ලිංගිකත්වය පිළිබඳ බුදු සමයේ ආකල්පය (දෙවන ලිපිය)


            මෙයට පෙර ලිංගිකත්වය පිළිබද බුදු සමයේ ආකල්පය යනුවෙන් පෙර ලිපියකින් ඉදරිපත්කල කරැනුද සමිබන්ධ කරගනිමින් තව දුරටත් මෙම මාතෘකාව හා සමිබන්ධයෙන් බුදු සමයේ කරැනු විමසා බැලීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේමු.ලිංගිකත්වය හා විවාහ දිවිය සමිබන්දයෙන් බුදුසමය දක්වා ඇති ආකල්පය කුමක්දැයි යන්න පිළිබදව මෙහිදි වැඩිපුර අවධානයක් යොමු කෙරි ඇත.
              සංයුක්ත නිකායෙහි මාතාපුත්ත සූත්‍රයේදැක්වෙන කරැනු මෙහිදි විමසා බැලීම වැදගත් වෙ.විරුද්ධ ලිංගිකයන් අතර ගොඩනැගෙන විශ්වාසය සහ අන්‍යෝන්‍ය බැඳීම කායික සබඳතාවක් දක්වා වර්ධනය වනවා පමණක් නො ව, එකිනෙකා දැකීමත් තෘප්තියට හේතුවක් බන බවත් තම සිත බැඳුණු කෙනාගේ සෑම ඉරියවුවක් ම සිත් ගන්නා බවත් එම සුත්‍රයේදී ම පැහැදිලි කැරේ. සිටීම, හිඳීම, සයනය කිරීම, සිනාව, ගායනය, හැඬීම ද අවම වශයෙන් මිය යන අවස්ථාව දැකීම ද දෙදෙනා අතර බන්ධනය තීව්‍ර කරන බව පැහැදිලි කරයි. මෙම සියලු චර්යා සාමාන්‍ය මිනිස් චරිතයක ප්‍රකෘති ලක්‍ෂණ වුවත් ඒවා සාධාරණීකරණය කළ හැකි වුව ද, මනුෂත්වය සමග නොගැළැපෙන බැවින් අනවශ්‍ය ආකාරයේ බන්ධන වෙනස් කරගැනීමට බුදුසමය උපදෙස් දෙයි. සිගාලෝවාද සූත්‍රයේදී ස්වාමි - භාර්යා දෙදෙනා ම ‘අනති චරියා’ හෙවත් ‘එකිනෙකා’ නොඉක්මවීමට වගබලාගත යුතු බව පෙන්වා දෙයි. ලිංගිකත්වය සහ ඒ හා සබැඳි තෘප්තිය විවාහ දිවියට සීමා කළ යුතු ය. එසේ නොවුණ හොත් අනෝන්‍ය විශ්වාසය තහවුරු නො වේ. විවාහයට මෙවැනි සාරධර්මවල ඇති ආදේශකත්වය එමගින් පැහැදිලි වෙයි.
                 විවාහක යුවලක් සම ශ්‍රද්ධා,සම සීල,සම චාග,සමප්‍රඥා  වෙන් යුක්ත විය යුතු බව බුදු සමය අවධාරණය කරයි. මෙහිදි සම යන පූර්ව පදය මෙ සැම පදයක් හා යෙදි ඇත.ඉන් කුමක් අදහස් කරන්නේද.ආධිපත්‍ය බැහැර කෙරැන සමානාත්මතාවයක් ඉන් ප්‍රකට කෙරෙන බව දක්නට ලැබෙ.පලමුවෙන්ම පෙන්වා දි ඇත්තේ සම ශ්‍රද්ධා යන්නය.බොහෝ තැන් වලදි තෙරැවන් පිළිබදව ඇති පැහැදීම ලෙස මෙය විග්‍රහ කර ඇතත් විවාහක යුවලක් තුල පැවතිය යුතු සම ශ්‍රද්ධාව යන්නෙහි අර්ථය එම යුවල හා සමබන්ධ කරැනුද මුල් කරගනිමින්ම විවරණය කර ගත යුතුය.ශ්‍රද්ධා,සීල,චාග,ප්‍රඥා යන මෙම පද හතරෙහිම අර්ථය විවාහක යුවලක් හා මුල් කරගනිමින් මෙසේ විවරණය කර ගැනීමට හැකිය.

  1. අන්නෝන්‍ය අවබෝධය මත ඇති වන විශ්වාසනීයත්වය
  2. අසමිමත චර්යාවන් කෙරෙහි නැඹුරැ නොවීම
  3. කායික මානසික අවශ්‍යතා හදුනා ගනිමින් ඔවුනොවුන් එකිනෙකා කෙරෙහි කරනු ලබන කැපකිරීම
  4. පුලුල් මනා අවබෝධයක් තිබිම

   බුදු සමය තුල ශ්‍රද්ධාව යන්නෙන් අර්ථ දැක්වෙන්නේ දැනුම,භක්තිය,අන්ධානුකරණය,අන්ධ විශ්වාසය ඉක්මවා ගිය ප්‍රත්‍යක්ෂ පැහැදිලි අවබෝධය යන්නය.එසේ නමි විවාහක යුවලක් සදහා එය ආදේශ වන්නේ කෙසේද.එනමි දෙදෙනා අතර එකිනෙකා පිළිබද ඔවුන්නොවුන් හදුනාගනිමින් ඇතිවිය යුතු පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව ඉන් අදහස් කෙරි ඇත.දෙදෙනාගේ කායික මානසික හැගීමි දැනීමි අවශයතා හදුනා ගනිමින් කටයුතු කරන්නට ඉන් උපදෙස් ලැබි ඇත.එකිනෙකා තම අවශ්‍යතා සමිපූර්ණ කරගැනීමට වෙනතකට යොමු නොවිය යුතුය.එය සම සීල යනුවෙන් දක්වා ඇත.සීලය යනු සිල් රැකීම ලෙස අර්ථ දක්වනවාට වඩා පුද්ගල චර්යාව සකස් කරගැනීමට බුදු සමයේ දැක්වෙන  උපදෙස් ලෙස තෙරැමි ගැනීම වඩාත් සුදුසුය.සම චාග යන්නෙන් එකිනෙකා කල යුතු කැපකිරීම පිළිබදව දක්වා ඇත.කායික මානසික අවශතා හදුනා ගනිමින් තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කරන්නට නමි දෙදෙනාම එකිනෙකා උදෙසා කැපකිරීමි කල යුතුය.සම ප්‍රඥා යන්නෙන් අවබෝධයෙන් කටයුතු කිරිමට අවශය බව පෙන්වා දි ඇත.අවබෝධය කෙසේ විය යුතුද.විවාහක යුවලක් වශයෙන් බොහෝ කරැනු පිළිබදව ඔවුන්ට අවබෝධයක් තිබියු යුතුමය.වෙනකක් තබා දෙදෙනා තම ලිංගික අවශතා පවා අවබෝධයෙන් හදුනා ගනිමින් කටයුතු කල යුතුය.එවැනි අවශ්‍යතා වෙනුවෙන් දෙදෙනා කරනු ලබන කැප කිරිම නැවත චාග යන්නෙන් දක්වා ඇත.ඉතා කෙටියෙන් සරලව මෙම කරැනු හතරෙහි විවරණ මෙසේ දක්වා ඇතත් දිර්ඝ වශයෙන් කරැනු ගෙනහැර දැක්විය හැකි තරමි ශ්‍රද්ධා,සීල.චාග,ප්‍රඥා යන කරැනු පුලුල් පරාසයක් මුල් කරගනිමින් දේශනා කර ඇත.

         විවාහ ජීවිතයේ ලිංගික සම්බන්ධතාවන්ගේ සීමා නිර්ණයකට වඩා ප්‍රතිසංස්කරණාත්මක උපදේශනයක් බුදුසමය ලබාදෙයි. විවාහය සංස්ථාවක් ලෙස පැවැත්වීමට නම් එහි සාමාජිකයන් යම් යම් එකඟතාවන්ට පැමිණිය යුතු ය. එම එකඟතා පිතෘ මූලික විය යුතු බව ඉන් ප්‍රකට නො වෙයි. මනුෂ්‍යත්වය අගය කරන ආකාරයේ එකඟතා සම්මත ලෙස බුදුසමයත් අගයයි. සුත්ත නිපාතයේ ‘බ්‍රාහ්මණ ධම්මික’ සූත්‍රයේදී විවාහයේ පුරුෂාර්ථ ලෙස පෙන්වා දෙන්නේ තම බිරිය නොඉක්මවීම, අඹුවන් මිලට නොගැනීම, සහ අඹුවන් නොවිකිණීම යන සාධක පදනම් කොට ගනිමිනි.අන්‍යෝන්‍ය ප්‍රේමය සහ සහයෝගීත්වය සකස් කරගැනීමට අවශ්‍ය පදනමක් මත විවාහය පිහිටුවීමට එහි කොටස්කරුවන් සමත් විය යුතු බව මෙමගින් අදහස් වේ.ස්ත්‍රිය යනු පුරැෂයා පිනවන ලිංගික භාණ්ඩයක් නොවන අතර ඔහුගේ වහලියකද නොවන බව බුදුසමය අවධාරණය කරයි.දෙදෙනාටම එකිනෙකා හා සමිබන්ධ වගකීමි ඇති අතර ඒවා සමිබන්ධයෙන් ඔවුන්ට මනා අවබෝධයක් තිබිය යුතු බව උක්ත කරැනු මගින් පෙර පැහැදිලි කර ඇත.

             බුදුසමය භෞතිකවාදි දර්ශනයක් නො වේ. මිනිස් චර්යාව හා බැඳි ආචාර ධර්ම පද්ධතියක් නිර්වාණය කේන්ද්‍ර කොට එමගින් ඉදිරිපත් වෙයි. ලිංගිකත්වය සදාචාර විරෝධී සේ අර්ථවත් නොකැරෙන අතර ම, එම අංශය පිළිබඳ මධ්‍යස්ථ වීම ජීවිතයේ සංතෘප්තියට, සහනශීලී භාවයට ඉවහල් වන බව පැහැදිලි වෙයි. ලිංගිකත්වය පිළිබඳ බෞද්ධ ආකල්පය වන්නේ මනුෂ්‍යත්වය හෝ මනුෂ්‍ය සමාජයට නිගා නොවන පරිදි ලිංගික හැසිරීම් සකස් කරගැනීම යහපත් බව යි. බුදුසමයේ දැක්වෙන ආචාර්යධර්ම රැකීමට මිනිසුන් තම ජීවිතය කැප කළ යුතු බව බුදුසමයේ අපේක්ෂාව නො වේ. මිනිසුන්ගේ ජීවිත වඩාත් පහසු සහ සහනශීලී කරගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම් භාවිත කිරීමට මඟ පෙන්වීමක් පමණක් බුදුසමය සිදු කරයි. දෙවියකු වැනි පාරභෞතික සංකල්පයකට බෞද්ධ සදාචාරයේ පදනම සම්බන්ධ නැති බැවින් එහිදී සමාජයේ ප්‍රගතිය විෂයයෙහි අදාළ වන ආකාරයේ සමාජ සබඳතා නිරන්තරයෙන් ම සකස් විය යුතු බව අවධාරණය වෙයි. 

(මෙ හා සමිබන්ධ තවත් ලිපියක් ඉදිරියේදි පල කෙරේ)

0 comments:

Post a Comment

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

Google+ Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි