මැරුනා නම් හොදයි කියලා හිතෙනවද ?

          

       බලාපොරොත්තු බිඳ වැටුනම, හුදකලාව අසරණ වුනාම, පෙම් සබඳතා බිද වැටුනම,  බරපතල විදියට ලෙඩ රෝග අසනීප නිසා පීඩා විඳින්න වුනාම, තෘප්තිමත් ජීවිතයක්  ගෙවිය නොහැකි වුනාම ඕනෑම අයකුට සියදිවි නසා ගන්නට සිතෙන්න පුලුවන්. සියදිවි නසා ගැනීම පිලිබද වාර්ථාවන්වලට අනුව නම්  ලෝකය පුරාම එක් වසරකදි මිලියනයක පමනක් පිරිසක් සියදිවි නසා ගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යමි පුද්ගලයකුගේ මරණය සියදිවි නසා ගැනීමක්ද යන්න තීරණය කරන්නේ මෙවනි සාධක කිහිපයක් මත පදනම්වයි. එනම්

1-මරණයට පත්වීම සදහා යොදාගන්නා උපාය පුද්ගලයා විසින් ආරමිභ කර ඔහු විසින්ම කරගෙන යාම

2-නියත වශයෙන්ම මරණයට පත්වන බව දැන දැනම මරණය බලාපොරොත්තුවෙන්ම එම උපාය යෙදීම

3-පුද්ගලයා එයින් මරණයට පත්වීම


ලෝකයේ සිය දිවි නසා ගැනීම සම්බන්ධ වාර්තා වල වලට අනුව නම්


*ලෝකය පුරාම එක් වසරකදි මිලියනක පමනක් පිරිසක් සියදිවි නසා ගනිති.

*සියදිවි නසා ගැනීමට උත්සහ දරන පිරිස මිලියන 10ත් 20ත් අතර වෙ

*ලෝකයේ මිනිස් මරණ සිදුවන ප්‍රධාන හේතු 10න් එකක් වනුයේ සියදිවි නසා ගැනීමය

*සිය දිවි නසා ගන්නා පුද්ගලයන්ගෙන් 60% පමන යෞවන වයසේ පසුවන්නන්ය.


*ජනගහන අනුපාතයට අනුව වැඩියෙන්ම සියදිවි නසා ගන්නා රට ලංකාවය

*අනුපාතයට අනුව වැඩිපුරම කාන්තාවන් සියදිවි හානි කරගන්නා රටද ලංකාවය.

          1985 සිට 2000 දක්වා වසර පහලොව තුල ලංකාවෙ යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව දළවශයෙන් 50000 පමනය.එම කාලය ඇතුලතම සියදිවි හානිකරගත් සංඛ්‍යාව 106000 පමන වෙ.ලංකාවෙ සියදිවි නසාගැනීමෙදි පලිබොධනාශක භාවිතා කර ඇති ප්‍රමාණය 70% කි. ලංකාවෙ සිය දිවිනසා ගන්නා අයගෙන් 50% පමන යමි තදබල මානසික ගැටලු රෝගි තත්ත්වයක් නිසා සිය දිවි නසා ගන්නා බව අනාවරණය කරගෙන ඇත. කෙස් වුවද යමකු සියදිවි හානි කරගැනීමට හේතු සාධක වන කරුනු අතරින් කිහිපයක් මෙසේ පෙළගැස්විය හැක‍

විශාද රෝගය.
මත්පැන් භාවිතයේදි ඇතිවන කායික මානසික ගැටලු, 
පෞරුෂමය ගැටලු, 
භින්නෝන්මාදය වැනි තත්ත්වයන්ය, 
බලාපොරොත්තු බිදවැටීම, 
විවාහය සම්බන්ධ ගැටලු,
පවුල සම්බන්ධ ගැටලු,
පවුලෙ සාමාජිකයන් නොසලකා හැරීම,
ප්‍රේම සම්බන්ධතා බිදවැටීම,
දුගි අසරණ බව, 
ජිවත්වීමෙ ආර්ථිකමය ගැටලු, 
සමාජයෙන් හුදකලාව සිටිම
හීනමාන තත්ත්වයන්, 
දරැනු කායික ආබාධ,
විරැකියාව,
අසරණබවක් දැනීම,
වයෝවෘදව හුදකලා වීම,

 
     අනුන්ගේ අවධානය ලබාගැනීමද සමහරකු සියදිවි හානි කර ගැනීමට උත්සහ කරති. හදිසි ආවේග චිත්ත පීඩානිසා හදිසි තීරනය මතද සියදිවි හානිකර ගනු ලැබේ. එවැනි හානිකරගැනීම චිත්ත ආවෙග පීඩා දැරිය නොහැකි කමින්ම කලින් සැලසුමි කිරිමෙන් තොරවම හදිසියේම කර ගැනීමට ඉඩ ඇත. ආගමික පෙලඹවීමි මුල්කරගනිමින් සිදු කරගන්නා දිවිනසා ගැනීමද දැකිය හැක. සමාජයට යමි බලපැමක් සිදුකිරිමේ අරමුනින්ද දිවිහානි කරගන්නා අය සිටි. කෙසේවුවද සියදිවි හානි කරගැනිමට වැඩිපුරම උත්සහ දරනුයේ කාන්තාවන් වුවත් දිවිහානි කරගෙන බහුලව මරනයට පත්ව ඇත්තේ පිරිමින් බව වාර්තා වී ඇත‍

78 comments:

  1. අඩෝ මනෝ............ අපි කොහෙන් බැලුවත් අංක ඒකට ඉන්නවා නේද////// අන්න අපේ කොල්ලෝ කෙල්ලෝ..... හැක්

    ReplyDelete
    Replies
    1. මටත් අංක එකට සප් එක දුන්නෙත් කුරුට්ටෝ නොවැ ඉතින්...

      Delete
  2. හැම තැනම මැරෙන කතා
    මුංට වලකජ්ජගහන්ට මෙච්චර ආසද... හැක්
    එතකොට ලංකාව එක වෙන්නෙ අරක්කු වලිං සැක්ස් වලිං විතරක් නෙවී මැරෙන එකෙනුත්එක
    සංතෝසයි සංතෝසයි
    අප්පුඩියක් ගහන්න විදියක් නෑ

    ReplyDelete
    Replies
    1. අපේ උන් කොහේ ගියත් ඕන දේකින් කප් එක ගහනවා

      Delete
  3. ඒකියන්නේ ලංකාවේ පුද්ගල මානසික තත්වය අතිනුත් දුර්වල රටක්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය සංඛ්‍යා ලේඛන හදලා තියෙන්නේ ජනගහනයෙන් ප්‍රතිශතයක් විදියටනේ බං. අපේ රටේ අය ආකල්පමය වශයෙන් නම් තරමක් දුර්වලයි.

      Delete
  4. ෂහ්.. මරණය මාර්කට් වෙලා නෙව සෑහෙන්න..

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න මාකට්.. යුද්දෙන් මැරුනු නැති එවුන්,සුනාමියෙන් මැරුනු නැති එවුන් විහින් හරි මැරෙන්න එපායැ...

      Delete
    2. දේශා.

      ඇයි බං මරණය හරියට පොදු දේපලක් වගේනේ.

      සිංහ

      ඇයි බං දැන් FB හින්දත් මැරෙනවනේ

      Delete
  5. මහාචාර්ය ඤානදාස පෙරේරාගේ (සතුට පිලිබඳ මනෝ විද්‍යාව සහ ජීවිතයේ ගුනාත්මකබාවය) කියන පොතේ මේ ගැන ඉතා දීර්ග වගුවක් ආෂ්‍රයෙන් පැහැදිලි කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඤානදාස පෙරේරාගේ තියනවා වටිනා මනෝවිද්‍යා පොත් පෙලක්ම. එතුමා දැනට ඉන්න උපදේශකවරුන් අතර හොඳම උපදේශකවරයෙක්

      Delete
  6. //යෞවන වයසේදි සියදිවි නසාගැනීමෙ ප්‍රතිශතය 60% පමන වෙ// මේක පොඩ්ඩක් කචල් වගේ.. මන් හිතන්නේ උඹ කියන්නේ සියදිවි නසාගන්න උන් ගෙන් 60% විතර යව්වන වයසේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මම මේ බය උනා මට හෙට දිවිනහගන්න වෙයිද කියල. මෙතැන් ඉන්න අනිත් උන් 10න් එකෙක්කත් නොකරන බව ෂුවර්. මම එපෑ සමාජ වගකීම දරන්න!

      Delete
    2. කම්යා
      උදේ පාන්දරනේ පෝස්ට් එක දැම්මේ.ඒ කෑල්ල පොඩ්ඩක් පිටපොට ගිහින්. සුටුස් ගාලා හදලා දාන්නම්.

      උපේක්ෂා
      බයවෙන්න එපා මචෝ. පිටරට සවාරි ගොහින් අලියා පාගලවත් උඹ ඔය යස අගේට ඉන්නේ.

      Delete
    3. උපේක්ශා-
      යකෝ...අවුරුදු 50-55 අතරේ අය අයිතිවෙන්නෙත් යෞවන යෞවනියන්ටද?

      Delete
    4. උපේක්ශා-
      යකෝ...අවුරුදු 50-55 අතරේ අය අයිතිවෙන්නෙත් යෞවන යෞවනියන්ටද?

      Delete
    5. උපේටත් 60 පැන්නා මගේ හිතේ

      Delete
    6. හැඃ ! මේක දැක්කේ දැන්නේ..... දුප් කිව්වේ නොසන්ඩාල උන්

      Delete
  7. මිනිසුන්ගේ ආවේගශීලි බව වැඩිවීම දැන් ප්‍රවනතාවයක් වගේ නේද? ඒවා මාකට් වෙලා වැඩියි මම හිතන්නේ. ආසියාවේ මිනිස්සු කොහොමත් ආවේගශිලියි කියලත් මම අහල තියෙනවා.

    සුමිත්‍රයෝ ඉස්සර හොඳ ප්‍රචාරයක් එක්ක වැඩකලා මේ වෙනුවෙන්. දැන් ඒවා අඩපන වෙලා. ඉස්සර වගේ නෙවෙයි, කවුන්සලින් සෙන්ටර් තියෙනවා.( ලොකු පාසල්වල) ඒත් අපිට මොකද්දෝ වැදගත් කාරණයක් මිස් වෙලා කියල හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔය කව්න්සිලින් සෙන්ටර් වලට පාසල් පැත්තෙන් ලැබෙන දායකත්වය අඩුයි.දෙමව්පියෝ සමහර වෙලවට විරුද්දයි ළමයි ගෙදර ප්‍රශ්න කියනවා කියල.අනික සමහර මිස්ල ඕවට හොට දාන්න ගන්නවා.ඊට පස්සේ එකේ මිනිස්සුන්ටත් ඒ වැඩේ කරගන්න බැරි වෙන්ව.රජයේ පාසල් වල නං ඕක තාම හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ...

      Delete
    2. උපෙක්සා
      මිනිස්සු අවේගශිලිව කටයුතු කරනවා වැඩියි කියලනම් පැහැදිලිවම පේනවා. කොහොමටවත් ඔරොත්තු නොදෙන විදියට තරඟකාරි ජීවන රටාවකට හුරුවෙන්න දරන උත්සහයත් ඒකට එක් හේතුවක් කියලයි හිතෙන්නේ. ඉස්සර සුමිත්‍රෙයා් හරි ප්‍රසිද්ධයි. ඒ වගේ ආයතන වලින් ලොකු සමාජ සේවයක් සිදු වුනා. ඔබ කියනවා වගේ අපෙන් යමක් මිස් වෙලා තියනවා. මට හිතෙන්නේ එක් දෙයකටත් වඩා. කොහොම උනත් කවුන්සලින් ගැන අපේ සමාජය නිවරදිව දැනුවත් වෙලා නෑ කියලා වැටහෙනවා. අපේ සමාජයේ මුල් බැසගත් මතයක් තියනවා ඒවට යන්නේ පිස්සෝ කියලා. නමුත් බටහිර සමාජය කවුන්සලින් ජීවිතයට අත්‍යාවශ්‍යම සාධකයක් විදියට දසලකනවා.

      ගිම්මි
      පාසල් වල දායකත්වය නම් හොදටම අඩුයි. සමහර පාසල් වල ඉන්න කවුන්සලර් ඕපදූප පතුරුවනවා. ඒකෙන් ළමයා තවත් මානසිකව වැටෙනවා. අනිත් පැත්තෙන් දෙමාපියන්ගේ ප්‍රශ්න

      Delete
    3. කවුන්සලින් සේවාව තිබුනත් ඒ සඳහා යොමුවෙන්නේ නැති එක තමයි මම දැකල තියෙන දේ. තවත් දෙයක්, කවුන්සලින් කරන කෙනා සමාජයේ යම් පමණක පිළිගැනීමක් හෝ තියෙන්න ඕනේ. නැතිනම් එහි ප්‍රතිපල ගන්න ලෙහෙසි නැහැ. ඔබ කලින් කිව්වා වගේ පාසල්වල ඔපදුපකාරියන්/කාරයින් මේ සඳහා දීමෙන් වෙන්නේ මකන්න බැරි පාඩුවක්. මොකද, එයාලට වගකීම දැනෙන්නේ අඩුවෙන් කියලයි මගේ හැඟීම.

      කවුන්සලින් කියන්නේ 'ඔයාව වෙනස කරන තැනක් ' කියන අදහස තමයි මේ නරක චිත්‍රයට හේතුව. මිනිස්සු වෙනස්වෙන්න බයයි; කැමති නැහැ. මොකද තමන් වැරදියි කියල අහගන්න යන්න කැමති වෙයිද?

      එක අතකට මේ තරඟය එක හේතුවක් තමයි. එකම හේතුව ඒක නෙවෙයි. නැතිනම් එහෙම තරඟයක් නැති ගම්බද තරුණ ජිවිත මොකද දිවි නහගන්නේ?

      Delete
  8. සියදිවි හානි කරගන්න හැමෝටම තියන පොදු ලක්ෂණය සමාජයට බය වීම හා තමන් හැමවෙලාවෙම තනි වෙලා කියන දේ දිගින් දිගටම හිතන එක.ගොඩක් වෙලාවට එගොලන් උදව් බලාපොරොත්තු වෙන අයම ඒගොල්න්ට එරෙහි වීම තුල හිතේ ඇතිවන හැගීම් පිට කරගන්න තියන හොදම විදිය වගේම සමාජය තමන් දිහා බලයි කියන ආකල්පයෙන් තමයි සිය දිවි හානි කරගැනීමක් වෙන්නේ.එකේදී සමාජයත් ඒ මරණයේ සුළු කොටසකට හරි වගකියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. සියදිවි හානි කරගන්න හිතේ තියාගෙන ඉන්න සමහර අය ඒ ගැන තමන් සමීපව ඇසුරු කරන අයට යම් යම් ඉඟි මඟින් ඒ ගැන කියන වෙලාවල් තියනවා. නමුත් ඒ ගැන කවුරුවත් අවධානය යොමු කරලා නෑ.සියදිවි හානි කරගත්ත එක ළමයෙක් තමන්ගේ දෙමව්පියන්ට ඒ ගැන අඟවලා තිබුනා. ඔවුන් ඒක ගනන් ගත්තේ නෑ. මේ බොහෝ දෙනක්ගේ ජීවිත බේරගන්න පුලුවන් කම තිබිලා තියනවා. ඇත්තෙන්ම ඒ වෙලාවට සිදුවෙලා තියෙන්නේ සමාජ වගකීම පැහැර හැරි යාමක් තමයි.

      Delete
  9. //සියදිවි හානි කරගැනිමට වැඩිපුරම උත්සහ දරනුයේ කාන්තාවන් වුවත් දිවිහානි කරගෙන බහුලව මරනයට පත්ව ඇත්තේ පිරිමින් බව// චැහ්.. මේ ගෑනුන්ට මේ වැඩේවත් හරියට කරගන්න බැරි හැටියක්.

    ReplyDelete
    Replies
    1. ගෑනු කියනවා විතරයිනේ බං. පිරිමි කිව්වොත් කිව්වම තමයි.

      Delete
  10. ඉස්කෝලේ යනකාලේ ගැල්ලම්යෙක් හිටිය පොලිඩොල් කියල, අපේ ගමේ පවුලක් හිටිය කොල්ලෝ දෙන්නෙක් හා කෙල්ලෝ දෙන්නෙක් වහබිලයි එල්ලිලයි මැරුණා, ලගදී අහන්ඩ ලැබුණ ගොඩක් සියදිවිහානිකරගැනීම් වයසක අය.

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කොලේ කොල්ලෙක් ලව් කේස් එකකට වහ බිව්වා. සතියක් විතරම හොස්පිට්ල් එකේ හිටියේ. වහබීලා දවසකට විතර පස්සේ මූ ඇඬුවා මට මැරෙන්න බෑ මාව බේර ගන්න කියලා.

      Delete
    2. සිරාවට ඔය පොලිඩෝල් කියන්නේ මොනවද බං? මොනවට ගන්න දෙයක්ද?

      Delete
    3. බලමු ලලිත්ගෙන්ම අහලා ඒ ගැන.

      Delete
    4. පොලිඩෝල් කියන්නේ ගෑන් ළමයගේ නමනේ බන්.

      Delete
    5. පොලිඩොල් කියන්නේ ඒ කාලේ තිබ්බ කෘමි නාශකයක් (වෙළඳ නාමය).. හරිම කොමන්. අද වගේ ගොඩක් වහ ජාති තිබ්බේ නෑ.. විකුනන්න බැරි නීති තිබ්බෙත් නෑ.. ඉතින් මැරෙන්න ලේසිම ක්‍රමය තමයි පොලිඩොල් කුප්පියක් අරන් කෙලල දාන එක.
      බදුල්ල ටවුමේ තාම ඉන්නවා පොලිඩොල් කියල ඩයල් එකක්.. ඌට ටිකක් පිස්සු.. කොල්ල කාලේ මැරෙන්න කියල වහ බිලලු පිස්සු හැදුනේ..

      Delete
    6. Parathion, also called parathion-ethyl or diethyl parathion and locally known as "Folidol", is an organophosphate compound. It is a potent insecticide and acaricide.

      Delete
    7. පොලි ඩෝල් බීලා බේරුන කිහිප දෙනෙකුටම සුලුවෙන් හෝ මානසික ආබාධ තියනවා. මොළයේ ස්නායු වලට ඒකෙන් යම් බලපෑමක් සිදු වෙනවත් ඇති්‍

      Delete
    8. බදුල්ල ටවුමේ තාම ඉන්නවා පොලිඩොල් කියල ඩයල් එකක්.. ඌට ටිකක් පිස්සු.. කොල්ල කාලේ මැරෙන්න කියල වහ බිලලු පිස්සු හැදුනේ..//

      මට හිතාගත්තැකි කවුද ඒ ඩයල් එක කියලා...හැක්....
      හැබැයි දැන් ඌ ඉන්නේ කොල්ලුපිටියේ

      Delete
  11. මේ මාතෘකාව ගැන කතා වෙන හැම මොහොතකම මට මතක් වෙන්නේ දෙවෙන්දාරා සං ව,

    ReplyDelete
    Replies
    1. "දෙවෙන්දාරා සං ව"
      ඒක මට හරියට මීටර් උනේ නෑ

      Delete
    2. "මළගිය ඇත්තෝ"- "මළවුන්ගේ අවුරුදු දා" කියවපන්.අහුවෙයි ඔය පිස්සව.

      Delete
  12. මැරෙන්න හරි ලේසියි.ජීවත් වෙන්න තමා අමාරු.වැදගත් ම දේ ලස්සනට ජීවත් වෙමින් අනුන්ට යහපත් ව ජීවත් විය හැකි වටපිටාවක් ගොඩ නගන එක..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ආගම් දර්ශන වල උනත් උගන්වන්නේ මිනිස් ජීවිතයක වටිනා කම වගේම යහපත් වූ ජීවිතයක් ගත කරන ආකාරය ගැන. තමන්ටත් අන් අයටත් මුලු මහත් සමාජයටත් යහපතක් සිදු වෙන ආකාරයට ජීවත් වීමයි වඩා වටින්නේ. එ්ත් බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ තමන්ට යහපතක් සිදුනොවන අනුන්ට කරදරයක් සිදුවන විදියට.

      Delete
  13. අදුරන ඩොකෙක් කියපු විදිහට ඔය මැරෙන්න එක එක විකාර කරගන ඉස්පිරිතාලෙට එක්කගන එන අයගෙන් හැමෝම කියන්නේ අනේ මාව බේරගන්න කියලළු.එකෙක්වත් අනේ මට මැරෙන්න දෙන්න කියලා කියන්නේ නෑළු.
    ඒකාම කියපු විදිහට ප්ලෑන් කරලා දිවි නසාගැනීම් හරි අඩුයිලු.බොහොමයක් සිද්දවෙන්නේ ක්ශනික තීරණ අනූව කරගන්න ඒවලු.

    ඔය සියදිවි නසාගැනීම් සිදුකරගන්නා ආකාරය ගැන මාධ්‍ය මගින් මගින් කරන හෙළිදරවු කිරීමුත් මේවට අඩු වැඩි වශයෙන් උදවුකරනවා කියලයි මට හිතෙන්නේ.ඒවා කරගන්න යොදාගත් උපක්‍රම ගැන හෙලිදරවු කිරීම නොකල යුතුම දෙයක්.

    ReplyDelete
    Replies
    1. ...//ඒවා කරගන්න යොදාගත් උපක්‍රම ගැන හෙලිදරවු කිරීම නොකල උඹ කියන කතාව ඇත්ත. ආවේගයට මැරෙන්න හැදුවට ටික වෙලාවක් ගියාම ට්‍රයි කරන්නේ ජීවත් වෙන්න. ඒ බව වෛද්‍යවරු කියනවා.

      සිය දිවි හානි කරගන්න ක්‍රම මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම ලොකු වරදක් බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා.

      Delete
  14. හොඳ ලිපියක්. ඔයා ලියන සමහර ලෙඩ වලට කියන ඉංග්‍රීසි නමත් වරහන් ඇතුලේ ලිව්වොත් හොඳ නැත්ද?

    ReplyDelete
    Replies
    1. හොඳ උපදේශයක් අජිත් අයියේ.
      එය ලිපි වල ගුනාත්මක බව වැඩිවෙන්නත් හෙතුවක් නිසා පැරනි ලිපි වලට වගේම ඉදිරි ලිපි වලදි ඒ ගැන අවධානය යොමු කරන්නම්.

      Delete
  15. බොරු මහනතත්වයට, මුදලට, දේපල වස්තුවට වඩා සිතේ සැනසීම වටිනවා කියන එක තේරුම් නොගන්න අය තමයි සියදිවි නසාගන්නේ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකඟයි ඔබේ අදහසට‍. මේ ගැන හිතන්න බැරි මෝඩ කම නිසා අන්තිමට වටිනා ජීවිතය නැති කරගන්නවා.

      Delete
  16. ගෑණු පාර්ෂවය කොහේ ගියත් උත්සහ කරනවා විතරයි නොවෑ;) :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ශානු එහෙම ට්‍රයි කරනවා නෙවෙයි ඕවට

      Delete
  17. මොන අංශයෙන් හරි ලංකාව සම්බන්ධ රෙකෝඩ් දැක්කම හරි සතුටුයි අප්පා...

    මටත් මැරෙන්න හිතෙනවා බං...
    හොඳවයින් වර්ගයකින් බාගයක් සෝඩා සුට්ටක් කලවම් කරලා රිප්ලයි එකක් විදිහට එවපන් ඒකවත් බීලා මැරෙන්න පුළුවන්ද බලන්න...

    ReplyDelete
    Replies
    1. පේනව නේද අපේ උන්ගේ දක්ෂතාවය.

      රිප්ලයි නොකර මේලක් විදියට දැම්මොත් නරකද.

      Delete
    2. ලොකු,
      බෝතලයක් එවොත් මාත් එනවා තෝ එක්ක මැරෙන්න

      Delete
  18. ජීවිතං අනියතං මරණං නියතං..

    ජ ය වේව ා !!!

    ReplyDelete
    Replies
    1. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා
      මරණත්තාය ඕකාසං වධකෝ විය ඒසති

      උපත සමග මරණය සදා කල්හීම පැමිනේ.අවකාශයක් ලැබෙන්නේ යම් මොහොතකද මරණය අප කරා පැමිනෙන්නේ වධකයකු ලෙසය‍

      Delete
    2. ඒ ටිකේ ඉන්නකන් ජොලියෙන් ගතකරන්

      Delete
  19. සියදිවි නසා ගැනීම ගැන ලබා දෙන මාධ්‍ය ප්‍රචාරයත් මේකට ලොකු අනුබලයක් දෙනවා නේද බං..?

    ReplyDelete
    Replies
    1. දියලුමෙන් පැන්න එක එහෙම ලොකුවට මාධය වලින් දුන්නේ.ඕකෙන් වෙන්නේ තවත් ඔය වගේ උන් ඕකට ට්‍රයි කරන එක‍

      Delete
  20. මැරෙන එකත් පන යන වැඩක් බන්...ඒක නිසා මම අත ඇරලා දැම්මා

    ReplyDelete
    Replies
    1. යකෝ උඹ දැක්ක කල්.

      තව පොඩි ට්‍රයි එකක් දීලා බලමු බං. උත්සහවන්තයා ජය ගනි කියනවනේ බං.

      Delete
    2. උබ බන් මාධ්‍යටත් වඩා බයන්කර පුද්ගලයෙක්නේ...

      Delete
  21. සියදිවි හානි කරගැනීම පවක් කියල නේද සලකන්නේ ?

    ReplyDelete
    Replies
    1. බුදු දහමේ හැටියට නම් එහෙමයි.

      Delete
  22. අපි ඒකෙත් එකද?

    දෙපාරක්ම මම මැරිලා ඉන්නවා හීනෙන් දැකලා තිබුනට තාම මැරෙන්න අදහසක් නම් ආවේ නෑ හැබැයි.

    ReplyDelete
    Replies
    1. මමත් මම මැරිලා ඉන්නවා හීනෙන් දැකලා තියනවා. ජීවිතේ අනු නවයෙන් බේරුන අවස්ථාත් තියනවා. ඒ වෙලාවට තමයි ජීවත් වෙන්න දැනෙන ආශාව වැටහෙන්නේ.

      Delete
    2. සුදු කොඩි එහෙම පෙනුනේ නැතෙයි. මං ඔය හීන දැක්කට උදේට ඔව්වා මතක හිටින්නේ නෑනේ...

      Delete
  23. තවත් විට හදිසි ආවේගය නිසා ඔහොම සිය දිවි හානි කර ගන්න උත්සහා කරන අයත් ඉන්නවානේ.තවත් අය ඉන්නවා ඔන්න මැරෙන්න යනවා කියලා ගෙදර හැමෝටම කියලා යනවා.එතකොට ගෙදර උන් පිටිපස්සෙන් කෑගහගෙන එනවා අනේ එපෝ කියගෙන.පිටිපස්සෙන් කට්ටිය එන නිසාම අර බුවා ෆෝම් වෙලා ගැම්ම අරන් පනිනවා ගඟේ නැතිනම් කෝච්චියට.

    ReplyDelete
    Replies
    1. හරියට හරි නොපැන බැනේ එතකොට

      Delete
    2. එතකොට කරන්න තියෙන්නේ ඊට උඩින් ගල් ගෙඩියක් අතාරින එක! නැද්ද?

      තව ඩින්ගෙන් වැරදි දෙයක් කියනවා. වෙලාවට...

      Delete
    3. මනෝජ්
      අපේ පැත්තේ ගෑණු කෙනෙක් ගෙදර අයව බය කරන්න වස බීලා හොඳටම ආමාරු වෙලා මැරුනා.

      අටම්
      මැරුනත් සෙකන්ඩ් වෙන්නේ නෑ. කියන්නේ ඒකනේ බං

      උපේක්ෂා
      මැරෙන්න යන මිනිහකුට උනත් උදව් කරනවා මිසක් බාධා කරන්න හොද නෑ.නැද්ද මං අහන්නේ.

      Delete
  24. මම මැරෙන්ඩ ඉන්නේ තෝවත් මරාගන

    ReplyDelete
    Replies
    1. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි!

      Delete
    2. එතකොට මට මැරෙන්න යන වියදමත් ඉතිරියි.

      Delete
  25. මැරෙන ඒකත් මහා පන යන වැඩක් මනෝ.. මගේ ඥාතියෙක් කෙල්ලෙක් හින්ද මී පාසානම් කෑවා.. අපොයි ඌ බේරගන්න ඉස්පිරිතාලෙන් දීපු වද තිස්දෙක දැක්කාම වහ බීල මැරෙන එක එපා වෙනවා බොලේ.. මොනවදෝ බෙහෙතක් දියකරපු වතුර බේසමක් දුන්න ඌට පොවාපිය කියල.. කොහොමත් මැරෙන එකා නිසා අපිත් උගේ බෙල්ල මිරිකලා අර වතුර බෙසමම පෙව්වා බලෙන්ම.. ඒක පොවන අතරේ ඌ දාපු වමනේ ගොඩ දැක්කාම සංසාරේ භවේ දුකා කිව්වලු.. හැබැයි අර බේත් වතුර එක පොවලා ඉවර වෙද්දී ඌ මාසෙකට කලි කාපු දේවලුත් දැම්ම.. ඊටපස්සේ ඌ මලේ නැහැ.. දැන් ඔය යස අගේට ඉන්නේ ලොකු ගේ සාගරයක් හදාගෙන දෙමුහුන් කාර් එකක් තියාගෙන වෙන එකක් බැඳගෙන දරු දෙන්නෙකුත් හදාගෙන.. හැබැයි දැන් උගේ ගෑනි ඌට දෙන වැඩ තිස්දෙක දකින හැම වතාවකම මට හිතෙන්නෙ ඌ එදා මලානම් ඉවරයි කියලයි.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාවට ජරාව පවා පොවනවා බං වමනේ කරවන්න. හරකුන්ගේ තුවලා සැරව පොවනවා. එතකොට ඉක්මනට වමනේ යනවලු.

      බලපල්ලා උඹලා අරුව දැම්ම ආමාරුව ඉතින්. දැන් පොර නොමැරි මැරෙනවා ඇති

      Delete
    2. ඔය වස කාලා සියදිවි නසාගන්න ගිහිල්ලා බේරෙන එවුන්ට අතුරු ආබාධ ගොඩක් ඇතිවෙනවා.. ඔවුන්ගෙන් බිහිවෙන දරුවන්ටත් අතුරු ආබාධ වලට මුහුනදෙන්න සිදුවෙනවා. වස බීලා බේරේනවට වැඩිය හොදයි මැරෙන එකම.

      Delete
  26. ඔබට මැරෙන්න හිතුනොත් අනිවා තව මාසෙකින් මැරෙනවා කියලාම හිතා ගන්න. එකට දිනයකුත් දා ගන්න. එත් කාටවත් ඒ ගැන කියන්න යන්න එපා. මාසෙකින් මැරෙන නිසා හොදට සතුටු වෙන්න.
    කාලයක් යනකොට ඔබට තේරේවි ජීවත් වෙන එකේ තියන සතුට. එතකොට ඔබම ලජ්ජා වේවි ඔබ ගත්ත මෝඩ තීරණය ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට වගේම මේ පැත්තට ආවට

      Delete
  27. යාලුවනේ මට කියන්න පුලුවන්ද මානසික ලෙඩ සුව කරගන්න පුලුවන්ද..පුලුවන්නම් හොද තැනක් කියන්න පුලුවන්ද?

    ReplyDelete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි