ඔබත් ලිංගිකත්වය සමිබන්ධ මානසික ගැටලුවලින් පෙලෙනවද ?

           වර්ථමානයේ කතා කල යුතුම මෙන්ම බොහෝ දෙනෙකු කතා කිරීමට කැමති උවත් කතානොකර සගවා සිටින ප්‍රධානතම ගැටලු කීපයක් නමි ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලුය.මෙම ගැටලු නිසා බොහෝ දෙනෙකු පීඩා විදින බව අප දැනගත්තේ දැනට කලකට පෙර බටහිර හා බෞද්ධ මනෝවිද්‍යාව හා මනෝවිද්‍යාත්මක උපදේශණය පිළිබදව හදාරමින් සිටින විටය.මා උපදේශණය පිළිබද පාඨමාලාවක් හදාරන බවදැනගත් මාගේ මිතුරන් මානසික ගැටලු ඇතැයි සිතු සමහරකු මා වෙත යොමු කරන ලද අතර එසේ යොමු වුන පිරිස අතරින් අප අද සාකචිඡා කරනු ලබන ගැටලුව ඇති බොහො දෙනෙකුද මා හට හදුනා ගන්නට ලැබින. මා විසින් ඔවුන්ව පලපුරැදු උපදේශකවරැන් වෙත යොමු කලෙමි.කෙසේ වුවද කිසිවකුට පවසා ගත නොහැකිව බොහො දෙනෙකු දැඩිව තැවෙන ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලු කීපයක් පිළිබදව සාකච්ඡා කරමින්ම මෙම ලිපි පෙල ආරමිභ කරන්නට සිතුවෙමි.අද මෙහි පලවන්නේ එම ලිපි පෙලේ පලමු වන ලිපියයි.
          පහත දැක්වෙන්නේ 22 වියැති එක්තරා තරැණයකු ඔහු මානසිකව පීඩා විදින ගැටලුවක් මනෝවෛද්‍යවරයකු වෙත ලිපියක් මගින් යොමු කර තිබු ආකාරයයි.ඔහුගේ ගැටලුවෙි ස්වභාවය තෙරැමි ගනිමින්ම අද ලිපියට ප්‍රවෙිෂ වීම වඩාත් සුදුසු යයි සිතේ.



 



    කරුණාකරල මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න.  මම ලොකු අවුලක ඉන්නෙ. මම පිරිමි කෙනෙක්. අවුරුදු 22. මම කාත් එක්කවත් ලිංගිකව තවම එකතු වෙලා නැහැ.මට sex කරන්න පිරිමි අය  ගැන අදහස්  එනවා මේ දවස් ටිකේම. මන් ඉස්සර එහෙම නැහැ. අනික මන් කැමති නැහැ gay කෙනෙක් වෙන්න. එහෙම විශේෂ කෙනෙක් නැහැ. ඕනිම කොල්ලෙක් එක්ක එකතු වෙන්න හිතෙනවා. මට එපා වෙලා තියෙන්නේ එහෙම හිතෙන එක. පුලුවන්නම් තේරුම් ගන්න. මන් ඒවාට කැමති නැහැ.මම ස්වයං වින්දනය කරනවා blue ෆිල්ම් බලල. ඒවගෙත් ගැහැනු කෙනා දිහා බලලයි මම ස්වයං වින්දනය කරන්නේ.අල්ලපු ගෙදර ඇන්ටි ගැනත් එක එක විකාර දේවල් හිතෙනවා(sex කරනවා වගේ මාත් එක්ක). අක්ක කෙනෙක් ඉන්නවා. එය මගේ යාලුවෙක්. එය ගැනත් විකාර දේවල් හිතෙනවා. තව අක්ක කෙනෙක් ඉන්නවා. එය මගේ නෑයෙක්. එය ගැනත් එක එක විකාර දේවල් මැවෙනව. තවත් සමහරක් කාන්තාවන් ගැන හිතෙනවා. එත් අර තරමටම නැහැ. නමුත් මම අදුරන හැම කාන්තාවක් ගැනම එහෙම හිතෙන්නේ නැහැ.ඒවා හිතෙන කොට මන් මගේ කම්බුලටම ගහගන්නවා. මොකද එක වැරදි නිසා. මට ඒගොල්ලෝ ගැන එහෙම හිතන්න බැහැ. මොකද ඒගොල්ලෝ ගොඩක් හොද අය මන් දන්නා තරමින්.

         මම blue ෆිල්ම් බලන එක නවත්තගන්න ඉස්සර ගොඩක් උත්සහ කරා. නමුත් එක කරගන්න බැරි උනා. පස්සේ හැමෝම ඒවා බලනව කියල දැනගත්තු නිසා මම ඒවා බලන එක නවත්තන්න හිතුවේ නැහැ. දැන් මන් අවුරු 7ක ඉදන් බලනව.

කාලයකට හැමදාම බලනව. තවත් කාලයකට එහෙම බලන්න තරම් උවමනාවක් නැහැ.මගේ ප්‍රශ්න
 

1) පිරිමි අය ගැන මේ දවස් වල මට හිතෙන්නේ ඇයි. ඉස්සර එහෙම නැහැ?


2) අදුරන සමහර කාන්තාවන් ගැන මට විවිදාකාර දේවල් හිතෙන්නේ ඇයි(sex  කරනවා වගේ මත එක්ක)?


3) blue ෆිම්ල් බලන එක අනාගතයේ මගේ විවාහ දිවියට / පෙම් සබදතාවක් තිබෙන විට බාදාවක් වෙයිද (පෙම් සබදතාවක් තිබ්බා. එත් දැන් නැහැ)?



4) පිරිමි අය ගැන හිතෙන එකයි. බ්ලුඑ ෆිල්ම් ඕනවට වැඩ බලන එකයි පෙම් සබදතාව බිදවැටුනට පස්සේ උන දේවල්. මට හිතෙන දෙයක් තමයි එකෙන් ඇති උන පීඩනයක්ද මේ?


5) තව හිතෙන එකක් තමයි, මන් කාත් එක්කවත් තවම එකතු වෙලා නොමැති නිසා මෙහෙම දේවල් මට හිතෙනවද(අදුරන කාන්තාවන් සමග එකතු වෙන්ව වගේ විකාර දේවල් හිතෙන එක, පිරිමි ය ගැන එන අදහස්, blue ෆිල්ම් වැඩිපුර බලන එක)?



මට මේ දේවල් යාළුවොන්ගෙන් අහන්න බැහැ. එකයි මෙතන ඇහුවේ. කරුණාකරලා උත්තරයක් දෙන්න. ගොඩාක් ලොකු උදව්වක්

        මෙි ලිපිය කියවන විට ඔබට දැනෙන්න ඇති මෙි තරැණයා තමන්ට තිබෙන ගැටලුව නිසා දැඩි පීඩාවට ලක්ව සිටින බව.අප නොදන්නවා උවත් මෙවනි ගැටලු වලින් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.ඔවුන් පිළිතුරක් සොයමින් ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා.තම ගැටලුව තව කෙනෙකුට ඉදිරිපත් කරන්නත් ලජ්ජාවක් තිබෙනවා.මෙවනි ගැටලු කෙනෙකුගේ ජීවිතයේ සතුට සමිපුර්ණයෙන්ම නැති කරනවා.ඒ නිසාම මෙවනි ගැටලු පිළිබදව දීර්ඝ විස්තරයක් ඉදිරි ලිපි පෙලකින් ඉදරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.එතෙක් අප සමග රැදි සිටින්න.


0 comments:

Post a Comment

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි