ඇය මරණය සමග සටන්කොට මිය ගියාය.


                  ඩෙල් රැයිස් යනු කොළෙම්බියාවේ පිහිටි ගිනි කන්දකි. 1985 වසරේදි මෙම ගිනි කන්ද හදිසියේ පුපුරා යාමත් සමග ගිනි කන්ද අවට ගම්මාන 16 පමන මුලුමනින්ම විනාශ වී ගියේය. ඉන් හානියට පත් මිනිස් ජීවිත ගනන 23,000 ක් පමන වේ යැයි දැක්වේ. ඒ අතරින් මුලු මහත් ලෝකයේම අවධානය යොමු වූයේ ඔමාරියා සන්චෙස් (Omaira Sanchez) නම් 13 වියැති දැරිවිය කෙරෙහිය. ගිනි කන්ද පුපුරා යාමත් සමග එයින් ගලා ගිය මඩ තට්ටු හා කඩා වැටුන ගොඩනැඟිලි වල සුන් බුන් අතරේ සිර වූ ඇය දින තුනක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර මහා සටනක යෙදුනාය. සිය ගණනකටත් අධික සහන සේවකයෝ ඇය බේරා ගැනීමට බොහෝ උත්සහා දැරූහ. එහෙත් එම සියලු උත්සහයන් ව්‍යර්ථ විය. 

       ඒ වන විටත් දැරියගේ ගෙල දක්වාම ජලය පිරි පැවතින. ගෙලෙන් පහල ඇයගේ සිරුර සම්පූර්නයෙන්ම මඩ තට්ටු අතරේ සිරවී තිබින. ඇයට තම දෙඅත් පමනක් ඉහලට එසවිය හැකි විය. මෙලෙසින් දින තුනක්ම ගෙවීමට සිදු විය. එහිදි විඳි අධික වේදනාව නිසාම ඇයගේ දෑස් මළානිකව තද රත් පැහැ ගැන්වෙන්නට විය. තුන්වන දිනය වනවිට ඇගේ දෑස් ඉදිමි කලු පැහැ ගැන්වි තිබිණ. මේ දින කිහිපය පුරාවටම ඇයගේ ජීවිතය බේරා ගැනීමට සහන සේවකයන් කොතෙකුත් උත්සහා දැරුව ද ඇයව යටකරගෙන වැටි තිබු කොන්ක්‍රිට් තට්ටුව එසවීමට ඔවුන්ටද නොහැකි විය. එනිසාම මඩ අතරේ සිරවී සිටි ඇයව එලියට ගැනීමට නොහැකි විය. තමාට තව දුරටත් ජීවත් වීමට හැකියාව ඇත්තේ ඉතාමත්ම සුලු මොහොතක් පමනක් බව ඇයට වැටහෙන්නට විය. දින තුනක් තිස්සේ අප්‍රමාණ වේදනා විඳිමින් සිටි ඇය මරණාසන්න මොහොතේ තමා ඉදිරියේ සිටි රූපවාහිනි වාර්ථාකරුවකු අමතා මෙසේ විමසා සිටියාය.


ඔබ මොන රූපවාහිනි නාලිකාවෙන් ද ? මට පොඞ්ඩක් කතා කරන්න දෙන්න පුලූවන්ද?


රූපවාහිනි වාර්ථාකරු ඇයට එම අවස්ථාව ලබාදුන් පසු ඇය ඇයගේ අවසන් වචන ස්වල්පය මෙසේ මුදා හැරියාය.


"මගේ ආදරණිය අම්මේ ඔබට මාව ඇහෙනවද ?
මම දන්නවා අම්මේ ඔබට මාව ඇහෙනවා කියලා.
මම වෙනුවෙන් දෙවියන් යදින්න මගේ අම්මේ මට නැවත කලින් වගේ ඇවිදන් යන්න පුළුවන් වෙන්න කියලා මේ මාව බෙර ගන්න මහන්සි වෙන මිනිසුන්ට ශක්තිය ලැබෙන්න කියලා මගේ ආදර අම්මේ ආදර තාත්තේ මගේ මල්ලි 

                           මම සමු දෙන්නම් ඔයාලට" 









71 comments:

  1. බලන්න අමාරු කතාවක් මට මනෝ..... මේ සිද්දිය .... මරණය පෙනී ... පෙනී ... ජිවත් වීම වේදනාවක් .... බලන් ඉන්න අපටත් වේදනාවක්ම විතරයි ...

    ReplyDelete
    Replies
    1. මම මේ සිදුවීම දැක්කේ අද පුවත්පත් අතිරේකයක තිබිලා. ඉන් පස්සේ ඒ ගැන තවත් විස්තර හෙව්වා. මේ කතාව කියවනකොට හිතට ලොකු වේදනාවක් දැනෙනවා. අර සහන සේවකයන්ට එදා මොන වගේ වේදනාවක් දැනෙන් ඇතිද මේ දරුවගේ ජීවිතේ බේරගන්න බැරිවුනාම, තමන් ඉදිරිපිටදිම මිය යනවා දැක්කම.

      Delete
  2. බොහොම දුක දුක හිතෙන කතාවක්.. ඒ කාලේ තාක්ෂනය දියුණු නැති නිසා වෙන්න ඇති මේ ලමයව බේරගන්න බැරිවුනේ..

    මේ පින්තූරේ සම්භන්ධ වෙනත් පොස්ට් එකක කමෙන්ට් එකක දැක්ක මේක පයිරේට්ස් ඕෆ් ද කැරිබියන් ෆිල්ම් එකේ සීන් එකක් කියල.. මනෝගේ පෝස්ට් එකෙන් ඒ කතාව බොරුවක් කියල ඔප්පුවුණා.. ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම කියවනකොට මට හිතුනෙත් අද වගේ නම් මේ දරුවගේ ජීවිතේ බේරගන්න තිබුනා කියලයි. එදා අවම තාක්ෂණික පහසුකම් යටතේ ඇයගේ ජීවිතය බේරාගන්න සහන සේවකයන් උපරිම උත්සහ කරලා තිබෙනවා. ඒත් අවසානයේ ඇය මිය ගියා.

      අර පොස්ට් එක තිබුන අඩවියේ ලින්ක් එක මතක නැද්ද ?

      Delete
    2. ෆේස්බුක් එකේ තිබ්බ වගේ තමයි මතක.. එහෙම නැත්තම් එළකිරි.com එකේ..

      Delete
  3. හිතාගන්න බෑ. පපුව පත්තු වුණා .....

    ReplyDelete
    Replies
    1. ඒ දරුවාගේ ඇස් දෙක දැක්කම එයා විඳින වේදනාව වැටහෙනවා. ඒක දැක්කම හිතට කම්පනයක් දැනෙනවා.

      Delete
  4. හරිම වේදනාබර සිදුවීමක්! තිබුණු පහසුකම් යටතේ ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් නොතිබුණු නිසා අඩු වේදනාවක් සහිතව මියයන්නට දීම වඩා මානුෂික බව වෛද්‍යවරුන් තීරණය කළ බවයි විකිපීඩියා වල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ මොහොතේ ගත හැකිවු එකම විකල්පය ඒක වෙන්න ඇති. ඇය අධික වේදනාවෙන් ඉන්න බව වැටහෙනවා. ඇයව බේරාගන්න කොහොමටවත් බැරි නිසා ඇගේ වේදනාව අඩු කරන්න පමනක් උත්සහ කරන්න ඇති.

      Delete
  5. මම මේක මීට කලින් කොහේදී හරි දැකලා කියවලා වීඩියෝ එකත් බලල තියෙනවා...
    මට ඒ හැම වෙලාවේම ආපු එක ගැටළුවක් තමයි ඔය කියන කාලෙත් ලිවර් බ්ලොක්, චේන් බ්ලොක්, ගස් අදින ජැක් වගේ එහා මෙහා ගෙනියන්න පුළුවන් සරළ තාක්ෂණික මෙවලම් එහෙම තිබුන කාලයක් වෙලත් එවැනි උත්සාහයක් ඇය වෙනුවෙන් නොගත් බව පේන්න තියෙන එක බොහොම කණගාටුවට කාරණයක්...

    ReplyDelete
    Replies
    1. ඔය උඹ කියන කරුන මටත් හිතුනා. ඇය බේරා ගන්න තිබුනා කියලයි හිතෙන්නේ

      Delete
    2. //As the public became aware of Sánchez's situation through the media, her death became a symbol of the failure of officials to properly assist victims who could have been saved. Controversy broke out after descriptions of the shortages were released in newspapers, disproving what officials had previously indicated: that they had used the best of their supplies. Volunteer relief workers said that there was such a lack of resources that supplies as basic as shovels, cutting tools, and stretchers ran out. The rescue process was impeded by large crowds and disorganization. An unnamed police officer said that the government should have depended on human resources to alleviate the problems and that the system of rescue was disorganized. Colombia's Minister of Defense, Miguel Uribe, said he "understood criticism of the rescue effort", but said that Colombia was "an undeveloped country" that did not "have that kind of equipment."//

      Delete
    3. /said that Colombia was "an undeveloped country" that did not "have that kind of equipment."// ?/

      Delete
  6. අදයි මේ කතාව ඇහුවේ........ හදට එතැනිනුත් එහාට යන්න හදන අපි මේ තරම් දුප්පත් ද ???????

    ReplyDelete
    Replies
    1. මේ සංවේදි සිදුවිම කියෙව්වම අපි හැමෝටම ඔය වගේ හිතෙනවා.

      Delete
  7. මම මේක කලින් බුකියෙ තිබිල දැක්ක. මටත් හිතෙන්නෙ මේ ළමයව බේරගන්න පුලුවන් උපරිම උත්සහය අරන් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ ළමයට තනියම එතනින් ගැලවිලා එන්න බැරි නිසා අත්දෙක තියා ගන්න මොකක්ද මන්ද ලීයක් හරි යකඩයක් හරි වගේ එකක් දාල තියෙනවා ඇරෙන්න, උපරිම නෙමෙයි බං අවම උත්සාහයක්වත් අරගත්තු බවක් පේන්න නැහැ...

      Delete
    2. ඇයව බේරගන්න වෙන උත්සහයක් ගත්ත බවක්නම් පේන්නේ නෑ තමයි. අඩුම තරමේ වටේ පිරිලා තියන වතුර ටිකවත් අයින් කරලා නෑ.එදා ඇය බේරාගත්ත නම් මේ වෙනකොට ඇයට වයස අවුරුදු 44 ක් වෙලා

      Delete
  8. තමන් මැරෙන වග දැන දැන ඒකට මුහුණ දීම බොහොම අපහසු අත්දැකීමක් වෙන්න ඇති.නමුත් මෙච්චර දියුණු ලෝකෙක මේ දරුවා බේරගන්න බැරි වුණේ නොසැලකිල්ලෙන් විය යුතුයි.අවාසනාවන්ත කතාවක්.මෙවන් විපත් දකින්නටවත් නොලැබේවා!

    ReplyDelete
    Replies
    1. තමන් තව මොහොතකින් මැරෙන බව දන්නවා වගේම ඇයට විදින්න උන අධීක වේදනාවන් දරාගෙන දින තුනක්ම ඇය හිටියා. ඒ දින තුනේම ඇය හිතන්න ඇත්තේ තමන්ගේ ජීවිතය බෙරේවි කියලා. නමුත් ඇයව නොසලකා හැරලා අවාසනාවන්ත ලෙසින් ඇය මිය ගියා.

      Delete
  9. සිද්ධියේ ආරම්භයේ සිටම අන්තර්ජාලයෙන් කියෙව්වා. දූවරුන් දෙදෙනකුගේ පියකු ලෙස මට දැනුනු වේදනාව මෙපමණකැයි කියන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම සම්බන්ධ විඩියෝ එක බලනකොට හිතට ලොකු වේදනාවක් දැනෙනවා. අපි ඉතා ඉක්මනින් මෙවනි දේට සංවේදි වෙන නිසා මෙවනි දේ වැඩිපුර දැනෙනවා. අනික මගේ දූගෙත් වයස හරියට අවුරුදු 13 යි.

      Delete
  10. ඒ කෙල්ලගේ ඇස්දෙක.......
    ඔතනදී ඔය කෙල්ලව බේරගන්න දගලපු මිනිස්සු පවු.කොහොමද දෙයියනේ ඔය ඇස්දෙක අමතක කරන්නේ ජීවිතකාලෙටම....ඒ මිනිස්සුන්ට මැරෙන වෙලාවෙත් ඒ ඇස් මතක්වෙයි.

    ReplyDelete
    Replies
    1. මේ දරුවා අපහසුවෙන් වේදනාවෙන් ඉන්න විදිය විඩියෝ එකේ දැක්කම මට දවසම මැවි මැවි පෙනුනේ ඒක. එදා මේ දරුවා ඉස්සරහා හිටපු මිනිස්සුන්ට මේ දරුවගේ මරණය කොහොම දැනෙන්න ඇතිද ?

      Delete
  11. මොන මගුල හරි කරලා ඒ ළමයා බෙර ගන්න තිබුන

    ReplyDelete
    Replies
    1. තව වෙහෙස වෙලා උත්සහා කලානම් බේරගන්න තිබුනා කියලයි හිතෙන්නේ. අඩුම තරමින් වටේට තිබුන කිසිම දෙයක් ඉවත් කරන්නවත් උත්සහ කරලා නෑ.

      Delete
  12. වචන 1000ක් සමානයි එක පොටෝ එකක් කියන්ඩ හොඳම උදාහරණයක්....
    මේක නං වචන ලක්ෂයකට විතර සමානයි .......

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්.උඩමයි දෙවනි පොටෝ එකෙයි ඇස් දෙකෙන් කියවෙන අසරණකම විස්තර කරන්න වදන බිලියනක් උනත් මදි වෙයි.

      Delete
  13. මමත් එම කතාව දැක්ක. ඔබේ ඉපිය කියවන කොට නිව්ස් එකට වැඩිය හිතට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මම මේ කතාව දැක්කේ දවස් පහකට කලින් නිවුස් පෙප්ර් එකක.මේ වගේ දේවල් වලදි මම ටිකක් සංවේදි වෙනවා වැඩියි. ඒ වෙලාවට මට හිතට දැනෙන දේවල් ලිපියට එකතු කරනවා. ඒ නිසයි එහෙම දැනෙන්න ඇත්තේ අජිත් අයියේ.

      Delete
  14. මේක කියවන්න අමාරු දෙයක් මටනං

    ReplyDelete
    Replies
    1. ඉවාන් සෑහෙන දවසකට පස්සේ මේ පැත්තට ආවේ.

      මේ ලිපිය ලියනකොට උනත් කරුනු ගලපන්නේ උනේ අමාරුවෙන්. සංවේදි සිදුවිමක් අකුරු කරනව වගේම කියවනකොටත් හිතට දැනෙන්නේ වේදනාවක්

      Delete
  15. ඉතා දුක් බර සිද්ධියක්. නෙතු කඳුළු ගලා හැලෙන දුක්බර අවස්තාවක්. ලස්සනට ලියලා.

    ReplyDelete
    Replies
    1. මේ සිදූවීම සම්බන්ධ වීඩියෝ එක බලනකොට පපුව තද වෙලා හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා. මේ විදියටම නොවුනත් මේ වගේ සංවේදි සිදුවීම් හැම දවසකම ලොකේ කොතනක හරි සිදුවෙනවා ඇති.

      Delete
  16. මේක කියවන්න කලින් දවසේ මන් බුකියේ දැක්කට මේක කියෙව්වම හිතට දැනෙනවා වැඩි...උත්සහ කලත් නොකලත් ඒ ළමය ලග මිනිස්සු හිටපු එක,වතුර උගුරක් හරි දීපු එක ලොකු පිනක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. දවස් තුනක්ම තනි නොකර හිටියා. මේ අය තමන්ට පුලුවන් උපරිම දේ කරන්න ඇති. ඉන් බාහිර උපකාරයක් නොලැබුන එකයි ගැටලුව වෙන්න ඇත්තේ. සමහර විට ගම්මාන 16 ක් විනාශ වුනානම් මාවත් යටවෙලා ගමනා ගමන අපහසුතා නිසා ඒ ප්‍රදේශයට ලගාවෙන්න අපහසු වෙන්න ඇති. ගිනි කන්ද පුපුරා යාම නිසා වායුගෝලය උණුසුම් වෙලා තිබුන නිසා ගුවනින් ලගාවෙන එකත් අපහසු වුනා වෙන්න පුලුවන්.

      Delete
  17. පොඩි බට කෑල්ලක් දාල වතුර ටික ඉහින්න හරි පුළුවං අඩුම ගානෙ.. බලු පැටව් පූස් පැටවු ගැන ඔයිට වඩා මහන්සි වෙනවා වීඩියෝ තියෙනවා.නමුත් මෙතන ප්‍රායෝගික තත්ව අපි දන්නෙ නෑ නෙ.තිබුන සීමිත සම්පත් වඩා ප්‍රයෝජනවත් (සාපේක්ශව.) යෙදුවා වෙන්න පුළුවන්.. ඛේදයක්..කර්මය ඇරෙන්න වෙන පැහැදිලි කිරීමක් හොයාගන්න අමාරුයි මචං මේකට නම්.. අඩු ගානෙ කතා කරන්න්,ඇය වෙනුවෙන් ඉන්නවා කියලා විශ්වාස කරන්න පිරිසක් ඉඳීමම ඇයට ලොකු ශක්තියක් වෙන්න ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වටේම ගම්මාන 16 ක් යටවුන නිසා සහන සේවකයන්ටත් දැඩි දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිදු වෙන්න ඇති. ඇයව තනි නොකර ඇය වටේට දින ගනනාවක් තිස්සේම දිවා රාත්‍රි නොබලා හිටපු ඒ පිරිස ඇයට ශක්තියක් වුන එකත් එක් අතකින් ලොකු දෙයක්.

      Delete
  18. නොවන් මෙවන් විපත් කිසිවෙකුටවත්.

    ReplyDelete
    Replies
    1. අපි එලෙසින්ම ප්‍රාර්ථනා කරමු.

      Delete
  19. හරිම වේදනාබර සිදුවීමක්!

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ. හිතකම්පා කරවන සිදූවීමක්

      Delete
  20. මම මේ පින්තූරේ මුහුනුපොතෙන් දැක්ක මම හිතුවේ ලඟදි වෙච්ච සිද්දියක් කියල...මටත් හිතෙන්නෙම මේ මිනිස්සු මේ ලමයව බේරගන්න උත්සහ ගත්ත මදි එහෙම උත්සහ ගත්ත බවක් පෙන්නේ නැහැ වගේ.ඒත් එතන හැබෑ තත්වේ කොහොමද තිබ්බෙ අපි දන්නේ නැහැ නෙ .ඇත්තටම මේ මිනිස්සු මේ ලමයව බේරගන්න මහන්සි උනා වෙන්නත් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ගිනි කන්ද පුපුරා යාමෙන් එ වෙනකොට ලොකු විනාශයක් වෙලා තිබුන නිසා ඇයව බේරගන්න දරපු උත්සහය මොන වගේද කියන එක එක් වරම තීරණය කරන්න අමාරුයි තමයි. කොහොම උනත් සහන සේවකයෝ දින තුනක්ම ඇය සමග රැදි හිටපු එකත් ලොකු දෙයක්.

      Delete
  21. ගොඩක්ම අමාරුවෙන් කියවපු එකක් photo එක්ක බලද්දී හරිම අපහසුයි. එත් බේරා ගන්න පුළුවන් කමක් තියෙන්න ඇති.

    ReplyDelete
  22. කියන්න කිසිම දෙයක් ඔලුවට එන්නේ නැ මනෝ ...දෙතුන් පාරක් ඇවිත් ගියා මොනවත් නොකියා ...

    ReplyDelete
  23. හිත සසල කරවන කතාවක්! ඇත්තටම උපරිම උත්සහයක් ගත්ත නම් ඇයට ජීවිතේ දෙන්න තිබ්බා.
    මේක කියවද්දිත් ඇයගෙ ඇස් දෙකමයි මැවි මැවි පෙනුනෙ. :(

    ReplyDelete
  24. මේක මුහුණු පොත පුරා පැතිරෙනවා දැක්ක, මරණය තමන් සොයා එන බව දන දැනම මරණය එන තෙක් දාස් දල්වා සිටින්නට වීම මොන තරම් අසීරු ඇතිද? එත් මේ ළමයාගේ මුහුණේ කිසිදු බියක සේයාවක් වත් මට පෙනුනේ නැහැ.

    ReplyDelete
  25. උඹ යහතින් ඉන්නව නේද බං?

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස්
      වැඩ වැඩි වුනා නොව මේ දවස්වල

      Delete
  26. පපුව උඩ ගළක් තිබ්බ වගේ දැනුන.

    මාක් ට්වේන් ගෙ the mysterious stranger කියවල තියෙනවද? මං කියෙව්වෙ සිංහල පරිවර්තනය. ඒකෙ නම නං මතක නෑ.

    ReplyDelete
    Replies
    1. නෑ මචං කියවලා නෑ. හොයාගන්න ඕන

      Delete
  27. අසරණ දරුවා.

    ReplyDelete
  28. ඕනම දේකට හදිස්සි වෙන්න එපා අඩු පාඩු කියන්න එතන හිටියේ නැත්නම්, දැසින් දැකලා නැත්නම්... සහන සේවය කියන්නේ ජිවිත උපරිමයෙන් ගලවන තැනක්... මේ වගේ වෙලාවක මේ වගේ දුෂ්කර තැනකට ඇගේ කකුල් දෙක ඉවත් කර ඇය බේරා ගන්න ශල්‍යවෛද්‍යවරයෙක් ගෙනවන එක, පහසුකම් සපයන එක ඇගේ දිවි රැකගන්න මොන තරන් අපහසුද කියන දේ අපි දන්නේ නැ

    "She was able to survive the lahar, but when rescue teams tried to help her, they realized that her legs were trapped under her house's roof. Once the girl was freed from the waist up, her rescuers attempted to pull her out, but found the task impossible without breaking her legs in the process. Rescue workers placed a tire around her body to avoid her to drown. Divers discovered that Sánchez's legs were caught under a door made of bricks, with her aunt's body under her feet."

    "Lacking the surgical conditions to save her from the effects of an amputation, the doctors agreed that it would be more humane to let her die. She suffered for nearly three nights (roughly 60 hours) before she died at 10:05 A.M. on November 16 from exposure, most likely from gangrene or hypothermia."


    මෙතනින්



    ReplyDelete
    Replies
    1. සහන සේවකයින් අවම පහසුකම් යටතේ දැඩි අවදානමකින් යුතුව ඇයගේ ජීවිතය බේරා ගන්න උපරිම උත්සහ දරන්න ඇති. ගිනි කන්ද පුපුරා යාම සමග අවට ඇතිවූ තත්වය කොහොම උනාද කියන්න අපි දන්නේ නෑ. කොහොම උනත් ඇයව බේර ගන්න දරපු සෑම උත්සහයක්ම අවසානයේ නිශ්පල වුනා. ඇයට ඇයගේ ගමන යන්න සිදුවුනා

      Delete
  29. දුකයි. අපි මෙහෙම සංවේදි වෙනවනම් ඒ පවුලේ උදවිය කොහොම දරාගන්න ඇත්ද් මනෝ ?

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම මේ සිදුවීමට මුලු ලෝකයම සංවේදි උනා. ඒ පවුලේ අය මේ පිංතුර දකින ගානේ වේදනාවෙන් පිච්චෙනවා ඇති.

      ජයෙන් ජය

      Delete
  30. කෝ බන් උබ
    ලියපන්කො මොනවා හරි

    ReplyDelete
    Replies
    1. ඉන්නවා මචෝ.
      කම්පියුටර් කට්ට ලෙඩ දෙනවා. ඒ අස්සේ ලියන්න වෙලාවකුත් නැතිවුනා. මාස දෙකකින් පෝස්ට් එකක් දාන්න බැරිවුනා. අද හෙටම අලුත් පෝස්ට් එකක් දාන්න ඒන මචෝ.

      Delete
  31. දැං ඔහේ මේක ලියන් නැතිය...

    ReplyDelete
  32. කතරගමට ගියා තමයි මැණික් ගඟත් නිමිලා
    කිරි වෙහෙරේ මළුව වටේ පහන් වැටම හිඳිලා. හැක්..

    ReplyDelete
  33. මං හිතන් හිටියෙ මේක මේ ඊයෙ පෙරේදා සීන එකක් කියලා........ හෙන පරන කතාවක්නේ........ ඒ කාලෙ පහසුකම් අඩු හින්දා වෙන්න ඇති එහෙනම් බේරගන්න බැරි උනේ...... පව්.......

    ReplyDelete
  34. දෙයියනේ කියලා මම හා හා පුරා කියලා ලියන්න ගත්ත බ්ලොග අතෑරලා දාලා ඒක වේලෙනකොටත් මනෝ අයියා ගිහින් මං කෝ කියලා හොයලා තිබ්බා........ අපි ආයෙ එනකොට මනෝ අයියා මේක වේලන්න ඇරලා....... මේක කෘෘර ලෝකයක්........ කමක් නෑ කමක් නෑ...... වැඩ වැඩි උනාම ඔහොම වෙනවා තමානේ.......... ඉක්මනින්ම ආයෙත් වරෝ.........

    ReplyDelete
  35. දැං මනෝ ගැහුව මදැයි.

    ReplyDelete
    Replies
    1. ඉතා ඉක්මනින් ආයෙත් ලියනවා මචෝ

      Delete
  36. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
  37. මනෝ අයියා කෝ බං උඹ....

    ReplyDelete
  38. ජාත්‍යන්තර මාධ්‍ය රටවල් වල කුණුු හෙව්වට මේ වගේ අවස්ථාව වල උදව් කරන්න ඉදිරිපත් වෙන්නැති එක ගැන හරිම කණගාටුයි. ඔවුන් ජීවිතයක වටිනාකම තීරණය කරන්නෙ මරණ අනුපාත සහ වැයවන වියදම පදනම් කරගෙන. මනුෂ්‍යත්වය පිරිහිලා හොඳටම....

    ReplyDelete
  39. හායි ම.ම. අයියා...
    උඹට මේක ආයෙ ලියන්න එහෙම හිතෙන්නැද්ද?

    ReplyDelete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි