පලමු සටහන



කුමකින් ආරමිභ කරන්නද ?
මොනවගේ දෙයක් ලියන්නද ?
ලියන්නනමි මොන තරමි දේවල් තියනවද ? 
මොනවගේ දේවල්ද ලියන්න හොදම ?
ඒත් ඉතින් මහන්සි වෙලා ලිවිවට කවුරැවත් කියවයිද ?
ඔන්න ආරමිභයම ප්‍රශ්නයක්. 

ආරමිභයක් විදියට මෙහෙම සදහන් කරන්නමි.ඒ තමයි මා හදරා ඇති සහා ම ලැබු අත්දැකීමි පාදක කරගෙන මෙ වනවිටත් බොහෝ දෙනෙකු දැඩිව පීඩා විදි ගැටලුවලට යමි සහනයක් ඇතිකරලා දෙන්න මට පුලුවන් උනා.මම උපාධිය සදහා විශේෂයෙන්ම හදාරන්න යෙදුනේ බෞද්ධදර්ශණය,ග්‍රික් හා බටහිර දර්ශණය,මනෝවිද්‍යාව යන විෂයන්.මෙි විශයන් සමිබන්දයෙන් ලියවුන පොත් විශාල ප්‍රමාණයක් මා සොයාගනු ලැබුවා.මෙි අතර ඉතා පැරණි දුර්ලභ මෙි වනවිට මුද්‍රණයේ හෝ මිලට ගැනිමට නොමැතිපොත් තිබුනා.උපාධි විෂය නිර්දේශයේ තිබෙන සීමාවට වඩා පුලුල් ලෙසින් මම මෙි විෂයන් පිළිබදව දැනුම එක්රැස් කරගත්තා.විශේෂයෙන්ම උපාධියට අමතරව බෞද්ධ මනෝවිද්‍යාව හා බටහිර මනෝවිද්‍යාවත් උපදේශණයත් මා වසර දෙකකට වඩා වැඩි කාලයක් විශේෂඥ මනෝ වෛද්‍ය හා උපදේශකවරැ යටතේ ඉගන ගත්තා.ඒ අතර හිටියා දිවංගත විශේෂඥ මනෝවෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා.කොහොම උනත් කාලයේදි බොහෝ අත්දැකීමි ලැබුනා.මානසික ගැටලු වලින් පෙලෙන බොහෝ දෙනක් සමග කතා කරන්න,රෝග හදුනා ගන්න ඒ තුලින් අවස්ථාව ලැබුනා.ඒ දැනුම උත්දැකීමි හරහා මා බොහෝ දෙනෙකුට උපකාර කලා.ඒ නිසාම මම හිතුවා බොහෝ දෙනෙක් නොදන්න අවධානය යොමු නොකරන නමුත් අපේ ජීවිතයට සමිබන්ධ ඒක්තරා පැතිකඩක් පිළිබදව ලිපි පෙලක් පල කරන්න.ඒ තමයි අද බොහෝ දෙනෙකු පෙළන මානසික ගැටලු හා මානසික රෝග පිළිබදවත් ඒවැනි ගැටලු වලට යෙදිය යුතු සුදුසු පිළියමි මොනවාද යන්න පිළිබදවත් ඒ වගේම බෞද්ධ දර්ශණය හා මනස සමිබන්ධ ලිපිත් වැඩිපුර  මෙහි පල කරන්න බලාපොරොත්තු වෙනවා.ලිපි පෙල ඒකාකාරි නොවීම සදහා  කාලීන වශයෙන් වැදගත් වන මතෘකා මුල්කරගත් ලිපිත් පලකරන්නත් බලාපොරොත්තු වෙනවා.
        
ඉදිරි ලිපි පලකිරීමෙිදි ඔබගේ අදහස්,යෝජනා,ඉල්ලීමි පිළිබදවත් සලකා බලමින් ලිපි පෙල පලකරන්නට බලාපොරොත්තු වන නිසා හැකිතාක් ඔබගේ අදහස්,යෝජනා මෙහි සටහන් කර තබන ලෙසට ඔබෙන්ද ඉල්ලීමක් කරනවා.

4 comments:

  1. ඔන්න නියම වැඩක්. අපේ සමාජයේ ගොඩාක් ඉන්නව සැඟවුණු මානසික රෝගීන්. ඒ අයට ගොඩක් උදව්වක් වෙයි මේක. පුලුවන් නම් ෆේස්බුක් පිටුවකුත් මේ වෙනුවෙන් පටංගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට.තව ලිපි කීපයක් එක්කම ෆේස් බුක් පේජ් එකක් ආරමිභ කරනවා.

      Delete
  2. මාත් සැහෙන්න උනන්දුයි මේ subject එක ගැන , දිගටම ලියන්න අපි ඉන්නවා කියවන්න , ජය !

    ReplyDelete
  3. ආ අනිත් එක තමයි මම නම් හිතන්නේ හැමෝටම යම් කිසි ආකාරයක මානසික ලෙඩක් තියෙනවා hehe , හැබැයි ඒවා ලෙඩ ද නැත්තම් conditions ද කියන්න දන්නේ නෑ , ලෙඩේ definition එක තේරෙන්නේ නෑ :)

    ReplyDelete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි