ස්වයං වින්දනයට ඇබිබැහිවීම මානසික ගැටලුවක්ද?

ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලු (තෙවන ලිපිය) 



        ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලු තුල කතාකලම යුතු එක් මාතෘකාවක් බවට පත් වී ඇති තවත් එක් කරැණක් වන්නේ ස්වයං වින්දනයට ඇබිබැහි වීමයි.මෙම ගැටලුවෙන් පීඩා විදින බොහෝ දෙනෙකු ඒ බව තම සමීපතම මිතුරකුට හෝ පැවසිය නොහැකිව සගවා ගෙන සිටින බවක් දක්නට ලැබෙි.මෙයින් පීඩාවට පත්ව සිටින සමහරකුට ඉන් මිදීමට අවශ්‍යව ඇතත් ඒ සදහා යොමු වන්නේ කෙසේදැයි යන්න පිළිබදව අවබෝධයක් නැත.එබැවින් මෙම ගැටලුව පිළිබදව මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නට අප බලාපොරොත්තු වූයෙමු.



            ස්වයං වින්දනයට ඇබිබැහී විමෙ ගැටලුවෙන් පීඩා විදි කීප දෙනෙකුම ඒ පිළිබදව මා හා පවසා ඇත.ඔවුන් එසේ තම ගැටලු මා සමගින් පවසන්නට යෙදුනේ මා මෙ පිළිබදව දන්නා බැවින් මාගේ උපදෙස් මගින් ඔවුනට යමි සහනයක් ලගාකරගැනීමට හැකි වෙය යන විශ්වාසය මා කෙරෙහි තබාය.එහිදි වඩාත් අවධානය යොමු වූ ගැටලු කීපයක් මෙහිදි පාඨක ඔබට ඉදරිපත් කරන්නේ මෙම ගැටලුවෙහි  ඇති වපසරිය වඩාත් හොදින් තෙරැමි ගැනීම සදහාය.ගැටලු මා වෙත යොමු කල පුද්ගලයන්ගේ රහස්‍ය භාවය රැකිය යුතු බැවින් හා ඔවුන්ගේ ගෞරවයට හානියක් නොවන අයුරින් මෙම කරැනු මෙහි පල කිරිමට සිදුවන බැවින් අවශ්‍යම කරැනු පමනක් මෙහිදි සටහන් කරනු ලැබෙ.

මෙම ගැටලුවට මුහුන පා සිටි උසස් පෙළ අධ්‍යාපනය ලබන එක් සිසුවෙක් එම නිසාම ඔහුගේ අධ්‍යාපන කටයුතු පවා කඩාකප්පල් කර ගෙන සිටියේය.මොහු දිනකට කීප වතාවක්ම ස්වයං වින්දනයේ යෙදෙයි.උදැසන අවදි වූ මොහොතේම ඔහු පලමුවෙන්ම කරනුයේ ස්වයං වින්දනයේ යෙදීමය.පාඩමි කරන්නේ යැයි පවසමින් දොරගුලු වසා ගන්නා මොහු ඉන් පසු කීප වතාවක්ම ස්වයං වින්දනයේ යෙදෙයි.ඔහු පැවසු ආකාරයට ඔහුට නිරන්තරයෙන්ම ස්වයං වින්දනයේ යෙදිය යුතුමය.දිනකට කීප වතාවක්ම ස්වයං වින්දනයේ යෙදෙන විට තමාට යමි වෙදනාවක් දැනුනද තමාට එම පුරැද්ද අත්හැර ගැනීමට ඔහුට නොහැකි විය.වඩාත් ගැටලුව වන්නේ යමි විදියකින් ඔහුට කුමන හෝ හේතුවක් මත ස්වයං වින්දනයේ යෙදිමට නොහැකිව දිනය ගත වුවහොත්  ඔහුට දැඩි අපහසු තාවයක් දැනේ.කෙසේ හෝ ස්වයං වින්දනයේ යෙදිමට උත්සහ කරයි.එදිනට අවම වශයෙන්එක් වතාවක් ‍හෝ යෙදිමට නොහැකි වුවහොත් ඔහුට නින්ද නොයයි.මොහු ස්වයං වින්දනයට ඉතා ප්‍රිය කලද කාන්තාවක් සමග ලිංගික ඇසුරක් හෝ වෙනයමි ඇසුරක් ප්‍රිය නොකරයි.ඔහුට වඩාත්ම තෘප්තිය දැනෙන්නේ ස්වයං වින්දයේ යෙදිමෙන් පමනකි.තම පෙමිවතිය සමග තනි වූ මොහොතේ පවා ඔහුට ඇය සමග ලිංගිකව එක් වීමට නොසිතින.ඔහුට කිසිදු ආකාරයකින් හැගීමි උද්දීපනයක් ඇති නොවින.මෙවැනි ගැටලුත් සමග තමාගේ මුලු අනාගතයම විනාශ වී යන බවක් ඔහුට දැනෙන්නට විය.තමාගේ ඇබිබැහිය තමාට විනාශය ගෙන දී ඇති බව වැටහුනද පාසලේ ඉතා තැන්පත් සිසුදරැවකු හා මිතුරන් අතර වඩාම තැන්පත් මිතුරකු වූ මොහු තම ගැටලුව සගවාගෙනම ඉන් පීඩා විදීය.එහෙත් මොහු යමි ගැටලුවකින් පීඩා විදින බව වටහා ගත් සමීප ඥාතිසොහොයුරකු ඔහුගේ ගැටලුව මා සමග පැවසීය.තරැණයන් පමනක් නොව තරැණියන්ද මෙම ගැටලුවෙන් පීඩා විදි.ඒ අතරින් එක් 23 වියැති පමන තරැණියක් මා හට පැවසුවෙ ඇය කාලයක් තිස්සේම ස්වයං වින්දනයට ඇබිබැහි වි සිටින බවය.මෙ සදහා ඇයව පොළඹවනු ලැබ ඇත්තේ ඇයගේ පලමු පෙමිවතාය. එයට ඇබිබැහි වූ ඇය දිනපතාම කීප වතාවක් ස්වයං වින්දනයේ යෙදින.තම පුරැද්ද නිසා අය සිටියේ දැඩි කමිපනයකි.එහෙත් ඒ කිසිවක් පිටට නොපෙන්වා සිටි ඇය තම සොහොයුරියටවත් තමා එවැනි පුරැද්දකට ඇබිබැහී වි ඇතැයි නොකීවාය.ඒ වන විට ඇයගේ මුල් පෙමිවතාද ඇය අතහැර ගොස් සිටි අතර ඒ වන විට වෙනත් පෙමි සබදතාවයක් ඇති කරගෙන තිබින.තම ගැටලුව ඔහුට පැවසීමෙන් තමා අවතක්ෂෙරැවට පත් වෙ යයි සිතු ඇය ඔහුටද තම ගැටලුව නොකීවෙය.අයට අවශයව තිබුනේ තමා ලජ්ජාවටද පත් නොවි රහසේම තම ගැටලුව විසදා ගැනීමටය.ඇයට තිබු විශාලම ගැටලුව වූයේ ඇය ලිංගික ඇසුරට වඩා ස්වයං වින්දනයට ප්‍රිය කිරීමය.

ඉහත ගැටලු දෙක මෙහි සටහන් කරන්නට යෙදුනේ මෙම ගැටලුව නිසා පීඩා විදින සමහරකු ඉන් ඉතා අසරණව සිටින බව ඔබට වැටහෙනු පිනිසය.අප මෙ කිසිවකු දෙස අවඥ්ඥාවෙන් හෝ පහත් ආකාරයෙන් බැලිය යුත නොවෙ.ඔවුන් සොරකරමින් මිනිමැරැමි සිදුකරන සමාජයට හානි වන හැසිරීමක යෙදි නැත.කර ඇති එකම දෙය වන්නේ යෞවනත්වයෙ පිබිදීමත් සමග දැනෙන්නට පටන්ගන්නා ලිංගික හැගීමි මුසු තෘප්තිය සොයායාමට ගොස් එයින්ම පීඩාවට පත්වීමය.මෙම ගැටලුවට මුහුන පා සිටින බොහෝ දෙනෙකු යෞවන වයසේ මුල් අවධියේ පසු වෙ.ඔවුන් බොහෝ දෙනෙකු තම පාසල් අධ්‍යාපනය පවා කඩාකප්පල් කරගෙන සිටි.සිතෙහි කාමාශව නිරන්තරයෙන්ම හොල්මන් කරන විට වෙනයමි දෙයකට අවධානය යොමු කිරීම පහසු නොවෙ.උපදින සිතිවිලි අතරින් වැඩි ගනනක ඇත්තේ ස්වයං වින්දනයේ යෙදිය යුතුමය යන ප්‍රබල සිතිවිල්ලමය.අන් සියලු සිතිවිල පරදා එම සිතිවල්ල ප්‍රබලව නැගි එනවිට මොවුන් ස්වයං වින්දනයේ යෙදිති.ස්වයං වින්දනයේ යෙදුනද එය අවසන් වූ පසු මොවුන් තම පුරැද්ද පිළිබද කමිපා කරන බවක්ද දක්නට ලැබෙි.අන් අයට නොමැති ඉතා නරක දෙයකට තමා ඇබිබැහී වි ඇති දැනෙන මොහොතක් පාසා කමිපාවට පත් වෙි.ස්වයං වින්දනයේ යෙදීම හා තමා වරදක් කලේය යන හැගීම නිසා නිතරම පීඩාවට පත් වෙි.මොවුන් වෙනුවෙන් අපට කල හැකි එකම උපකාරය නමි ඔවුන්ව පළපුරැදු උපදේශකවරයකු වෙත යොමු කිරීමය.නිසි උපදේශණය මගින් මෙි තත්ත්වය මග හරවා ගැනීමට හැකියාව ඇත.

යොවුන් වයසේදි ඇතිවන ලිංගික කුතුහලය සමග විරැද්ධ ලිංගිකයාගේ නිරැවත දැකීමට හා නිරැවත ස්පර්ශ කිරිමට මෙන්ම පහස ලැබීමට සිතිවිලි පහල වෙ.බටහිර රටවල මෙම වයසේදි නිසි ලිංගික අධ්‍යාපනය ලබාදුන්නද අපරටෙ ලිංගිකත්වය ගැන කතාකීරිමද මහා අපරාධයක් සේ සලකනු ලබයි.එහෙත් ඉන් සිදුවන හානිය ක්‍රමයෙන් වැඩිවන බවනමි පැහැදිලිය.සැබැවටම අපරාධය වන්නේ දැනුවත් කිරිම නොව නොකිරීමය.එසේ කියන්නට හේතුවක් තිබෙ.තම කුතුහලය කෙසේ හෝ විසදා ගන්නට මග සොයන තරැණ තරැණියන් අද ඒ සදහා නොයෙකුත් ක්‍රම භාවිතා කරනු ලබයි.වර්ථමානයේ මෙි සදහා වැඩිපුරම අන්තර්ජාලය භාවිතා කරනු ලබයි.එයින් ඔවුනට ලැබෙන්නේ නිසි ලිංගික අධ්‍යාපනය වෙනුවට තම මනස විකෘති කරවන දේය.මානසික විකෘතියෙන් කල් ගෙවන මෙවැනි බොහෝ පිරිස් තම දියණිය,මව,සොහොයුරිය පවා දකින්නේ ලිංගික සන්තර්පණය ලැබිය හැකි භාණ්ඩයක් ලෙසය.විකෘතියට ගොදුරැවන තරැණියන්ද ලජ්ජා භය පසෙක තබා මිහිර සොයා ගොස් අනාථව මුලු දිවියම අදුරැ කර ගන්නා ප්‍රවණාතවය එන්න එන්නම වැඩි වන බව දක්නට ලැබෙ.තමා මල්වර වූ පසු ආරක්ෂා විය යුතු බව නොදත් එක් 16 වියැති පමන දැරිවියක් ගැබිගනු ලැබීය.මල්වර බව හා ස්ත්‍රිපුරැෂ ලිංගික එක්වීම,දරැගැබක් හට ගැනීම යනාදිය පිළිබදව ඇය දැනුවත්ව සිටියානමි ඇය එවන් ඉරණමකට ගොදුරැ නොවෙ.20 වියද පසුකල සමහර තරැණියන්ටද පිළිබදව ලබා ඇත්තේ ඉතා අඩු අවබෝධයක් බව දක්නට ලැබෙ.මොවුන් සදහා නිසි ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ මෙ නිසාමය.නිසි ලිංගික අධ්‍යාපනය යනු කුනුහරැප කියාදීම නොව.යෞවනත්වයත් සමග ඇතිවන්නාවු මානසික කායික වෙනස්කමි පිළිබදව ඔවුන් දැනුවත් කල යුතුය.එය ඔවුන්ගේ ආරක්ෂාවට මෙන්ම අනාගතයටද යහපත පිනිස හේතුවන පරිදි විය යුතුය.ඉදිරිලිපියකින් තවදුරටත් මෙ පිළිබදව සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවෙන් අදට මෙම ලිපිය අවසන් කරන්නෙමු.එතෙක් අප සමග දිගටම රැදි සිටින්න.


           

3 comments:

  1. කාලීනයි...

    දිගටම ලියන්න යාළුවා. පරණ ලිපි 4 කියවන්න යනවා. ආයෙත් එන්නං...

    ReplyDelete
    Replies
    1. ආවට ස්තුතියි.ඉතා ඉක්මනින් අනෙකුත් ලිපිත් පලකරන්න බලාපොරාත්තු වෙනවා.

      Delete
  2. ඇයි මේ බ්ලගේ එක අප්ඩේට් වෙන්නේ නැත්තේ

    ReplyDelete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි