෴මසිත රාග ගිනි නිවව සොඳුරිය෴





      සෞන්දර්ය රසාස්වාදය පිළිබද බුදුසමයේ ආකල්පය අධ්‍යයනය කිරිමේදි නිරන්තරයෙන්ම අවධානය යොමු කෙරෙන සූත්‍ර දේශනාවකි සක්කපඤ්හ සූත්‍රය. මෙම සූත්‍රය දිඝනිකාය මහවග්ගයට අයත් සූත්‍ර දේශනාවකි. මෙම සූත්‍ර දෙසුමේ අන්තර්ගත වන්නේ සක්‍ර දේවෙන්ද්‍රයා සහ බුදුන් වහන්සේ අතර පැවති සාකච්ඡාවකි. මෙම සාකච්ඡාව සිදුවන්නේ බුදුන් වහන්සේ රජගහනුවර අම්බසණ්ඩ වනයට ආසන්නයෙහි ඉන්දසාල ගුහාවෙහි වැඩ සිටි අවස්ථාවකදීය. එම අවස්ථාවේ සක්දෙවිඳුන්ට බුදුන් වහන්ගෙන් දහම් කරුනු කිහිපයක් දැනගැනීමට අවශ්‍ය විය. අනෙකුත් දෙවිවරුන් සමග ඉන්දසාල ගුහාවෙහි වේදිකා පර්වතය ආසන්නයට පැමිනි සක්දෙවි පංචසිඛට කතාකොට පවසා සිටින්නේ තමන් ඇතුලු පිරිස පැමින සිටින බව බුදුන් වහන්සේට දන්වා සිටින ලෙසයි. ඒ අනුව ඉන්දසාල ගුහාව අසලට පැමිනි පංචසිඛ තම බේලුවපණ්ඩු විණාව වාදනය කරමින් ගීතයක් ගායනා කරනු ලබයි.එම ගීතයේ සිංහල අනුවාදය මෙසේය.




ලහිරු රැස්බඳු සිරුර කැලුම් ඇති
සෝබන අඟපසග ඇති
මට සතුට ගෙනදෙන සොඳුරිය සුරිය වච්ඡසා
ඔබ මෙලොවට බිහිකළ ඔබේ පියා
තිම්බරු රජ නමදිමි මම.........

දහදියෙන් තෙමුනකුට මඳ පවනක් සේද
පිපාසිතයකුට දිය පොදක් සේද
මහ රහතුනට දහම සේද
සොඳුරිය නුඹ මට ප්‍රියය......

ගිලන්වූවකුට ඔසු සේ
කුස ගින්නෙන් පීඩිතයකුට බොජුනක් සේ
නුඹ මට ප්‍රියය
ඇවිලෙන ගින්න දියෙන් නිවන්නා සේ
නුඹ නිසා මහදෙහි උපන් කාම ගිනි නිවව......

ග්‍රිස්මයෙන් තැවුන ඇතෙකු
මල්පෙති රොන්වලින් ගැවසිගත්
සිසිල් දිය පොකුණක ගිලෙන්නා සේ
මම නුඹේ පියයුරු අතර ගිලෙමි.....

මදයෙන් මත් වූ ඇතකු සේ
නුඹගේ සොඳුරු වටොරින් මත්වූ මා හට
රාගය දුරලිය හැකි කරුනකුදු නොපෙනේ..... 


මසිත නුඹ කෙරෙහිම ගිජු විය
මසිත විපිලිසර විය 
බිලිය ගිලගත් මසකු සේ
නුඹ කෙරෙහි බැඳුන මසිත මුදාගත නොහැක්කේය.....

මනා ඌරු යුග්මයක් ඇති සොඳුරිය මා වැළඳගන්න
මද හස බැලුම් හෙලන්නිය මා වැළඳගන්න
කළ්‍යාණිය හාත්පසින් මා වැළඳගන්න
එය මාගේ එකම පැතුමය.......

අක් බඹරුන් වැනි කෙස් ඇති
නුඹ කෙරෙහි උපන් ස්වල්ප කාමුක සිතිවිලි
නොයෙක් ලෙසින් මහත් බවට පැමිනියේය......

සියලු අඟ පසඟෙහි සොඳුරු බව ඇත්තිය
රහතුන් විෂයෙහි
මා කල යම් පිනක් වේද
ඒ සියල්ල නුඹටද පලදේවා........


සියලු අඟ පසඟෙහි සොඳුරු බව ඇත්තිය
මේ මිහිමත
මා කල යම් පිනක් වේද
ඒ සියල්ල නුඹටද පලදේවා........

සොඳුරිය සුරිය වච්ඡසාවනි
තවුස් මුනිවරු දැහැන් වඩා එකඟකරගත් සිතින්
ප්‍රඥාවෙන්,සිහිනුවනින් නිවන සොයා යන්නා සේ
මමද නුඹ සොයා යමි..........

මුනිවරයකු උතුම් සම්බෝධිය ලබා
යම්සේ සතුටු වන්නේද
නුඹ හා ඒක්වී මමද සතුටු වන්නෙමි...........

තව්තිසා වැසි අධිපති සක්දෙව්ඳු
යම් වරයක් දෙන්නේ වීද මාහට
මම දෙව්ලොව අතැර නුඹම පතමි
මම ඒතරම්ම නුඹ කෙරෙහි ඇලුනෙමි.......

෴෴෴ 



  පංචසිඛ විසින් කාමය රාගය නිශ්‍රිත මෙම ගීතය ගයන ලද්දේ බුදුන් වහන්සේ තුල සෞන්දර්යාත්මක ප්‍රසාදයක් ඇති කරවනු පිනිසය.පංචසිඛගේ වායනයත් ගායනයත් ශ්‍රවනය කල බුදුන් වහන්සේ ඔහුව අගය කරන ලද්දේ "පංචසිඛ නුඹගේ විණාවෙහි තත්හඬ ගීතයේ හඬ සමගද,ගීතයෙහි හඬ විණාවෙහි තත්හඬ සමගද මනාව සසැ‍ඳෙ,තත් හඬ ගී හඬ නොයික්මවීය,ගී හඬ තත් හඬ නොයික්මවීය" යනුවෙන් ප්‍රකාශ කරමිනි.



   පංචසිඛ ගායනා කරන ලද්දේ ස්වකීය ප්‍රේමවන්තිය පිළීබදවය.එම ගායනය හා වාදනය බුදුරදුන් ඇගයීය. මේ අනුව පෙනි යන්නේ සුභාවිත ගීතය බුදුන් වහන්සේ පවා අගය කර ඇති බවකි. මෙහිදි අපට සිහිවන්නේ පණ්ඩිත් අමරදේවයන්,සෝමතිලක ජයමහා වැනි අසහාය ගායන ශීල්පීන්ගේ ගීතයන්ය. සෝමතිලක ජයමහා ශිල්පියානන් විසින් ගායනා කරන "නවදැලි හේනක පෑව වැඳිරි රුව" යන ගීතය තුලද දැකිය හැක්කේ එවැනි උසස් රසාස්වාදයකි. නමුත් මෙය වටහා නොගන්නා සමහරකු එවැනි ශිල්පීන් බුදුදහමට අපහාස කරන්නේය යන චෝදනාව එල්ල කරමින් එම ගීතයන්හි අන්තර්ගත පදාමලාව පවා විවචනය කර තිබු ආකාරයක් විචාරකගේ අඩවියේ පලවී තිබු ඕයි සනත් නන්දසිරී බුද්ධාගම කන්න එපා! යන ලිපියෙන් පෙන්වා දී තිබින.



        හරවත් භාවමය ගීතයකට සිතෙහි සුපහන් බවක් ඇතිකල හැක.එමෙන්ම සොබාදහමෙහි ඇළ දොළ,ගංගා,කුරුලු නඳ,යනාදි චමත්කාර සෞන්දර්ය සිතෙහි සුන්දර මනෝභාවයන් නිර්මානය කරනු ලබයි.ඉන් සිත නිවනු විනා සිත ප්‍රකෝප නොකරයි. සෞන්දර්යෙහි ආනන්දය හා චමත්කාරය මිනිස් සිතට ඔසුවක් වැන්න. බුදුවහන්සේ භික්ෂුන්ට සොඳුරු වනපෙත්,අරණ්‍ය ආශ්‍රිතව වාසය කිරීමට අනුදැන වදාළේ මෙම බොහො කරුනු කෙරෙහි අවධානය යොමුකරමින්ය. වනපෙතක සුන්දරත්වය රහතුන් තුල පවා ආධ්‍යාත්මීය ප්‍රසාදයක් ජනිත කරවන බව උන්වහන්සේලාගේ උදාන තුලින් ප්‍රකට කෙරෙයි.සුන්දරත්වය සන්දරත්වයම මිස කාමය නොවන බව බුදුන් වහන්සේ විසින් නිබ්බේධික සූත්‍රයේදි "නථෙ කාමා යානි චිත්‍රානි ලෝකේ" යනුවෙන් පෙන්වා දී ඇත.ඉන් කියවෙන්නේ ලොව විචිත්‍ර බව කාමය නොවේ යන්නය.කාමය යනු පුද්ගල චිත්ත සන්තානයේ උපදින්නක් මිස බාහිර වස්තුන් තුල ඇති දෙයක් නොවන බව "සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ" යනුවෙන් එම සූත්‍ර දේශනාවේදි තවදුරටත් පෙන්වා දී ඇත.

63 comments:

  1. මට මේලා් මගුලක් තේරැනේ නෑ බං..කියවලා ඉවර වුනාම ගල් බාගයක් නිට් ගැහැව්වා වගේ..ආය පාරක් කියවලා බලන්නම්

    ReplyDelete
    Replies
    1. මචං මුලින්ම කවිය විතරක් කියවලා බලහං.

      Delete
  2. අනුරාගිනී නොබලන්න මා දෙස
    මා හද දැවෙයි ඔය රාග ගිනි වැද
    ආලය නැසෙයි අනුරාග හද ළඟ
    අනුරාගිනී නොබලන්න මා දෙස

    නොබලන්න මා දෙස
    අනුරාගිනී ළැම නීල දියවිල
    මන මෝහිනී තුණු පූර්ණ රණ හස
    මා කළඹවයි සමවැදුණු දම් බිඳ
    කැළඹුණු හදේ මුදු ආල දම් නැත
    අනුරාගිනී නොබලන්න මා දෙස.....

    අනුරාගිනී යස තාල සිහිනිඟ
    අති ශෝබනී පුළුළුකුළ රියසක
    මා කළඹවයි හද විලම බොර කර
    ඒ බොරදියේ සුදු ආල දිය නැත
    අනුරාගිනී නොබලන්න මා දෙස.....

    ගී පද - යසනාත් ධම්මික බණ්ඩාර.
    සංගීතය - නවරත්න ගමගේ සමග සුරේෂ් මාලියැද්දේ.
    ගායනය - සමන් ජයනාත් සමග ඉන්දිකා උපමාලි

    ReplyDelete
    Replies
    1. මේ සිංදුව ලෙසටම ගැලපෙනවනේ.
      එදා පංචසිඛ අද යසනාත්වත්ද දන්නේ නෑ.......

      Delete
  3. මේක නිදහසේ බලන්නෝන බං. මෙන්ඩත් එක්ක ආයෙ (නැගිටින්නං) එන්නං

    ReplyDelete
    Replies
    1. කට පිහදාගං, අඹ කිරි කටේ...

      Delete
    2. මෙන්ඩ දෙකක් දාගෙනම එන්නම් කියලා ගියේ....

      Delete
    3. මෙන්ඩා දෙකක් දා ගන්නේ කොහොමද???? අවසර ලැබුණේ නැත්තං ඔ්කා අහිංසකයා වගේ පොරවාගෙන නිදා ගන්නවා.....

      Delete
    4. අනික අද හොදටම වැහිබර දවසක්..

      Delete
  4. මට මතක් උනේ අමරදේව ගයන, "කුමරියක පා සලඹ..." "මින්දද හී සර" "ඔබ සුමුදු නෙත් කැලුම් සපැමිණ" "සද හොරෙන් හොරෙන් හොරෙන් බලා" සහ, කපුගේ මාලනී ගයන "දම්පාටින් ලා සද" ගීත...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකි
      එඩ්වඩ් ජයකොඩ්ගෙත් තියනවා නේද ඔය වගේ සිංදු කිහිපයක්ම..

      Delete
    2. ඇයි බං ෆ්ලෑෂ්බෑක්ලගෙ " ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ " ...ඕල්‍රයිට්ලගෙ " ලුණුවිල පාරේ " සන්ෆ්ලවර්ස්ලගෙ " පිං මාලුවලේ "

      තව දෙන්නං ඕන්නං :D හැක හැක

      Delete
    3. ඇයි බොල පැනි කොමඩු ගෙඩිය,කැකිරි පලුව කියන සිංදුව

      Delete
    4. අප්පද බොලේ අටම් අයියත් ඇවිල්ලා නොවැ.මේ අවමද කොහේදෝ..
      මොකැ බං නෙදකිං කියන්නේ..

      Delete
    5. නෙදකිං නෙමෙයි

      ‍ෙනෙදකංිිං

      ඒවා අටමා ඉස්පෙෂල්.... කාටවත් තේරෙන්නෑ..... කෝල් ඒකක් දීලා උගෙන් ම අහගන්න ඔ්නේ තේරුම මොකක්ද කියලා

      Delete
    6. ඒකත් හැබැව.මේ අමුතු භාෂාව ගැන අටම් අයියව මුන ගැහිලා අහගෙන ඉගෙන ගන්නම ඕන...

      Delete
  5. බුද්දාගමයි ආදරයයි එකට දාල නිර්මාණයක් කරන්න පුළුවන් කියල මමනම් විශ්වාස කළේ නැහැ. ඒක උඹ කරල. මේක සමකරන්න බැරිවෙයි කාටවත්. පොඩි අදහසක් අර අන්තිම කෑල්ල (තාත්තා ගැන ) එක අයින් කලොත් හොඳයි යැයි සිතේ.

    ReplyDelete
    Replies
    1. ඉයන්
      චන්ද කින්නර ජතකයෙත් අව්‍යාජ සෙනෙහෙස සංසාරිකයි කියලා පෙන්නලා තියනවා.අපේ ඇස නොගැටෙන බොහෝ තැන් සූත්‍රදේශනා තුල තියනවා.
      ඉයන් ඒක අයින් කලා..
      (මචං පේජ් එක ලෝඩ් වෙනකොට මුල නොපෙනි යන අවුලක් ආවද.මට එහෙම තුන් හතර වතාවක් උනා )

      Delete
  6. නියමයි මනෝ අයියා...........
    //කාමය යනු පුද්ගල චිත්ත සන්තානයේ උපදින්නක් මිස බාහිර වස්තුන් තුල ඇති දෙයක් නොවන බව // අන්න ඒක ඇත්ත............
    පොඩි ප්‍රස්නයක්.......ඌරු යුග්මය කියන්නෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ආරි මල්ලි
      කලවා වලට කියන්නේ ඌරු යුග්මය කියලයි.කවියට ඒහෙම දැම්මොත් ගැලපීමක් නැති වෙන නිසා පිටකයේ තියන විදියට ඌරු යුග්මය කියලම දැම්මා...

      Delete
    2. රඹ කදං වගෙ … ඔන්න මොකද්ද කියලා රබං පදේකුත් තියෙන්නෙ :D

      Delete
    3. ඒක දන්නවා ඇති ඩ්‍රැකියා
      ගෑනුත් එක්ක රබන් ගහන්න යනවනේ...

      Delete
    4. 'රඹ කඳන් වැනි කලව දෙක' යනු, ගැට බෙර පදයකි, ඊට පසු එන 'දැන් දුන්නොත් දැන් ගහනව' යනු තම්මැට්ටම් පදයකි, ඊටත් පසු එන 'අපි ඕවට නෑනේ, අපිට දැන් බෑනේ' යන්න හොරනෑ පදයකි.

      Delete
    5. මදාවියා හිටියනමි මේකට තව පද දෙක තුනක් එකතු කරලා දෙයි ලස්සනට.
      මදාවියයි කැමයි දෙන්නම එකවරම බිලොග් ලියවිල්ල අත් හැරලා දැම්මද මන්දා..

      Delete
    6. කැමා නම් කිව්වේ වැඩ ටිකක් වැඩි කියලා තමයි.ඒත් මේ මදාවිට මොකද උනේ ?...

      Delete
  7. මට මතක් වුනේ ථේර ගාථා සහ තේරිගාථා . මෙවැනි නිර්මානයකට අවශ්‍ය නිවුන ප්‍රඥාව උබට තියන බව මම දැනගෙන හිටිය. ආඩම්බරයි ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. විභාගයකටත් සූදානම් වන අතරේ අදහස් දැක්වීමට පැමීනීම ගැන මධ්‍යස්ථට ස්තූතිවන්ත වෙනවා..

      බුදු සමයේ රසය තුන් ආකාරයකින් පෙන්වලා තිබෙනවා අර්ථ රසය,ධම්ම රසය,විමුක්ති රසය කියලා.අර්ථවත් ගීතයක ඇති රසවත් බව බුදුන් වහන්සේ පවා අගය කරලා තිබෙනවා.මේ ලිපියේ අන්තර්ගත විය යුතු කරුනු තව තිබෙනවා.ඒත් ලිපිය දීර්ඝ වන නිසා තරමක් කෙටි කලා..

      Delete
  8. අපි මෙන්ඩට ..
    ටිකක් තේරුනා තව කල්පනා කරන්න ඕන

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. සක්කපඤ්හ සූත්‍රයේ තිබෙන කවි පෙලක් සිංහලට පරිවර්තනය කරලා සරලව අර්ථ දැක්වීමක් කලේ.නමුත් ඒවට සරල අර්ථ කථන දෙන එක ටිකක් අපහසුයි.පිටකයේ තියන වචන නම් තේරෙන්නේම නෑ විදානේ....!!!

      අපේ විදානෙටත් ජයෙන් ජය ....!!!

      Delete
    2. කොහොමත් උඹ තව පාරක් හිතන ඒක හොදයි විදානේ........ අපිත් කියන්නම කියලයි හිටියේ....

      Delete
  9. "සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ" අහලා තිබුනට තේරැම දැන ගත්තේ අද... ස්තූති මනෝ

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒකෙන් කියවෙන්නේ "කාමය යනු අප සිත තුල ජනිත වන සංකල්පයක්ය" කියන එක.ඒකිනෙකා තමන් අසන දකින දේ එකිනෙක විදියට අගය කරන්නේ ඒ ගැන තමාට ඇතිවන සංකල්පයන්ට අනුවයි කියලා බුදුන් වහනසේ පෙන්වලා දෙනවා.මම බුදුසමයට මේ තරම් බැඳ්‍රෙන් මේ වගේ පැහැදිලි කිරීම් නිසාමයි.

      ස්තුතියි ශානු ආවට....

      Delete
  10. ටිකෙන් ටික අපේ මිනිස්සුන්ගේ රසවින්දනයෙන් ඈත්වෙන සුභාවිත සංගීතය ගැන ලිව්වට ස්තුතියි... වර්තමානය වෙද්දී අපේ මිනිස්සු සංගීතය රසවිඳින්න පුරුදුවෙලා තියෙන්නේ ඇස් දෙකෙන්. බොහොම සුළු පිරිසක් සුභාවිත සංගීතය තාමත් රසවිඳිමින් ඉන්නවා උනාට ඒ සුළුතරය සංක්‍යාවක් විදිහට ගත්තාම බොහොම පොඩි අනුපාතයක් නිසා අපේ නව පරපුර ඇස් දෙකට සංගීතය නිර්මාණය කරමින් ඉන්නවා.. අද වෙද්දී අපේ ප්‍රබුද්ධ නිර්මාණ කරුවන් පිරිසත් මුලුගැන්විලා ඔවුන්ට වෙළඳපොළ අගයක් නැති නිසා.. මේක බොහොම සෝචනීය තත්වයක්.. සුභාවිත සංගීතය ලේ නහරවල දුවන සංගීත කාරයොත් ඉල්ලුමට සැපයුම දෙන්න ඕන නිසා උගුරට හොරෙන් බෙහෙත් බොන තැනට ඇවිත්.. සංගීත කාරයෙක් විදිහට මමත් මේක පුද්ගලිකව අත්දකින දෙයක්.. සියදහස් වාරයක් ඇහුවත් මතකයේ නොරැඳෙන සිංදු යයි කියනා දේවල් ලක්ෂ වාරයක් මතිරුවත් මතකයට බලෙන් ඇතුල්කරන්න බැරි වෙලා.. ඒ වගේද අපේ සුභාවිත සංගීතය.. අපේ දක්ෂ නිර්මාණ කරුවන් කරපු නිර්මාණ ඇහුවාම හිතෙනවා තුන්වෙනි බලවෙගෙක මෙහෙයවීමකින් මෙව්වා නිර්මාණය උනාද කියල..
    උදාහරණය විදිහට මේ ගීතය ගත්තොත් මේ ගීතය ඇතුලේ මට දන්නෙන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය විතරමයි..

    බුදු පියාණනේ
    ඔබේ පාද කරනෙමි පිණිපා

    පියෙන් පියට මිහිකත සනහා
    බැලූ බැලූ නෙත් සිත් බඳවා
    දහම් අමාවෙන් තිලොව තෙමූ

    බුදු පියාණනේ
    ඔබේ පාද කරනෙමි පිණිපා //

    සසර සයුරකට නෞකාවයි
    නිමල අමිල නෙත් සිළිලාරයි
    ලොවේ අනගි ගුණදම් මුහුදයි

    බුදු පියා මගේ
    භවේ අඳුර නැසු මිණි පහනයි //

    හිමියෙනි ඔබෙ මොක් මග හමුවේ
    හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබඳේ
    තිලෝ තිලක සම්බුදු සමිඳේ

    මම දිවා රැයේ
    ගිලී නහමි මියකැන් දහරේ //


    ගායනය, සංගීතය - සෝමතිලක ජයමහ

    සමාවෙන්න ඕන හෑල්ලක් ලිව්වට මනෝ...

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ

      දීර්ඝව දක්වපු මේ අදහස වටිනවා මචං.සෝමතිලක ජයමහා කියන්නේ මම කැමතිම ගායන ශිල්පියෙක්.මටත් ඔය සිංදුව අහද්දි අමුතුම හැගිමක් දැනෙනවා.අමරදේවයන්ගේ සමාධි බුදු පිලිමේ සංදුවත් එය වගේ.මේ වගේ සුභාවිත පදමාලාවක් අද සිංදුවල දකින්නත් නෑ.අද පවතින රැල්ලත් එක්ක අපිට සිංදු බලෙන් අස්සවන බවක් තමයි තියෙන්නේ.නව පරපුරෙත් දක්ෂ ගායකයෝ ඉන්නවා.නමුත් ඒ අයවත් මේ අමුතු රැල්ලට ඇදලා දාල.

      Delete
  11. උසස් රසවින්දනයක් ඇති අයෙක් නිරුවත් සිත්තමක් කාමය ගෝචර නොකරගෙන රස විඳිනවා.. මේ දෙකම එකයි නේ මනෝ?

    ReplyDelete
    Replies
    1. කෙනෙක් එහි කලාත්මක බව දකිනකොට තව කෙනෙකුට එහි නිරුවත දකින්න පුලුවන්.ප්‍රබුද්ධ දැක්මකින් ආධ්‍යාත්මීය රසාස්වාදයකින් යමක් දෙස බැලිය හැකියි.රහතන් වහන්සේලාට ඕනම දෙයක සුන්දරත්වයත් එහි යථාර්තයත් එකවරම දැකිය හැකි ප්‍රඥාවක් තියනවා.ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට ගෝචර නොවන අපූර්ව සුන්දරත්වයක් පරිසරය තුලින් පවා උන්වහන්සේලා අත්විඳිනවා.ඒකෙන්ම පැහැදිලි වෙනව උසස් රසවින්දනයක් ඇති අයකු සාමාන්‍ය අයකුට වඩා යමක් සෑම අයුරින්ම රස විඳිය හැකියි කියන එක...

      Delete
  12. ඉහලයි, උපරිමයි.. මගේ හිතට ආවේ මෙන්න මේ අදහස. ඇත්තමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්

      පිටකයේ තිබෙනවා උසස් සාහිත්‍ය රසයක් විඳිය හැකි කවි වගේම කතා.ඉදිරියේදිත් ඒවා අවස්ථාවේ හැටියට ලියන්න කියලා හිතුවේ.ඒකෙන් අප ඇස නොගැටුන ඒ කවි,කතා අපි හැමෝටම රස විඳින්න අවස්ථාවක් ලැබෙනවා.දිනේෂ්ගේ කෙටි කතාවලට මූලාශ්‍ර කරගන්නපුලුවන් බොහෝ කතා තේමාවන් පිටකයේ තිබෙනවා.මම වෙලාවක එයින් කිහිපයක් මේල් කරන්නම්....

      Delete
  13. මේක කියවන්නත් සෑහෙන වෙලා ගියා , මේ ආකාරයෙන් ගැඹුරුම දෙයක් සරලව දෙන්න තියෙන හැකියාව කියලා වැඩක් නෑ. ඉස්තරම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්

      පහුගිය ලිපි පෙලේම මේ වගේ මාතෘකාවක් සම්බන්ධ ලිපියක් පලකරන්න බැරිවුන නිසා මේක ලියන්න හිතුවේ.තව ජාතක කතා කිහිපයක්ම තියනවා සමාජයේ නොයෙක් නොයෙක් පැතිකඩ විවරණය කරන.ඉදිරි ලිපිවලින් ඒ ගැනත් ලියන්න කියලා හිතාගෙන ඉන්නේ...

      Delete
  14. මම නං ජාතක කවියෙන් විතරක් සෑහුනා බං.. හැක්..

    ReplyDelete
    Replies
    1. දේශකයා දක්ෂ නොවැ කවි නිර්මානයට.තව කවි තියනවා වෙලාවේ හැටියට සැරින් සැරේ දාන්නම්කෝ.මම වැඩිපුරම කවි කියවන්න පුරුදු වුනේ බිලොග් අවකාශයට ආවට පස්සේ.කවි රසයට පුරුදු වුනෙත් ඉන් පස්සේ...

      Delete
    2. අපිත් කවි ගැන දේශනා වලට අාරාධනා කරන්නේ දේශාට තමා...... මාර හැකියාවක් තියෙන්නේ..... අන්න දේශකවරු.............. හරියට විශ්ව විද්‍යාල දේශකවරයෙක් වගේ..... අාය දෙකක් නැහැ.... කිව්වොත් කිව්වා

      Delete
    3. අපේ කුරුට්ටොත් දක්ෂ කවියෝනේ.වර්ණ කුලකයේ වර්ණ,සබරේ දෙන්නාත් හොඳ කවියෝ.මම බිලොග් අවකාශයට මේතරම් ආස කරන්නෙත් මේ වගේ දක්ෂයෝ මෙතනදි මට මුන ගැහුන නිසා.බුකිය වැඩිපුරම බර ජොලියටනේ...

      Delete
  15. //මනා ඌරු යුග්මයක්//

    එයාට තිබ්බේ ඌරෝ දෙන්නෙක් වගේ කකුල් දෙකක්ලුද? :O

    ReplyDelete
    Replies
    1. හික්ස්...අර කිව්වත් වගේ එහෙමද දන්නෙත් නෑ.

      කිව්වට මොකද පොඩ්ඩියේ පිටකයේ තියන සමහර වචන ක්‍රි.පූ ගනන් වල ඒව්වා.ඔන්න බලන්නකෝ ටිකක්..

      අයිනාදන් - හොරකම
      පනිවායා - ප්‍රාණගාතය
      උඩුහොයට - නිවන් මගට
      අල්පොත්සුක - අල්ප උත්සහය

      අලුතෙන්ම කෙනෙක් මේවා කියවන්න ගියාම මඤ්ඤං වෙලා කියවන එකත් එපා වෙනවා.

      Delete
  16. සිතට එකඟව ලියපු පද පේලි එකින් එක කියවා රස වින්දෙමි. ලෝකය පවතින්නෙත් මිනිස් හැඟුම් නිසා නොවෙද.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අපි ගීතයකින් කවියකින් සිතුවමකින් විඳින උසස් රසාස්වාදය තවත් කෙනෙක්ගේ සිතේ ඇති වෙන හැඟුම් සමුදායක්නේ.ඔහු එය නිර්මාණයක් බවට හරවනවා.ඒ නිර්මාණය අපි රස විඳිනවා.

      ස්තුතයි මේ පැත්තට ගොඩ වැදුනට...

      Delete
  17. "සුන්දරත්වය සුන්දරත්වයම මිස කාමය නොවන බව බුදුන් වහන්සේ දේශනා කළ සේක" මෙන්න මේ ටික පෙන්නන්න ඕන කාම අපරාධ කරන එවුන්ට.
    අර්ථවත් ලිපියක් මනෝ...බුදු දහමේ තියන නොදන්නා කරුණු බොහෝමයක් දැන ගත්තා.අද සමාජයට මේ වගේ දැනුවත් කිරීම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුත්තරා...

      බුදු දහමේ ඉගැන්වීම් අපේ ජීවිත වෙනස් මානයකට යොමු කරවනවා.ආකල්පමය වෙනසක් ඇති කරගන්න උපකාර වෙනවා.නමුත් ස්වාමින් වහන්සේලා පවා බෞද්ධ සාහිත්‍යට මුල් තැන දෙනවා හැරුනම මේ මූලීක ඉගැන්වීම් වලට අවධානය යොමු
      කරන්නේ නෑ.ඒ නිසා බුදු දහමේ ඉතා වටිනා කරුනු සමාජගත නොවෙන තරම්.

      Delete
  18. අර පදමාලාව සංස්කෘත භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළ එකක්ද? ඉතා ඉහළ රසාවාදයක් ඇතිකළ හැකි ගීයකට ඒ පද තුළින් මාවතක් හෙළිවෙනවා. මා හිතනවා සුළු වෙනස්කම් කීපයක් පමණයි කලයුත්තේ.

    අද්‍යතන ගීත රචනා කලාව, රූප සින්දු හෙවත් චලන රූප මාලාවකට මුල්තැන දෙන ගීත ක්‍රමය ඉලක්ක කරගනිමින් රචනා වන්නේදෝ යි සැකයක් මතුවෙනවා. එහිදී මේ ලිපියේ සඳහන් පරිදි, වීණා හඬ නොඉක්මවන ගායනය හා ගායනය නොඉක්මවන වීණා වාදනය යන ගැලපීම අබිභවා, රූප වලට මුල්තැන ලැබීමෙන්, එය ගීයක් හෝ ගායනයක් යන්නට වඩා හුදු ඉදිරිපත් කිරීමක් බවට පත්වෙනවා.

    ලිපියේ මාතෘකාවේ සඳහන් රාගිනි යන වචනය තුළින් රාග ගිනි යන අර්ථය මතුවන්නේ නැතැයි සිතනවා. රාගිනි යනු රාගයෙන් මත්වූ ස්ත්‍රිය, රාගය ප්‍රදර්ශනය කරන්නිය යන අර්ථය තමයි දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේක පාලියෙන් සිංහලට පරිවර්ථතනය කරපු එකක්.පිටකයේ මේ වගේ කවි බොහෝ තිබෙනවා.ථේර ථේරි ගාථා වලත් තිබෙනවා උසස් රසාස්වාදයක් සහිත කවි.

      අද අඩ නිරුවත් තරුනියන්ගේ නර්ථන යොදාගනිමින් සිංදු හිට් කරගන්න දඟලන දැඟලිල්ල දැක්කම ඇතිවෙන්නේ කනගාටුවක්.අපේ සංගීත කලාව දවසින් දවස වලපල්ලට ඇදලා දානව.හිස් දෙයක් විතරයි තියෙන්නේ.

      රාගිනි කියන කොට ස්ත්‍රිවාචක බවකුත් ගම්‍ය වෙනවනේ.ඔබ පැහැදිලි කරනවා වගේ මාතෘකාවෙන් වෙනත් අර්ථයක් මතු වෙලා පේනවා.ඒ නිසා මාතෘකාව වෙනස් කලා.මේ ගැන පැහැදිලි කලාට ස්තුතියි....

      Delete
  19. මේ ලිපිය හිතට ඇල්ලුවා තදින්ම.. මේ වගේ තවත් ලිපි කීපයක් පුලුවන් පුලුවන් වෙලාවට සම්පාදනය කරපං මචෝ.. සිරාවටම කියන්නෙ ලොවෙත් මල් හතයි...
    ජයමහ ගෙ අර සිංදුව (නවදැලි හේන) එයාගෙම තනුවක් නේද මංද මට මතක ඒ වගේ මං කැමතම සිංදුවක්.. ඒත් මනෝ කියන්නහෙ හුගක් අය ඔය සිංදුව රුවිතෙට ගන්නෙ...
    වන් මෝ පීස්

    ReplyDelete
    Replies
    1. වෙලාව ලැබෙන විදියට මෙවනි ලිපි පල කරන්නම් මචං.
      ජයමහගේ නවදැලි හේනක ගීතයේ පදරචනයත් ඔහුම බව තමයි සදහන් වෙන්නේ.අපේ සිංදු ඔය ගැන හරියටම දන්නවා ඇති.මම කැමතිම ගායන ශිල්පියෙක් සෝමතිලක ජයමහා..

      Delete
  20. බුදු දහමෙ තියෙන්නේ අනිත්‍ය විතරයි කියන මිත්‍යා දෘෂ්ටිකයන්ට මේක හොඳ උදාහරණයක් මනෝ.. බුදුන් වහන්සේත් ගීත රසය විඳලා තියෙනවා. හැබැයි නිරාමිසව..
    ජයෙන් ජයවේවා මනෝ....

    ReplyDelete
    Replies
    1. බුදුන් වහන්සේ නිරාමිසව උසස් රසාස්වාදයක් විඳිබව කියවෙනවා "රසපටිසංවේදීමෝ ගෝතමෝ" කියන වචනයෙන්.ඒකෙන් අර්ථ දැක්වෙන්නේ "ගෞතමයන් වහන්සේ රසපටිසංවේදියෙකි" කියන එක.බුදුන් වහනසේ සෞන්දර්ය රසාස්වාදය අගය කරපු ආකාරය ගැනත් වෙනම ලිපියක් දැනට බාගයක් වගේ ලියලා තියෙන්නේ.ඒකත් ඉදිරියේදි පල කරන්නම්..

      වර්ණ මලයටත් ජය....

      Delete
  21. Replies
    1. ඔබ එයින් අදහස් කරන්නේ තන්ත්‍රයානික ඉගැන්වීම් ගැනද ?

      තන්ත්‍රයානීක ඉගැන්වීම් අතර හා මුල්බුදුසමයේ සෞන්දර්ය මාධ්‍ය හා සෞන්දර්ය රසාස්වාදය පිළිබද ඉගැන්වීම් අතර විශාල වෙනසක් තිබෙනවා.ත්‍රන්ත්‍රයානික ඉගැන්වීම් මුල් බුදුසමයට පිටින් යනවා.එහිදි කාමාස්වාදය විමුක්ති මාර්ගයේ අංගයක් ලෙස උගන්වනවා.නමුත් මුල් බදුසමයේ කාමාස්වාදය විමුක්තියට බාධාවක් ලෙසින් පෙන්වා දෙනවා.....

      පංචසිඛගේ ගීතය බුදුන් වහන්සේ අගයන්නේ එහි ඇති උපමා උපමේය භාවිතය හා ගායනය,වාදනය අතර පැවති උසස්බව යනාදි බොහෝ කරුනු කෙරෙහි අවධානය යොමු කරලයි.ඒ වගේම ඔහු විසින් රාගයෙන් මුසපත් වුවකුගේ සිතේ ඇතිවන විපිලිසර බව නොයෙක් ආකාරයකින් ප්‍රකාශ කරනවා.මෙම ගීතය සියුම්ව අධ්‍යයනය කලවිට මෙහි මතුපිටින් පෙනෙනවට වඩා කරුනු ප්‍රතට වෙනවා.කැලනි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය හාදාරන සිසුන්ට බුදු සමයේ සෞන්දර්ය රසාස්වාදය අධ්‍යයනය කිරිමේදි මෙම සූත්‍රය අනිවාර්යෙන්ම අධ්‍යයන කල යුතු සූත්‍රයක් ලෙස නිර්දේශ කර ඇත්තේ මෙවනි බොහෝ කරැනු නිසා.

      Delete
  22. බුදුදහම ගැන මනෝගෙ දැණුම විශිෂ්ඨයි.කොමෙන්ටු වලට දාලා තියන පිළිතුරු බලලත් මම නොදන්නා කරුණු දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුත්තරා

      මම මුලින් බුදුසමය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ.කොටින්ම කීවොත් මට අවුරුදු 23 වනතුරුත් එහෙමයි.ඒ වෙනකොට මම තෙරුවන් වන්දනා කරන ගාථා ටිකවත් නිවරදිව දැනගෙන හිටියේ නෑ.නමුත් ඉන් පස්සේ මම මගේ ජිවිතේ ගැටලු වලට බුදුසමය ආශ්‍රයෙන් පිලිතුරු සොයන්න පටන්ගන්නවා.ඉන් පස්සේ ත්‍රිපිටකය කියවන්න පටන්ගත්තා.භාවනා අත්දැකීම් ලැබුවා.ඒ නිසා බුදු සමය ගැන බොහෝ දේ ඉගෙන ගන්න ලැබුනා.නමුත් මට බුදු සමය ගැන ඉගෙන ගන්න තවත් බොහෝ දේ තියෙනවා

      Delete
  23. නිර්මාණයට මගෙන් සුභපැතුම්

    ReplyDelete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

Google+ Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි