කාන්තාවන්ට ආවේණික මානසික ගැටලු මොනවාද ? (පුරුෂ පාර්ශවයද කියවිය යුතු ලිපියකි)

    


මේ වන විට සමීක්ෂණ මගින් හෙලිකරගෙන ඇති තොරතුරු වලට අනුව  කාන්තාවන්ට මානසික ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවය පිරිමින්ට වඩා දෙතුන් ගුණයකින් පමන වැඩිය.ඒ සදහා බලපාන හේතු සාධක කිහිපයකි.

  • කාන්තාවන්ට ආවේනික යම් හැගීම්,ක්‍රියාකලාප යනාදිය එක් හේතු සාධකයකි.නිදසුනක් ලෙස දක්වන්නේ නම් කාන්තාවන්ගේ සමහර හැගීම් දැනීම් සගවා තබා ගැනීමට ඇයට සිදු වේ.ඒවා ක්‍රමයෙන් මානසික ව්‍යාකූල අවස්ථාවන් දක්වා වර්ධනය වේ.
  • කාන්තා ජීවිතයේ විවිධ අවස්ථාවන් ස්වභාවයෙන්ම පීඩාකාරීය,වැඩිවිය පැමිනීම,ඔසප් වීම,දරු ප්‍රසුතිය,ආරක්ෂාව පිළිබද ගැටලු,විවාහය,නිවසේ හුදකලා වීම,පුරුෂාධිපත්‍යට යටත්වීමට සිදුවීම යනාදිය දැක්විය හැක.
  • සැදැ සමයට ලගාවීමේදි ඇතිවන මානසික ගැටලු.


කාන්තාවන්ට  පමනක් ආවේණික මානසික ගැටලු මොනවාද ?


ඔසප් වීම සම්බන්ධව ඇතිවන ගැටලු
-----------------------------------------
ඔසප් සමයේ  කායිකව ඇතිවන යම් යම් අපහසු තාවයන්  සමග කාංසාව, නොරිස්සුම් ස්වභාවය,අවපීඩන මනෝභාව,වැනි මානසික වෙනස්වීම් ඇති වේ.කාන්තාවකගේ ඔසප් චක්‍රය සමග ඇයගේ චර්යාවන් තුලද යම් වෙනස් වීමක් ඇතිවනු දැකිය හැක.විශේෂයෙන්ම පියයුරු,උදරය,යටිබඩ ආශ්‍රිතව ඇතිවන වේදනා අපහසුතා නිසා මානසික ව්‍යාකූල භාවයන් හට ගැනීම නිතතින්ම සිදු වේ.එමෙන් ඔසප් දින කිහිපය යනු කාන්තාවකට ඉතා අප්‍රසන්නව ගෙවි යන දින කිහිපයකි.මෙම අවධියේදි බලපානු බලන ජීවවිද්‍යාත්මක සාධකයක් ලෙස සිරුරෙහි හෝමෝන වල සහ තරල ප්‍රමාණයේ අඩුවැඩී වීම් වෙනස්කම් සිදුවන බව වෛද්‍යවිද්‍යාත්මකව සොයාගෙන ඇත.මෙවැනි බොහෝ කරුනු ඇයගේ මානසිකත්වය වෙනස් වීම කෙරෙහි බලපානු ලබයි.




දරු ප්‍රසූතිය හා සම්බන්ධ මානසික ව්‍යාකූලතාවයන්
---------------------------------------------------------

 දරු ප්‍රසූතියකින් පසු කාන්තාවකට යම් ආකාරයක මානසික ව්‍යාකූල භාවයන් ඇති විය හැක.ඒ සදහා බලපානු ලබන හේතු කාරනා කිහිපයකි.

  • ප්‍රසූතියෙන් පසු සති හයක පමන කාලයක් ගතවන තෙක්ම සිරුරෙහි සිදුවන ලිංගික හෝමොන් සාන්ද්‍රණය ඉහල යාම
  • කෝටිසෝල් සාන්ද්‍රණය ඉහල යාම.
  • ප්‍රසූතිය අතරතුරේදි සිදුවන ආසාධන
  • දරුවාගේ මුල් වයස් කාලයේදි මවගේ වගකීම් වැඩීවීම මත ඇතිවන අවිවේකි බව.
  • ආර්ථික ගැටලු වලට මැදීවන කාන්තාවන්ට බිළිදාගේ අවශ්‍යතා ඉටුකරගැනීමට යාමේදි ඒ මත විදින්නට සිදුවන පීඩාවන්
  • දරු ප්‍රසූතියකින් පසු කාන්තාවනට වැලදිය හැකි මානසික ආබාධ වන ප්‍රසව විෂාදය,ප්‍රසවයෙන් හටගත් සයිකෝසිස් වැනි තත්ත්වයන් ඇති වීම.

ප්‍රසවයෙන් පසු ඇතිවන විෂාද තත්ත්වය.
 දරු ප්‍රසූතියෙන් සති දෙකක පමන කාලයක් ගෙවියන විට ඇතිවන තත්ත්වයකි.මාගේ ඤාති සහෝදරියකට මෙම තත්ත්වය ඇති වීමෙන් පසු ඇය ඇගේ දරුවා නොරිස්සන ස්වභාවයකින් පසුවිය.මෙහි රෝග ලක්ෂණ ලෙස විඩාපත්බව සහ කාංසාමය ස්වභාවයන් දැකිය හැක.මාස කිහිපයකට පසුව මගහැරි යන බවක් දැකිය හැක.දිගින් දිගටම මෙවනි තත්ත්වයක පසු වේනම් ඖෂධ සහා මානසික ප්‍රතිකාර වෙත යොමු කල යුතුය.


ප්‍රසවයෙන් පසුව ඇතිවන සයිකෝසියා තත්ත්වය .
කාන්තාවන් 500 කගෙන් එක් අයකුට පමන ඇතිවන තත්ත්වයකි.සමහර කාන්තාවනට නොයෙක් ශබ්ද ඇසීම් රූප පෙනීම් වැනි භින්නොන්මාද ලක්ෂණද ඇතිවිය හැක. 


ප්‍රසූතියකින් පසු ඇතිවන මෙවනි ගැටලු මත මව සහ බිළිදා අතර දුරස්බවක් ඇති වේ.එය දරුවාගේ වර්ධනය සහ ආරක්ෂාව කෙරෙහි සෘජුවම බලපානු ලබයි.සමහර කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව සිට ගෙවි යන දිනවලදි කේන්ති යාම.දරුවා නොරිස්සීම,ස්වාමිපුරුෂයාගෙන් වෙන්ව සිටීම වැනි දෑ කිරීමට යොමු වේ.එවැනි දේ කෙරෙහි ඉහත සදහන්කල කරුනු බලපානු ලබයි.උපන් විගස තම බිළිදා මරා දමන කතුන් පිළිබදව ඔබට අනන්තවත් අසන්නට ලැබි ඇත.එවැනි රුදුරු ක්‍රියාවක් කිරිමට ඇය පෙළඹුන කරුනු අතර ඉහත සදහන් කල මානසික අවපීඩන ස්වභාවයන්ද තිබෙන බව අප අමතක නොකල යුතුය.එවැනි මව්වරුන් දෙස අප එක හෙල අප්‍රසාදය පලකලද එවැනි දෙයක් කිරීමට තරම් ඇයට බලපෑ මානසික ව්‍යාකූලභාවයන් බොහෝ තිබුනා විය හැක.

ඉහත සදහන් කල කරුනු පිළිබදව කාන්තාවන් පමනක් නොව,පුරැෂ පාර්ශවයද දැනුවත්ව සිටිය යුතුය.විවාහක යුවලක් නම් තම බිරිදගේ යම් යම් වෙනස්වීම් කෙරෙහි බලපාන හේතු සාධක හදුනාගනිමින් ඇයව තේරුම් ගනිමින් විවාහදිවිය ගෙවන්නට මෙම අවබෝධය ස්වාමිපුරැෂයකු වශයෙන් ඔබටද තිබිය යුතුමය.යමි යමි අවස්ථාවන් වල පීඩාකාරි මානසික පසුබිමක සිටින ඔබේ දයාබර බිරිද ඒ බව ඔබට නොපවසන්නේද එම පීඩාකාරි බව නිසාමය.එවැනි අවස්ථාවන්වල ඇය මනාව තේරුම් ගැනීම ඇයටද අස්වැසිල්ලකි.එසේ නොවී ඔබද ඇයට තව තවත් පීඩනය එල්ල කිරීමෙන් ඔබේ දයාබර බිරිද තව තවත් අසරණ වනු ඇත.

(කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන හා අතවර පිළිබද ඉදිරි ලිපියෙන් සාකච්ඡා කෙරේ.මේ පිළිබදව ඔබේ අදහස් දැක්වීම එම ලිපිය පලකීරීමේදි  එයට ප්‍රයෝජනවත් විය හැක)

83 comments:

  1. හී මනෝ අද මං එක (ඉහත සදහන් කල කරුනු පිළිබදව කාන්තාවන් පමනක් නොව,පුරැෂ පාර්ශවයද දැනුවත්ව සිටිය යුතුය.)
    මේක නම් ඉතාම වැදගත්

    ReplyDelete
    Replies
    1. අපේ සබරේ පෝස්ට් එක දාපු ගමන්ම ඇවිල්ලා.ඒ වුනාට මට රිප්ලයි කරන්න එන්න වුනේ නම් පැය හයකට පස්සේ.ආවට ස්තුතියි සබරේ

      Delete
  2. ඇත්තෙන්ම කාන්තාවන්ට වගේම පිරිමින්ටත් එක ලෙස වැදගත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. කාන්තාවන්ට මුහුනපාන බොහෝ ගැටලු වලට පිරිමි පාර්ශවය සෘජුවම හේතුවක් වෙන අවස්ථා තිබෙනවා.ඇය තමන්ගේ එකම විශ්වාසනීය ආරක්ෂකයා ලෙසින් සලකන්නේ තමන්ගේ පියා,සහෝදරයා,ස්වාමි පුරුෂයා වගේ අයව.තමන්ගේ දියනියගේ,සහෝදරියගේ,බිරිදගේ ප්‍රශ්න ගැනත් ඒ අයට යම් වැටහිමක් තිබිය යුතුයි.එහෙම දැනුවත් උනාම අපිට හැකියාව තිබෙනවා ඒ අයගේ ගැටලු විසදගන්න එයාලට උදව් වෙන්න.

      ස්තුතියි මධ්‍යස්ථ අදහස් දැක්වීමට

      Delete
  3. වැදගත් ලිපියක් වර්ණ කියනව වගේ පිරිමිත් දැනුවත් විය යුතු මාතෘකාවක්

    ReplyDelete
    Replies
    1. Ian
      අපේ වර්ණද සබරේද.අපේ සබරේ මලයා තමයි අද මුලින්ම ඇවිත් තියෙන්නේ.

      ගැබිනි මාතාවන් වෙනුවෙන් මම ආධ්‍යාත්මික සංවර්ධන හා මනෝ සෞඛ්‍යගැන වැඩසටහන් කරලා තිබෙනවා.ඒ වැඩසටහන්වලට පියවරුන්ගේ පැමිනීම ඉතා අල්පයි.නමුත් පියවරුත් ඒ ගැන දැනුවත් විය යුතු බොහෝ දේවල් තිබෙනවා.ඒකෙන් සිදුවෙන්නේ තමන් අතින් ඉටුවිය යුතුම සමහර වගකීම් පැහැර හැරී යාමක්.මේ නිසා මෙවනි කරුනු ගැන අපි හැමෝටම හොද අවබෝධයක් තිබියු යුතුයි.

      Delete
  4. හිත මහ පුදුම තැනක් - දිදුලන මහරු මිණක්
    හසරැල් වතල වතක් - විටෙකදි නොනිම් දුකක්
    හිත මහ පුදුම තැනක් - හිත මහ පුදුම තැනක්

    නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
    ඉක්මණ රිසි වූවිට හිත නැවතුණ තැන ඉන්නවා
    ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා

    අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
    අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
    හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා

    හිත මහ පුදුම තැනක් - දිදුලන මහරු මිණක්
    හසරැල් වතල වතක් - විටෙකදි නොනිම් දුකක්
    හිත මහ පුදුම තැනක් - හිත මහ පුදුම තැනක්

    ගායනය: සුනිල් එදිරිසිංහ
    පද රචනය: බන්දුල නානායක්කාරවසම්
    තනුව හා සංගීතය: එච්.එම්. ජයවර්ධන

    ReplyDelete
    Replies
    1. අපේ සිංදු ඇනො ඉන්නකම් අපිට අපේ පෝස්ට් වලට ගැලපෙන සිංදුනම් අඩුවක් නැ.ඇත්තම කිව්වොත් මම අහලවත් නැති සමහර සිංදු තියනවා කියලා දැනගත්තෙත් සිංදු ඇනොගෙන්.

      තැන්ක්ස් මචෝ

      Delete
  5. මේ ලිපිය ස්ත්‍රී පුරුෂ දෙගොල්ලටම වැදගත්. සමහර කාන්තාවෝ දන්නෙත් නැහැ තමන්ට ගැටළුවක් තියනවා කියලා. ඒ වගේම ඔවුන්ගේ ගැටළු ඇති වීමට හා වැඩි වීමට හේතුව සමහර විට පිරිමි අපි .

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්.සමහර වෙලාවට කාන්තාවෝ තමන්ට යම් ගැටලුවක් තිබෙන බව නොදැන හිටපු අවස්ථා තිබෙනවා.මෙවනි කරුනු ගැන පැහැදිලි දැනුවත් වීමක් නැති වුනාම පවුලේ අනෙත් අය හිතනවා යම් දෝෂයක් බලපෑමක් වෙන්න ඇති කියලා.ඉන් පස්සේ වෙන වෙන විකාර කරනවා කෙලවරක් නැතිව.නමුත් තියෙන්නේ මේ වගේ දේවල්.ඒක නිසා මෙවනි කරුනු ගැන නිවරදි වැටහීමක් තිබීම අත්‍යවශ්‍යයි.

      ස්තුතයි මචං අදහසට

      Delete
  6. අැත්තට ම වටිනා ලිපියක්..... උගත හැකි පාඩම් ගොඩයි.... බ්ලොග් ලෝකය මේ වගේ වර්ණවත් කරන්නට ඔබ දරන වෑයම ඉතා වැදගත්... අපිත් උත්සහ ගන්නේ බුකියෙන් බ්ලොග් ලෝකය වෙනස් කරගන්නයි... ඒකට මේ දැනුම බෙදීම සහ හරවත් සංවාදයන් ඉතා වැදගත්... ජයවේවා

    ReplyDelete
    Replies
    1. මම බුකියේ ඉන්නේ ඒක පටන්ගත්ත මුල් කාලේ ඉදලම.බිලොග් අවකාශයට ඇවිත් ඉතාමත්ම කෙටි කාලයයි.මේ කෙටි කාල සීමාවේදි මම දැක්ක දේ තමයි බුකියට වඩා බිලොග් අවකාශය දැනුම ලබා ගන්න වගේම බෙදා හරින්න හොදම තැනක් කියන එක.ඒ වගේම හොද සංවාද මණ්ඩපයක් තමයි බිලොග් අවකාශය.මටත් බිලොග් අවකාශයට සම්බන්ධ වෙන්න ලැබුනා වගේම හොද සහෘදයන් පිරිසක් මුන ගැහුනා.ඇත්තෙන්ම අපේ සහෘදයන් හැමෝටම පුලුවන් මේ බිලෝග් අවකාශය ගුණාත්මක මට්ටමකට රැගෙන එන්න.ඔබ වැනි සශෘදයන් හදුනා ගැනිමට ලැබීමත් සතුටට කාරණයක්.

      මාව දිරි ගැන්වීම ගැන ස්තුතිවන්ත වෙනවා කුරුටු

      Delete
  7. දෙගොල්ලන්ටම වටින ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා
      මාසයකට විතර පස්සේ මේ වගේ ලිපියක් පලකරන්න උනේ,විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපේ කැමා මලයට එහෙම අවුලක් නැතිව පවුලක් කන්න මේ කරුනු ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මගේ හිතේ.

      Delete
  8. මේක හොඳ දෙයක්..එකම දේ අපේ උන් මේවා නොකියවන එක.. යුරේනිගේ පෑන්ටිය කියවන්න පෝලිමේ එන උන් මේන් මේවත් කියවනවා නම් කොච්චර අගේද...

    ReplyDelete
    Replies
    1. මම දන්න විදියට බිලොග් අවකාශයට එන්න බොහෝ දෙනෙකුට අතදුන්නේ මාතා.
      මගේ බිලොග් එකට වැඩිපුර පිරිස එන්නේ මාතාගේ සින්ඩියෙන්.ඒ නිසයි මේ වගේ ලිපි බොහෝ දෙනෙකුට කියවන්න අවස්ථාව සැලසුනේ.නැත්නම් මේ ලිපි එකතැනක පල්වෙනවා..ඒකම ලොකු දෙයක් මාතා.

      ස්තුතියි මාතා මේ පැත්තට ආවාට අපිව අගය කලාට

      Delete
  9. ඉතා වැදගත් ලිපියක් මනෝ....
    අපි අම්මා ගැන බිරිඳ ගැන සොයුරියක් මිතුරියක් ගැන තරහ ගන්න කලින් එයාගෙ මානසිකත්වය තෙරුම් ගන්න මෙවැනි දැනුවත් කිරීම් අපට උපකාරි වේවි
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. පවුලක් විදියට ජීවත් වෙනකොට එකිනෙකා තේරුම් ගෙන කටයුතු කරන්න මේ කරුනු ඇත්තෙන්ම උපකාර වෙනවා.බොහෝ ප්‍රශ්න හටගන්නේ අනවබෝධය නිසා.අවබෝධය තිබුනොත් ප්‍රශ්න නිරාකරනය කරගන්න පුලුවන්

      වර්ණ මලයටත් ජයවේවා

      Delete
  10. ඉතාම වැදගත් මනෝ ! ඔබ ඉටු කරන්නෙ වටිනා මෙහෙවරක් ස්තුතියි ! ඊ ළඟ ලිපිය ඉක්මණින් ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඊ ළඟ ලිපියෙන් කාන්තාවනට පොදු ප්‍රවාහන සේවයේදි සිදුවන හිංසන හා ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගැන ලියන්න හිතාගෙන ඉන්නෙ.දැනට ලිපියේ අඩක් පමන ලියලා තිබෙන්නේ.ඉක්මනින් ඒ ලිපියත් පලකරන්නම්.

      ස්තුතියි සාරිකා අදහස් දැක්වුවාට

      Delete
  11. තව තියනවා බං එයාලටම ආවේනික ලෙඩ..
    ඡංගම දුරකථනය පරික්ෂා කිරිම
    යාලුවෝ එක්ක සෙට් වෙලා හරි සෙට් වෙන්න ඉන්නකොට පොඩි එකාට උන/බඩේ අමාරැව දහසක් රෝග ලක්ෂන මතුවිම
    පඩි කොලයට අනුව ගෙදරට දුන්න මුදල් ගනන් බැලිම..

    ReplyDelete
    Replies
    1. උඹේ කොමන්ටුව දැකලා මට බඩ කොරවුනා හිනාවට.ටිකක් ඉදලම එන්නම් ආයේ රිප්ලයි කරන්න.

      Delete
    2. සෙනසුරාදට ඕටී ගන්න රු 1000 ගැන හොයන්නෙ නැද්ද මෙන්ඩෝ..?

      Delete
    3. කැමා
      කට කට යකෝ..කට වහපිය...මට සිගරට් බොන්න තියන 1000ත් නැති කරන්න හදන්නෙ..තෝ කොහමද ඒක දන්නෙ....

      Delete
    4. ඔය 1000 සිගරැට් බොන්නද, එහෙම නැත්නම් අර 18 කණුවද කොහෙද යන්නේ...
      අන්න එහේ යන්නද...

      Delete
  12. අවංකවම වැදගත් ලිපියක් තමා මනෝ අයියා........ එයාලව තේරුම් නොගෙන පිරිමි වැඩ කළොත් එ් පීඩනය වැඩි වෙලා වැඩේ ඩබල් වෙන්න පුලුවන් නේද? මෙව්වා දැනගෙන ඉන්න එක හොදයි. මමත් හිතාගෙන ඉන්නෙ කසාදයක් බදින්න කියලා. තා අවුරුදු 10කින් විතර...............

    ReplyDelete
    Replies
    1. එතකොට අපිට තව අවුරුදු දහයක් බලන් ඉන්න වෙනවද වෙඩින් කේක් කැල්ලක් කන්න.තව අපේ කැමා මලයණ්ඩිත් ඉන්නවා ඔය ලිස්ට් එකේ.

      පිරිමි අපි දැනුවත් වෙන්න ඕන බොහෝ කරුනු තව තිබෙනවා.ඒ ගැනත් ඉදිරි ලපි වලින් පලකරන්නම්.

      ආවට ස්තුතියි ආරි මල්ලි...

      Delete
    2. බැඳපු උන් නම් මහ ඉරිසියාකාරයො ටිකක්. තනියෙන් ඉන්න එකෙක් පේන්න බෑ එල්ලන්නමයි හදන්නෙ එකක් කරේ.

      Delete
    3. උඹලා තනිකඩව ජොලියෝ ඉන්නවා.යකෝ එහෙම ඉන්න දෙන්න පුලුවන්ද මේ අපි ඉන්නකම්

      Delete
    4. ඒ උනාට අඹ කන උන් දකිනකොට කටට කෙල උනනවා අප්පා..............

      Delete
    5. එහෙම තමයි මචං,අඹ ගෙඩි දැක්කමත් කඩාගන්නමනේ හිතෙන්නේ.අපිටත් තවම එහෙමයි ඉතින්.

      Delete
  13. බොහොම වැදගත් ලිපියක්. කාන්තාවක් ගැන වෙනස් විදිහකට දකින්න මේ වගේ කරුනු ද3ැනගැනීම හරහා හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. උඹ දවස් ගානකට පස්සේ දැක්කේ.

      ඉදිරි ලිපියකින් තව කරුනු පල කරන්නත් බලාපොරොකත්තු වෙනාව.මචෝ පෝස්ට් එකක් දාන් කාලේ හරිනේද ?

      Delete
    2. කාලෙකින් නෙවෙන්නම්. පෝස්ට් එකකට කාලෙ හරි වුනාට මට මේ දවස්වල ලියන්න වෙලාවක් නෑ මචෝ. පොඩි පෝස්ට් එකක්වත් දාන්නෝනෙ.

      Delete
  14. වැදගත් කතාවක් වැදගත් ලිපියක්.. සංවාදයට බඳුන් විය යුතු කාරණාවක්.. වනිතා වගේ අයටත් ඔය ප්‍රශ්න වලින් එකක් නැත්තං ගොඩක් ඇති. හැබැයි එයා නං බැඳල නෑ දන්න තරමින්... හික්ස්.. කෝමත් එවුන්දැට පිරිමි පරාණ ඇලජික් නෙ

    සිරාවටම මනෝ ඊළග එකෙන් ඔය ඉස්තිරියාවන්නෙ සයිකො සිටුවේෂන් එක ගැන ලියකො.. වැඩියක්ම හිස්ටීරියාව වගේ
    හිහි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. වනිතට තදින් බලපාන කේස් එකක් වුනාද දන්නෙත් නැ.අපිත් එක්ක ටිකක් තරහින් තමයි ඉන්නේ.පහුගිය ටිකේ ජෙමා එක්කත් ටිකක් අමනාපයෙන් හිටියේ.

      අනිත් ලිපියත් ඉක්මනට දාන්නම්.

      Delete
  15. හොඳ ලිපියක් මනෝ. මේ දේවල් ගැන දෙපාර්ෂවයම දැනගෙන ඉන්න ඕනෙ. මොකද නිවසක නම් තමන්ගෙ බිරිඳ ගැන ස්වාමියා නිසි අවධානෙකින් ඉන්නවා නම් මේ වගේ දේවල් තියෙන වෙලාවට ඒවට අවශ්‍ය පිලියම් ඉක්මනට ගන්න පුළුවන්. මං දන්න විදිහට මේ රෝග හැම දේකටම නිසි ප්‍රතිකාර තියෙනවා. එහෙම නේද..? පවුලක් ඇතුලෙ නියම සතුටක් තියෙන්න නම් අනිවාර්යයෙන් මේ දේවල් ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ. ඒත් ඒ දේ සිද්ද වෙන්නෙ නැති එකයි වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ සුලු කරුනු මුල් කරගෙන ඒ ගැන නිසි අවබෝධයක් නැති නිසා.පියෙක් විදියට දියණ්යක්ගේ මෙවනි ගැටලු ගැන පවා අවබෝධයක් තිබුනම පවුලේ සමගියට ඒක ලොතු හේතුවක් වෙනවා.සතියක් වගේ ඇතුලත තව ලිපියක් පලකරන්නම් කියලා ඉන්නේ

      (Yashyantha Srinath නමින් කැමරාවක් අතේ තියාගෙන හිටපු අපේ කොලුවමද මේ ඉන්නේ ?)

      Delete
    2. ඇයි බොටත් ඔළුවට මාන්දම හැදිලද...? මේ මංමද අහන්නෙ...? ඊට වඩා හොඳයි හොරෙක්ගෙන් අහනවා උඹද හොරා කියලා... :p

      Delete
    3. යකෝ මූ නම් මට ෂුවර් නැ,අපේ කැමා කොලුවා උස්සලාවත්ද ?

      Delete
    4. මොකාද මේ වීරප්පන් වගේ එකා , කෝ කැමා

      Delete
    5. ඌ මැරිලා... උඹලා ඌට එක එක ඒවා කිවුවනෙ... මෙන්ඩගෙ පරණ බ්‍රා එකක එල්ලිලා මලා... ඉවානයාගෙ බෙල්ල මිරිකන්න එනවා කිවුවා...

      Delete
    6. හත්වලාමයි.අර අහිංසක කොලුවා මලාද ?
      වල්,වනචර,කුපාඩි වැඩ කර කර හිටියට කවුද හිතුවේ බ්‍රා එකක එල්ලිලා මැරෙයි කියලා...
      ඇත්ත කියහං නැත්තම් උඹ ඌට අතවර කරලා හැංගුවා නේද ? කොටදෙණියාව පොලිසියට අරගෙන ගියාම ඇත්ත කියයි.

      Delete
    7. මගේ පරන බ්‍රා නෑ යකෝ තියෙන්නෙ ටොයියා බ්‍රා

      Delete
    8. මූ බැංකුවක්වත් කැඩුවද දන්නෑ.

      Delete
    9. කොටදෙණියාවෙ නම් ගෙනියන්න එපෝ... මන් දැන්මම පාපොච්චාරණයක් දෙන්නම්.. කෝ ලියලා දීපං එකක් කියවන්න...

      මෙන්ඩගෙ ටොයියා කියපු බ්‍රා එකේ ගඳට එල්ලෙන්නත් කලින්ම සිහිනැති වෙලා මැරිලා.

      බැංකු කඩලා වැඩක් නෑ. එවත් දැන් බංකොලොත් වෙලා.

      තේ පෙට්ටිද බං...?

      Delete
    10. පිරිමින්ට ආවේණික මානසික ව්‍යාකූලතාවයන් ගැන වෙනම ලියන්න ඕන වෙන එකක් නෑ මගෙ හිතේ .
      ඔය උඩ තියෙන්නෙ.

      Delete
    11. Pra මේ ටිකට අමතරව තව සෑහෙන ගොඩක් තියනවා.මේ සුට්ටක්.මදාවි ආවමයි වැඩේ සම්පුර්ණ වෙන්නේ.

      Delete
    12. ප්‍රා ‍ජේ අයියා : ++++++++++++++++++

      Delete
    13. දැන් කවුද ලෙඩා...? ප්‍රා? මෙන්ඩා? මනෝ? ප්‍රසා?

      Delete
    14. ප්‍රා තමයි ලෙඩා
      ඔය ආරිත් කියලා තියෙන්නේ ප්‍රා ලෙඩා කියලා

      Delete
  16. ඉතාම වැදගත් ලිපියක් මනෝ, බොහෝ දෙනක් අවධානය යොමු නොකරන පැත්තක්. කාලීනයි .

    ReplyDelete
    Replies
    1. අපේ අවධානය යොමු නොවෙන නමුත් අපේ ජීවිතවලට වැදගත් වන බොහෝ කරුනු ගැන මනෝවිද්‍යාව හදාරනකොට මට ඉගනගන්න ලැබුනා.මේ වගේ ලිපි පෙලකින් ඒ කරුනු අරගෙන එන්න ඕන කියලා හිතලයි මම බ්ලොග් එක පටන්ගත්තේ.මේ ලිපිය පලකරලා දවසක් ඇතුලත විශාල පිරිසක් මේ ලිපිය කියවලා තිබෙනවා.මගේ මහන්සිය තව පිරිසකට ප්‍රෙයා්ජනයක් වුන එක ගැන සතුටක් තියෙනවා ඉවාන්.

      ස්තුතියි මචං ලිපිය ගැන අගය කලාට

      Delete
  17. කාන්තාවකගේ මෙම තත්වයන් අවබෝ කරගන්න පිරිමි අපිට දැනුමක් නෑ. මම දන්න විදිහට බොහෝ ර්ටවල කාන්තාවකගේ ගර්භණී සමයේ සැමියාටත් උපදේශන සේවාවක් ලබාදෙනව මේ තත්වයන් අදුනා ගන්න.
    මෙගෙ හොදම යාළුවෙක්ගෙ බිරිද අවුරුදු එකහමාරක් විතර දුවත් සමග ලිදට පැනල දරුවා මියගියා , ඇයගේ වෙනස් වීම කාලයක පටන් පෙනුනත් ඒක ඇයගේ වැරැද්දක් ලෙස බැලුවා මිසක් මෙවැනි මානසික ප්‍රශ්නයක් ලෙස කවුරු හරි හදුනා ගත්ත නම් දැන් අර දරුවා අවුරුදු 11 ක පමන දරුවෙක්.

    ReplyDelete
    Replies
    1. යුරෝපා රටවල මේ ගැන දැනුවත් කරන සාර්ථක ක්‍රමවේද තියනවා.නමුත් අපේ රටවල ඇත්තේ නැ.මට එක් වෛද්‍ය වරයෙක් කීවේ පාසල් පද්ධතිය තුල පවා එහෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියන එක.නමුත් අපේ රටේ උසස් අධ්‍යාපනය ලබන අයකුටවත් එවැනි දැනුමක් ලබාදෙන්නේ නැ.

      අර උඹේ යාලුවගේ බිරිදගෙයි දරුවගෙයි ජීවිත දෙකම බේරගන්න තිබුනා ඇත්තෙන්ම.මට කනාගටුවක් දැනුනා ඒක ඇහුවම

      Delete
    2. බිරිද නම් බේරුනා, ඒත් එයාට මානසික රෝගයක් කියල දික්කසාද කලා. ඇත්තටම නොදැනුවත් කම හින්ද ඒ අසරණී වින්ද දුකක් .

      Delete
    3. සුලු කරුනක් නිසා මොන තරම්නම් ලොකු කරදර ගොඩක් සිද්ද වෙලාද ?
      ඉතා සරලව විසදගන්න තිබුන දෙයක්.නොදැනුවත් කමින් දැනටත් ඔය වගේ දේවල් වෙනවා.

      Delete
  18. ෂා! පට්ට ලිපිය. 'ටයිමින්' එක්සලන්ට් (for me :)

    මං හිතාගෙන හිටියේ කාන්තාවන්ට මානසික ආතතිය වැඩිපුර හැදෙන්නේ පිරිමි නිසා කියල.. බැලුවම වැරදිමත් නෑ.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. ක.ම් ටිකක් පරක්කු වුනාද අද මේ පැත්තට එන්න ?
      අනවශ්‍ය දේවල් ඉවත් කරලා ලිපිය කෙටි කලාම කියවන්න එපා වෙන්නේ නැති වෙයි කියලා හිතුනා.නැත්නම් දීර්ඝ ලිපියක් මොනතරම් හරවත් වුනත් ටිකක් කියවනකොට කියවන්න කම්මැලි හිතෙනවා.ඒ නිසා ලිපිය කෙටි කලා.

      පිරිමි කීවම පියා,සහෝදරයා.ස්වාමිපුරුෂයා ඇතුලු පවුල් සාමජිකයෝ කිහිප දෙනෙක්ම ඒකට බලපානව. කුඩා කාලේ ඉදලම පියා පවුල අතහැරලා ගිය දියණිවරුන්ගේ මනසේ පියා නැතිකමින් ඇතිවුන ලොකු හිස්තැනක් තියනවා.එහෙම බලනකොට ගොඩක් පැතිකඩ තිබෙනවා.

      Delete
  19. මෙවැනි කරුණු සංවාදයට භාජනය කිරීමට බ්ලොග් ලෝකය ප්‍රමාණවත් මදි. මෙය සෞඛ්‍ය සහ මානසික අධ්‍යාපනය තුලින් මහා පරිමාණ දැනුවත් කිරීම් මගින් කලයුතුයි.

    බොහොම ස්තුතියි මෙවැනි හරවත් ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳව.

    ReplyDelete
    Replies
    1. එකහෙලාම පිලිගන්නවා ඒ කතාව.බිලොග් අවකාශයේ රැදි ඉන්න පිරිස අතරේ පමනයි මේ කරුනු සාකච්ඡා වෙන්නේ.
      මම සම්බන්ධ වෙලා ඉන්න ස්වෙච්ඡා සංවිධානයක් හරහා අපි මේ වගේ වැඩසටහන් ගම් මට්ටමින් සිදු කරනවා.දැනට මාස කිහිපයකට කලිනුත් ගැබිණි මාතාවන් දෙසීයකට පමන පිරිසකට ඔවුන්ගේ ස්වමිපුරුෂයනුත් සම්බන්ධකරගෙන මේවැනි දැනුවත් කිරිමේ වැඩසටහනක් කලා.දැනට පාසල් මට්ටමිනුත් යම් යම් වැඩසටහන් සිදු කරනවා.මම දැක්කා ඒ වැඩ සටහන් වලට හොද ප්‍රතිචාරයක් තිබෙන බව.

      Delete
  20. ගෙදර උන්දැට මේක පෙන්නන්න ඕනේ පොඩි එකා එක්ක වැඩිය කේන්ති ගන්න එපා කියලා...

    ReplyDelete
    Replies
    1. ඒකනම් හොදයි..
      පොඩි එකා කිව්වේ ලොකු පුතේ උඹටද ?
      සමහර වෙලාවට අපි ගෙදර පොඩි එකා වගේ වෙනවනේ...

      ලොකු පුතේ මාස දෙකකින් විතර පෝස්ට් එකක් දාලා නෑ නේද ? දාමුකෝ අලුත් එකක්...

      Delete
    2. ///පොඩි එකා කිව්වේ ලොකු පුතේ උඹටද ?///
      නැහැ නැහැ බං අපේ අවුරුදු 2 කොලු පොඩ්ඩා. ඌ සෑහෙන තාඩන පීඩන වලට ලක් වෙනවා ඒකගේ අම්මට ඕනේ තරමට ඌ කන්නේ නැහැ කියලා...
      කඳුළු පෙරාගෙන අඬන එකාටත් බලෙන් හරි කවන්න තමයි උන්දැගේ ට්‍රයි එක...

      ///ලොකු පුතේ මාස දෙකකින් විතර පෝස්ට් එකක් දාලා නෑ නේද ? දාමුකෝ අලුත් එකක්...///
      බාගෙට ලියපුවා ගොඩක් තියෙනවා මචං, නමුත් සම්පුර්ණ කරන්න තාම අවස්ථාවක් ලැබුනේ නැහැ...
      ඔෆිසියේ ෆ්‍රී වෙලාවල් තිබුනත් මම ඉන්නේ හතරමං හන්දියක වගේ නිසා ලඟින් යන එවුන් එබිලා බලනවා මම සිංහලෙන් ලියන්නේ මොනවද කියලා...
      ඒකට අකමැති නිසා තමයි මගේ අතින් ලියවෙන එක ගොඩක් අඩු වෙන්නේ...
      ඊට අමතරව දැන් පොඩ්ඩක් කාර්යබහුල වීමකුත් සිද්ධ වෙලා තියෙනවා...

      Delete
    3. ඒකනම් එහෙම තමයි.මටත් මේ ටිකේ වැඩ වැඩි.වෙලාවේ හැටියට බ්ලොග් අවකාශයටත් එනවා.

      Delete
  21. මම කලින් මේ පෝස්ටුව දැක්කත් නිවිසැනසිල්ලේ කියවන්න හිතුව අද තමා ආයෙම ආවේ. ගොඩක් වැදගත් පොස්ටුවක් මනෝ.මේ වගේ වැදගත් ලිපි බ්ලොග් කියවන අය විතරක් නෙමේ අනෙක් හැමෝටමත් කියවන්න විදිහක් තියනවනම් හොඳයි.කසුන් ලියපු සමහර පොස්ටුවලටත් මම මෙහෙම කිව්ව ඇත්තටම හරි වැදගත් ලිපි ලියවෙනව ඒ දේවල් සමාජයට යන්නෙ කියවන්න ලැබෙන්නේ සීමිත පිරිසකට වෙන එක තමා කණගාටුව.

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපි එකතුව පොතකට ගැලපෙන විදියට සංස්කරණය කරලා පොතක් ලියන්න කියලත් හිතුවා.ඒ වෙනුවෙන් යන වියදම් පැත්ත හදාගෙනම ඒක කරන්න ඕන.ඒක නිසා තව ටික කාලයක් යාවි.

      ස්තුතියි හංසි අදහසට

      Delete
  22. උඹ කරන්නේ වටිනා සමාජ මෙහෙවරක්! මේ වගේ කරුණු තවත් විස්තර ඇතිව දිග ඇරලා ලියනවානම් තවත් වටිනවා. කියවන්න පිරිස අඩු තමා. ඒ වුණත් සමාන අදහස් පහලවෙන තැන්වල කමෙන්ටුව ඇතුලෙ මේකෙ ලින්ක් එක දාපං.

    ReplyDelete
    Replies
    1. ලිපි සෑහෙන ප්‍රමානයකට කරුනු තියනවා.වෙලාව අනුව ලියන්න ඕන.
      කොමන්ට් කරන්නේ අපේ කිහිප දෙනා විතරක් උනාට ලිපිය දැනට 500 කට ආසන්න පිරිසක් බලලා තියනවා.බිලොග් වල නැති ඒත් google එක හරහාත් එන පිරිසක් මේ ලිපිය බලලා තියනවා.ගොඩක් අය ලිංගිකත්වය,විවාහය වගේ සම්බන්ධ කරුනු හොයලා තියනවා.ඒ හරාහ මේ ලිපි වලට ඇවිත් තියනවා.උඹ කිව්වා වගේ ගැලපෙන තැන්වලදි මේකේ ලින්ක් එක දාන්න ඕන.

      Delete
  23. විවේකෙන් හිතෙනකොට පව් කියලත් හිතෙනවා.ඔය ආගිව්මන් එකක් අස්සෙ ගස්ලබ්බට හිටිගමන් හිනා යනවනෙ.පස්සෙ දෙන්නම ශේප්.ඒත් එයාලත් අපි ගැන එහෙම හිතනවානම්.. ලියහන් අපේ ඒවත්.. මානසික සෞඛ‍යය ගැන බරට හිතන්න ඕන කාලයක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹට වගේ තමයි මට.මගේ වයිෆ්ට ටිකක් තරහා ගියාම මට යාන්තමට වගේ හිනා යනවා.මට කොහොමත් එයා එක්ක තරහා යනවා අඩුයි.එහෙම තරහා ගිහින් ඉන්න වෙලාවට මගේ දුව ඇවිත් මොකක් හරි කියලා මාව හිනස්සවනවා.
      පිරිම් අපේ ප්‍රශ්නත් ලියන්න ඕන.මේ පෝස්ට් එක තවම බලන නිසා තව ටික දවසකින්ම අලුත් එකක් දානව.

      Delete
  24. එල. දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බිඟූ
      ස්තුතියි අදහස් දැක්වීමට.
      මම ඔබේ බිලොග් එකට ආවත් කොමන්ට් කරන්න බැරිවුනා.අලුත් ලිපියක් පලකලාම ඒ පැත්තට එන්නම්..

      Delete
  25. ඇත්තටම මේ ලිපිය වැඩිපුර වැදගත් වෙන්නෙ පිරිමි අයට කියලයි මට හිතෙන්නෙ. පිරිමි අය මේ වගේ දේවල් වලින් දැනුවත් වෙනවා නම් කාන්තාවන්ට නිසි සැළකිලි ලබා දෙන්න පහසුයි. බොහොම ස්තූතියි සුරංග බංඩාරේ...
    ආයුබෝවන් !

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ගීතීකා !
      එවැනි අවබෝධයක් ඇතිව කටයුතු කරනවානම් හැමෝටම ඉතා සාර්ථක ජීවිත ගතකරන්නත් සතුටින් ජීවිතය ගෙවන්නත් පුලුවන්කම තිබෙනවා.

      ස්තුතියි අදහසට

      Delete
  26. ඉතාම වැදගත් ලිපියක්.. මොකක් හරි දෙයක් වුණ ගමන් ගැහැණියටම ඇඟිල්ල දිගු කරන්නෙ නැතුව මේ වගේ හේතු කාරණා ගැන සානුකම්පිතව සලකල බලන්න පුළුවන් නම් ලොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. අපි අතින් වෙන හිංසන පීඩා නිසා කාන්තාවෝ ගොඩක් අසරණ වෙනවා.අපි ඒව අදුනගෙන අපේ අතින් එහෙම නොවෙන විදියට කටයුතු කරන්න පුලුවන්කම අපට තිබෙනවා..

      අජිත් අයියගේ බිලොග් පෝස්ට් එකේ ලින්ක් එකෙන් අෂාන්ගේ බිලොග් එක පැත්තට ගියා.හොද වටිනා ලිපි පෙලක් පලවෙලා තිබෙනවා.ආයේ එන්න ඕන නිසා බ්ලොග් රෝලටත් ඔබේ බිලොග් එක ඇතුලත් කරගත්තා...

      ස්තුතියි අෂාන් අදහස් දැක්වුවාට

      Delete
  27. උඹත් මනෝ,මාත් මනෝ..!

    මේ ලිපිය මට වැදගත් අදට වඩා හෙටටයි.:D ඔය මානසික ගැටළුවලට පිරිමි අපිත් වග කියන්න ඕනේ නේද යම් තරමකින් හෝ.

    ReplyDelete
    Replies
    1. ...//උඹත් මනෝ,මාත් මනෝ..!

      මට උඹේ බිලොග් එකට ගියාමත් මේකම දාන්න හිතුනා.උඹ මගේ එකට ආවම ඒකම දාලා....

      විවාහ ජීවීතගෙවන ගොඩක් අයට ගැටලු ඇතිවෙලා තියෙන්නේ මේ වගේ කරුනු නිවරදිව තේරුම් නොගැනීම නිසා.අපි අපි ගැන වගේම අනෙත් පාර්ශවය ගැනත් අවබෝධකරගෙන හිටියම ජීවිතය සාර්ථකව ගෙවන්න පුලුවන්..

      ස්තුතියි මනෝජ් අදහසට

      Delete
  28. හොඳ පෝස්ට් එකක්. මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න

    ReplyDelete
    Replies
    1. ආවට ස්තුතියි,ඒ බිලොග් එක බලන්නත් එන්නම්.ඔබේ බිලොග් එක මගේ බිලොග් රෝලටත් දාගත්තා.

      Delete
  29. මට මගෙ පරණ පෝස්ට් සෙට් එකක්ම මතක් උනා.. හි හි

    ReplyDelete
    Replies
    1. මොනවද අප්පේ ඒ පෝස්ට් ටික.

      මම මුලින්ම කොමන්ටුවක් දැම්මෙත් හිරූගේ බිලොග් එකේ සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි කියන පෝස්ට් එකට.

      Delete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි