිත සිංහනාදය විදුහල්පතිතුමාගෙන්........

කවුද මේ අතිඋදාර සත්ගුණවත් සූරවීර ක්‍රියාව කලේ කියලා හෙලිකරන්න අපි කවුරැවත්ම සූදානම් උනේ නැ.මොහොතකින් මේ මෙහෙයුමේ මහා මොළකරු තමන් කියලා පිලිගත්ත කුකුලා විදුහල්පතිතුමා දෙසත් වේදිකාවෙන් පහල ඉන්න සිසුන්  දෙසත්බැලුවේ ලජ්ජාව මුසු උදාර බැල්මකින්.අපිව නිදහස්කල විදුහල්පතිතුමන් කුකුලගේ පිට මැද්දට හෙනගහනව වගේ පාරවල් දෙක තුනක්ම අතහරින්න අමතක කලේ නැ.වැඩේ ඉවරයි කියලා හිතුවට එතනින් ඉවර වුනෙත් නැ.සමීතිය අවසන් වෙනකමිම වේදිකාව උඩ දණගහගෙන රබර් සර්පයාවත් කටින් එල්ලගෙන ඉන්න අපේ කුකුලට සිද්දවුනා.



තදියම
***************************

මේක සිද්ද වුනේ පාසලේ ස්පොර්ට්මීට් පැවැත්වෙන දවස්වල.අනිත් දවස්වලට වඩා නිදහස වැඩිපුර ලැබෙන දවස් කිහිපයක් නිසා පුංචි නිදහසත් මොනවහරි අසමජ්ජාති වැඩකට යොදාගන්න අපේ උන් පසුබට උනේ නැ.මමයි අපේ තව දෙන්නෙකුයි පාසලේ විද්‍යාගාරයට ටිකක් එහායින් තිබුන පඩිපෙල දිගේ පහලට බැහැගෙන එනවා.ඔය අතරේ තියනවා අතහැරලා දාපු පාසලට අයිති පරන වැසිකිලියක්.

"ඒයි මේ තියෙන්නේ පොට් එක....වරෙන් වරෙන් ඉක්මනට යමු''.කියපු දිගා යන අනවර්ථ නාමයෙන් හදුන්වන අපේ එක් මිත්‍රයෙක් අපි දෙන්නවත් ඇදගෙන පරන වැසිකිලය පැත්තට ගියා..


...මොකද බං මේ උඹ එකවරම කුලප්පුවෙන් වගේ ?...


දිගා මේ තරමි හදිසියේ මොකක්ද කරන්න හදන්නේ කියලා හිතාගන්න බරිවුන මම උගෙන් එහෙම ඇහුවා........


ලොකු දෙයක් නෙවෙයි බං.සිගරට් එකක් තියනවා ඒක ගහන්න.මේක ටොයිලට් එක ඇතුලේ ගහපුවම කාටවත් පෙන්නේ නැනේ බං.........


මචෝ මමනම් ඔය වැඩේට එච්චර කැමති නැ...කමක් නැ උඹලා ගහනකම් මමත් ඉන්නම්.........


මාරැවෙන් මාරැවට සිගරට් එක ගහමු කියලා අජියත් එක්ක යෝජනා කරගත්ත දිගා සිගරට් එක පත්තුකරගෙන හෙමින් සීරැවේ වැසිකිලියට රිංගගෙන දොර වහගත්තා.විනාඩියක වගේ කාලයක් ගෙවිලා ගියා.විදුහල්පතිතුමත් අපි බැස්ස පඩිපෙල දිගේම බැහැගෙන අපි ලගටම ඇවිත් කියලා අපි දැනගත්තේ එතුමා අතේ තිබුන වේවැලෙන් අපේ පිටට තට්ටුවක් දානකොට.අපි දෙන්නට පැත්තකට වෙන්න කියලා සංඥා කරපු විදුහල්පතිතුමා වැසිකිලිය ලගට ගිහින් වැසිකිලි දොරට දොපාරක් තට්ටු කලා.ඒ එක්කම වැසිකිලිය ඇතුලේ ඉන්න දිගා මෙන්න මෙහෙම බෙරිහන් දෙන්න පටන්ගත්තා.


හිටපං බං හදිස්සි වෙන්නේ නැතිව..තව ටිකයිනේ ගැහැව්වේ...G අකුර ලගට ගහලා දෙන්නමි...............


ආයෙත් විදුහල්පතිතුමා දොරට තට්ටුවක් දැම්මා


හිටපන්කෝ හු....... හදිස්සි නැතිව..හරියට කවදාවත් ගහලා නැ වගේනේ බං..ආතල් එකේ ගහමු මචං හදිස්සි වෙන්නේ නැතිව..........


තුන්වැනි වතාවෙත් විදුහල්පතිතුමා වැසිකිලි දොරට තට්ටුවක් දැම්මා


ආ ඉදා ඉදා ගහපංකෝ.....ගහලා මට ආයෙත් දීපං හරිද...

එහෙම ලොකු සද්දයක් දාපු අපේ දිගා දොර ඇරගෙන එලියට ආවා සිගරට් එකත් ඉස්සරහට දික්කරගෙන.සිද්ධවෙන්න යන මහා ඛේදවාචකය තවදුරටත් බලාගෙන ඉන්න  බැරි අජියයි මමයි අනිත් පැත්ත හැරිලා කට අතින් වහගෙන හිනාව තදකරගත්තා.ඒත් එක්කම අපි දෙන්නට මෙන්න මේ වගේ ශබිදයක් ඇහුනත් අපි ඒ පැත්ත හැරිලාවත් බැලුවේ නැ....


 ..චටාස්...පටාස් ...තග් ...තග් ..තග්..

-----------------------------------------------------------------------------------------------

ප/ලි

(විදුහල්පතිතුමා යන්න වෙනුවට පිනා යන වචනය යෙදුවේනමි කතාව තවත් සමීපව රසවත්ව දැනෙන්නට ඉඩ තිබින.එහෙත් අප නිසි මගට යොමුකල එතුමන්ට හා අපහට සිප්සතර ලබාදුන් දුන් අප ගුරුදෙමාපියන්හට අපහාස උපහාස වන අන්දමෙන් ලිපිය ලිවීමට සිත්නොදුන්න බැවින් එම වචන ගෞරවණිය ආකාරයෙන්ම යොදන්නට යෙදින.)

102 comments:

  1. එල එල. අද මමයි එක. හිටහං කියවනකල්.

    ReplyDelete
    Replies
    1. හරි හරි කියෙව්වා. එල කතා දෙක. මට මැවිල පේනවා අරූ විදුහල්පති තුමාට සිකරට් එක දික්කරගෙන ඉන්න එක.

      Delete
    2. එකටත් ඇවිල්ලා ටිකක් දාලා සේප් වෙලා ගිහින් නේද.හිටුකෝ මම අල්ලගන්නම් උඹව.

      Delete
    3. මේ ඇවිල්ලම ඉන්නෙ උඹ ලඟටම. ඉතින් අල්ලගනින්කො. කෝ අල්ලහං ඉතින්. කෝ කෝ මම මෙහෙ. මේ මේ මෙතන බං.

      හිටහං මමත් මේ ඉස්කෝලේ ගත්ත ආතල් ලියන්න හදනවා.

      මාරු වෙන්නෙ නෑ බං සැරෙන් සැරේ එනවා.

      Delete
    4. උඹ දැන් සතියකින් විතර අලුත් පොස්ට් එකක් දැම්මේ නැ.අලුත් එකක් දාපං අපිට ඒ පැත්තට එන්න.

      Delete
    5. නරක තැන් වලින් එහෙම අල්ලලා අහු වෙන්න එපා හරිය..

      Delete
    6. කසුන් කොලුවගේ පෝස්ටි එක බලන්න ගියා බං.මදාවියාගේ බිලොග් එකටත් දැන් ගිහින් ආවේ.පාලුවට ගිහින් ඒක.අප්පේ දුකේ බැ.කොහොම තිබුන බිලොග් එකක්ද අප්පේ.දැන් මල ගෙයක් වගේ.

      Delete
    7. කසුනත් බලලා කැමත් බලලා ආවේ හෙටින් මධුවගේ දවස 4 ඉවරයි හෙට එයි කියලා බලාගෙන ඉන්නවා..

      Delete
    8. මධාවියා නැතුව වැඩක් නෑ බං. කටකැඩිච්ච කතාවක් කියන්න විදිහකුත් නෑ. ඒක නෙවෙයි ඌ එනකොට දොදොල් පට්ටයක්වත් ගෙනෙයිද...?

      මාත් ගියා ඔන්න කසුගෙ එකට ආපහු. කසුනා මීට වඩා ලියන්න පුළුවන් එකෙක්. ඒත් ඌ ලියන්න හොරයි වගේ. මනෝ උඹත් එහෙමයි.

      Delete
    9. මෙන්ඩා,කැමා
      මදාවියා එක දවසක් නම් කමක්නැ.දවස් හතරක්ම මිසින් වුනානේ.කැමරා හොම්බත් සෑහෙන දවසකින් නැ.මෙන්ඩත් පහුගිය ටිකේම හිරවුනා.එකෙක් හරි අඩුවුනාම ඒක මාර විදියට දැනෙනවා බං.

      කැමා
      දවස ගානේ දාන්න මනෝවිද්‍යා ඒවනම් තියනවා බං.ඒවා ඒ තරම්ම සාර්ථක නැ.භාෂාවත් පට්ට පරන විදියට ලියන්න ඕන.අර නානව බලපු සිද්දිය දන්නේ උඹලා තුන්දෙනා විතරනේ.මොකද ඒක තව ටිකක් පට්ට විදියට රසකරලා දැම්මොත්

      Delete
    10. හරියට අනික් උං ලියල වගේ කතාව. හැක්..

      Delete
    11. ඔන්න ඔහෙ ඒ නාන කතාවත් ලියහං. උඹෙ බ්ලොග් එකනෙ. තව දෙයක්, අනික් ඒවගෙ කමෙන්ට් කරද්දි උබ අලුතෙන් පෝස්ට් කරපු එක බලන්න එන්න කියලා ලින්ක් එක දාන්න එපා බං.අඬගහලා බ්ලොග් එක බැලෙවුවා වගෙ එතකොට. ඒක උඹට හොඳ නෑ. උඹ හොඳ ලිපි ලියන එකෙක් කියලා දැන ගත්තාම කට්ටිය එනවා. වෙනදා වගෙ කමෙන්ට් කරහං.

      Delete
    12. අඃ .. මේ ඉන්නෙ රැලම

      Delete
    13. ඔව් ඔව්. උඹලා ඒපැත්තෙ ඇවිත් කොමෙන්ටුත් දාලා ඇවිත් තිබුනෙ.

      තව ලියන්න පුලුවන් කැමා. මේ මාසෙන් පස්සේ ලියන්නම්කො තව ටිකක් වැඩිපුර.
      මනෝ,
      , හැමදාම එන කොමෙන්ට් කරන එකෙක් අඩු උනාම හොඳට දැනෙනවා තමයි.

      බලමු මදුවා හෙටවත් එයිද කියලා. උඹේ අන්ජනමටවත් අහුවුනේ නැද්ද මූ ගියපු තැන?

      Delete
    14. ආ... කම්මල අයියා.....

      Delete
    15. ප්‍රසා
      උඹ මොකද අද පරක්කු.උඹේ බිලොග් එකෙත් පෝස්ට් එකක් දාපංකෝ අපිට ඒකත් දෙකක් කරලා ඒන්න.

      කැමා
      උඹේ කියපු එකනම් මටත් හිතුනා.තවම අලුත් හින්දා ඔහොම ඒවා හිතෙනවා.උඹ කීවා වගේ මමත් කල්පනා කරේ බොක්ක වගේ සෙට් එකක් මගෙත් එක්ක ඉදිද්ද් ආයේ වෙනකවුරැවත් ආවත් නැතත් මේ මදැ මුලු බිලොග් අවකාශයටම.

      කම්මලේ.
      මචෝ ඔන්න අදනම් හරියට නම ලියලා තියෙන්නේ.ඒ වුනාට උඹ දෙකක් දැම්මේ නැත්තම් මගේ බිලොග් එකට ඒක ලොකු අඩුපාඩුවක්

      කසනුගේ එක් පැත්තට දැන් ගිහින් එන්නම් තව අදහස් ටිකක් එකතු කරන්නත් තියනවා.

      Delete
    16. හා ආදිපාද තුමා, කොහොමද අයියේ. අද කෝ දෙක?

      Delete
    17. අනේ මන්ද බං මේ ලෙඩේ සමහර වෙලාවට විතරයි. මම හිතුව ටැබ් එකේ ලෙඩක් කියල නැත්තං OS එකේ ලෙඩක් කියල. අළුතෙන්ම ගත්ත ෆෝන් එකෙන් දැම්මත් 'ඩබල් ,ඩබල්'.

      ආ ....අලෝ කැමා මල්ලී ,

      Delete
    18. This comment has been removed by the author.

      Delete
    19. ආ.. ආතර් අයිය තාම නැගිටල නෑ වගේ.

      Delete
    20. හරේ... ඔයතියෙන්නෙ දෙක. ඔහොම යං කම්මලයෝ. ආතරයා දැන් ඇවිල්ලා.

      Delete
    21. ආතර් අයියා එකක් මකලා දාලා වගේ.
      ඒ වුනාට කම්මලේගෙන් ඩබලක් වැටුනේ නැත්තම් බිලොග් එකටත් ලොකු අඩුපාඩුවක් වගේ.

      Delete
  2. දෙවැනි කතාව මරු...හිටපන් හු**!

    ReplyDelete
    Replies
    1. එහෙම කියනවා ඇහුනම ප්‍රින්සිපල්ගේ මූන ජම්බු ගෙඩියක් වගේ රතුවුනා.ඒකමයි අරෑට ටිකක් වැඩිපුර ගැහුවේ.

      Delete
  3. මම පිනා උනානම් ඌ දුන්න සිගරට් එක ගහල ඉවරවෙලා තමයි ඌට ගහන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. අපේ එකාට ප්‍රින්සිපල් දුන් විදියට සිගරට් එක පැත්කට විසි වෙලා ගියා.අරෑ ගුටි කන අතරෙත් බලන්නේ ඒක දිහා.ඒක දැකලා අපිට හිනා.

      මචං සෝවාන්මග්ග කියන එකේ උඹ පොස්ට් දැම්මේ නැද්ද.ඒකත් ලියන්න පටන් ගමු.මමත් හෙල්ප් එකක් දෙන්නම්.බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් ලිපි පෙලක් ඒකෙ පල කරන්න පුලුවන්.

      Delete
    2. අනිවා ඉයන්...උඔ හරි මම හරි පිනා වුනා අරෑට ගහන්නේ G අකුර ලගට එනකන් තනියම සිගරට් එක බිව්වට..
      ඉයන් මනෝගේ යෝඡනාවට මමත් එකගයි..හෙල්ප් එකක් දෙන්න තරම් දැනුමක් නම් මට නෑ..ඒත් එක ලියපන් ඒ බ්ලෝග් එක V වගේ ප්‍රයා්ඡනවත් වෙයි.

      මනෝ
      ඉයන්ගේ බ්ලෝග් දෙකම සහෘද අඩවි වලට එකතු කරන්න..

      Delete
    3. මෙන්ඩා
      මම ඉයන්ගේ එකක් දාලා තිබුනේ.අනිකත් ඇඩ් කලා මචං.

      Delete
    4. ඉයන් හරියට අපේ පින්සිපල් වගේ >>>>>>>>

      Delete
    5. කම්මලේ
      ඒකියන්නේ සිගරට් ගැහිල්ල ගැන වෙන්ඩ ඇති මයේ හිතේ.

      Delete
    6. ඉයන් ප්‍රින්සිපල් නම් මම වයිසා

      Delete
  4. මටත් උනා ඔහොම ඒවා අනන්තවත්....
    ගුරු දිනය දවසක පිනාට වදින්න ගියා....වැදලා අනිත් පැත්ත හැරිල යන්න යද්දි පිනා තට්ටු කරල කිව්ව කියහන්කො කොල්ලො කෝල් එකක් කියල...
    බලද්දි ස්යිලන්ස් දාලා වයිට්බ්‍රේට් ඕෆ් කරන් හිටිය පෝන් එක පිටිපස්සෙ සාක්කුවෙ තිබ්බේ...
    ඩිස්ප්ලේ එක පත්තු වෙලා....
    කින්ඩියට හිනා වෙච්ච පින උබට වැන්ද ගමන් ගහන එක හරි නැති නිසා අදට යන්න දෙනවා...හැබැයි තෝ හෙටත් ගෙනවොත් අදටත් හරි යන්න තොට දෙන්නෙ සබ්බුව කිව්වා කියහන්කො...විලි ලැජ්ජයි.... :D

    ReplyDelete
    Replies
    1. අපේ කාලේ පෝන් තිබුනෙම නැනේ බං.ගුරුවරයෙක් ලග තිබුනෙත් කලාතුරකින්.අනික ඒ දවස්වල එන ඒවටත් ලොකු ගානක් කැපෙනවා.

      Delete
  5. හෙහ් හෙහ් මේව නම් කවදාවත් අමතක වෙන්නෙ නැති මතක තමයි.කොහොමත් ඔය කුකුල වගෙ අය ඒ වගේම ටොයිලට්වල සිගරට් උරන අය කොයි ඉස්කෝලෙත් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඉස්කොලේදි කම්මැලි කම නැතිව යන්නෙත් උන්ටික හින්දා.කලොත් මගඩියක්මයි.මමත් ඔය බැජ් එකේ කාටුන් එක එක අංශ නියෝජනය කරා ඒ දවස්වල.

      Delete
    2. මමත් කුකුලා වගේ එකෙක්..
      ගුටිත් කලා තියනවා අම්බානක

      Delete
    3. වගේ මොකෝ... කුකුලා තමයි තාමත්...

      Delete
    4. වගේ මොකෝ... කුකුලා තමයි තාමත්...x2

      Delete
    5. වගේ මොකෝ... කුකුලා තමයි තාමත්. X 3

      Delete
    6. වගේ මොකෝ... කුකුලා තමයි තාමත්...x3

      Delete
    7. උඹලා ඔක්කොම කියන එකේ මෙන්ඩගේ මූන හරියට බලන්න ඕන එහෙනම්.මු අපේ ක්ලාස් එකේ හිටපු කුකුලවත්ද ?

      Delete
    8. බලහං හොඳට බලහං. මෙන්ඩයියා උඹලගෙ පන්තියෙ හිටපු කුකුල නොවුනත් කාගෙහරි පන්තියක හිටපු, තවමත් ඉන්න කුකුලෙක්.

      Delete
    9. මම කිව්වේ යකුනේ සිගරට් බිමෙන්

      Delete
  6. ස්කෝලෙ සිද්දි මතක් කලාට පිං උඹට. අපෙ පන්තියෙත් හිටියා ඔහොම ආනාඩියෙක්. හැමදාම මොකක් හරි වරත්තු වැඩක් කරලා අංශ ප්‍රධාන සර් ලඟට යනවා පන්තියම. එකෙක්වත් පාවලා දෙන්නෙ නැති නිසා ඔක්කොම ගුටි කාලා එනවා. අපෙ උන් අරූට වැරැද්ද බාර ගන්න දෙන්නෙත් නෑ. ඒ අතින් සුපිරිම සෙට් එකක් හිටියෙ බ්න්. 40 දෙනාම එකා වගේ. හොඳම වැඩේ කියන්නෙ අර ආනාඩියා දැන් මහණ වෙලා හොඳ සීලවන්ත හාමුදුරු නමක්.

    කුකුලා = මන්දිරයා

    ReplyDelete
    Replies
    1. කවුද යකෝ ඒ?? රහත් වෙන්න හදපු එකා නම් ආයෙ එග්සෑම් කරලා ඩිග්‍රිය ගත්තා.

      Delete
    2. උඹ දන්නෙම නැද්ද බං ඌව? මං දන්නවා උබ ඌව දන්නවා කියලා.

      Delete
    3. කොහේද බං මහන වෙලා ඉන්නේ.දැනට මම දන්න ලංකාවේ ටිකක් ප්‍රසිද්ධ හාමුදුරැවෝ කෙනෙකුත් ඉන්නවා ඉස්කොලේ කාලේ හෙන නහර කාරයෙක් කියලා කියන්නේ.දැන්නම් මචං සම්පූර්න වෙනස්.

      ..//කුකුලා = මන්දිරයා//..
      කුකුලට මම පරාදයි බං,ඒකා කරන ඒවටත් හුස්ම හිරවෙනකම් හිනායනවා.අමු පිස්සු කෙලින්නේ.හැබැයි මචං බොක්ක උනත් දෙන එකෙක් කුකුලා කියන්නේ.

      Delete
    4. අපෙ එකෙක් එක සැරයක් විද්‍යාව මිස් එද්දි මේසෙ ලාච්චුව ඇතුලෙ හඳුන්කූරක් ගහලා තියලා. මිස් වාඩි වෙලා ඉද්දි මේස රෙද්දෙන් දුම් දාන්න ගත්තා. මිස් පුටුවත් පෙරලගෙන නැගිටිටෙ.
      අපෙ 10, 11 පන්ති බාරව හිටිය සිංහල සර් නම් දෙයියෙක් වගේ. මොන අලුගුත්තේරු වැඩක් කලත් ප්‍රින්සිපල් ලඟට යන්න දෙන්නෙ නැතුව පන්තිය බේරා ගන්නවා.

      Delete
    5. අපේ එකෙක් පුටුවේ කට්ටක් තියලා මාර අප්සට් සිද්දියක් උනා බං.ඒකත් දාන්නම්කෝ ඊ ලග පාර.

      Delete
    6. මට පිනායි වයිසා බාවයි ගහලා තියනවා බිම පෙරලගෙන

      Delete
    7. මටත් දවසක් ඉදගන්න බැරි වෙන්නම දුන්නා පාර.වැරද්ද ඔෆිස් එකෙන් හාෆ්සීට් බන්ඩලයක් අන්තරස්දාන කිරීම.

      Delete
    8. //ඔෆිස් එකෙන් හාෆ්සීට් බන්ඩලයක් අන්තරස්දාන කිරීම//
      යකෝ උඹල ඒ කාලෙ ඉඳලම මල් එතුවද?

      Delete
    9. නැ බං කොල්ලෝ යොජ්නාවක් ගෙනාවා ඉස්කොලෙන් පස්සේ ගෙදර යනගමන් පානුයි,සැමනුයි කකා යමු කියලා.සල්ලි මදි වුනා.අය වැය පියව ගන්න විදියක් නැතිව ඉන්නකොට මතක් වුනා ඔෆිස් එකේ තියන හාෆ්සීට් බණ්ඩලයක් කඩේට දුන්නොත් වැඩේ ගොඩකියලා.වැඩේ ගොඩ ගියා කියන්නේ දවස්තුනකට විතර ඇතිවෙන්නම දුන්නා ආයේ අඩු පාඩුවක් නොකරම..

      Delete
    10. @කැමා..
      හිකිස්..
      දරුවා.. කැමති වරයක් ඉල්ලව..!!

      Delete
  7. රස කතා ගොඩයි :D විදුහල්පතුවරු ගැන කියද්දී තම මතක් උනේ අන්තිමට හිටිය ප්‍රින්සිපල් ගේ නම සිරිසේන අපි හැමෝම කිව්වෙ 'අය්යෝ සිරිසේන ' කියල කවුරුත් සර් ගේ සම්පුර්ණ නම දැනන් හිටියේ නැහැ කොහොම හරි ශිෂ්‍ය නායකයින් තෝරන්න දීපු ප්‍රශ්න පත්තරේ ප්‍රින්සිපල් ගේ නම ඇහුවම එකෙක් ලියලලු 'අය්යෝ සිරිසේන 'කියල. මේ නම් පොඩිකමට කිව්වට ඇත්තටම හිතේ තරහක් තියාගෙන සර්ලට කියපු දේවල් නම් නෙවේ :)

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රින්ස්පල්ට කීවේ හදමාමා කියලා.එහෙම කීවේ තට්ටේ තිබුන නිසා.දවසක් එකෙක් හදමාමා කියනවා ඇහිලා දුන්නා හද පේන්නම අපි සෙට් එකටම.

      Delete
  8. මානව හිමිකම් යන්න පුලුවන් කේස් බොල... දැං නම් නඩු දානවා ලොවෙත්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ අපිට ප්‍රින්සිපල් ගුරුවරැ හෙන ගහනවා වගේ ගහන්නේ බං මොකක් හරි කරල අහුවුනාම.ඒ වුනාට අපිට ආදරේ කියන්නත් අපි දන්නවා.කොච්චර ගැහුවත් තරහක් නම් හිතිලා නැ.

      උඹ මාමගේ පොස්ට් එකෙන් පස්සේ සති දෙකකින් එකක් දැමිමේ නැ නේද.දාමුකෝ බං අලුත් එකක්.

      Delete
  9. අපිනං ඉතිං කොළේ, හඳුන්කූරකට බට්ටෝ සතින්නයක් ගැටගහලා, පින්සිබොල්ගේ ඔපීසිය පිටිපස්සේ හංගලා, පත්තුවෙන්න අරින එක තමයි. දවසක් පින්සිබොල් තුමා සතින්නේ සද්දෙට ගැස්සුන පාරට, එතුමාගේ පෑන උඩින් ගිහින් දොරෙන් එලියටම විසිවුණා.

    හැබැයි ඉතිං ඔයවගේ එකක් වෙච්චි ගමන් වයිස් පින්සිබොල් තුමා කෙලින්ම මාව හොයාගෙන එනවා වේවැලත් ඇන්න, "..........න, උඹ තමයි මේක කොළේ. වරෙන් යන්න' කියාගෙන.

    ReplyDelete
    Replies
    1. මට මැවිලා පේනව ඒ සීන් එකනම්.ඒ කාලේ ඉදලම මේ උතුම් සිරිත් විරිත් රැකගෙන ඇවිල්ල එහෙනම්..
      වයිෆ් ප්‍රින්සිපල් විචා අංකල් හොයාගෙන එනවා වගේ තමයි අපෙත් ප්‍රධාන සැකකරැවෝ සෙට් එකක් හිටියා පංතියේ.ප්‍රින්සිපල් ඔෆිස් එකට කැදවන්නේම ඒ සෙට් එක.මමත් ඒකේ එකෙක් තමයි.මම ඒ දවස් වල ටිකක් කොටයි.උඹ බට්ටා වගේ ඉදගෙන කියලා පටන්ගත්තම හම්බවෙනවා කෑම ආයේ කියලා වැඩක් නැ.

      Delete
  10. කතා දෙකම එළ අපේ පන්ති වල ඩෑල් ටිකත් ඉබේම මතක් වුණා...
    අර ප.ලි. වෙනුවෙන් + +
    ජයවේ මනෝ

    ReplyDelete
    Replies
    1. ඔය දෙවනි කතාවේ දිගා මගේ ඥාතියෙක්.ඌත් කරන්නෙම ප්‍රින්සිපල්ගෙන් ගුටිකන වැඩ.දැන්නම් කොරියාවේ ඉන්නේ.පංතියේ හිටපු උන්ගෙන් භාගයක්ම ඔය වගේ තමයි.එකෙන් අර ඉතිරි අහිංසකයෝ ටිකත් ගුටි කනවා.දැන්නම් මතක් වෙනකොට ආයෙත් ඉස්කෝලේ යන්න තිබුනනම් කියලා හිතෙනවා.

      කවියක් දැම්මම ඒක බලන්න ඒ පැත්තේ එන්නම්.එහෙනම් ජය

      Delete
  11. ඇති ඔයින් ගියා සිගරට් ගහල අහු වෙලා.. දෙමාපියන් ගෙන්නලා ගුණ ගැයුවේ නැතෙයි බෝලාගේ?

    ReplyDelete
    Replies
    1. ලොකුම සිද්දියක් උනාමනම් ගෙන්වනවා.එදා සිද්දියේදි නම් වෙලාවට ගෙන්නුවේ නැ.
      ඒ වෙනකොට හිටපු අපේ ප්‍රින්සිපල් හරි හොදයි මචං.අපේ ඉස්කෝලේ හිටියේ අවුරැදු තුනක් වගේ.ඒ කාලේදි ලොකු වෙනසක් ඇතිකලා.දෙන එකත් දුන්නා අඩුවක් නැතිවම

      Delete
  12. නිතර නිතර දකින්න ලැබෙන ජාතියේ කතා දෙකක්...

    ReplyDelete
    Replies
    1. හැම ඉස්කෝලේකම මේ විදියෙම ක්‍රියාන්විතවල නිරත වෙන සෙට් එකක් ඉන්නවනේ.ඔය නයි ගේන එක ගොඩක් ඉස්කෝල වල කොල්ලෝ කරනව.කොහේ හරි ඉස්කෝලෙක වෙච්ච සිද්ධියක් අරගෙන බැලුවොත් ඒකට ලගින් යන එකක් අනිවාර්යෙන්ම අපි ගිය ඉස්කොලෙත් කවුරැ හරි එකෙක් කරලා තියනවාම තමයි.

      ආවට ස්තුතියි චතුරංග.

      Delete
  13. ඉස්කෝලේ කාලේ ගැනනං කියලා වැඩක් නෑ ඉතිං. හැබැයි අපිනං ප්‍රින්සිපල් එක්ක බෙදාගෙන සිගරට් බොන්නනං හිතලවත් නෑ............. තැක්කූ මචං ඒ කාලෙ මතක් කරාට.............

    ReplyDelete
    Replies
    1. අපේ උන් ප්‍රින්සිපල්ට තියා අනිකටවත් දෙන්නේ නැතිව තනියම ගහනවා මචං.වරකා හොරෙන් කඩලා ඒවනම් ප්‍රින්සිපලුයි සර්ලයි අපිටම කියලා කපාගෙන අපිටත් නොදි කෑවා.රස සිදුවීම් නම් බරගානක් තියනවා.

      ආරි අලුත් පෝස්ට් එකක් දාන්නේ නැතෙයි.

      Delete
  14. අපි ඔය වගේ ගෝත වැඩ කලේ කැඩෙටිං කරද්දි ඒ වගේ සබ්ජෙක්ට් එක්කට බැස්සම කියන්න ඕන නැනෙ කරන්න පුලුවං කුප්ප වැඩ ඔක්කම වෙනව
    හැබැයි ඔය දවස් වල අපිට හිටිය ප්‍රින්සිපල් නං හරි සුන්දර මනුස්සයෙක් අපේ තෙලේ හින්දම අපිට ප්‍රිෙකේට් කමත් දුන්න
    හැබැයි ඒකෙන් ආව වගකීම හින්ද අපි නිකංම හොද වුං වෙන විදියකට කියනව නං මෙලෝරහක් නැති වුං වුනා
    හැක්

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රින්ස්පල් අපිව මක මක හැදුවා.ඇත්තෙන්ම කලාතුරකින් ඒහෙම ප්‍රින්සිපල් කෙනෙක් පාසලකට ලැබෙන්නේ.එතුමා පාසලෙන් අස්වෙලා යන දවසේ අපිට ඇඩුනා.හම යන්න ගැහුවත් අපිට තාත්තා කෙනෙක් වගේ ආදරේ කියලා අපි දන්නවා.ඉන් පස්සේ ආව ප්‍රින්සිපල්නම් අසාර්ථකයි.

      Delete
  15. එල ද බ්‍රා මචං බුරිය උල් හිනාවෙලා..

    ReplyDelete
    Replies
    1. අපේ එකා සිගරට් එක ප්‍රින්සිපල්ට දික්කරගෙන එලියට ආව හැටි උඹ දැක්කනම් හිනාවෙලා පන යනවා මචං.පස්සේ පංතියේදි ඌ ඒක රගපාලාත් පෙන්නුවා නියමෙට

      Delete
  16. මාත් දොහක් ඔය පොටෑසියං කෑල්ලක් වතුර පොකුණට දාල ඒකට හරියන්න සතියක් ඉස්කෝලෙං දොට්ට දැම්ම.

    ReplyDelete
    Replies
    1. මචං සුරා උඹේ පන්සල් යාම බලන්න ගියා.පස්සේ කොමන්ටුවක් දාන්න කියලා හිටියා.ඒක අමතකම වුනා.උඹේ මූනු පොඩ්ඩ දැක්කමයි ඒක මතක් වුනේ.හිටහං ඒ පැත්තට දැන් එනවා මම

      Delete
    2. මාටත් උනේ උඹට වෙච්චි අමතකවීමයි , සොරි වේවා ශ්‍රංගයෝ.

      Delete
    3. ඔන්න මම ඒ පැත්තට ගිහින් ආයෙත් මුලක ඉදලම කතාව බලලා කොමන්ටුවක් දාලා ආවා.

      Delete
  17. අපි ඉස්කෝලෙ ගිහිල්ල අවුරුදු විස්සක් විතර වෙන නිසා අපි යන කාලෙ ඔය සිගරට් සෙල්ලම බොහොම කලාතුරකින් තමයි තිබුණෙ.
    හැබැයි ඉතිං 11 ඉඳල 13 වෙනකල් අපේ සෙට් එක පින්සිපල් ල අපේ අතේ තියාගෙන තමයි හිටියෙ.

    අයියෝ මම අර පින්සිපල් උනානං එලියෙ හිටපු උං දෙන්නව එලෝල අරූ එක්ක ගහනව සිගරට් එක. :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උඹ අපිට අවුරැදු පහ හයකට කලින් වගේ ඉස්කොලේන් අවුට් වෙලා තියෙන්නේ.ඒ කාලේනම් කොල්ලෝ මොන තරම් අම්බරැ වැඩ කරත් එච්චර වස නැ.දැන් උන්නම් මාර වස වැඩනේ කරන්නේ.

      අරැට ගැහුවට මොකද අපිට තෙරුනා ප්‍රින්ස්පලුත් හිනාව කාගෙන ගැහුවේ කියලා.කාටද බං හිනායන්නේ නැත්තේ එහෙම දෙයක් වුනාම.ඒක හින්දා අපි දෙන්නට බොහොම සුලු පහර කිහිපයක් තමයි වැදුනේ.ඒක ගැහුවෙත් කට කොනකින් හිනාවෙලා වගේ.

      Delete
  18. හැම එකාටම ඉස්කෝලෙ කාලෙ එකවගේ අත්දැකීම් තියෙන්නෙ. අපිට ඉතින් බ්ලොග් නැති නිසා වෙච්චි දේවල් කියන්ඩ වෙන්නෙ මේ පෝස්ට් එකක් අස්සෙම තමයි ( ලේසිම වැඩේ ) : D
    මම දවසක් කැඩෙට් ප්‍රැක්ටිස් ඉවර වෙලා කන්ඩ හම්බුනේ නැති හින්ද , පැන්න තාප්පෙන්, කඩේට පැනල පරිප්පු සමග පාන් කෑමේ පරමාර්තයෙන්. තාප්පෙන් ලෑන්ඩ් කලේ පින්සිපල් තුමාගෙ දෙපතුල ලගට. " කොහෙද යන්නෙ ? " " කඩේට යනව ස්‍... ර් කන්ඩ " . ඇයි ඉස්කෝලෙ ටක් එකෙක් තියෙන්නෙ තොපිට කන්ඩ " , ඒකෙ පරිප්පුයි පානුයි නෑ ස්...ර් , තියෙන හොද්ද කට හරියෙ තියන්ඩ බෑ ස්..ර් "
    " යමන් බලන්ඩ කඩේට මොකක්ද ඔය රස කෑම " කියල කඩේට යද්දි සිගරට් දුම් මැද්දෙන් දුවපු එවුන්ගෙ මූනවල් නෝට් කරගන්න එතුමට බැරිඋනා. පස්සෙ එක පිගානට පරිප්පු දාගෙන දෙන්න දෙපැත්තෙ ඉදං පාං කෑව.
    " අනික් දවසෙ උදේ කෑම ඉස්කෝලෙට අරන් ඇවිත් කනව , තාප්පෙන් පැනල බෙල්ල කඩාගන්නෙ නැතිව "

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එකම අච්චුවේ තමයි බං.පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ.අපෙත් ඉස්කොලේ කැන්ටිමෙන් කොල්ලෝ කන්නෙම නැ.පහල තියන කඩේට තමයි යන්නේ.හිටි හැටියේ ප්‍රින්සිපල් පනිනවා ඔය කඩේට.බිලොග් එකක් ලියමුකෝ මචං.

      Delete
  19. මොනා වුනත් කුකුලා එල කොල්ලෙක් , එකනේ වීරයා වගේ බාරගත්තේ සීන් එකේ වගකීම . අන්න කොල්ලෝ , ඉස්සර ඉස්කෝලේ යන කාලේ ගුරුවරුන්ට අන්වර්ථ නාමය හැර හරි නමෙන් කතා කරන්න හිතෙන්නෙම නෑ. දැන් එහෙම අපහාස කරන්න හිතෙන්න්ම නෑ . කාලය මැව් වෙනසක අරුමේ

    ReplyDelete
    Replies
    1. ..//ඉස්සර ඉස්කෝලේ යන කාලේ ගුරුවරුන්ට අන්වර්ථ නාමය හැර හරි නමෙන් කතා කරන්න හිතෙන්නෙම නෑ. දැන් එහෙම අපහාස කරන්න හිතෙන්න්ම නෑ . //..

      ඒකනම් ඇත්ත මචං.ඒ කලේ සමහර ගුරුවරුන්ගේ නම් වලට වඩා මතක අනවර්ථ නාමය.ඒකමයි කියවෙන්නේ ඒ කලේ..

      කුකුලා වගේම අපේ ගොඩක් උන්ගේ ඒකනම් තිබුනා මචං.පොඩි දේකද් හැරුනම හැමෝටම තදට කේස් එකක් එයි කියලා හිතුනම කරපු එකා ඉදිරිපත් වෙනවා.කුකුලා මේ මෑතකදි ආවමත් ඔය සිද්ධි කිය කිය අපි හිනාවුනා.

      Delete
  20. අම්මෝ ගහපු කනේ පාර ඔය රස කතා පාසල් යනකොට විතරයි මනෝ....

    ReplyDelete
    Replies
    1. කුකුලට දුන්නෙම පිට මැද්දට.ඇත්තටම ප්‍රින්සිපල්ටත් හිනාවට ගහගන්න බැරිව හිටියේ.ඒත් ඒක අපිට පෙන්නුවේ නැ.ඒවා මතක් වෙනකොටත් ආයෙත් ඉස්කොල් යන්න තිබුනනම් කියලා හිතෙනවා.හරි සුන්දර කාලයක්.

      Delete
  21. හම්බෝ.. රස කතා කෝටියයි.. මාගල් වගේ පොස්ට් ලියන්න මතක් වෙනවා කෙළවරක් නැතුව..

    දැන් ඔය ගුරුතුමාට එහෙම දරුවෙක් සිගරට් බීලා අහු උනොත් මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය?

    ReplyDelete
    Replies
    1. ..//දැන් ඔය ගුරුතුමාට එහෙම දරුවෙක් සිගරට් බීලා අහු උනොත් මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය//..

      මලා...සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් ඇහුවේ.මොකක්ද ඇත්තටම මම කරන්නේ ?

      Delete
    2. බීලහරි කමක්නෑ දීහං ඉතින් මේකට උත්තරේ.

      Delete
    3. කසුන් කොලුවෝ කියපු එක හරියට ඇහුනේ නැ.අද ටිකක් ඇහෙනව පේනවා අඩුයි වගේ බං.

      මම උපදේශණය හදාරලා කරලා තියෙන එකේ වාසිය තියෙන්නේ ඔන්න ඔතනදි.සිගරට් එක බොන දරුවෙකුට ඒකේ ආදිනව පැත්ත පෙන්නලා දෙන්න පුලුවන් සංවේදිවෙන විදියට..ගැහුවොත් ඒක එච්චරම තමයි...දරුවෙක් නිසි මගට යොමු කිරිමේ ක්‍රමවේදයකුත් අනුගමනය කරන්න වෙනවා චර්යාවෙනසකුත් කරන්න උත්සහ කරන ගමන්.ඉගන ගන්න කම්මැලි ලමයින්ට මම මොරාල් එක ඇතිවෙන විදියේ උපදෙස් එහෙම දීලා තියනවා.මට තවම සිගරට් එකක් බීලානම් කවුරැවත් අහුවෙලා නැ..

      මට ටිකක් කාර්ය බහුල වැඩිකම නිසා පිරිවෙන් ගුරැපත්වීමක් හදාගන්න කියලත් හිතාගෙන ඉන්නවා.පාසලකට වඩා පිරිවෙනකදි කාල කලමනාකරනයක් කරගෙන වැඩටික කරගෙන යන්න පුලුවන්.නිදහස් වෙලාවන් සමාජ සේවා වැඩවලට යොදාගන්න පුලුවන්.මම දැනටත් එහෙම ආයතනයකට සම්බන්ධවෙලා ඉන්නේ.

      Delete
  22. සුපර් මතං සුපර්....................

    ReplyDelete
    Replies
    1. තැන්කුයි..තැන්කුයි කුරැ

      Delete
  23. අනේ යකෝ...සිගරට් බීලා, නයි දාලා වෙන උන්ගේ නම් දාලා ලියනවා නේද

    ReplyDelete
    Replies
    1. නැ බණ්ඩේ මල්ලියේ මේ සත්තම සත්ත ප්‍රකාශ කරන්නේ..හිටහංකෝ ඊලග පාර මට වෙච්ච සන්තෑසියක් ලියොලා දාන්නම්

      Delete
  24. පෝස්ට් කළවමක් කරහං මනෝ. මේ වගේ සරළ විනෝදය සපයන ගමං මනෝවිද්‍යාත්මක ලිපිත් ලියහං. මොකද, ඒක කරන්න පුළුවන් උඹට විතරයි...

    අපේ ප්‍රින්සිපල් සර් සයිමන්ගෙ බැච්එකේ පොරක්. තොල් දෙක කළුම කළුයි. හැබැයි ඉස්කෝලෙදි නං සිගරැට් බිව්වෙ නෑ අපට පේන්න. උඹේ කතා කියෙව්වහම මට මතක් උනේ එයාව.

    අපේ වරුණයා (වරුණ දීප්ති රාජපක්ෂ) දවසක් කියනවා ප්‍රින්සිපල් ගෙදර යන හැටි. ඔන්න එනව හං බෑග් එකත් අරගෙන මෝට බයික් එක ගාවට. බෑග් එක අරිනවා. ඒකෙන් ගන්නව කික් පැඩ්ල් එකයි ලී කෑල්ලකුයි. කික් පැඩ්ල් එක බයික් එකට හයි කරනවා. ලීකෑල්ලෙං තට්ටුදෙක තුනක් දානවා. කික් එක ගහල බයික් එක ස්ටාට් කරගන්නවා. ආයෙ කික් පැඩ්ල් එක ගළවලා බෑග් එකට දාගන්නවා. බයික් එකට නගිනවා. ගියර් එකට දාගෙන හරවගෙන, තේජාන්විත ලීලාවෙන් යනවා.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකි
      ඔය විදියෙම ප්‍රින්සිපල් කෙනක් හිටියා අපේ ඉස්කොලෙත්.හරි අමුතුයි සරලයි.අපි දන්නවා මේ අපේ ප්‍රින්සිපල් කියලා.පිට අය දැක්කොත් හිතන්නේ ඉස්කොලේ පියන් කෙනක් වෙන්න ඇති කියලා.

      මේ දවස්වල ලමුන් සමිබන්ධ මනෝවිද්‍යා ලිපියක් හදන ගමන් ඉන්නේ.ඒකට කලින් ටිකක් සත්‍ය සංවේදි කතාවක් ලියන්න හිතුනා.ඒකේ තියනවා අපිට ඉගනගන්න බොහෝ දේවල්.

      Delete
  25. මනෝ මල්ලීලා හරි වැඩ තමා කරලා තියෙන්නේ😜😜😜😜

    ReplyDelete
    Replies
    1. ශානු අක්කත් මේ පැත්තට ඇවිත් තියෙන්නේ.
      ඉස්කෝලේ යන කාලේට දැගලිල්ල හින්දා කරන වැඩනේ.දැන් මතක් වෙනකොටත් හිනා යනවා.

      ස්තුතියි අක්කේ මේ පැත්තට ආවට

      Delete
  26. Replies
    1. උඹට වැඩ ගොඩ ගැහිලා කියලා දන්නවා මචං පොඩි පොඩි අවලාද කතා කීවට.
      කොමන්ටු නැතත් කමක්නැ හොටේ හරි ටිකක් දාලා තියපං මචං.
      උඹලා දෙතුන් දෙනාගෙන් එකෙක් හරි අඩුවුනොත් බිලොගේම පාලුයි වගේ.

      Delete
  27. අරූ ට උඹල දෙන්නව කන්න කේන්ති ඇති...
    ප්‍රින්සිබෝල් ලඟට එනකල් දකින්නේ නැතුව හිටපු එකෙන් පෝරියල් එක සෙට් උනේ ඇතුලේ හිටපු එකාට විතරනේ...
    කලින්ම මැසේජ් එක දුන්නනම් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව සිගරැට් එක වලට හරි ඔබල ජීවිතේ බේර ගන්න තිබ්බ අවස්ථාව නැති කලේ කොටේට පෙරේත කමේ ටොයිලට් එකේ දොර ගාව ඉව අල්ල අල්ල හිටපු තොපි දෙන්නනේ...

    ReplyDelete
    Replies
    1. ප්‍රින්සිපල් ලගට එනකම් දැක්කෙම නැනේ බං.හිතුවෙත් නැ ඒ වෙලාවේ එයි කියලා.
      අරූට කෙන්ති ගියේ නැ පොරටත් හිනා වෙච්ච දේට.
      අපි දෙන්නා සැකකරුවෝ විතරක් හින්දා ගොඩින් බෙරුනා.නඩු භාණ්ඩ සාක්කුවල තිබුනට අහුවුනේ නෑනේ.

      Delete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි