වයසට හැදෙන ලෙඩ


                 


        2015 වසරත් ගෙවිලා ගියා.2016 වසරෙත් සතියක්ම ගෙවිලා ගියා.2015 වසරෙදි බ්ලොග් අවකාශයට අලුතින්ම බ්ලොග් කිහිපයක්ම එකතු වුනා වගේම 2015 වර්ෂය අවසන් වෙනකොට ඒ කිහිප දෙනෙක්ම බ්ලොග් ලියවිල්ල අත්හැර දාලා.හුදෙකලා සිතිවිලි ලියපු  ආරි මල්ලියා නම් හෙමින් සීරුවේ බ්ලොග් ලියවිල්ල අත්හැරලම දාලා.මගේ බිලොග් එකට නිතරම ආව නිතර අදහස් දක්වූ මධ්‍යස්ථ මතධාරියත් බ්ලොග් අවකාශයට සමුදුන්නා.අහසෙන් එන්න ලියපු කසුන් කාර්යබුහල බව නිසා කෙටි කාලයකට බ්ලොග් අවකාශයට සමුදුන්නා.කැමරාවෙන් එහා ලෝකය ලියපු අපේ කැමයි මමයි දෙන්නා ඊයේ ( 06 ) ගියා අපේ අටම් අයියගේ කඩේ පැත්තේ.ඔය යන අතරේ කැමා කිව්වෙත් ටිකක් කාර්ය බහුල බව නිසා බ්ලොගේ එක ලියන්න බැරි වුනා කියලයි.බයෝස් අප්සට් එකක් හින්දා මගේ කම්පියුටර් එක ON වෙන්නේ නැති නිසා මටත් මාසයක්ම අලුත් පොස්ට් එකක් දාන්නවත් අනිත් බිලොග් වලට කොමන්ට් කරන්නවත් බැරිවුනා.ඒ වගේම කාර්ය බහුලබවත් බ්ලොග් අවකාශය මඟ හැරෙන්නට තවත් හේතුවක් වුනා.බොහෝ දෙනෙක් බ්ලොග් අවකාශයෙන් සමුගැනීමට හේතු වන කරුනු අතර තම බ්ලොගය හුදකලා වීමත් ඒ නිසා ලියවිල්ල එපා වීමත් එක් කරුණක් වෙන්න පුලුවන්.ඒත් මගේ බ්ලොග් එකට පැමිනෙන අය අතරේ පුංචි වෙනසක් මම දුටුවා.ඒ තමයි සාමාන්‍යයෙන් බ්ලොග් අඩවියකට එන අයගෙන් වැඩි පිරිසක් වෙනත් බ්ලොගේ අඩවි වලම සහෘදයෝ උනත් මගේ බ්ලොග් එකට google search හරහාත් විශාල පිරිසක් පැමින තිබෙනවා.බලන්න මොනවද ඔවුන් search කර තිබෙන්නේ කියලා




.

            ඔය මකලා තියෙන්නේ මඳක් පමන අසභ්‍ය වචන.කොහොම උනත් වැඩිපුරම හොයලා තියෙන්නේ ලිංගිකත්වය සම්බන්ධයෙන් කියන එකනම් පැහැදිලියි.මෙම ලිපි වලින් කවරකුගේ හෝ ගැටලුවකට පිලිතුරු ලැබෙනවනම්,ප්‍රයෝජනවත් වෙනවනම් මගේ බලාපොරොත්තුවත් ඒයමයි.අවිවේකි අවස්ථාවල අලුත් ලිපි පලකිරීමට මඳක් පරක්කු වීම හැරුනුකොට මෙම අඩවියේ ලිපි පල කිරීම පෙර පරිදිම සිදු කරන්න අදහස් කලෙත් ඒ නිසාමයි.

            ඉතින් කොහොමින් හරි කමක්නැ 2015 ගෙවිලා 2016 ලැබුවා කියන්නේ අපිත් වසරකින් වයසට ගියා කියන එකයි.වයසට යනවාත් එක්කම විවිධාකාරයේ කායික මානසික ආබාධත් ඇති වෙනවා.අපි අද ඒ ගැනත් ඉතාමත්ම කෙටියෙන් කතා කරමු.


වයස්ගත වීමත් සමග බලපාන මානසික සෞඛ්‍ය ගැටලු.


           වයස්ගත වීමත් සමග පුද්ගලයාගේ මානසික සෞඛ්‍යද පිරිහේ.යම් යම් මානසික ව්‍යාකූලභාවයන් මේ සමග ඇතිවන්නට පටන් ගනි.ඒ අතරින් බහුලවම දැකිය හැක්කේ විෂාද තත්ත්වයයි.දිගින් දිගටම දොම්නස් බවින් යුතුව සිටීම,කලකිරීම,ශෝකි බව, ඒවැනි තත්ත්වයන් දිගින් දිගටම පැවතීම මෙහි ලක්ෂණයන්ය.සාමාන්‍ය වැඩකටයුතු කෙරෙහි උනන්දුවක් නොදක්වන තරමට මෙය වර්ධනය විය හැකි අතර ජීවත් විමට වඩා අපේක්ෂා කරන්නේ මරණයයි. වෙහෙස නොවුවද නිතර වෙහෙස කාරි බවක් දැනිය හැක.එනිසාම පුද්ගලයා උදාසීන කෙරේ.තමන් කිසිඳු වටිනාකමක් නොමැත්තකු සේ හැඟි යා හැක.නිරන්තරයෙන්ම අසුභවාදි ආකල්ප ගොඩනගනු ලබන අතර අසරණ බවක් ආරූඪ කරගනි.නින්දෙහි අක්‍රමවත් බව,නින්ද නොයාම දැකිය හැක.කුසගින්න දැනුනද කෑම අරුචිය ඇති විය හැක.මෙහි දක්වා ඇත්තේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පමනක් වන අතර මෙයට අමතරව තවත් ලක්ෂණ දැකිය හැක.වයස්ගත් වීමත් සමග ඇතිවන විෂාද තත්ත්වය පිළිබදව අවධානය යොමු කිරිමේදි එවැනි තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපෑ හැකි හැකි කරුණු කිහිපයක් දැකිය හැක.එනම්

  • ඒකාකාරි ජීවන රටාවක් ගෙවා තිබිම.
  • තෘප්තිමත් ජීවිතයක් ගෙවා නොතිබීම.
  • තරුණ වයසේ යම් යම් අමිහිරි සිදුවීම් නිරන්තරයෙන් මතකයට නැගීම.
  • සෞඛ්‍ය තත්ත්වය පිරිහී යාමත් සමග ඇතිවන දොම්නස.
  • තමාගේ කටයුතු කර ගැනීමට නොහැකි විමෙන් ඇතිවන දොම්නස
  • නිරන්තරයෙන්ම රෝගාබාධ වලින් පීඩාවට පත්වීම.
  • සමාජීය තත්ත්වයන් අහිමී වී හුදකලා වීම.
  • මූලික අවශතා සපුරා ගැනීමට නොහැකිවී ජීවිතය දුෂ්කර වීම.
  •  දරුවන්ගේ පවුලේ අන් අයගේ අවධානය නොලැබුනු විට ඇතිවන දොම්නස.
              
  මේ ආකාරයෙන් ජීවිතය පිළිබදව කලකිරීමක් ඇතිවන ජීවත් වීම එපා වන ඕනම කරුනක් මෙයට අදාල විය හැක.මෙය පාලනය කිරිම සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාරද එකසේ වැදගත්ය.

 

ප/සු

මාසයක් පැමීනීමට නොහැකි වූ හෙයින් නත්තලට මෙන්ම 2016 නව වසරට සුභ පැතීමට නොහැකි විය.ප්‍රමාද වී හෝ සුභ පැතුම් එක් කරමි.




( අනුන්ගේ කම්පියුටරයකින් පැමින පොස්ට් දැමීමට සිදුවන බැවින් කොමන්ටු වලට රිප්ලියි කිරීමට මදක් ප්‍රමාද විය හැක)

79 comments:

  1. සුබ නව වසරක් වේවා, පහු වෙලා හරි

    ReplyDelete
    Replies
    1. සුභම සුභ නව වසරක් වේවා මචෝ...

      Delete
  2. welcome back සුරංගයියා

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තේ ගිහින් කවි ටික බැලුවට කොමන්ටුවක් කොටා ගන්න විදියක් නැතිවයි හිටියේ.ආයේ කිවියක් දාපු ගමන් එන්නම් වර්ණ මලේ...

      එහෙනම් ජයෙන් ජය

      Delete
  3. කරපු කොඩිවිනයක් මැසිමට කැරකිලා ඇවිල්ල වගෙයි. හැක්...
    මොනව උනත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. කොඩිවිනයක් වැදුනා වගේ තමයි බං.අලි අමාරුවක වැටුුනේ මම ඒකෙන්.ඊයේ කැමයි මමයි උඹ ගැනත් කතා වුනා.මෙන්ඩටත් කොල් එකක් ගත්තා පොන් එක වැඩ කරේ නෑ...

      පරක්කු වෙලා හරි සුභ අලුත් අවුරුද්දකට සුභ පැතුම්...!!!

      Delete
    2. අම්මප බස් එකක නැගල ඇවිත් මිරිකනවා බෙල්ල

      Delete
    3. එන්න කලින් කොල් එකක් දියං...

      Delete
    4. ප්‍රසා මාව ඇහුවොත් දැක්කෙ නෑ කියපල්ල ඈ.....

      Delete
  4. සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. සුභ නවවසරක් වේවා ලලිත්

      Delete
  5. සුබම සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  6. කැමරාකටාගේ අළුත්ම ලිංගික ගොදුර

    ReplyDelete
    Replies
    1. අප්පද බොලේ උඹ මේක බැලුවද ?.
      කැමා මේක දැක්කොත් සිය දිවි හානි කර ගනියි බොල.

      Delete
    2. මම කියවනව බොල හැම බඩකඩුතුවම , ඉතින් බොරුයැ උඹට ටෝක් කරේ නැද්ද , මං බොරු කියනවනං විචා මාමගෙන් අහපං , ඒ මහත්තයට හැලපයියලගේ ගෙදර එන්ඩ ඇවිත් ආපහු ගියේ , ඔය සමනලය හන්දා තමා

      Delete
    3. අටමෝ.... තෝ බැරි වෙලාවත් බෙහෙත් ගන්න රාගම නම් යන්න එපා...

      Delete
    4. අටම්
      ඕවා රහස්නේ බං.විචා මාමා කැමා දිහා බලන්නත් බයයි කියලනම් දන්නවා.

      කැමා
      අටමගේ අවයව අඩු කරලා දාන්න කියපං රාගම නැවතුනොත් එහෙම

      Delete
    5. කැමාව දැක්ක කල්...!

      Delete
    6. කැමා ලොකු ලමයෙක් වෙලා පහුගිය ටිකේම ගෙට වෙලා හිටියේ.ඒකයි පෙන්න හිටියේ නැත්තේ.

      Delete
  7. වයසක අපි වෙනුවෙන් මෙහෙම හරි පෝස්ට් එකක් දාපු එක ගැන සතුටුයි කොල්ලෝ...ලොහ් ලොහ්.
    (අපි ඉතිං විෂ් කොරගත්තානොවැ. උඹ අමද්‍යප නෑ නොවැ. හෙනහුරාදා එනවානොවැ.)

    ReplyDelete
    Replies
    1. මොන හෙනහුරාදද බොල මට නොකියා.. ඈ.....

      Delete
    2. මදුවෝ
      හොට ඇනෙන තරමටම වයසට ගියාද බොල.

      විදානේ
      ඔය බොරු බං කියන්නේ...

      Delete
    3. ඇඩෝ... ‍මුං හොරෙන්ම සැට් වෙන්නද හදන‍්නෙ.
      විදා, අරින්න එපා මේව.

      Delete
    4. සිංහල දෙමළ අලුත් අවුරුද්දට නුවරඑළියේ අපේ ගම් පැත්තේ කොත්මලේ පොඩි ටුවර් එකක් දාලා දවසක් දෙකක් ඉඳලා එන්න සෙට් වෙමුකෝ එහෙනම් කට්ටියම.ප්ලාන් කරන්න තව මාස තුනක්ම තියනවා ඔන්න.ඩ්‍රැකියගේ ඩ්‍රැකියානිත් කොත්මලේ හින්දා තුන් වේලටම කෑම එහෙන් කමු.

      Delete
    5. යමව් යමව්, අපිටත් එන්න පුළුවං වෙයි. එතකොට ඩ්‍රැකිපැට්ටට මාස හයක් විතර වෙයිනෙ. සිරාවටම යමව්...!

      Delete
    6. ලබ්න මාසෙ යමං.. මාත් එනවා

      Delete
    7. මනෝ/ඩ්‍රැකී, අඩේ එළම තමා. අවුරුදු නිවාඩුව තමා හොඳ. පත්තරයාගෙ කේස් එක තමා කේස් එක.

      Delete
    8. අවුරුදු නිවාඩුවට සෙට් වෙමු එහෙනම්

      Delete
  8. සුභ නව වසරක් වේවා මනෝ..

    ReplyDelete
    Replies
    1. 2016 ලැබු නව වසරේ කිරියෙන් පැනියෙන් ඉතිරේවා කියලා ප්‍රර්ථනා කරනවා මචෝ...!!!

      Delete
  9. අපිනං අහුවෙයි ඔය ලෙඩවලට. දැන් මම කරගහගෙන ඉන්න සමිති සමාගම්, ආදී ශිෂ්‍ය සංගම්, විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සංගම්, පන්සලේ දායක සභාව, ආදී මෙකී නොකී එව්වයේ වැඩ වලට ගියාම, මට පෙනෙන්නේ යුද්දේ මීට වැඩිය හොඳා කියලයි. ලෙඩ දුක් මම හිතන්නේ තවම තියෙන්නේ 'forget file' එකේ.

    මේ....මනෝ, රහසක් කියන්නං අටමට එහෙම කියන්ඩ එපා. අටමා කොම්පියුටර් හදන්න බර ගණන් අය කරනවා. මමනම් අය කරන්නේ 2.50 යි.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ සැදැ සමය තෘප්තියෙන් ගත කරන්න විදිමත් ක්‍රමවේදයක්.

      අපොයි.එහෙනම් අටමට නොදි ඉන්නද.

      Delete
    2. /මමනම් අය කරන්නේ 2.50 යි./
      ඩොළර්ද?

      Delete
  10. මටනං ඔය පොඩි උණක් ඇර වෙන මගුලක් තාම නං නෑ.. හොහ් හොහ්...


    ජ ය වේ වාව !!! සුභ අලුත් මෙව්වා එකක් වේව ා!!!

    ReplyDelete
    Replies
    1. ඒ මොන වගේ උණක්ද දන්නෑනේ බං...

      ජයෙන් ජයවේවා.ලැබු අවුරුද්ද සුභම සුබ වේවා...!!!

      Delete
  11. මනෝ... ශුභ නව වශරක් තරුණයා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොළඹ යද්දි පරිස්සමින් ලබ්බෝ... වකුගඩු පරිස්සම් කරගන්න ඕනේ...

      Delete
    2. ලබ්බා

      උඹටත් සුභම සුබ නව වසරක් වේවා මචෝ....

      කැමා
      ලබ්බා තට්ටු දෙක තුනකින් පැනලා හරි වකුගඩු දෙක බේර ගනියි බං...

      Delete
    3. අතිශය භයානක බිහිසුණු ගණයට අයත්වෙන අත්දැකීම් ඒවා... බුදු අම්මෝ.....!!! හෙහ් හෙහ්....
      (යකෝ රෙදි ගලවනකොට ජොකා වත් ඉතුරු කොරහං.. දැං අතින් වහගෙන යන්ටෙපැයි.)

      Delete
    4. ලබ්බෝ ඔන්න අදාල පුද්ගලයෙක් පහල ඉන්නවා...

      Delete
    5. එයැයිට මඩුවලිග පහර දීමට යෝජනා වී ඇත.විචාතුමාගේ පෝස්ටුවේ ඇත.

      Delete
    6. මෙන්න කැමා බැහැලා ගේමට! මනෝ එක්ක නේද හිටියෙ? වාඩි වෙද්දි අමාරුවක් හෙම නෑ නොවැ?

      Delete
    7. ලබ්බා
      ඕකට මඩුවලිගෙන් ගැහුවත් ගානක් නැති වෙයි..

      මධු
      බය වෙන්න එපා මචෝ.
      කැමාට කිසිම හානියක් කරේ නෑ.

      Delete
  12. බ්ලොග් වල ලියලා නැති ඒවා ගහලත් අපේ ඒවයෙත් සර්ච් කරලා තියෙන ඒවා තියෙනවා බං.

    සුබ නව වසරක් මනෝ.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්

      ඔව් බං.සමහර වෙලාවට තිකුනුහරුපත් එහෙම සර්ච් කරලා තියනවා.
      සෑහෙන දවසකින් ඒ පැත්තේ යන්න බැරිවුනා.ඒ පැත්තට ගිහින් රාජකීය අබිරහස කියවලා එන්නම්කෝ.

      සුභම සුභ නව වසරක් දිනේෂ්

      Delete
  13. සන්තෝසයි හුග දවසකින් ආයෙ දකින්න ලැබුණ එකට...
    දිගටම ලියමු එහෙනං
    සුභ නව වසරක් වේවා මචෝ

    ReplyDelete
    Replies
    1. පසුගිය දවස්වල බ්ලොග් වලට එන්නම බැරිවුනා මචං.වෙලාව මදි වුනත් බිලොග් වලට සමුදෙන්න අදහසක්නම් ඇත්තේ නෑ.පුලුවන් විදියට ලියනවා.

      සුභ නව වසරේ පවුලේ සැමටම සියලු යහපත උදාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete
  14. මම හිතන් හිටියෙ උඹයි , කැමයි මැරිල කියල උඹල දෙන්න අටම හොයන් ගියේ දෙහි මංගල්ලෙකටද ? නෝටි සමනලොයො දෙන්න.
    ඊයෙ අටමගෙ ෆෝන් එක off , කැමා ෆෝන් එකට ආන්සර් කලේ නෑ ෂුවර් එකටම දෙහි ගෙඩි හින්ද අමාරුවෙන් ඉන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. කැමා කඩවතට ආව වෙලාවේ අපි දෙන්නම ගියා අටමා මුන ගැහෙන්නත් එක්කම.මම අද උදේ අටමට කොල් එකක් ගත්තා එතකොට වැඩ කරා බං.කැමා නම් ඊයේ බස් එකේ ඉන්න ඇත්තේ.උඹේ පෝන් එකට මම දැන් මැසේජක් දැම්මා බලහං...

      Delete
    2. බොලා ආපහු කඩවත ආවොත් මට කියහල්ලා... (මං ෆොන් එක ඕ‍ෆ් කරගෙන ඉන්නං)

      Delete
    3. ඩුැකියා

      එන්න කලින් කොල් දෙන්නෑ.ගෙදරටම ඇවිත් දොරත් ඇරගෙන ඇතුලටම ඇවිත් පුටුවක වාඩිවෙලා උඹට කොල් එකක් දෙන්නම් තේ එකක් හදාගෙන එන්න කියලා.

      Delete
  15. සුබ නව වසරක් වේවා...... මනෝ මන්දිර.
    මේ වසරේ ජයෙන් ජය වේවා....!

    ReplyDelete
  16. අර සර්ච් රිසල්ට් දැක්කම බෙංගාල බොක්කද කියල හිතුනා.. හැක්.

    ReplyDelete
    Replies
    1. වැඩිපුරම ඕවා තමයි සර්ච් කරලා තියෙන්නේ.වැල කතා කියලා සර්ච් කරලත් මේකට ඇවිත් තියනවා.ඔන්න වැඩේ.

      Delete
    2. //බොහෝවිට නිදාගන්න ගියාම ඊළඟ දවසේ වැඩ ගැන හිතෙන සැලැස්මක් හදාගන්නවා.//

      හොයපු එකා හරිම තැනට ඇවිත්.. ඕ යේස් :D

      Delete
    3. පුරුෂ ලිංගය
      201
      ලිංගය
      73
      අතේ ගැසීම
      51
      පිස්සු කතා
      33
      රසකතා
      33
      atw-cmb.blogspot.com
      22
      පිරිමි ලිංගය
      22
      සෙක්ස්
      14
      ජොකා
      10
      ලිංගය කුඩා
      9

      හැක් හැක්..

      Delete
    4. පත්තරේ
      මේකේපලවෙනියටම තියන කොමන්ටුව ගැනද උඹ ඔය කියන්නේ.ලංකාවට ආවම උඹව කයි.

      දේශා
      මේකේ තිබුන සමහර ඒවා දාන්නත් බෑ.එහෙම ටිකක් විතර පුලුවන් ඒවා දාන්නම්කෝ

      ගුද සංසර්ගය
      යෝනිය
      කලවා අතර කිරීම
      සහෝදරිය සමග ලිංගික
      කෙල්ලෝ වශි

      සොයන්නාට හම්බ වේ කියන්නේ නිකම්ද?.මේ ඒක නෙවෙයි මොකෝ atw-cmb.blogspot.com ලියන එක් අතුහැරලා දාලා

      Delete
  17. උඹටත් තෘප්තිමත් වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඉයන්.

      වෙලාවක එන්නම්කෝ මුන ගැහෙන්න.ඔන්න පුතෝ අවයව එහෙම ගලවා ගන්නවා නෙවෙයි

      Delete
    2. සුවිසාල කිචන් නයිෆ් වලින් ප්‍රවේසම් වන්න...

      Delete
  18. ලෙඩනං මතක් කරන්න ඒපා බං...............

    ReplyDelete
    Replies
    1. මට ගෑස්,සෙම දෙකම නිතර තියනවා.ඔය දෙක වැඩිවුනාම දවසම ඉවරයි.

      Delete
  19. අර උඩිම්ම මදාවියගෙ පොටෝ එකක් දාපු එක තමා අප්සැට් එක. සැක් ඉතරක්...

    ReplyDelete
    Replies
    1. මදාවියා කැමති වුනේම නෑ ඕක දානවට.බලහංකෝ දත් සැට් එකත් නැතිව ඉන්න මදාවියාගේ ලස්සන

      Delete
  20. අර ඉහතින් කියා තියෙන රෝග වලට වඩාත්ම ඇවසි වන්නේ මානසික ප්‍රතිකාරයි.බෝ නොවෙන රෝග නොවුනත් පරිස්සම් වෙලා ඉන්න එක කාටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇතතෙන්ම ඔව්.මේ වගේ ගැටලු නිසා මානසික පීඩාවෙන් කල් ගෙවන අය මට මුන ගැහිලා තියනවා.සමරකුට කල්පනා කරල වැඩි කමට ඔලුව කැක්කුම පවා හැදිලා තියනවා.මේ වගේ තත්ත්වය තියනවනම් මානසික සුවයක් ඇති කරගන්න පුලුවන් ප්‍රතිකාර ලබාගන්න ඕන.නැත්නම් ජීවිතේම එපා වෙනවා.බෝ නොවුනත් හැදුනොත් අමාරුවේ.

      Delete
  21. සුභ නව වසරක්. මමත් සෑහෙන්න බිසී වෙලා හිටියේ. නිවාඩු කාලෙට තමයි වෙලාව නැතිම කාලේ. වයස්ගතවීම අනික් ප්‍රශ්නය වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් අයියේ.බිලොග් එකක් බලන්නවත් වෙලාව නැති වුනා වැඩ වැඩි කමට.වයසයි කිව්වට අජිත් අයියා ඔය ඉන්නේ කොල්ලා වගේ.

      Delete
    2. කොල්ලා බොහොම ස්තුතියි. හි හි

      Delete
  22. පමාවෙලා වුනත් කියන්නම් ... සුබ නව වසරක් මනෝ :)

    ReplyDelete
  23. අපේත් නම් ප්‍රධාන සැපැයුම් ධාරාව ඔය ගූගුලයම තමයි.

    ReplyDelete
    Replies
    1. උන්මත්තක මේ පැත්තට ආවමයි මගේ හිතේ.මුලින්ම ආවට ස්තූතිය

      වැඩිපුර පිරිසක් හැම කුනු කන්දලයක්ම හොයන්නේ ගූගලයගෙන් මම හිතන්නේ.මගේ බිලොග් එකට yahoo වලින් ඇවිල්ලම නෑ.කලාතුරකින් bing වලින් නම් ඇවිත් තියනවා.

      Delete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි