භික්ෂුව හා විනය




         බුදුන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණින් උදෙසා දේශනා කල  විනය දේශනාව ඕවාද ප්‍රාතිමෝක්‍ෂය සහ ආණා ප්‍රාතිමෝක්‍ෂය වශයෙන් ආකාර දෙකකින් දක්වා ඇත. සසුන ඇරඹී මුල් කාලීනව සසුන් ගතවූවෝ ධර්මාවබෝධය කිරිමේ පරම පවිත්‍ර චේතනාවෙන්ම සසුන්ගත වූවන් විය. එම කාල සිමාව තුලදි බුදුන් වහන්සේ ඔවුන් උදෙසා අවවාද අනුශාසනා ලබාදීමක් පමනක් සිදුකලේය.ඕවාද ප්‍රාතිමොක්ෂය යනු මෙයයි. නමුත් කලගත්වත්ම මෙම තත්ත්වය වෙනස් විය. සමහරු ලාභ අපෙක්ෂාවෙන්ම පැවිදි විය. තවත් සමහරකු ජීවත්විය හැකි වෙනයම් මඟක් නොමැතිව ජීවිකාව පිනිස පැවිදි විය. මුල්කාලීනව පැවිදි වූවන් තුල තිබු පුපේශල ශික්ෂාකාමි විනයකාමි බව මොවුන් තුල දැකිය නොහැකි විය. භික්ෂුත්වයට නොගැලපෙන දෑ සිදු කරමින් මහජනතාවගේ අප්‍රසාදයට පවා ලක්විය. විනය ශික්ෂා පද පැනවීමට සිදුවූයේ මෙවනි පසුබිමක් මතය. බුදුන් වහන්සේ විසින් මුල්ම විනය ශික්ෂාපදය පනවන්නේ සුදින්න නැමැති භික්ෂුවගේ ක්‍රියා කලාපය හේතුකොටගෙනය. පැවිදි වීමට පෙර ධනවත් සිටුවරයකුගේ පුත්‍රයකුව සිටි සුදින්න පැවිදි වූයේද දෙමාපියන්ගේ බලවත් අකමැත්ත පිටය. කෙසේ හෝ දෙමාපිය අවසරය ලබා පැවිදී වීමෙන් පසු සුදින්න ඉතා සිල්වත් ගුණවත් භික්ෂුවක් සේ දිවි ගෙවීය. නමුත් වසර අටකට පසු ඔහු තමන්ගේ පෙර ගිහි දිවියේ භාර්යාවක සමග ලිංගිකව හැසිරුනේය. එයින් ඇය ගැබ් ගත්තාය. මේ වන තෙක් සසුන තුල විනය නීති පැනවීමක් සිදු කර නොතිබිනි. සසුනේ පලමු විනය ශික්ෂා පදය සුදින්න තෙර මුල් කරගෙනම පනවන්නට විය. මුල්ම ශික්ෂාපදය එසේ පනවන්නට සසුන ඇරඹී වසර විස්සකට පසුවය.  එදා පැනවු පලමු ශික්ෂා පදය මෙසේය.

“යෝ පන භික්ඛු! මේථුනං ධම්මං පතිසේචෙය්‍ය පාරාජිකෝ හෝති අසංවාසෝ.”

 “යම් මහණෙක්  ලිංගිකව හැසුරුනේ නම් පාරාජිකා වේ. සංඝයාගේ සංවාසට නුසුදුසු වේ,”


           
    මේ පලමු ශික්ෂා පදයයි. ඉන් දිනකිහිපයකට පසු මෙම ශික්ෂා පදයට අනුප්‍රඥප්තියක් එක් කිරිමට සිදුවිය. එයට හේතු වූයේ විශාලා මහනුවර මහාවනයෙහි විසු භික්ෂුවකගේ ක්‍රියා කලාපයයි. එම භික්ෂුව වැඳිරියක් සමග ලිංගිකව එක්විය. ඒ සමග ශික්ෂා පදයට  අනුප්‍රඥප්තියද එක්කොට මෙසේ දැක්වින.


“යෝ පන භික්ඛු මේථුනං ධම්මං පති සේවෙය්‍ය, අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකා හෝති”

 තිරිසන්ගත ස්ත්‍රියක සමග වුව ලිගිකව හැසිරුණේ නම් පාරාජිකා වේ


මෙලෙසින් අවස්ථානූකූලව අනුප්‍රඥප්තීන්ද එක්වීමෙන් පසු මෙම ශික්ෂා පදය මෙසේ සම්පූර්ණ විය.


“යෝ පන භික්ඛු භික්ඛුනං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මේථුනං ධම්මං පතිසේවෙය්‍ය අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකෝ හෝති අසංවාසෝ.” 


            ඉතා සරලවම දක්වන්නේ නම් මෙහි දැක්වෙන ආකාරයට මනුෂ්‍ය පමනක් නොව තිරිසනකු සමග වුවද ලිංගිකව එක්වීමෙන් පාරාජිකා බවට පත් වේ. එනම් භික්ෂුත්වය නැති වේ. යෝනිය, ගුදය, මුඛ්‍ය යන අංග තුනෙක් කුමන් හෝ අංගයකට ලිංගය ප්‍රවිෂ්ඨ කලේද ඒ සමගම එම භීක්ෂුවගේ උපසම්පන්න බව නොමැතිවී භික්ෂූත්වයෙන් පිරිහී යයි. එවැනි භික්ෂුවකට නැවත උපසම්පන්න විය නොහැකි බව පාරාජිකා පාලියෙහි දක්වා ඇත. කෙසේ වුවද බාහිර ලිංගික එක්වීමකින් උපසම්පදාව අහෝසි නොවේ. එය සංඝාදීශේෂ ඇවතකට පැමිනීමකි. පාරාජිකා පාලියෙහි දැක්වෙන මෛථූන ධම්ම පාරාජිකාව හා සම්බන්ධ අවස්ථා කිහිපයක් පමනක් මෙසේය. ( අර්ථය සරල කර දක්වා ඇත )


ඒ කාලයේ එක්තරා භික්‍ෂුනමක් වැඳිරියක සමග ලිංගිකව එක්වූයේය. ඔහුට සැකයක් ඇති විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂා පදයක් පණවන ලදී. . කිමෙක්ද,මම පාරාජිකා පාපයට පැමුණුනෙම්ද?. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. ,මහණෙනි, ඔබ පාරාජිකා ඇවතට පැමිනියෙහිය, .


එක්තරා පිඩුපිණිස යන භික්‍ෂුවක් පුටුවක සිටින ගෑණු දරුවකු දැක කාමයෙහි ඇලුනේ ඇගිල්ල ස්ත්‍රී ලිංගයට ඇතුලත් කෙළේය. ඕ තොමෝ කලුරිය කළාය.ඔහුට සැකයක් ඇති විය. භාග්‍යවතුන්වහන්සේ විසින් ශික්ඛාපදයක් පනවන ලදී. කිමෙක්ද? මම පාරාජිකා පාපයට පැමුණුනෙම් ද? භාග්‍යවතූන් වහන්සේට මේ කාරණය සැළකළේය. , මහණ,ඔබ පාරාජිකාවට නොපැමිණියෙහිය සංඝාදිසෙස ඇවතට පැමිණියෙහිය.,

 

එක්තරා භික්‍ෂුවක් නැමෙන පිටක් ඇත්තේය.හෙතෙම නො ඇලීමෙන් යුක්ත වූයේ තමාගේ රහසග කටින් ගත්තේය. ඔහුට සැකයක් විය. ,මහණ, ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,


එක්තරා භික්‍ෂුවක් ස්ත්‍රි ශරීරයක් දුටුවේය. ඒ ශරීරයෙහි ස්ත්‍රී නිමිත්ත සමීපයෙහි වනයක් විය. හෙතෙම .මෙසේ මට ඇවත් නො වන්නේයයි . නිමිත්තෙහි නිමිත්ත ඇතුල් කරවා වනයෙන් පිට කෙළේය.ඔහුට සැකයක් විය. , මහණ, තෝ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

 

ඒ කාලයේ වනාහි එක්තරා භික්‍ෂුවක් කාමයෙහි ගිජු වුයේ ලී බෝනික්කකුගේ රහස් අවයවය පුරුෂ නිමිත්තෙන් ස්ර්‍පෂ කෙළේය.ඔහුට සැකයක් ඇතිවිය. , මහණ, පාරාජිකා ඇවැත් නොවේ. දුකුලා ඇවැත් වේ.,

 

සුන්දර නම් භික්‍ෂුවක් රජගහ නුවරින් පැවිදි වූයේ වීථියෙහි යයි.එක්තරා සත්‍රියක් ,සවාමීණි, මොහොතක් නවතින්න, වඳින්නෙමියි කීවාය. ඕ තොමෝ වඳිමින් භික්ෂූවගේ අඳනය ඔසවා කටින් පුරුෂ නිමිත්ත අල්වා ගත්තාය. ඔහුට සැකයක් විය.,මහණ, තොප ඉවසූයෙහිද?, ,භාග්‍යවතුන් වහන්ස,මම නො ඉවසූයෙමිය,කීවාය. , මහණ, නො ඉවසන්නාට ඇවැත් නොවේ.,


එක්තරා භික්‍ෂුවක් එක්තරා ස්ත්‍රියක් සමග ආලය සහගත සිත් ඇත්තේ වේ. ඕ තොමෝ කලුරිය කළාය. සොහොනෙහි දමන ලද්දීය. ඇට විසුරුණාහු වෙත් ඉක්බිති ඒ මහණ තෙම සොහොනට ගොස් ඇට එකතු කොට පුරුෂ නිමිත්තෙන් ස්ත්‍රී අවයවය පිළියෙල කළේය. ඔහුට සැකයක් විය. ,මහණ, ඔබට පාරාජිකා ආපත්තිය නොවේ.දුකුලා නම් ඇවැත වේ ,

 

එකල්හි වනාහි භාරුකචඡ දේශවාසී එක්තරා භික්ෂුවක් සිහිනෙන් පෙර බිරිඳට මෛථුන ධර්‍මයෙහි හැසිර මම ශ්‍රමණයෙක් නොවෙමි. සිව්රු හරින්නෙමියි. භාරුකචඡ රටට යන්නේ. අතරමග ආයුෂ්මත් උපාලි තෙරුන් දැක මේ කාරණය සැළ කළාය. ආයුෂ්මත් උපාලි තෙමේ ,ඇවැත්නි. සිහිනෙන් ඇවැත් නැතැයි කීයේය.,

 

එකල්හි වනාහි රජගහනුවර සුපබ්බා නම් උපාසිකාවක් හිස් ශ්‍රද්ධාවන්තියක් වෙයි.  ඕ තොමෝ යමෙක් මෛථුන ධර්‍මය දේද ඕ තොමෝ අග්‍රදානය දෙන්නීයයි. මෙවැනි දෘෂ්ටියක් ඇත්තීවෙයි. ඕ තොමෝ භික්‍ෂුවක් දැක ,ස්වාමීනි. වඩින්න මෛථුන ධර්‍මය සේවනය කරන්නැයි, කීවාය. ,නැගණිය. නොසුදුසුය මෙය කැප නැතැයි, කීවේය. ,ස්වාමීනි. වඩිනු මැනව.දෙකලවා අතරෙහි ගටන්න මෙසේ ඔබට ඇවැත් නොවන්නේයයි,කීවාය. ඒ භික්‍ෂුව එසේ කළේය. ඔහුට සැකයක් පහළ විය.,මහණ. පාරාජිකා ඇවත නොවේ. සංඝාදිසෙස ඇවතවේ., 

 

    මෙලෙසින් මෙහි දක්වන්නට යෙදුනේ භික්ෂූවක් පාරාජිකා බවට පත්විය හැකි කරුණු සතරෙන් පලමු පාරිකාව වන මෛථුන ධම්ම පාරාජිකාව පිළිබදව වන අතර එයද ඉතා කෙටියෙනි.උපසම්පදා ශීලය බිඳියන භික්ෂුත්වය අහෝසිවන සතර පාරාජිකා මෙසේය.


  1. මෛථුන ධම්ම පාරාජිකාව   ( ලිංගික සේවනය)
  2. මනුෂ්‍ය විග්ගහ පාරාජිකාව   (මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම)
  3. අදත්තාදාන පාරාජිකාව    ( සොරකම )
  4. උත්තරීතර මනුෂ්‍ය ධම්ම   (මගඵල ධ්‍යාන වැනි උත්තරීතර ධර්ම ලබා ඇතැයි බොරුකීම)

          මේවායින් එකක් හෝ කඩකල විට භික්ෂූත්වය අහෝසි වේ. යළි පැවිදි උපසම්පදාව ලැබිය නොහැකිය.පිරිසිදු විය නොහැකිය.


         මෙලෙසින් විනය ශික්‌ෂා පද පැනවීමට හේතු වශයෙන් බුදුන් වහන්සේ කරුනු දහයක්‌ දැක්‌වූහ.


1සංඝ සමාජයේ අභිවෘද්ධිය


2 සංඝ සමාජයේ පහසුව


3 තක්‌කඩියන් මැඩීම


4 යහපත් වර්යාවෙන් යුත් භික්‌ෂුන්ගේ යහපත


5 ඒ ඒ අවස්‌ථාවල සංඝ සමාජයේ ඇතිවන අපචාර වැළැක්‌වීම


6 ඉදිරියේ ඇතිවිය හැකි අපචාර වැළැක්‌වීම


7 තමන්වහන්සේගේ ධර්මයෙහි නොපැහැදුනු අයගේ විශ්වාසය ඇතිකිරීම


8 පැහැදුනුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම


9 ආර්ය ධර්මයාගේ චිරජීවනය


10 විනයගරුක බව ප්‍රවර්ධනය කිරීම


77 comments:

  1. මනෝ,
    පාරාජිකා, දුකුලා, සංඝාදිසේස කියන එව්වයෙ වෙනස මොකද්ද?

    ReplyDelete
    Replies
    1. පාරිජිකා කියන්නේ භික්ෂුත්වය නැතිවීමට හේතුවන විනය ඉක්මවා යාම්.මුලින් දක්වලා තියන හතරෙන් එකක් හරි සිදුවුනොත් භික්ෂුත්වය නැති වෙනවා. ඉන් පස්සේ සිවුර පොරවගෙන හිටියත් ඔහු භික්ෂුවක් නෙවෙයි.භීක්ෂූ වෙසින් සිටින ගිහියෙක් පමනයි.

      සංඝාදිසේස 13 ක් තියනවා. ඒවා කැඩුනට භික්ෂුත්වය නැති වෙන්නේ නෑ. නමුත් සංඝාදීසේසයක් වුනාම විනයකර්ම සිදු කරලා මානත් වත්පිලිවෙත් පරන්න වෙනවා.

      දුකුලා ඇවැත් කියන්නේ සුලු වශයෙන් සැලකෙන විනය ඉක්මවා යාම් වලට

      ප්‍රාතිමෝක්ෂයට අනුව භික්ෂුවක් අතින් වෙන වැරදි වලට පැනවෙන දඬුවම් මේ විදියට වර්ග කරන්න පුලුවන්.

      1. ජෙද්‍යගාමිනි (සසුනෙන් පහකිරීම තරම් බරපතළ වැරැදි)
      ඒ කියන්නේ පාරාජිකා පත්තී

      2. උට්ඨාන ගාමිණි (දඬුවම් ලබා පුනරුක්ථාපනය විය හැකි අපරාධ)
      ඒ කියන්නේ සංඝාදිසේස

      3. දෙසනාගාමි (වරද ප්‍රකාශ කොට පිරිසුදු විය හැකි ආපත්ති)
      දුකුගා වැටෙන්නේ මේ ගණයට

      Delete
    2. සංඝාදිසෙස පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් දෙන්න පුලුවන්ද

      Delete
  2. (පුද්ගලික පණිවිඩයකි...)
    බොට කෝල් එකක් දෙන්න වෙලාවක් කියහං...

    ReplyDelete
  3. //උත්තරීතර මනුෂ්‍ය ධම්ම (මගඵල ධ්‍යාන වැනි උත්තරීතර ධර්ම ලබා ඇතැයි බොරුකීම)// ඒ කියන්නේ අර ලොක්කත් පාරාජිකා තමා නේද????????? මනෝ මේවා කිව්වාම ඒවා චෙක් කරගන්න විදිහක් තියෙනවා අැතිනේ..........

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එහෙමයි කියලා තේරේනවා.

      ගොඩක් වෙලාවට අපි කියන දෙයක් තමයි මාර්ගඵල අපිට පරික්ෂා කරන්න බෑනේ කියන එක.නමුත් විමංසන සූත්‍රයේදි බුදුන් වහන්සේ කියන්නේ බුද්ධත්වය පවා පරික්ෂා කර බලලා පිළිගන්න කියලයි.තියනවා මේවා පරික්ෂා කිරන විදිය. සරලවම කීවොත් මුලින්ම කතාබහ,හැසිරීම, පරික්ෂා කර බලන්න කියනවා.

      Delete
  4. බොහොම ස්තුතියි මේ අගනා ලිපියට.

    මේ සියල්ල දැන දැනත් නොදන්නා සේ කටයුතු කරන භික්ෂූන් ගැන ඇතිවන්නේ කලකිරීමක්.

    ReplyDelete
    Replies
    1. සමහර භික්ෂූන් මේ විනය ශික්ෂා ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නෑ. අද කාලේනම් පාරිජිකා නොවුන භීක්ෂුවක් හොයාගන්න එක කලුනික හොයනවටත් වඩා අමාරුයි.

      Delete
    2. //සමහර භික්ෂූන් මේ විනය ශික්ෂා ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නෑ.//

      සැලකිල්ලක් තියෙන්න ඒව දැනගෙන ඉන්න එපෑ බං..මගුලක් කියනවා මෙයා :D
      උපසම්පදාව වත් තියනවද සැකයි ඩෑල් වල හැටියට.චැහ්

      Delete
    3. අර කිව්වත් වගේ විනය කියලා එකක් තියනවද කියලා දන්නෙත් නැතිව ඇති.

      Delete
    4. පාරාජිකාවට පත් නොවු උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලාට දහස් ගනනක් තවමත් වැඩ ඉන්නවා. දුස්සීලවන්තයින්ගේ වැරදි හේතු කොට ගෙන සිල්දම් ගුණදම් පුරන ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට අපහාස වන ආකාරයට කතා කිරීම පාප කර්මයක්.
      අස්සජි සැරියුත් මුගලන් කාශ්‍යප ආනන්ද ආදී වූ මහ රහත් සඟ පරපුර පරපුරින් පැවත එන මාගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයට සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...

      Delete
  5. //එක්තරා පිඩුපිණිස යන භික්‍ෂුවක් පුටුවක සිටින ගෑණු දරුවකු දැක කාමයෙහි ඇලුනේ ඇගිල්ල ස්ත්‍රී ලිංගයට ඇතුලත් කෙළේය. ඕ තොමෝ කලුරිය කළාය.//

    මට බරපතල ගැටළුවක් ඇතිවිය. අර කී භික්ෂුව කුඩා දැරියකට ඇගිල්ල දමා කල බරපතල ලිංගික අපයෝජනය නිසා එම දැරිය මියගියා නේද. බුදුහිමියන් එය බරපතල අපරාධයක් ලෙස නොසැළකීම පුදුමයි.
    එම සමාජයේ මෙවැනි බාහිර ලිංගික දේවල් ඉතා සාමාන්‍ය දේවල් සේ සැලකුවානම් අවුලක් නෑ. ඒත් අර දැරිය මියයාම ?

    ReplyDelete
    Replies
    1. කොල්ලො ගහන එකත් ඒ කාළේ ඉඳලම අනුමත කොරලා තියෙන්නේ..

      Delete
    2. කොල්ලො ගහන එක අනුමත කරල තමයි. රහත් නොවූ දෙනමක් එක් කුටියක හිදීම තහනම් කලාට වැඩි යමක් වෙලා නෑ. කොල්ලො ගහන එකට පන්සලේ සෙල්ලම කියල කියන එකෙන්ම ඔය වැඩේ බුද්ධාගමට අවුලක් නෑ කියල පේනව.
      අර දැරියට වුන අපචාරයෙදි ඇය කලුරිය කිරීම ගැන කතාවක් නෑ. කතාව පාරාජිකා වුනාද ඇවතක් වුනාද කියන එක. හාමුදුරුකෙනෙක් මුල්වුන නිසා දැරියගෙ දෙමවුපියන් හා ප්‍රදේශවාසීනුත් ඒක ගනන් ගන්න නැතිව ඇති.පරලොව සුගතියට ගියා කියා සිතන්නත් ඇති.
      පිටස්තරයන් ඉදිරියෙ දරුවන් දමා වෙන වැඩවලට යාම භයානක බව ඒ අම්ම දැන ඉදල නෑ. දානෙ ගේන්න ගේ ඇතුලට ගිය ටිකටනෙ ඇගිල්ල ගහල තියෙන්නෙ.
      මටනම් ප්‍රශ්නෙ පාරාජිකාවට හා ඇවතකට වඩා ඒ දැරියගෙ ඉරනම.

      Delete
    3. සිවිවැනි මානය

      ...//බුදුහිමියන් එය බරපතල අපරාධයක් ලෙස නොසැළකීම පුදුමයි//...

      විනය ග්‍රන්ථවල දක්වලා තියෙන්නේ අදාල විනය ශික්ෂාපද පමනයි. එහෙම නැතිව අනෙකුත් සියලුම කරුනු ඇතුලත් කරන්න ගියොත් ඒක අච්චාරුවක් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වුනත් අදාල ව්‍යවස්ථා නීති රීති හැරුනම වෙනත් දේවල් ඇතුලත් කරන්න තියොත් ඒක අච්චාරුවක් වෙනවා. මේ විනය ග්‍රන්ථ සම්පාදනය වෙන්නේ බුදුන් වහන්සේ පිරණිවන් පෑවටත් පස්සේ. ඉන් පස්සේ අදාල කරුණු පමනක් ඇතුලත් කරලා සූත්‍ර විනය සංරක්ෂණ ක්‍රියාමාර්ගයක් අරගෙන තියනවා. විනය ග්‍රන්ථ වල සඳහන් නොවුනට භීක්ෂූන්ට රාජනීතිය අනුව රජවරුන් දඬුවමි පනවලා තිබෙනවා. වෙන දෙයක් තබා සුන්දරි මරලා ඒ චෝදනාව බුදුන් වහන්සේට එල්ල වෙනකොට කෝසල රජ්ජුරුවෝ ඒ ගැන හොයනවා. කෝසල සංයුක්තයේ තියනවා කොසොල් රජු බුදුන් වහන්සේ මුන ගැහෙන්න එනකොටත් චරපුරුෂයෝ සමග ආව බවක්. එක් භික්ෂුවක් උල තියලා මරලා දාපු අවස්ථාවක් පවා තියනවා. එකෙන් අපිට පේනවා කාට වුනත් රාජ නීතිය ක්‍රියාත්මක වෙලා තියනවා කියන එක.

      ...//එම සමාජයේ මෙවැනි බාහිර ලිංගික දේවල් ඉතා සාමාන්‍ය දේවල් සේ සැලකුවානම් අවුලක් නෑ//...

      එදා පැවති සමාජ ක්‍රමය වගේම දේශපාලන රටාව බැලුවමනම් පෙන්නේ මේවා සාමාන්‍ය වහයෙන් සලකලා නැති බවයි. මහා දරුණු වද තිස් දෙකක් එදා ක්‍රියාත්මක වෙල තිබුනා විතරක් නෙවෙයි අපරාධකරුවන් අල්ලන්න කියන මහජන ඉල්ලීමට රජු ඇහුම්කම් දුන්න බවට සාධක අංගුලිමාල සූත්‍රයේ දැක්වෙනවා.

      Delete
    4. මාතේ

      ...//කොල්ලො ගහන එකත් ඒ කාළේ ඉඳලම අනුමත කොරලා තියෙන්නේ//...

      නමුත් විනයේ දැක්වෙන ආකාරයටනම් පොන්නයෝ එහෙම මහන කිරීමත් තහනම්. මෙවනි දෙයක් සිදුවුනාම ඒ හැමවිටම බුදුන් වහන්සේ ඒක ගරහලා තියනවා

      Delete
    5. මම නම් ඔය පොන්නයා කියන වචනය භාවිතා කරන්නේ නැහැ මේ සමලිංගික අය හඳුන්වන්න. එක නිකන් පහත කරලා කතා කරනවා වගේ නැත්ද. හරියට මෙහෙ ෆගට් කියනවා වගේ.

      Delete
    6. මනෝ මන්දිර, මා මෙතැන අදහස් දැක්වීමක් කිරීම සුදුසුයැයි සිතනවා.
      නොහික්මුනු භික්ෂුවක් විසින් රෝගී දරිය අපයෝජනය කිරීම හා දැරිය මිය යාම ගැන වින්යේ සඳහන් නොවීම ගැන ඔබ දක්වන විග්‍රහයට මම බොහෝම එකඟයි. එය තමයි නිවැරදි කියැවීම. ඒ සමගම කිව යුතු දෙයක් තමයි පුරුෂ සමලිංගිකතාවය ගැන අනෙක් අය දක්වන මතය.
      මෙය භීක්ෂු සමාජයේ අනුමත දෙයක් හැටියටත් , එය බුදු හිමියන් දෝශදර්ශනයට හා විනය මගින් වැලැක්වීමටත් තැත් නොකල දෙයක් ලෙස හුවා දැක්වීමට බොහෝ දෙනා උත්සහා දරනවා. මෙය යම් කිසි ආකාරයක බරපතල වරදවා ගැනීමක්. පාරාජිකා පාලියෙහි ප්‍රථම භාගයෙහි, ප්‍රථම පාරාජිකාවෙහි, අංක 34 යටතේ පහත පරිදි දැක්වේ.
      මනුෂ්‍ය පුරුෂයාගේ, අමනුෂ්‍ය පුරුෂයාගේ, තිරච්චානගත පුරුෂ්‍යාගේ, වසමග මුව යන දෙමගෙහි මෙවුන්දම් සෙවුනාහට පරිජි ඇවැත් වේ.
      මේ අනුව පැහැදිලිවම සමලිංගික මෛතූන්‍ය ධර්ම ආස්වාදයද පාරාජිකා ඇවතකි. එය අභ්‍යන්තර ඇසුරක් නොවුනේනම්, ස්ත්‍රී පුරුෂ බවින් බැහැරව එය සංඝාදිශේස වර්ගයෙහි ඇවැතක් වේ.
      ඒ අනුව බලන කල යම් කිසි භික්ෂුවක් සමලිංගික බැඳීම් පවත්වයිද ඔහු ඇවැතකට පැමුනුනෙක් මිස එය දහම විසින් හෝ විනය විසින් ඉඩ කඩ සලසා දී ඇති දෙයක් නොවනා වග සැවොම වටහා ගත යුතුය.
      බුදු හිමියන් විනයෙහි ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ, මේ දහම ආස්‍රවයන්ගෙන් මිදීම පිණිසම දේශනා කොට ඇත්තක් බවයි.

      Delete
    7. අජිත් අයියේ

      ඔව් ඔබ කියන මම පිලිගන්නවා.පිටකයේ තියෙන්නේ පණ්ඩක කියන වචනය.ඒකෙන් අදහස් කරන්නේ ස්ත්‍රි පුරුෂ දෙකටම අයිති නොවන අය.

      සිතිවිලි සී

      ස්තූතියි ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට

      Delete
    8. ප්‍රාණගාතය පිලිබද පාරාජිකා වෙච්ච නොවිච්ච කතා දාන්න පුලුවන්ද

      Delete
  6. ඔය ඔක්කොම හරි ගිය මහන නමක් කොහෙන් හොයන්නද ...? පවතින්න අමාරුයි ... අර මගේ ලිපියේ ඉන්න හාමුදුරු නමට වෙලා තියෙන්නෙත් ඒ ටිකමයි මට හිතෙනේ විදියට අපි වගේ සමාජශීලි නැනේ ....මනෝ .... මන් හරිද ...?

    ReplyDelete
    Replies
    1. ඔව් එකේ ඇත්තක් තියනවා. අද මේ විනය සත පහකට ගනන් ගන්නේ නෑ. විනයානූකූල ජීවිතයක් ගතකරන භික්ෂුවකට උනත් පවතින වාතාවරණයත් එක්ක ඣීවත් වෙන එක අමාරුයි.

      Delete
    2. පවතින්න අමාරු උනත් පවතින්න නොහැකි නැහැ. සත්පුරුෂයින්ට වඩා අසත්පුරුෂයින් වැජඹෙන මේ වගේ කාලෙක තවත් අමාරුයි. නමුත් නැහැ කියල උකටලී වෙන්න හොඳ නැහැ. මෙවන් ආකාරයන් මහණදම් පුරන ස්වාමින්වහන්සේලා මම දැකල කතාකරලා තියෙනවා. දැන් කියයි මම දන්නේ කොහොමද කියල උන්වහන්සේලාගේ සීලය. ඇත්ත, මම පැය 24ම ඇහැගහගෙන හිටියේ නැතිබව ඇත්ත. නමුත් මම දැකපු ටිකෙන් ඒ ගැන සැකයක් ඇතිනොවෙන්න ප්‍රමාණවක් සාක්ෂි ලැබුනා.

      සමාජශීලි කියා කියන්නේ මිනිස්සු එක හරි හරියට කතාකරමින්, පන්සල්වල උත්සව සංවිධානය කරමින්, තනතුරු දරමින් ඉන්න එකද? ඒකට කියන්නේ සමාජ සේවේ මිසක් 'මහණකම' කියා නෙවෙයි. ආරණ්‍යගත උනා කියලත් සමහර පැවතුම් වෙනස් වෙන්නේ නැහැ.

      ප්‍රධාන දේ, අප විසින් විවේචනය කරන්නේ කවුරුන්ද යන්නයි. සම්පුර්ණ දවසක් හෝ වරු දෙකක් සිල්පද 8ක් හෝ 10ක් නොකඩා රැකගන්න බැරුව අපි පන්සලේ හාමුදුරුවන්ගේ සීලය හොයනවා.

      Delete
  7. මට තියෙන ප්‍රශ්ණේ ඔය එකක්වත් නොවෙයි... මෙහෙම සැරින් සැරේ සංශෝධන ගෙන එන දහමක සාස්තෲවරයානෝ සියල්ල අවබෝධ වීමෙන් අනතුරුව බුදු බව ලබන ලද්දාහුය කියලා කියන්නෙම අමු කෙප්පයක් නේද යකෝ කියන එක...

    මාර වලත්ත අශනකාරයෝ සෙට් එකක් නේ බුදු හාමුදුරුවන්ටත් ඉඳලා තියෙන්නේ..

    දැන් ඉන්න උන් මක්කා කලහම මොකෑ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතුන මාතෙ. ඔයිට හපන් මස් කෑම ගැන නීති දාපු එක. බික්කුල අලි මස් කනව කියල අලියෙක් ඇවිත් කම්ප්ලේන් කලාම අලිමස් තහනම් කරනව. නයෙක් කම්ප්ලේන් කලාම නයි මස් තහනම් කරනව. මෙහෙම මස් වර්ග දහයක් තහනම් කලා.එකපාරම ඕක කලානම් ඉවරනෙ.
      ළමයි මහන කිරීම ගැන කතාව වස් වැසීම ගන කතාවත් එහෙමයි.
      බුදුහාමුදුරුවො අද හිටියනම් ඔය විනය නීති උඩු යටිකුරු වෙනව.

      Delete
    2. මාතේ, සිවිවැනි මානය

      මමනම් බුදුන් ගැන දකින්නෙත් සොක්‍රටීස්,ප්ලේටෝ,ඇනෙක්සිමැන්ඩර්,පෙටගොරස් වගේ සාමාන්‍ය දාර්ශනිකයෙක්ගේ මට්ටමින් විතරයි. බුදුන් වටේ ගෙතුන අද්භූත දේවල් මහායාන සම්ප්‍රදායත් එක්කයි ආවේ. ඒවට හින්දු සංකල්ප මිශ්‍ර වෙලා තියනවා. සර්වඥ,සර්වදර්ශී,වගේ විශේෂ නාමයන් මුලින්ම භාවිතා කරලා තියෙන්නේ බ්‍රහ්මණයෝ මහාබ්‍රහ්මයා හැදීන්වීමට. හින්දු ආගමේ තියන අද්භූත දේවල් ඇදහිලි පුදසිරිත් බුදුදහමට එන්නේ සංකරාචාර්යගේ ඉගැන්වීම් වලින් පස්සේ.ඒ හින්දා බුදු දහම ආගමක් වෙලා ඒ වටේට භක්තිවන්තයෝ පිරිසක් බිහි වෙනවා.ඒ අයට බුදුන් වහන්සේ කියන්නේ මැජික් කාරයෙක්. ඒ විතරක් නෙවෙයි හර්කියුලස් වගේ සුපිරි පවර් චරිතයක්.

      ඒත් ග්‍රික,බටහිර භාරතීය දර්ශනයි.සූත්‍ර පිටකයයි අධ්‍යයනය කරනකොට මට දකින්න ලැබුන බුදුන් නම් අපි වගේම සාමාන්‍ය පුද්ගලයෙක්. මනස ගැන ගැඹූරු දර්ශනයක් ඉදිරපත් කරපු දාර්ශනිකයෙක්. ඒ වගේම තත්කාලීන දේශපාලන,සමාජක,ආර්ථික කරුනු ගැනත් ඔහු අවධානය යොමු කරනවා. ඒ ගැන විශේෂයෙන් කතා කරනවා. එදා බ්‍රහ්මණ ආධිපත්‍ය ක්‍රියාත්මක වුන වැඩවසම් සමාජ රටාව නිසාත් රාජාණ්ඩු වල පැවැති අත්තනෝමතික පාලන රටාව නිසාත් පීඩා වින්ද බොහෝ පිරිසක් බුදුන්ගේ මෙම දර්ශනයට ඇල්මක් ඇති කරගත්තා. ඔවුන්ගේ ගැටලු වලට පිලිතුරු ඒ දර්ශනයේ තියන බව ඔවුන්ට පෙනුනා. ඒ නිසා ඔහු වටේට අනුගාමිකයන් එකතු වෙනවා. එවැනි දාර්ශනිකයෝ වටේ එහෙම අනුගාමිකයන් එකතු වෙන එක එදා ඉන්දියාවේ සාමාන්‍ය දෙයක්. බොහෝ අයට අවම වශයෙන් එවැනි අනුගාමිකයන් පන්සීයක්වත් ඉදලා තියනවා. බුදුන්ටත් එහෙම එකතු වුනා. බුදුන් වහන්සේ ඔවුන්ට තමන්ගේ දර්ශනය උගන්වනවා. කල් යනකොට මේ පිරිස වැඩිවුනා.ඔවුන් පාලනය කරන්න යම් යම් නීති පනවන්න වෙනවා. මමනම් හිතන්නැ කල්තියාම එහෙම පනවයි කියලා. බුදුන් වහන්සේ පිරිසකට නායකත්වයක් දෙනවා. එම පිරිස පාලනය කරන්න අදාල අවස්ථාවන්ට අනුව නීති පනවනවා කියන එකයි මම දැක්කේ. ඒ සමහර අවස්ථාවල මහජනමතයට පවා ඇහුම්කම් දී තිබෙනවා. ඔහු සාමාන්‍ය දාර්ශනිකයෙක් විදියට මේ පිරිසට නායකත්වය දෙනවා. ඔහුගෙන් යමක් ඉගෙන ගන්න බොහෝ පිරිසකට අවශ්‍ය වුනා. ඒ පිරිස නිරන්තර ඔහු වටේ හිටියා.

      Delete
    3. මේ කතාව එක්ක මං 100%ක් එකඟයි. මොකද, මගෙත් අදහස ඒකයි. හැබැයි බෞද්ධයන්ට නං, බුදුන් කියන්නෙ හැම දෙයක්ම දැනගත්ත, හැමදෙයක් ගැනම නිරපේක්ෂ සත්‍යය දේශනා කරපු ශාස්තෘන්. ඒ වගේම ඒ තත්ත්වයට පත් වෙච්ච අය පරම්පරාවක් ඉඳල තියෙනවා, ආපහුත් බිහි වෙනවා. ඔන්න ඕකයි ඒ අය එක්ක තර්ක කරන්න බැරි.

      නිරපේක්ෂ සත්‍යය කියන්නෙත් ව්‍යාජයක්. ඒකම මයෙ හිතේ බුදුන් පවා අදහස් කරල තියෙනව.

      Delete
    4. ඩ්‍රැකි

      මම දැක්ක දෙයක් තමයි බුදුන් වහන්සේගේ සුපිරි බලය ගැන භක්තිය ඇති කරගන්න බොහෝ දෙනක් ඒ චරිතයට වදිනවා පුදනවා මිසක මේ පුද්ගලයා මොනවද කියලා තියෙන්නේ කියලා හොයන්නේ නෑ. ඒ කියලා තියන දේවල් අපිට වැදගත්ද ඒවා ප්‍රායෝගිකද කියලා දන්නෙවත් නෑ. භික්ෂුන් පවා එහෙමයි. බන කියනකොටත් බුදුන් වහන්සේගේ පවර් එක ගැන කියනවා මිසක් ඒ දේශනා වල ඇති ප්‍රායෝගික පැත්ත කතා කරන්නේ නෑ. අනික ඒ වගේ දේවල් හැම ආගමික ශාස්තෘවරයෙක් වටේම තියනවා. ඒ නිසා මටනම් ඔය අද්භූත දේවල් ඒ තරම් වැඩක් නෑ. කොටින්ම කිව්වොත් පුද්ගලයා මොන තරම් අද්භූත උනත් වැඩක් නෑ කියලා තියෙන දේවල් වල හරයක් නැත්නම්.

      Delete
    5. මාතලන්, බුදු හිමියන් විටින් විට සංශෝධන සහිතව විනය දේශනා කිරීම නිසාම ඔබ උන් වහන්සේගේ අවබෝධය සැකයට භාජනය කිරීම නිවැරදිද කියන කාරනය ගැන මා තර්ක කරන්නේ නැහැ. ඒ ඔබ එය මීට වඩා හරවත්ව විමසා බැලිය යුතු කාරනයක් නිසා.
      එද සසුනෙහි සිටි පිරිසක් ඔබ විසින් හඳුවන ආකාරයට අසහනකාර වලත්ත්තයෝ පිරිසකි. මේ පිරිස අද සමාජයේ සුදු වත් හැඳගෙන අපිට බණ දෙසන පාලකයින්, කහ වත් හැඳගෙන අපිට බණ කියන පැවිද්දන් අතර මෙන්ම ඔබ අප ඇතුලත් කකුල දෙකටම කලිසම් අඳින උන් අතරත් නැතිදැයි මදක් විමසන්න. මේ අනුෂ්‍ය ස්වභාවයයි. ආශ්වාදය සෙවීම එහි ආදීනව නොදැකීම මනුෂ්‍ය ස්වභාවයයි.

      Delete
    6. මනෝ මන්දිර, ඩ්‍රැකී මෙන්ම මධ්‍යස්ත මත ධාරියාද බුදු හිමියන් සර්වඥ්ඥය යන මතය අභියෝගයට ලක් කර තිබුනා. මේක බොහෝම දුරට විමසිය යුතු කරුනක්. ඒ වගේම බුදු දහම දර්ශනයක් කියාත් බුදු හිමියන් දරශන වාදියෙකු ලෙසත් නම් කර තිබෙනවා. තව දුරටත් නිරපේක්ශ සත්‍යයක් නැතැයි කියාත් මෙතැනදී කියැවී තිබෙනවා.
      මේ කරුනු එකිනෙක ගෙන බොහෝම දුරට විමසිය යුතු කාරනාවන් ලෙසයි මා දකින්නේ.
      මා පොදුවේ මේ මත වාදවලට එරෙහි වුවහොත් ඔබලා මා මරනින් මතු අපායට යාමට බියෙන් පහන් දල්වන බුද්ධාගම් කාරයෙකු ලෙස සිතීමට ඉඩ තිබෙනවා. එම නිසා මේ කරුනු ගැන වඩා සවිස්තරාත්මකව ඉදිරියේදී බ්ලොග් අඩවි තුලින්ම සාකච්චාවකට එලැඹීමට බලා පොරොත්තු වෙනවා.

      Delete
    7. සිතිවිලි

      මා ඔබේ මතවාදයට එරෙහි වන්නේ නෑ.මා බුදුන් වහන්සේගේ සර්වඥ බව අභියෝගයට ලක් කරන්නේ නෑ.එහිදි මා අදහස් කලේ මම බුදුන් වහන්සේගේ දේශනා දර්ශනාත්මක ස්වරූපයෙන් පමනක් දකින බවයි.පිටකයේ දේශනා කියවනකොට උන්වහන්සේ සුවිශේෂියි කියන එක වැටහෙනවා.මෙහිදි මම අද්භූත දේ බැහැර කරනවා නෙවෙයි ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ නෑති කමයි තිබෙන්නේ.බුදුන් වහන්සේට තරම් නොවුනත් ජේසුස් වහන්සේටත් යම් යම් හැකියාවන් තිබු බව බයිබලය කියවනකොට පැහැදිලි වෙනවා.කොහොම උනත් මට හිතෙන්නේ සර්වඥ කියන වචනයේ අදහස අපි බොහෝ දෙනෙක් වරදවා වටහා ගන්නවා කියලයි.මජඣිම නිකායේ තේවිජ්ජවච්ඡගොත්ත මේ ගැන තියනවා.

      වච්ඡගොත්ත පරිවැජියා: ස්වාමීනි, ඔබ වහන්සේ සියල්ල දනිති, සියල්ල දකිති, යන-එන, නිඳන-නොනිඳන හැම විට ම පවතින සර්වඥතා ඥානයෙන් යුක්ත යැ යි ද මා විසින් අසන ලදි. මෙය සත්‍යයක් ද?

      බුදුන් වහන්සේ: වච්ඡය, ශ්‍රමණ ගෞතම තෙම සර්වඥ ය; සියල්ල දනිති; යන-එන නිදන-නොනිදන හැම විට ම පවත්නා සර්වඥතා ඥානයක් ඇත යනුවෙන් මා ගැන යමෙක් ප්‍රකාශ කෙරේ නම් එය මා විසින් කියන ලද්දක් නො වේ.ශ්‍රමණ ගෞතමයන් ත්‍රිවිද්‍යාවෙන් යුක්ත යැ යි යමකු කියන්නේ නම් එය අසත්‍යයක් නො වේ. මම අනේක ප්‍රකාර පෙර විසූ භාවයන් සිහි කරන පූර්වේනිවාසානුස්මෘති ඥානය ඇත්තෙමි; …චුතුපපාත ඥානය ඇත්තෙමි; … ආශ්‍රවක්‍ෂය ඥානය ඇත්තෙමි. වච්ඡය, මේ කියන ලද ත්‍රිවිද්‍යාව මා සතු ව ඇත. යමෙක් ඒ බව ප්‍රකාශ කරන්නේ නම් එය අසත්‍යයක් නොවන්නේ ය.

      පිටකයේ තබෙන මෙවනි බොහෝ කරුනු වලින් පැහැදිලි වෙනවා මෙම ඥාණය අවශ්‍ය විටක ආවර්ජනය කල හැකි දෙයක් පමනක් බව.මේ පටලැවිල්ල නිසයි අපි බොහෝ දෙනෙක් හිතන්නේ මේ ඥාණය හැම වෙලාවෙම තියනවා බුදුන් වහන්සේට හැම දේම දකින්න පුලුවන් කියලා.නමුත් උන්වහන්සේට සියලු දේ දකිමින් සිටිමේ අවශ්‍යතාවයක් තිබිලා නෑ.උන්වහන්සේ අවශ්‍ය විටක ප්‍රාෙයා්ගික පියවර ගැනීමක් මිසක අද්භූත දේවල් කරන්න ගිහින් නෑ.ඔබේ බිලොගයේ මේ ගැන සංවාදාත්මක ලිපියක් පල කරමු.

      Delete
  8. //“යම් මහණෙක් ලිංගිකව හැසුරුනේ නම් පාරාජිකා වේ// පොඩිනමක් තියා ගත්තට මේ සිල්පදය කැඩෙන් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. පොඩිනමක් තියාගන්නේ ඔය වැඩේටනම් උන්දෑගේ භික්ෂුත්වය සුන් තමයි.

      Delete
  9. බහුතරයක් හාමුදුරු වරුන්ට වඩා සිල්වත් ගිහියො ඉන්නවා බං !!! එකෙන්ම..

    ReplyDelete
  10. පාරාජිකා පාලිය වෙලාවට සිංහල වැලකතා ලියන එවුන් කියවලා නැද්දකොහේද.කියෙවුවනම් උන්ට පට්ට කතා ටිකක් ලියන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මේක දැක්කට පස්සේ උන් ඕක හොයාගෙන කියවයිද දන්නෙත් නෑ.

      Delete
  11. මනෝ.. බොහොම අගනා ලිපියක්.. ස්තුතියි.. මට මේක දැක්කම රවියගෙ අයවැය මතක් උනා.. වෙන්න ඕන එහෙම තමයි.. නීති සහ අදාල දේවල් කාලානුරූපව සංශෝධනය වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. කාලයත් සමග දේශපාලන,ආර්ථික,සමාජ රටාව වෙනස් වෙනවා.ඒ වෙනස් වෙන රටාවට අනුගතවෙන කොට එවැනි වෙනස් වීම් සිදුකරන්න වෙනවා. බුදුන් වහන්සේත් එහෙම කරලා තියනවා කියලා පේනවා විනය පිටකය බැලුවම.

      Delete
  12. භික්ෂූන් විසින් හංගගෙන ඉන්න එකක් නෙ විනය කොටස්.එලි උනොත් ඉඩකඩම් පංසල් ටික දෙන්න පවුලෙ සිවුරුධාරියෙක් නැති වෙනවා.පරම්පරාව ගෙනියන්න එපැයි.
    බොහොම කලාතුරකින් ඉන්නවා සෑහෙන පමණ විනයානුකූල සංඝයා වහන්සේලා.
    මනෝ මම අහල තියෙනවා ආරන්‍යගත භික්ෂූන්වහන්සේ නමකට ලිංගය භාවිතාකල හැක්කේ මුත්‍රා කිරීමට පමණයි කියලා. ඇත්තද ඒ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. විනය බැලුවම නම් ලිංගය භාවිතා කරන්න පුලුවන් කම තියෙන්නේ මූත්‍රා කරන්න විතරයි තමයි. ගොඩක් දුරට ආරණ්‍ය සම්ප්‍රදායේ විනය ආරක්ෂා කරන භික්ෂූන් ඉන්නවා. සුලු ශික්ෂාපද ගැන පවා සැලකිලිමත් වෙන භික්ෂූන් ඉන්නවා. මම එහෙම අයව දැක තිබෙනවා. බහුතරය නම් මේවා ගනන් ගන්නෙත් නෑ

      Delete
    2. මනෝ ... මෙතනන තියෙන විකෘතිජනක හැසිරීම්, නිවරදිව කමටහන් නොගෙන භාවනාවේ යෙදීම,මානසික විඩාව වගේ තත්ව නිසා ඇති වූවා වෙන්න බැරිද?

      Delete
    3. එහෙම දේවල් තිබුන භික්ෂූනුත් ඉන්න ඇති කියලා හිතෙනවා සමහර කරුනු බලනකොට. ඒ වගේම සමහරු නම් පැවැදි වෙන්න කලින් ඉඳලම අමුතු වැඩ කරලා තියනවා.

      Delete
  13. කාලීනව වැදගත් කතාවක්.. ස්තුතියි මේ ලිපිය ලිව්වට..

    ReplyDelete
    Replies
    1. ස්තුතිය මචෝ

      අද සමහර භික්ෂූන් කරන දේවල් දැක්කමයි මේක ලියන්න හිතුනේ.

      Delete
  14. බොහොම වැදගත් කරුණු කාරණා ටිකක් මේ පෝස්ට් එකෙන් කියවලා දැන ගත්තා.
    අද වගේ උනානම් හැම දවසෙම එක එක විනය නීති පනවන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවෝ අද හිටියනම් ගොඩක් භික්ෂුන්ව එලවලා දමාවි. ඒ විතරක්ද ඥාණසාර වගේ හාමුදුරුවරු බුදුන් වහන්සේට විරුද්ධව කැරලි ගහන්නත් ඉඩ තිබුනා.

      Delete
  15. කාලෙකින් කියෙව්ව වැදගත් ලිපියක්.
    දැන් හොදයි බලන් යනකොට..

    ReplyDelete
    Replies
    1. විනය කියවලා බලනකොට මටත් හිතුනේ ඕකමයි. එදා කරලා තියන ඒවා බලනකොට දැන් ඉන්න අය ටිකක් හොඳයි වගේ. එදා සමහරු ඇටසැකිල්ලක්වත් නිකම් තියලා නෑනේ

      Delete
    2. අද කොච්චර තාක්ෂණික අතින් දියුණු වුනත් වැඩක් නෑ.. ඉස්සර කරපු වැඩ වලින් බාගයක්වත් දැන් කරන්නේ නෑ..

      Delete
    3. සිතිමේෙ,තීරණ ගැනිමේ ශක්තිය එදා අයට තරම් අද අයට නෑ කියලයි මට හිතෙන්නේ

      Delete
  16. හොඳ ලිපියක්, මනෝ. එදා මහණ වීමට පැමිණි පිරිස අතර මොන වගේ අය හිටියද කියන එකත්, ගෞතම බුදුන් විසින් මෙවැනි පිරිසක් පාලනය කිරීමේදී වරින් වර මතු වූ තත්ත්ව අනුව පරිපාලකයෙකු ලෙස ගත් තීරණත් ඉතාම පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉකෝ. විවිධ මතිමතාන්තර, අදහස්, දැන උගත්කම් වයස් සීමාවන් ඇති පිරිසක් එකම අයතනයක එකට ඉන්නකොට ඒ පිරිස අතරේ අර්බුධ පවා ඇති වෙනවනේ. කොෂැඹැවේ ඝෝෂිතාරාමයේ අර්බුධයක් ඇති වුනෙත් ඔය විදියට. ඒ වගේ අවස්ථාවන් වල බුදුන් වහන්සේ ඉතා ඉවසීමෙන් කටයුතු කරමින් මේ පිරිස පාලනය කරලා තියනවා. විනය පිටකය කියවනකොට වැටහෙන්නේ බුදුන් වහන්සේ විනය නීති පනවන කොට බොහෝ දේවල් ගැන අවධානය යොමු කරල තියනවා කියන එක.

      Delete
  17. සෑහෙන තරමේ සංවරභාවයකින් ලියු ලිපියක් මෙන්ම අපහාස කිරීමේ චේතනාවෙන්ම ලියල තියෙන comments වලට හොඳ උත්තර ටිකක් ලියු ලිපියක් විදිහට මා මෙය දකිනවා. බුදන් වහන්සේ පය්තගරුස්, සොක්‍රටීස්, ප්ලේටෝ වැනි දාර්ශනිකයන් සමග සම මට්ටමින් සැසඳීම ගැන නම් එකඟ වෙන්න බැහැ.
    ඔබ ත්‍රිපිටකය සහ අටුවා කියවන නිසා බුදුන් වහන්සේ සතුවූ අසාධාරණ ඥාන 6 ගැන
    දන්නවානෙ.(පටිසන්විධා මග්ගප්‍රකරණය දේවදුත සුත්‍රය එහෙමත් කියවලා ඇතිනෙ.) ඉන්ද්‍රිය පරෝපරියඥානය,ආශයානුෂ ඥානය, යමක ප්‍රාතිහාර්ය ඥානය, සබ්බන්යුතා ඥානය,අනාවරණ ඥානය සහ මහා කරුණා සමා පත්ති ඥානය ආදී ඥානයන් ඔබ ඉහතින් විස්තර කල දාර්ශනිකයන්ටත් තිබුනා කියා ශාක්ෂි තිබෙනවාද?

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔබේ අදහසට ස්තූතිය.

      මම එතනදි බුදුන් වහන්සේ අනිත් දාර්ශනිකයන් හා සම මටිටමින් තියන්නේ නෑ. මම බුදු සමය දර්ශනයක් විදියට හදාරන කොට කලේ උන් වහන්සේ වටා ඇති අද්භූත සියල්ල ඉවත් කරලා උන්වහන්සේගේ දර්ශනය පමනක් අධ්‍යයනය කරන එක. එහිදි මට දකින්න ලැබුනේ ලොව පහල වූ විශිෂ්ඨ දාර්ශනිකයෙක්. ඒ දර්ශනය ගැඹුරුයි වගේම මතුපිටින් පමනක් බැලුවට වැටහෙන දෙයක් නෙවෙයි. මම දැක්ක දේ තමයි අපි බොහෝ දෙනෙක් බුදුන් වහන්සේගේ දර්ශනය ගැන වෙනුවට ඒ චරිතය ගැන හොයනවා. ඒ නිසා හරවත් ජීවන දර්ශනයක් අපිට මඟ හැරෙනවා.

      බුදුන් වහන්සේ සතුව පැවැති සඩ් අසාධාරණ ඥාන, චතු විසාරද ඥාන, දසබල ඥාන යනාදිය ගැන පිටකයේ සඳහන් වෙලා තිබෙනවා. අදටත් යම් යම් අසාමාන්‍ය හැකියා ඇති පුද්ගලයෝ ගැන වාර්තා වෙනවා. ඒ අතරින් මනසික සංවර්ධනයත් එක්ක අරුම පුදුම දේවල් සිදු කරන පුද්ගලයන් ගැන පර්යේෂණ පවා සිදු කර තිබෙනවා. ලොව අධිභෞතික දේවල් ඇති බව නූතන විද්‍යාව පවා සනාථ කර තිබෙනවා. බුදුන් වහන්සේටත් එවැනි හැකියාවන් තිබෙන්න ඇති. නමුත් මම බොහෝ දුර ඒ සියල්ලට වඩා විශේෂ කොට දකින්නේ ඒ දර්ශනය.

      Delete
  18. තිරිසන්ගත ස්ත්‍රියක් කියන්නේ මොකෙක්ද බන්..

    උඹේ බුද්දාගම ගැන දැනුම නම් පට්ට ඉහලයි.. මටනම් ඔය ගාතා එකක්වත් මතක හිටින්නේ නෑ.. මාතා කියුව වගේ මටත් හිතුනේ ඒ කාලේ පට්ට අසහන කාරයෝ ටිකක් මහන වෙලා ඉඳල තියෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. තිරිසන් ගත ස්ත්‍රියක් කියලා දක්වලා තියෙන්නේ තිරිසන් සතුන්ට. වැඳිරියකට වැඩේ දුන්නට පස්සේ ඒ ශික්ෂාව පනවලා තියෙන්නේ.

      ඉස්සර නම් ගාථා ගොඩක් මතක තිබුනා. දැන් ටිකක් මතකයේ අඩුයි. ඔය අසහන කතාවේදි මට හිතෙන්නේ එදත් අද කාලේ වගේ මොනවත් කරකියා ගන්න බැරි අය ජීවත්වීමේ මඟක් විදියට මහණ වෙන්න ඇති කායලා. උන් මහන වෙන්නම ඇත්තේ කාලා බීලා පිස්සු කෙලින්න. එදා ඒ වගේ පිරිස් කල්ලි ගැහිලා ඉඳලා තියනවා කියලා පේනවා. ඡබ්බග්ගීය වගේ අය එහෙම කල්ලි ගැහුනු අය. මේ අය ජොලි කරලා තියනවා.

      Delete
  19. ඇත්තෙන්ම කියනව නං මනෝ
    ආසාවෙන් ලිපිය විතරක් නෙවී සම්පූර්ණ කොමෙන්ටුස් ටිකත් කියෙව්ව..
    අහල කියල දැනගන්න දෙයක් නං නෑ මෙතනට අදාල ඒත් වෙන ප්‍රශ්නයක් තියෙයි

    හාමුදුරුවො බොනව පාටි දානව එතකොට පුල් මාවලස් සයිප් එක්ක ඉන්නෙ කොටිංම කියනව නං අල්පේච්ඡ තාව කියන එක ගෑවිලාවත් නෑ
    ඒ වගේ අය ගැන තියෙන ලිපියක් ලියන්න පුලුවංද
    කමෙන්ටුවකට උත්තරයක් විදියට දානවට වඩා මං හිතන්නෙ ලිපියක් විදියට එද්දි කරුණු වැඩිපුර එද්දි මටත් සත්තෝස හිතෙයි

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ජොලි කරපු චරිත ගැන පිටකයේ තියනවා.සමහරු ෆුල් ඩොලි වැඩ කරලා තියනවා.අනිවාර්යෙන්ම ඊ ලඟ ලිපියෙන් ඒ ගැන ලියන්නම් මචෝ.

      ජයවේවා...

      Delete
  20. මේ වගේ කතා බොරින් වුනාට මේක නම් එහෙම නැහැ මනෝ.අහන්න තිබ්බ ගැටළු සිවිවැනි මානයත්,මතාත් අසා තිබෙනවා.දැන් ධර්ම සංගයනාවක් කරනවා නම් ඒ සඳහා සුදුසු භික්ෂුන් ඉන්නවාද ?

    ReplyDelete
    Replies
    1. ධර්ම විනය හදාරපු බහුශ්‍රැත භික්ෂුන් වහන්සේලා නම් නැතිව නෙවෙයි. ඒත් සංඝායනාවක් පැවැත්වුවොත් එදා තරම් සාර්ථක වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ.

      Delete
  21. විනය පිටකය කියවලා තිබුණු ඔය කරුණුත් දැන ගත්ත. උඹ අර මාතෙගෙ කමෙන්ට් එකට දීලා තියෙන උත්තරේ නම් සුපිරි මචෝ. ඔය ඇත්ත අද කාලෙ හාමුදුරු නමක්වත් කතා කරන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. බුද්ධ කාලීන භික්ෂු අර්බුධ ගැනත් ලිපියක් ලියන්න ඕන. ඒ කාලෙත් ආරාවුල් තිබිලා තියනවා. බුදු දහමේ සත්‍යය ගොඩක් වසන් වෙලා තියෙන්නේ හාමුදුරුවරු ඒවා සිතා මතාම වසන් කරන නිසයි. බුදු දහමේ සත්‍ය වෙනුවට බඩ වඩාගන්න දේවල් ගැන විතරක් කතා කරනවා අද කාලේ.

      Delete
  22. මෙය ලිපියක් නොවෙයි, මේ විනය පිටකයේ පාරාජිකා පාලියේ සතර පාරාජිකාවේ සිංහල පරිවර්ථනයේ උපුටා දැක්වීමකි.
    ඒත් මෙවැනි දේ ලිපියක් ලෙස පල කිරීමෙන් හා සංවාදයට ලක් කිරීමෙන් බොහෝ යහපත් පල උදාවේ. එම යහ කාරනය ඉටු කිරීම ගැන ලේකකයාට සතුටු විය හැකිය.
    බුදු දහම විවෘත්ත වූ තරමට බබලන නිසා මේවා ප්‍රසිද්ධියේම කථා කිරීම ඉතා ඵලදායකය.

    මෙහි කමෙන්ට් කර ඇති උදවිය දරන මත ගැන මාතුල වෙනස් කියැවීමක් ඇති නිසා ඒවාට අදහස් දැක්වීමක් කිරීමට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීම පිළිබදව.

      මේ ගැන ඔබ දරන මතයත් කෙටියෙන් හෝ සදහන් කරන්න පුලුවන්නම් වටිනවා

      Delete
  23. හොඳ සහ වැදගත් ලිපියක්...
    ලිපිය කියවලා ගොඩක් දවස්, කමෙන්ට් එකක් දාන්න උනේ නැහැ. අද ආපහු කමෙන්ට් ඔක්කොමත් කියෙව්වා...
    කට පාඩමින් පරම්පරා ගණනක් රැගෙන ආ ත්‍රිපිටකය පසුකාලීනව ලියවෙද්දී අමතර කරුණු එක් වූනා මෙන්ම වැදගත් කරුණු හැලුනා වෙන්නත් පුළුවන් නේද...

    ReplyDelete
    Replies
    1. එහෙම සිදුවුනා වෙන්න පුලුවන්.පස්සේ කාලේක ගුරු කුල බෙදීමත් එක්ක ඒ අය යම් යම් මතවාද ඇතුල් කරපු බවට සාධක තිබෙනවා.හින්දු සංකල්ප මිශ්‍ර වෙලත් තිබෙනවා.

      Delete
  24. ඉතාමත් හොඳ ලිපියක් මනෝ මන්දිර . විනය පිටකය ගැන දහම් පාසලේදී ටිකක් උගන්වනවා එච්චරයි. වැදගත් කරුණු කීපයක් දැන ගත්ත.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියේ.

      මේ ලිපිය ලිව්වෙත් යම් තරමකින් හෝ මේ කරුනු ගැන අපි හැමෝම දැනුවත් විය යුතුයි කියලා සිතුන නිසයි.සැරින් සැරේ මෙවනි කරුනු ලියන්නයි හිතාගෙන ඉන්නේ.


      Delete
    2. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2778-2016-02-07-00-06-09

      Delete
    3. ස්තුතියි අජිත් අයියේ.

      Delete
  25. ඔතන මචන් තියෙන්නෙ බෞද්ධ සාහිත්‍යයි......බුද්ධ දර්ශනයයි පටලවා ගැනීමක්....බෞද්ධ සාහිත්‍යයෙ තියන බොහෝ කාරනා හිංදු සංකල්ප වලට සංබන්දයි.
    ...බොහොමයක් කමෙන්ට් කරුවො ඒ දෙක පටලවගෙන

    ReplyDelete
  26. මට මනුෂ්‍ය විග්ගහ පාරාජිකාව සහ උත්තරීතර මනුෂ්‍ය ධම්ම පාරාජිකව ගැනයි විස්තර ටිකක් දෙන්න පුළුවනිද?

    ReplyDelete
  27. බුදුන්වහන්සේ සර්වඥ නිසා ම වෙන්න ඇති පස්වග මහණුන් මභණ කල මොහොතේ ම විනය නීති පැනෙව්වෙ නැත්තෙ. එහෙම වුණා නම් කීදෙනෙක් මහණ වෙයිද? දේවදත්ත වැනි අය කුමක් නොකරාවි ද?

    ReplyDelete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි