අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ

 

 

          දේවාරෑඩයෙන් අමනුෂ්‍ය දෝෂ ඉවත් කල හැකිද ? යන මින් පෙර ලිපියෙන් මෙම ලිපිය ලියන්නට අවශ්‍ය කෙරෙන පසුබිම කෙටියෙන් සාකචිඡා කෙරින.ආවෙෂ පිළිබද සමාජයේ පවතින විශ්වාසය හා ඒවැනි උවදුරැ වලකා ගැනීමට ඔවුන් ගන්නා විවිධ ක්‍රියාමාර්ග එම ලිපියෙන් කෙටියෙන් සදහන් කරන්නට යෙදින.මෙම ලිපියෙන් ආරෑඪවීම,ආවෙශවීම,යකා වැසීම යනාදි ලෙසින් ජනවහරේ හදුන්වන ලබන අවස්ථාවන් මනොවිද්‍යාත්මක පදනම අනුව සරලව පැහැදිලි කරදීමට  අප බලාපොරොත්තු වන්නෙමු.මෙ සදහා හේතුවන මානසික ගැටලු අතරින් කීපයක් පිළිබදව පමනක් මෙහිදි අවධානය යොමු කෙරි ඇත.මෙම ලිපිය බොහෝ දීර්ඝ විය හැකි බැවින් කොටස් කිහිපයක් යටතේ මෙම මාතෘකාවට අදාල ලිපි පෙල පලකෙරෙනු ඇත.(මෙය සෑම දෙනෙකුටම කියවා තෙරැමි ගතහැකි ආකාරයෙන් පලකරන්නට අවශ්‍ය වූ බැවින් සරල අර්ථකතන පමනක් ලබා දී ඇති අතර බෞද්ධ මනෝවිද්‍යා මූලධර්මද ඒ සදහා පදනමි කරගන්නට යෙදින.)

   

ආරෑඪ වුවන් සමිබන්ධයෙන් මා ලබා ඇති බොහෝ අත්දැකීමි අතරින් අවස්ථා දෙකක් පිළිබදව පෙර ලිපියෙහි සදහන් කර ඇත.තවත් එවැනි එක් අවස්ථාවක් විස්තරාත්මකව මෙසේය

  දහඅට වැනි වියේදි පමන වු එක් තරැණියකට යමි කිසි අසාමාන්‍ය රෝගි තත්ත්වයක් දකින්නට ලැබුනු අතර එම ලක්ෂණ කීපයක් මෙසේය.

  1.  පලමුවෙන්ම තම සිරැර අප්‍රණික වන බවක් දැනෙන බව පැවසීය.
  2.  යමිකිසිවකු තම සිරැරට ඇතුල් වන්නාසේ දැනීම.
  3. කතා කිරිමට නොහැකි වන සේ දිව අගුලු වැටිම.කතා කිරිමට කොතරමි උත්සහ දැරැවද දිව අගුලු වැටි ඇති බැවිනි වදන පිට නොවෙ.
  4. තවත් සුලු මොහොතකින් ඇස් පිය වෙ.පියවි සිහිය සමිපුර්නයෙන්ම වෙනස් වෙ.සිරැර ගැසෙන්නට පටන් ගනි.හිස වෙගයෙන් දෙපැත්තට ගැසෙ.
  5. යමි බසකින් කතා කරනු ලබන අතර එය පැහැදිලි නැත.ගොරොසු රළු කටහඩක් පිට වෙ.
  6. තම මිය ගිය පියා සේ කතා කරනු ලබයි.
  7. පියවි සිහිය පැමිනි පසු කිසිවක් මතක නැති වීම.
 

       මෙවනි අවස්ථාවකදි මෙම ලක්ෂණ පෙන්නුමි කරන්නාගේ ඥාතින් හිතමිතුරන් අසල්වැසියන් සියලු දෙනාම එක් වරම තිරණය කරනුයේ එම තැනැත්තාට පැහැදිලිවම අමනුෂ්‍ය බලපෑමක් ඇති බවය.එසේ ප්‍රකාශ කරනුයේ ඒ පිලිබදව ඇති අවබෝධය නිසා නොව තමන් මෙ සමිබන්ධයෙන් පෙර අසා ඇති කරැනු අනුවය.ප්‍රතිකාර සදහා ගුප්තක්‍රමවෙත සහ දේවාල වෙත යොමු වන්නේද ඥාති මිතුරැ උපදෙස් අනුවය.මෙහිදි ශාන්ති කර්ම කල යුතුවන අතර යන්ත්‍ර පැලදීම අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත.ඒ සදහා කීප වතාවක් අදාල දේවාලය සදහා යායුතු වන අතර වැය වන මුදල අතිවිශාල වෙ.මා විසින් දන්නා බොහෝ අය අවම වශයෙන් රැපියල් 30000 – 40000 අතර මුදල් ඒ වෙනුවෙන් වැය කර ඇති අතර දිගින් දිගටම සේවය ලබා ගැනීමෙදි එම මුදල මෙන් පස් හය ගුණයක් වැය කරන්නට සිදු වූ බව පවසා ඇත.


         මෙමගින් කෙටි කාලීන සුවයක් ලැබුවද කලක් ගතවන විට නැවත නැවතත් පෙර කී අවස්ථාවටම ගොදුරැවන විට තව තවත් දේවාල පසුපස යමින් පිළිසරණක් යසොයන්නට තරමි එවැන්නන් මෙන්ම ඔවුන්ගේ ඥාතින් අසරණ වන්නේය.සමහර දෙනෙකු දේවාල විශාල ගණනකට ගොස් ඇතත් ඒ කිසිදු ස්ථායකින්  ආරැඪය සනීප නොවන අතර අමනුෂයා පෙර පරිදිම තමන්ට කරදර කරන බව ඔවුන් පවසනු ලබිය.එවැනි අවස්ථාවකදි දේවාල වලින් ලැබෙන පිලිතුර කිපයකි.අමනුෂ්‍යා සංසාරික වෛරක්කාරයකු බව,වෙෂමුනිගෙන් අවසර ලැබු ඉතා බලගතු අමනුෂ්‍යකු වන බැවින් එක් වරම එලවා දැමිය නොහැකි බව,පැමින ඇති අමනුෂයා පෙර ජීවිතයේ සමිප ඥාතියකු බැවින් එලවිමට අපහසු බව,නිවැසියන් කිල්ලකට අසුව ඇති බැවින් යන්ත්‍ර බල සිදි ගොස් ඇති බව,වැනි පිළිතුරැ ඒ අතර ප්‍රධානය.කෙසේ වුවද ආරෑඩ වන තරැණියන් සුව කරන මුවාවෙන් ඔවුන්ගේ තාරැණ්‍ය බිලිගන්නට මාන බලන දේවාල වල කපුමහතුන්ගේ ප්‍රමාණය දැන් දැන් වැඩි වෙමින් පවතින බව නමි පෙනේ.පුදුමය වන්නේ ඒ බව දැන දැනත් දේව භක්තියෙන් මුලාවට,භිතියට පත්ව සිටින බොහො දෙනෙකු තමන් විසින්ම එවැනි කපුවන්ගේ ගොදුරක් බවට පත්වීමය.සත්‍ය වශයෙන්ම ආරැඪවිම යනු කුමක්ද එහි මනොවිද්‍යාත්මක පදනම කුමක්ද යන්න පිළිබදව දැන් අප විමසා බලමු.මෙය නොයෙක් පැතිකඩ ඔස්සේ විග්‍රහ කල හැකි අතර මෙම ලිපියෙන් එහි එක් පැතිකඩක් ඉදිරිපත් කර ඇත.





      මුලින්ම මෙහිදි යමක් සිහිපත් කල යුතුය.ආරෑඪ වීමෙහි මනෝවිද්‍යාත්මක පසුබිම පිළිබදව මා දැනුවත් වූයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය ඩී.පී.ඩී විජේසිංහ මහතා හා මා හට උපදේශණ මනෝවිද්‍යාව පිළිබදව අධ්‍යාපනය ලබාදුන් අනෙකුත් විශේෂඥ ‍වෛද්‍යවරැන් මගිනි.එබැවින් මෙම ලිපියෙහි එහිදි මා උගත් එම කරැනු ඇතුලත් කර ඇත.

         ප්‍රවෙෂයක් වශයෙන් මුලින්ම අපගේ සිහියේ ක්‍රියාකාරිත්වය කෙසේද යන්න පිලිබදව අවධානය යොමු කර බලමු.සිග්මන් ෆ්‍රොයිඩි විසින් සිහියෙහි අවස්ථාවන් තුනක් දක්වා ඇත.එය රෑපසටහනක් ඇසුරින් මෙසේ පැහැදිලි කල හැක.

 

          Conscious නැතහොත් මෙ මොහොතේ පවතින සිහිය අපගේ එදිනෙදා කටයුතු කරගැනීම පිනිස උපකාරවන්නේද කෙසේද යන්න පිලිබදව බෞද්ධ මනෝවිද්‍යා මූලධර්මද පදනමි කරගනිමින් විමසා බලමු.සැබැවින්ම අප උදේ අවධි වු මොහොතේ සිට රාත්‍රි නින්දට යනතුරැම සිදු කරනුයේ අරමුණු වලට ප්‍රතික්‍රියා දැක්වීමය.අවධියෙන් සිටින සෑම මොහොතකම දකින ඇසෙන දැනෙන සියල්ලට ඉතා වෙගයෙන් ප්‍රතික්‍රියා දැක්වීමක් සිදු වන්නේ අපටත් නොදැනීමය.නිදසුනක් ලෙස මෙම ලිපිය නෙත ගැටෙන මොහොතේ ඔබගේ අවධානය ඉතා වෙගයෙන් යොමුවන්නේ ලිපියේ අක්ෂර වලටය.ඔබට ලිපිය කියවීමට අවශ්‍ය කරන බැවින් අක්ෂර වලට විශේෂ අවධානයක් යොමු වෙ.ඉන් පසු ඔබ එය කියවනු ලබයි.තවත් විටක ඔබ ඇසෙන යමකට හොදින් ඇහුමිකමි දෙනු ලබයි.රෑප,ශබිද,ගන්ධ,රස,ස්පර්ෂය.මනසට දැනෙන අරමුණු මුල් කරගනිමින් ඒ ඒ මොහොත තුල ඒ ඒ අරමුණට ප්‍රතික්‍රියා දැක්වීමට උපකාර වන්නේ කෙටි කාලීන මතකය සමග සමිබන්ධ වන පියවී සිහියයි.ඉහත Conscious අවස්ථාවෙන් දක්වා ඇත්තේ එයයි.


දැන් අප යොමු වන්නේ සිහියේ දෙවන අවස්ථාව වන Subsonscious අවස්ථාව යනු කුමක්දැයි හදුනා ගන්නටය. දින දෙක තුනකට පෙර සිදු වූ යමි යමි දේවල් සිහියට නැගෙන්නේ මොහොතක් කල්පනා කිරිමෙන් පසුවය.ඔබ සතියකට පෙර ආහාරයට ගත්තේ මොනවාදැයි යන්න සිහියට නගන්න උත්සහ කරන්න.ඒක් වරම සිහියට නොනැගෙන අතර ඒ සදහා මොහොතක් අතිත මතකයට යා යුතු බව ඔබට දැනේ.වඩාත්ම අතිත සිදුවීමි සිහියට නගා ගැනීම පිනිස පෙරටත් වඩා අතීත මතකයට යායුතුය.ඔබ මුලින්ම පාසලට ඇතුලත් වූ දිනය,එහි සිටි ඔබෙ මිතුරන්,ගුරැවරැන්,යනාදිය සිහිකරන්න.එම මතකය සිහියට නගා ගැනිමට පෙරට වඩා උත්සහ කල යුතු බව ඔබට වැටහෙනවා ඇත.නමුත් තවමත් එම සිදුවීමිද ඔබට මතකයට නගා ගැනීම අපහසු නැත.Subsonscious යනුවෙන් සරලවම හැදින්වෙන්නේ සිතෙහි මෙම ක්‍රියාකාරිත්වයයි.උපවිඥාණය ලෙස මෙය පැහැදිලි කර ඇත

Unconscious යන අවස්ථාවෙන් දැක්වෙන්නේ අපගේ යටි හිතේ තැන්පත්ව ඇති මතකයන්ය.බොහො වෙහෙස දරා මතකයට නගා ගැනීමට උත්සහ දැරැවද කිසි සෙත්ම මතකයට නොනැගෙන බොහෝ දේ යටි හිතේ තැන්පත්ව ඇත.එහෙත් යටි සිතේ තැන්පත්ව ඇති ඉතා අමිහිරි කටුක මතකයන් ඔබත් නොදැනිම ඔබෙ ජිවිතයට බලපානු ලබයි.මන්ද යත් එහි දල සටහන් Subsonscious අවස්ථාවෙ සිහියට නැගෙන බැවිනි.

දැන් ආරෑඪවීමත් මෙම කරැනු අතරත් ඇති සමිබන්ධය විමසීමට පෙර පහත රෑප සටහනට අවධානය යොමු කරන්න.මෙහි දැක්වෙන්නේ අපගේ දෛනික ජීවිතය කෙටි කාලීන මතකය සමග අපගේ චර්යාවන් සිදුවන ආකාරයයි.එය ඉතාමත් සරලව මෙසේ දැක්විය හැක.

මෙහිදි කෙටි කාලීන මතකය ප්‍රධානය.කෙටි කාලීන මතකයට යමි විදියක බාධාවක් සිදුවුවහොත් මෙම චක්‍රාවලිය බිදි යයි.අපි සිහියෙන් කටයුතු කරනවා යයි කියන්නේද මෙම චක්‍රාවලියටය.

මෙතෙක් මෙම කරැනු සාකචිඡා කරනු ලැබුව ආරෑඪ වීම හා ඉහත Conscious, Subsonscious, Unconscious වන අවස්ථා අතර සෘජු සමිබන්ධයක් පවතින බැවිනි. අප පෙර යමක් සිහිපත් කරගන්නට තදින් වෑයමි කරන විට බාහිර පරිසරය කෙරෙහි යොමු වන අපගේ අවධානය ක්‍රමයෙන් අඩුව දැඩි කල්පනාවල නිරත වන අවස්ථා ඇත.එහිදි පරිසරයට දක්වන ප්‍රතිචාර අඩු වන බව ඔබ අත්දැක ඇත.දැඩි කල්පනාවක සිටින විටකදි යමි කිසිවකු අප හට කතා කලහොත් එම ශබිදය අපට එක්වරම නොඇසෙන්නේ බාහිර පරිසරයෙහි අරමුණු කෙරෙහි අවධානය යොමුනොවන නිසාය.

     දැන් ඉහත සටහන දෙස හොදින් බලන්න.කෙටි කාලීන මතකයට යමි බාධාවක් පැමිනි විට පියවි සිහිය ගිලිහි ගොස් පරිසරයට යොමු වන  අවධානයද මොහොතකට නවතින බව මෙම සටහනට අනුව වැටහෙනු ඇත.ඒ සමග පරිසරයට දක්වන ප්‍රතිචාරද නැවති ඇත.අප දෛනික ජීවිතයේ සිදු කරනු ලබන සෑම ක්‍රියාවලියක් තුලම දැකිය හැක්කේ බාහිර පරිසරයට ප්‍රතිචාර දැක්වීමකි.


යමි ලෙසකින් කෙටි කාලිනය මතකයට දිගින් දිගටම යමි බාදාවක් පැමිනියහොත් කුමක් සිදුවිය හැකිද ? 
 
       එදිනෙදා ජීවිතයේ කටයුතු කරගැනීමට අපහසු වන තරමට සිහිය වෙනස් විය හැක.අමතක වීම,කතා කරන විට වචන පැටලීම,කිසිවක් නොඇසි යාම,ගොත ගැසීම,පුද්ගලයන් හදුනාගැනීමට අපහසු වීම,ශාරිරික අපහසුතා ඇතිවීම යනාදි බොහෝ ගැටලු මතු විය හැක.

එසේ ගැටලු ඇති වන්නේ ඇයි ?

       කෙටි කාළින මතකය අපගේ සියලු දෛනික චර්යාවන් හා බැදි පවතින බැවිනි.එම මතකයට යමි බාධාවක් සිදුවුවහොත් අපගේ අනෙකුත් චර්යාවන්ටද එය බලපානු ලබයි.යමි පුද්ගලයකුගේ කෙටි කාලින මතකය දිගින් දිගටම නැතිවෙනවනමි ඔහු යමි කිසි රෝගි තත්වයකින් පසුවන බව තීරණය කරන්න වෙනවා.

කෙටි කාලීන මතකය නැති වීමට බලපාන  හේතු හෝ රෝග තියනවද ?

          එක් කරැනක් නෙවෙයි කීපයක්ම තිබෙනවා.විශේෂයෙන්ම මොළයට සිදුවන බලපෑමි.මොළයේ පිළිකා,ස්නායු දෝෂ,අපස්මාරය,උපාගමය අතර රසායනික හුවමාරැව ක්‍රමවත්ව සිදුනොවීම,ආතතිය,භීතිකා ,ක්ලමථය,හිස්ටීරියා වැනි තත්ත්ව විශේෂයි.

ආරැඪවීමත් මෙ අතරත් සමිබන්ධයක් තියනවද ?

        ඉතා පැහැදිලිවම තිබෙනවා.මෙ කරැනු මෙතරමි පැහැදිලි කරන්න හේතු වුනෙත් මෙ නිසාමයි.කුමන හෝ හේතුවක් මත පුද්ගලයකුගේ කෙටි කාලින මතකය නැතිව ගියොත් ඒ පුද්ගලයාගේ දෛනික චර්යාවන් සමිපූර්නයෙන්ම වෙනස් වෙනවා.ඔහුගේ අනන්‍යතාවය එ මොහොත තුල නැති වෙලා යාම සිදුවනවා.එවැනි එක් අවස්ථාවක් තමයි හිස්ටීරියා රෝගි අවස්ථාව.හිස්ටීරියා රෝගියෙකුගේ ලක්ෂණ කීපයක් පහත දැක්වෙනවා.ඒ කරැනු දෙස විමසිලිමත්ව බලන්න.


හිස්ටීරියාවේ පවතින ප්‍රභේද
1. යම් සිද්ධියක් හෝ සිද්ධි දාමයක් එක්වර අමතක වීම
2.තමාගේ අනන්‍යතාවෙන් මිදී වෙනත් අනන්‍යතාවක් ආරූඪ වීම
3. යම් යම් සංවේදන එක්වරම නොදැනී යාම
 

මේ පිළිබඳ තවදුරටත් විස්තර කළොත්?

මෙහි පළමු ලක්ෂණය පිළිබඳ කතාබහ කළොත් යම් පුද්ගලයෙකුට හිටි හැටියේ තමා විසින් සිදුකරන ලද යම් කාර්යයක්, තමා මුහුණ දුන් සිදුවීමක් එකවර අමතක වී යාමක් සිදු වෙනවා.මෙය එක් සිදුවීමක් පමණක් නොව සිදුවීම් සමූහයක් අමතක වීමක් ලෙසින්ද සිදුවිය හැකියි. 

දෙවනි අවස්ථාව යටතේ වෙනත් අන්‍යතාවක් ආවේෂ වීම පිළිබඳව හඳුන්වා දිය හැකියි. මෙය සමාජය තුළ බහුලව දැකගත හැකි අතර එවැනි අය අරූඪ කරගත් ආවේෂ ලෙස යක්ෂ, පේ‍්‍රත පමණක් නොව දෙවියන් ලෙසින්ද පෙනී සිටිය හැකියි. නිතරම මෙලෙස නොහැසිරෙන ඔවුන් එක් වේලාවකදී පමණක් විවිධ කටහඬවලට, විවිධ ස්වරූපයක් මවමින් කතා කරනු ලබයි.

තෙවන අවස්ථාවේදී යම් යම් සංවේදනයන් නොමැති වී යාම පිළිබඳ කතා බහ කළ හැකියි. උදාහරණ ලෙස ඇතැම් විට කන් නොඇසී යාම, ඇස් නොපෙනීම, ක්ලාන්ත වීම, වලිප්පුව වැනි තත්ත්වයන් ඇතිවීම, සිරුරේ කොටස් අක්‍රිය හෝ අඩපණ වීම, සිහි කල්පනාව නොමැති වීම ද සිදුවිය හැකියි. ඇතැම් විට මඳ සිහියෙන් ඇවිදීමද මෙහිදී දැකගත හැකියි. 

මෙම රෝගයේ සායනික ලක්ෂණ කීපයක් මෙසේය.
  • අප්‍රාණික බව
  • වෙවිලීම
  • අපස්මාරය වැනි ස්වභාවයක් ඇතිවීම
  • හඩ පිට නොවීම.ගොත ගැසීම
  • ඇස් නොපෙනියාම
  • කන් නොඇසි යාම
  • සංවෙදන නොදැනීම,පරිසරයට ප්‍රතිචාර නොදැක්වීම
  • අමතක වීම,කෙටි කාලීන මතකය ගිලිහි යාම
  • ගල් ගැසීම,නිසොල්මන් වීම,
  •  යමි තැනකට පැමිනි ආකාරය හෝ ගිය ආකාරය සිදු කල ක්‍රියා අමතක වීම
  • ආරෑඪවීම,ආවෙෂවීම  

මෙවනි දෙයක් සිදුවන්නේ කෙසේද ?

1 යමිකිසි පීඩාවක් ඇති වීම
2 එය අවිඤ්ඤාණයේ තැන්පත් වීම
3 සවිඤ්ඤාණයට බලපෑමි කිරිම
4 රෝගයක් ලක්ෂණ ලෙසින් මතුවීම

තවත් විස්තර කරන්න පුලුවන්ද ?
    යමි කිසි ආකාරයක දරාගත නොහැකි පීඩාවට පුද්ගලයකු ගොදුරැ වුවහොත් එය අවිඤ්ඤාණයේ තැන්පත් වෙ.සංරක්ෂණ ප්රයෝග ලෙසින් සිග්මන් ෆ්‍රොයිඩි මෙය විස්තර කොට දක්වා ඇත.එහෙත් අවිඤ්ඤාණගත එම පීඩාව පුද්ගල සවිඤ්ඤාණයට බලපෑමි කරනු ලබයි.එහිදි එම පීඩාවට ගොදුරැවන පුද්ගලයාගේ කෙටි කාලින මතකය සමග පවතින පියවි සිහිය බැහැර වෙ.පියවි සිහිය බැහැර විමත් සමගම ඉහත දක්වා ඇති සායනික ලක්ෂණ ප්‍රකට වන්නට පටන්ගනි.මෙය වඩාත් පහසුවෙන් වටහා ගැනීම උදෙසා එවැනි එක් රෝගියකුගේ සිදු වීමක් විමසා බලමු.


              පහසුව උදෙසා අපි ඇයව නිලු ලෙස හදුන්වමු.නිල් දස හැවිරිදි වියේ පමන පසුවන විට ඇයගේ පියා රෝගාබාධයකින් මිය ගියාය.පියා මිය යාමෙන් පසු නිලුගේ මව විසින් වෙනත් විවාහයක් සිදු කරගත්තාය.ඉන් වසර කිහිපයකට පසු ඇගේ මව විදෙස් ගත විය.නිවසේ වාසය කලේ නිලුත් ඇයගේ බාප්පාත්,වයෝවෘද ආචිචි අමිමාත් පමනි.තම බාප්පාගෙන් නිලුට වරින් වර අතවර වන්නට විය.ඇයට තම ප්‍රශ්නය කියා ගත හැකි කිසිවෙකුත් නොවීය.ඒ පිළීබදව තෙරැමක්ද ඇයට නොවිය.ඇය වැඩිවියට පත්වූයේද තම මව විදෙස්ගතව සිටියදිමය.ඇය සෑම පැත්තකින්ම අසරණ විය.බාප්පාගෙන් සිදුවන කරදරද එන්න එන්නම වැඩි වන්නට විය.

       ඉගනීමට ඉතා දක්ෂ වුවද මෙ වන විට ඇයගේ පාසල් ගමනද ක්‍රමයෙන් අඩාල විය.දිනක් කාන්තා හා ලමා කාර්යාංශය මගින් පාසලේ පැවැත්වු වැඩසටහනකින් පසු ඇය මෙතෙක් නොදැන සිටි බොහො කරැනු පිළිබදව දැනුවත් වූවාය.තම පිරිසිදු බව තම බාප්පා විසින් නැති කර ඇති බව ඇයට වැටහුනේ ඉන් පසුවය.ඇය පාසලෙන් නිවසට ආවෙ දැඩි මානසික පීඩාවකිනි.රාත්‍රියේ නින්ද ඇය අසලටවත් නොපැමිනියාය.ඇස් වලින් කදුලු රෑරා වැටින.තම මවගේ මුහුණ ඇය ඉදිරියේ මැවි මැවි පෙනෙන්නට විය.තමාට සිදු වූ කිසිවක් මවට පැවසිය නොහැක.තම මව තමාටද වඩා විශ්වාස කරන්නේ බාප්පාය.තමා තනිවි ඇතැයි ඇයට දැනිනි.තමාට දැන් ආරක්ෂා කරගත යුතු කිසිවක් නැත.අනාගතයක්ද නැත.සියල්ල අවිනිශ්චිතය.සිය දිවි හානිකරගන්නටද සිතෙයි.අතීත මතකයන් එකින් එක ඇය ඉදිරියේ දිග හැරෙයි.බාප්පා මුලින්ම ඇයට අතවර කල ආකාරය මතකයට නැගෙන විට ඇය තම හිස තද කරගත්තාය.ඒ අතරින් තම මිය ගියා පියාගේ මුහුණ ඇය ඉදිරියේ මැවි මැවි පෙනෙන්නට විය.තම පියාගේ දයාබර සෙනෙහස අහිමි වීමත් සමග තමන්ට සියල්ල අහිමි වූ බව දැනෙන සෑම මොහොතකම ඇයගේ හිස වෙදනාවෙන් කකියන්නට විය.

         උදැසන වන විට ඇයට දැඩි හිසේ වෙදනාවක් දැනින.සිරැර අප්‍රණික විය.එක්වරම මිය ගිය පියා ඇයට ආවෙෂ විය.සැබැවින්ම මෙහිදි  සිදුවූයේ ආවෙෂයක් නොව අවිඤ්ඤාණිකව සිදුවු සංරක්ෂණ ප්‍රෙයාගයකි.ඇය යටිගිරියෙන් කෑ ගැසීමත් සමග අවට අසල්වාසින්ද නිවසට රොක් විය.මිය ගියා පියාගේ ආවෙෂයෙන් ඇය තම බාප්පාට තර්ජනය කරයි.ඇය ආරක්ෂා නොකලහොත් ඔහුව මරා දමන බවට ආවෙෂ වූ පියා තර්ජනය කිරිම නිසා ඇයගේ බාප්පා ඇය ආවෙෂ වන සෑම මොහොතකම ඉතා බියපත්ව සිටියාය.ඇයට එතෙක් සිදු වු අතවරයන්ද ඉන් පසු නතර විය.විදෙස්ගතව සිටි මවද ඒ අතරතුර මෙරටට පැමිනියාය.ඉන්පසු නිලුට පෙර මෙන් කරදර සිදු නොවූවත් ඇයගේ පිරිසිදු බව නැතිවීම ඇතුලු එතෙක්  විදි මානසික පීඩාවන් ඇයගේ අවිඤ්ඤානයේ තැන්පත්ව තිබින.ඒ නිසා වරින් වර ඇයට පෙර සදහන් කල හිස්ටීරියා රෝගි ලක්ෂණ මතුවන්නට විය.නොයෙක් ශාන්ති කර්ම සිදු කරමින් දේවාල ගනනාවකට මුදල් වියදමි කලත් ඒ කිසිදු ආකාරයකින් ඇය සුව නොවුවාය.තම මිතුරියක් මාර්ගයෙන් උපදේශනය වෙත යොමු වූ ඇය මෙ වන විට ප්‍රතිකාර ලබමින් පසු වෙ.

 බලි තොවිල් මගින් ලෙඩ සුවපත් කල හැකිද
            තොවිලය යනු එක්තරා අන්දමකින් මනෝ විරේක ක්‍රමයකි.මෙහිදි බෙර ශබිද ගීතීකා යනාදිය මගින් ආතුරයා ස්වයං මෝහනයකට පත්කෙරේ.තොවිලයකදි ආතුරයාගේ යක්ෂයන් පිළිබදව ඇතිබිය නැතිකීරිමට යක්ෂයන්ගෙ ස්වරෑපය සාමාන්‍ය මිනිසුන්ගේ ස්වරෑපයට පත්කර ඇත.යකුන් සිනාසෙයි,විහිලු කරනු ලබයි.තොවිලයකදි පවුලේ ඤාතින් එක්වෙ.ආතුරයාට සැමගේ අවධානය යොමු වෙ.ඔහු ඇය එහිදි විශේෂ පුද්ගලයකු බවට පත් වෙ.ආතුරයාට මෙයම මහත් අස්වැසිල්ලකි.මානසික ආතතිය අඩුවන්නට පටන් ගනි.එමෙන්ම මෙයින් පසු තමන් සනිප වන බව සිතන ධනාත්මක සිතිවිල්ලක් යටි සිතට ආරෝපණය වෙ.ඉන් පසු එම සිතිවිල්ල සංරක්ෂණ ප්‍රෙයා්ගයක් ලෙසින් ක්‍රියා කරයි.එමගින් ආතුරයා ප්‍රකෘති චර්යාවන් කරා යොමු විමක් සිදු වෙ.තොවිලයකදි බෙර හඩට අනුව නැටීමෙදි ශරිරයේ රිද්මය හා මනසට දැනෙන බෙර හඩෙහි රිද්මය ආතතිය බොහෝ සෙයින් අඩු කරනු ලබයි.හේවිසි,දවුල,තමිමැටිම,වැන්නේන් නැගෙන ශබිද  මනසට සුවයක් ඇති කරන ආකාරය ඔබද අත්දැක ඇතිවාට සැක නැත.දහඅට සන්නිය වැනි අපරෙටෙහි පැවැති සාමිප්‍රදායික කෙමි කොතරමි අපගේ සිත් ගන්නවාද.සැබැවින්ම පෞරාණික බොහෝ ශාන්ති කර්ම මගින් කර ඇත්තේ මානසික විරේකයන්ය.සෙත් පිරිත් ශ්‍රවණය මනසට ගෙන දෙන සුවයෙන්ම එය ප්‍රත්‍යක්ෂය.නූතන මනෝවිද්‍යාව තුල පවා එවැනි මානසික විරේකයන් ඇති කරනු ලබයි.හිස්ටීරියා වැනි මානසික රෝග සදහා එම ක්‍රමවෙද බොහෝ සාර්ථක වි ඇත.එවැනි ක්‍රම මගින් තමන් සුරක්ෂිත වන බවට දි ඇති සහතිකය යටි සිතෙහි තැන්පත් විම මගින් තමාට දැනෙන ආරක්ෂිත හැගීමි වර්ධනය වන්නට පටන් ගනි.
           ආදි සිංහලයා සතුව ප්‍රත්‍යක්ෂ මනෝ ශාන්තිකර්මක්‍රම පැවැති අතර එය සිදු කරන නිවරදි ක්‍රමවෙදය පිලිබදවද ඔවුන්ට මනා අවබෝධයක් තිබුනි.එමෙන්ම එම විෂය කෙරෙහි හසල දැනුමක් ඔවුන්ට විය.නමුත් වර්ථමානයේ ශාන්තිකර්ම නමින් සිදුකරනුයේ මුලා කීරිමි පමනක්ය.එක් කපුමහතකු තරැණියකට කලු කුමාර දිෂ්ඨිය ඇතැයි පවසා එය සුව කිරිමට යෝනිය මත තෙල් ගල්වා දෙහි කැපිය යුතු පැවසු බව එම තරැණිය මා සමග පැවසීය.තවත් කපුවකු ආවෙෂ වන තරැණියට පවසා සිටියේ ඇයගේ පියයුරැ මිරිකා ගන්නා කිරි ආවෙෂ වන අමනුෂ්‍යයාට දිය යුතු බවය.තවත් සමහරකු තරැණියන් දූෂණය කරයි.තමන් දූෂණය වූ බව වටහගන්නටවත් එම තරැණියන්ට සිහිය නොමැත.ඔවුන් සිතන්නේ ශාන්තිකර්මයක් සිදුකල බවය.කටිටකුමංජල් දුම සමග සිහිනැති වන ආකාරයට යමි යමි දේ මිශ්‍ර කර දුමි ඇල්ලීමෙන් පැමිනෙන තරැණියන්ගේ සිහි නැති කරන කපුවන්ද දක්නට ලැබෙ.ඉන් පසු සිදුවන දේ දන්නේ කපුමහතා පමනකි.
          අද ලිපියෙන් දිර්ඝ වශයෙන්   බොහො කරැනු ඉදිරිපත් කර ඇතත් මෙ පිළිබදව සදහන් කල යුතු තවත් බොහො කරැනු ඇත.එමෙන්ම ආවෙෂ විමෙ අවස්ථාවන් වලදි සැබැවටම සිදු වන්නේ කුමක්දැයි යන්න පිළිබදවද තව සාකචිඡා කල යුතු කරැනු ඇත.එමෙන්ම ආවෙෂ වුවන් සමිබන්ධයෙන් බොහො දෙනෙකු නිරන්තරයෙන්ම නගන ප්‍රධාන ප්‍රශ්න කීපයක් ඇත.ඒවා නමි
ආවෙෂ වූවකු වෙනත් කඩහඩකින් කතා කරනුයේ කෙසේද?
ආවෙෂ වූවකු වෙනත් බසකින් කතා කරනුයේකෙසේද ?
   ඉදිරි ලිපිවලින් මෙ පිළිබදවද කරැනු පෙන්වා දෙන්නට බලාපොරොත්තු වෙමි.එමෙන්ම අමනුෂ්‍යයන් පිළිබදව බුදු සමයේ හා අන්‍යාගමික ඉගැන්වීමි වල දැක්වෙන ආකල්පය පිළිබදවද අප ඉදිරි ලිපි වලින් සාකචිඡා කරමු.ඉදිරි ලිපි පෙල පල කිරිම සදහා ඔබ සැමගේ අදහස් හා යෝජනාද සදහන් කර තැබිම ප්‍රයජනවත් වන බවද සදහන් කරමි.නැවත ලිපියකින් හමුවෙන තෙක් ඔබෙන් සමුගනිමි.
                                                                    
                                 
  ඔබ වෙනුවෙන් ලියන මම සුරංග බංඩාර (මනෝ)
*************************************
මී ලග ලිපිය
තරැණියකගේ රහස් අවයස සූරා දැමු කලු කුමාර දිෂ්ඨිය

64 comments:

  1. බලි තොවිල් කියන දේ අවුරුදු ගාණනක් තිස්සෙ නොනැසී පැවතුනේ (ඉස්සර මනෝ වෛද්‍යවරු හිටියෙ නෑනෙ) ඒ දේවල් නිවැරදිව කරපු නිසා. ලිපියෙ තියෙනවා වගේ ඒකත් මනෝ ප්‍රතිකාරයක් තමයි. දුම්මල සුවඳ, පන්දම් එලි, බෙර ශබ්ද, ඒ කියන කවි මන්තර වල තියෙන ශක්තිය වගේ දේවල් නිවැරදිව භාවිතා කරලා ඒ දේවල් කරපු නිසයි මෙච්චර කල් ඒවා තිබුනේ. ඒත් දැන් හරියට බෙර පදයක් ගහන්නෙ නැතුව, මන්තරයක් කියා ගන්න බැරුව ඒ නටන තොවිලෙකින් අර වගේ දෙයක් කරන්න බැරි නිසා ඒ ප්‍රතිපල ලැබෙන්නෙ නැති බව පිලිගන්න වෙනවා. දැන් උනත් නිවැරදිව ඒ තත්ව යටතේ කරනවා නම් ඒ ප්‍රතිපල ගන්න පුලුවන් වෙයි.

    අපිත් ඔය වගේ තොවිලයක් නැටුවා.

    ReplyDelete
    Replies
    1. මේං ගොම්මං ජාමේ හොර දෙයියා ගොඩවෙලා.

      Delete
    2. බලි තොවිල් දිහා බලාගෙන ඉන්නත් ආසයි බං.කැමා උඹ අර දාලා තිබුන තොවිලේ උඹට නටපු එකක්ද

      Delete
    3. පලවෙනි කමෙන්ට් එක කලු කුමාරයාගෙන්

      Delete
    4. මධු,
      ගොම්මං ජාමෙට කොහෙද බං දෙයියො ගොඩ වෙන්නෙ...
      ආයෙ ඉතින් වෙසමුනියා වගේ එකෙක් තමයි...

      මනෝ,
      මට නැටුව නම් බලාගන්න තිබුනා යකාට වෙන වැඩේ..

      මෙන්ඩා,
      කළු..? නෑ යකෝ සුදු...

      Delete
  2. Lucy බලලා තියෙනවද?
    මෙන්න ට්‍රේලර් එක - https://www.youtube.com/watch?v=MVt32qoyhi0
    මෙන්න ෆුල් මූවී එක - http://putlocker.is/watch-lucy-online-free-putlocker.html
    ඒකේ තියෙනවා මත් ද්‍රව්‍යයක් විශාල මාත්‍රාවකින් ශරීරගත වුණාම ඔය ෆ්‍රොයිඩ් කියාපු 10% ක් වන Conscious අවස්ථාව Subconscious, Unconscious අවස්ථා යටකරගෙන පැතිරීමේ ප්‍රතිඵල. ෆිල්ම් එක බලලාම මට අදහස කියපං.
    අම්මෝ! ඊ ළඟ එක බලන්නනං බයයි බයයි වගේ.

    ReplyDelete
    Replies
    1. බලන්න බැරි උනා බං.ෆිල්මි බලන්න වෙලාවක් අහුවෙන්නේම නැ.මොනව හරි අලුත් පෝස්ටි එකක් දාපංකෝ පොඩි ජොලියකටත් එක්ක.

      Delete
    2. උඹ ඔය උඩම දාලා ඉන්නවා නේද භද්‍රකාලී රූපයක්. නෙට් එකේ සර්ච් කරපං ඩබල් එක්ස් ඒවා තියෙනවා. මටනං සැක්සිම දේවතාවී.
      (එහෙම දිනපතා දැම්මම අගයක් නෑ මල්ලී. ගිය සතියෙත් තුනක් දැම්මෙ දෙවන එකට කස්ටිය වැඩිය කැමති නැති නිසා. නැත්නම් දෙකයි දාන්නෙ)

      Delete
    3. ඒක නමි සහතික ඇත්ත.එක ලග පෝස්ටි දාපුවම අගයක් නැ වගේ තමා අනිත් ඒවට නිදහසේ යන්න වෙලාවකුත් නැති වෙනවා.කොහොම උනත් අර උඹ අන්තිමට දාපු පෝස්ටි එක අද ක්ලාස් එකේ උගන්වන අතරේ මතක් වෙලා මම හිනාව අමාරැවෙන් තද කරගෙන ඉගැන්නුවෙ බං.වැඩෙ කියන්නේ ක්ලාස් එකේ ඉස්සරහ හිටපු කෙල්ල නිතරම වතුර අරගෙන කට පුරවගෙන ඉන්නවා.මට එක් වරම උඹෙ කවි ටික මතක් වුනා.

      භද්‍රකාලි සැක්සි කියන්නේ කලු දොදොල් පැනි රසයි කියනවනේ.ආවෙෂ වුනත් සනීපයි.

      Delete
    4. සඳුදට එකයි බුරහස්පතින්දට එකයි දැම්මා නම් ගානට ශේප්. එතකොට බලන උන්ටත් ලේසි, කමෙන්ට් කරන්නත් ලේසි.

      Delete
    5. Lucy පට්ටයි.. බලපං හොයාගෙන... ගස්ලබ්බත් හඳේ ඉඳං බැලුවෙ.. පස්සෙ ආයෙ කීප සැරයක්ම බැලුවා..
      ජයවේවා..!!

      Delete
  3. වටිනා ලිපියක් මනෝ................... මේදේවල් සමාජය තුළ කතිකාවක් අැති වීම වැදගත්... නැත්තං මිනිස්සු නොදැනුවත්කම නිසා ම අමාරුවේ වැටෙනවා...

    ReplyDelete
    Replies
    1. කුරැටු මුල ඉදන්ම මෙ පැත්තේ ඇවිත් අපිව දිරි ගැන්වීම පිලිබද ස්තුතියි.අද මිනිස්සුන්ගේ අසරණ කම ජීවන මාර්ගයක් කරගත්ත පිරිසක් මෙ රටෙ ඉන්නේ.දේවාල අටවගෙන මිත්‍යාව වපුරලා මිනිස්සු තව තවත අමාරැවෙ දාන බව එන්න එන්නම වැඩි වෙනව මිසක් අඩුවක් ඇත්තෙම නැ.

      Delete
  4. මනෝ මේ අරුඩවිම පිළිබද අත්දැකීමකට මා වරෙක ලක් උනි . ඒත් මට තාම සිදුවුණු දේ අදහා ගත නොහැක. මා ඔබේ දැනගැනීම පිණිස පොස්ටුවකින් එයත් දාන්නම්. මේ පිළිබද කතා කිරීම ඉතාම වටි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා නිහිංසා.පොස්ටි එකක් දාන්න.ඔබෙ අත්දැකීම ගැනත් අපි කතා කරමු.

      Delete
  5. Machan pattama article eka. Jaya wewa..!!

    ReplyDelete
  6. දේවාරෑඩ සාකචිඡා ආවෙෂ පිළිබද උවදුරැ තෙරැමි තරැණිය
    ??????????????????????????????????????????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ දැනුවත් කිරිම ගැන.පැය දෙකක් ඇතුලත ලිපිය සකස් කර ටයිප් කිරිම නිසා ගොඩක් අඩුපාඩු සිදු වන්න ඇති.සමහර මහප්‍රාණ අක්ෂර නමි මට තවම හොයාගන්න බැරි උනා.අඩු පාඩු පෙන්වා දීමත් ලොකු උදවිවක්

      Delete
  7. මෙහෙමයි... මේ දේවල් විද්‍යත්මකව සොයාගන්න කලින් මේ ලෙඩවලට කරපු ප්‍රථිකාරනේ බලි තොවිල් ශාන්ති කර්ම කියන්නේ.. විද්‍යාව ගැන මෙළෝ හසරක් නොදන්න ගෝත්‍රික ජනතාවල් ඉන්න රටවල මේ දේවල්වලට ඉතා හොඳ ඉල්ලුමක් තියෙනවා.. මාධ්‍යවලටත් නම්බර් වන් ඉන්කම් එකක්..

    මේවා නවත්තන්න ක්‍රම දෙකක් තියෙනවා..

    1. දෘණු නීතී රීතී මගින් (උදා: දුම්වැටි මෙන් මාධ්‍ය මගින් සිඳුවන ප්‍රචාරණය නැවත්වීම.)
    2. ජනතාව බුද්ධුමත් කිරීම. (ඒක මේ රටේ සංසාරෙදි වෙන්නේ නෑ..)

    ඉතින් මේවා නවත්වන එක විහිළුවක්...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මාතා.මෙ මිත්‍යාවන් වැඩිපුරම සමාජ ගත කරන්නෙත් මාධ්‍ය.ඉරිදා මවිබිම පත්තරේ අමුම අමු බොරැ ගොඩක් පල කරනවානේ ඔය ගැන.ගුරැකමි ගැන ඇඩි වලින් පත්තර පිටු පිරිලා තියෙන්නේ.

      මාතා 2 වැනියට කියපු කරැනට 1000% කටත් වඩා එකගයි.මම සමහර අයව විශේෂඥ මනෝවෛද්‍යවරැ වෙත යොමු කරලත් ආයේ හොරෙන් රිංගනවා කපුවන්ගේ ගුබිබෑයං වලට.ඒකමයි හරි කියලා යනවා.මොනතරමි කරැනු පෙන්වලා දුන්නත් යන එක නවතින්නේ නැ.වෙන සෙතෙකුත් නැ.

      Delete
    2. අපේ අම්මා ඉරිදට මව්බිම බලන්න හරි ආසයි. ඔන්න ඔය ප්‍රබන්ධ නිසා.

      Delete
    3. නිහිංසා ඔයාලගේ අමිමා විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් ඔය පුවත්පත් අතට ගත්ත ගමන් මුලින්ම ගන්නේ ඒ පිටු ටික

      Delete
  8. මනෝ ප්‍රතිකාර වලට පෙර තිබුනු තොයිල් හරියට කෙරුනා. ඒවා මනෝ ප්‍රතිකාරයක් බව උඩ මිතුරන් කීවා. නමුත් අද සිටින හොර කට්ටඩියන් නිසා මේ ක්‍රමය අභාවයට ගිහිල්ලා. නමුත් හොඳ කට්ටඩියන් තවමත් මේ ප්‍රතිකාරය සිදුකරන බව කිව යුතුයි මනෝ.

    ReplyDelete
    Replies
    1. කසුන් මට උපදේශණය උගන්වපු සියලුම වෛද්‍යවරැ එකහෙලාම පිලිගත්ත දෙයක් තමයි අපේ පැරණි ශාන්ති කර්ම ක්‍රම වල ඉතා උසස් මනෝවිරේක ක්‍රම පැවතුනා කියන එක.මම පෝස්ටි එකේ අවසානයට බලි තොවිල් වල ඇති මනෝවිද්‍යාත්මක පදනම ගැනත් සදහන් කලේ ඒ නිසයි.

      Delete
  9. ආරූඩ වීම දරා ගත නොහැකි ප්‍රශ්ණ වලට මූන දෙන විට එවායින් පලායෑමක් හෝ subconciously සිදුවන ගැලවීමේ උපක්‍රමයක්ද ?

    ReplyDelete
    Replies
    1. ආරැඪ වීම සමිබන්ධයෙන් පැතිකඩ කිහිපයක්ම තිබෙනවා.මොළයේ ස්නායු දෝෂ නිසා සිදුවන රසායනික වෙනස්කමි නිසාත් ආරෑඪයක ලක්ෂණ මතු වෙනවා.සංරක්ෂණ ප්‍රෙයා්ගයක් ලෙසත් මතු වන්න පුලුවන්.ඉහත සදහන් කර ඇති හිස්ටීරියා තත්වයට අමතරව වෙනත් මානසික රෝගි තත්වයනුත් තිබෙනවා.මම ඒ නිසයි මෙ පිළිබදව ලිපි කිහිපයක්ම පල කරන්නත් අදහස් කලේ.පැමින අදහස් දැක්වීම පිළිබදව ස්තුතියි Ian

      Delete
  10. දෙවෙනි කතාවේ නිලූ ගේ මව ගේ දෙවෙනි සැමියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා ද?

    ReplyDelete
    Replies
    1. රසික ඔය ප්‍රශ්නය අහපු එකම හොදයි..පාසලේ වැඩසටහන සිදු කල නිලධාරින් හරහා නීතිය ක්‍රියාත්මක වුනා.ඒත් නිතර උසාවි යන්න ඇති ලජ්ජාව,තමන් විතරක් දැනගෙන සිටි දෙයක් මුලු මහත් සමාජයක්ම දැනගත්තම තමන්ට දනෙන පීඩාව වගේ බොහෝ ප්‍රශ්න නිසා ලමාරක්ෂණ අධිකාරිය මොනතරමි උත්සහ කලත් මෙ ප්‍රශ්න වලට මුහුන දුන්න දරැවො නීතිය ක්‍රියාත්මක වෙනවට කැමති නැ.ඔවුන් බොහෝ දෙනෙක් තමන්ට සිදුවුන ප්‍රශ්න විදදරාගෙන ඉන්නවා.

      Delete
  11. අගනා වටිනා සටහනක්..... සත්‍ය ලෙසම ඔබ දෙවැනියට යාග යන් ගැන දක්වන මතය ගැනත් සතුටුයි. එදා යාග මගින් මනෝ ප්‍රතිකර්ම කළාට එය දියුණුවක් දැක්කේ නෑ තව තවත් කොටස් අඩුවීමක් මිසක්. නමුත් නූතන වෛද්‍ය විද්‍යාව දියුණුවෙන් දියුණුවට ආවා. ස්තුතියි. මේ ලිපි පෙළ දිගටම ලියන්න. මට ඔබේ විද්‍යුත් ලිපිනය එවන්න. ඔබ කැමතිනම් මේ ලිපිය මාධ්‍යයකින් ජනනාව අතරට ගෙනයන්න උත්සාහයක් ගන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින්.මම දැක්කා ලංකාදීප පුවත්පත මගින් මෙ පිළිබද දැනුවත් කෙරෙන ලිපි කිහිපයක් පල වුනා.එහෙත් බොහො දෙනෙක් ඒ ලිපි වල සත්‍යතාවයට වඩා ඒ ලිපි පෙල පලකල කතුවරයාටත් අදහස් දැක්වූ වෛද්‍ය වරයාටත් දොස් පවරලා තිබුනා.මම දැක්ක දෙයක් තමයි අපේ මිනිස්සු හරි ආසයි මිත්‍යාවට.මිත්‍යවාට වදන පුදන ගරැකරන බියවුන පිරිසක් අපේ රටෙ වැඩි පුරම ඉන්නේ.අපි තව ලිපි තිහිපයක් පලකරලම ප්‍රසිද්ධ මාධ්‍යකට ගැලපෙන ලෙස මෙම ලිපි සංස්කරණය කරලා පුංචි උත්සහයක් ගනිමු.ඔබෙ මාව දිරිගැන්වීම පිළිබදව ස්තුතිවන්ත වෙනවා.

      surangab9@gmail.com මගේ විද්‍යුත් ලිපිනය.

      Delete
  12. ඉතා වැදගත් ලිපියක් මනෝ
    දැනට උඩින් උඩින් කියෙව්වා
    නිවාඩු වෙලාවක මුල හිටන් ලිපි ටික කියවන්න ඕනේ
    දැනගන්න දේවල් ගොඩයි
    ජයවේ මනෝ!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් වරැණෙ.වරැණෙගේ අලුත් කවියක් පලයෙනකමි බලාගෙන ඉන්නේ ඒ පැත්තේ එන්න.

      Delete
  13. අනවබෝධයෙන් සිත පාලනය කරන්න ගියාමත් ඔය වගේ මනෝභාවයන් මතුවෙනවලු.
    බලියකයි තොවිලෙකයි වෙනසක් තියෙනව නේද?

    බලියක් අැරල තොවිලයක් නටමුද, තෙවිලයක් නටල බලියක් අරිමුද

    අගෙයි මණෝ..

    ReplyDelete
    Replies
    1. ඔවි අනවබෝධයෙන් භාවනා කරන සමහර දෙනෙක් තමන්ට යමි යමි විශේෂ හැකියාවන් තිබෙනවා.දෙවිවරැ අමනුෂ්‍යෙයො තමන්ට කතා කරනවා කියලා ප්‍රකාශ කරන අවස්ථා තිබෙනවා.ඒ වගේ ගැටලුත් තිබෙනවා.

      තෙලි බලියක් ලෑස්ති කරමු.අපේ බිලොග් අවකාශේ ඉන්නවා හොද තොවිල් කාරයෝත්.ආයේ කොහෙන්වත් හොයන්න ඔන නැ

      එනෙමි ජය

      Delete
  14. Replies
    1. හැමදාම වරෙන්,නාවොත් මම බලාගන්නමි උඹ ගැන

      Delete
    2. යවහන් පිල්ලියක් ඕකට..

      Delete
    3. උඔට වඩා පිල්ලියක් ඉන්නවද?

      Delete
  15. ඔන්න එහෙනම් මාත් මේ බොග කැපකරන්නම් ,,,,අවාඩා ආයුබෝ ...

    "තෙද සීරියක්‌කු - අද කෙළි පුදට එක්‌කු
    යකුගේ බල දැක්‌කු - බැස වරෙව් තෙද සිරි යක්‌කු
    සීරි විල වසනා - බාර ලේ වල වෙසෙනා
    සමන් දෙවි දකිනා - සිරි යකු බල පෙන්නු එදිනා
    කපා රතු කුකුලන් - ඉරාලා ලේ ගොටුවන්
    බැඳ මැසි කුරාලන් - මෙසේ දොළදෙන් සිරි යකුටත් "

    ReplyDelete
    Replies
    1. ඇනෝ සිංදුවක අඩුපාඩුව තමයි තිබුනේ.එහෙනමි ආවඩා ආයුබෝ වෙවා

      Delete
  16. මනෝ ලිපිය නම් ගොඩක් හොදයි. ඒක නෙවී මනෝ දැන් ලංකාව වටේටම මහත්තයෙක් බෝධි පූජා පින්කමක් කරනව රැ එළි වෙනකම් බෝධි පූජා පින්කම කරලා පාන්දරට දිශ්ටියෙන් කියලා ලෙඩ හොද වෙන්න තෙල් ගානවා. මොකද්ද මනෝ එතන වෙන්නේ. මේක මින්ස්සුන්ට ලෙඩක් වගේ හැම බෝධි පූජා පින්කමටම යනව බස් අරන්. කට්ටිය ලෙඩ හොදයි කරදර අඩුයි කියනවනේ

    ReplyDelete
    Replies
    1. විශ්වාසයත් එක්ක ලෙඩ හොද වෙන එකෙත් තියෙන්නේ මනෝවිද්‍යාත්මක පදනමක්.බෝධීපුජා වලදි උනත් එක වෙනවා.එවැනි අවස්ථාවලදි තමන් ඉක්මන් සුවයක් ලබනවා කියන විහ්වාසයක් ඔවුන්ට ඇති වෙනවා.නූතන මනොවිද්‍යාව වගේම බුදු සමය අනුවත් බොහෝ කායික රෝග සදහා සෘජුවම මනස බලපානවා.

      සරල උදාහරණයක් පෙන්වන්නමි සබරේ.සමහර අවස්ථාවල වෛද්‍යවරැ පර්යේෂණ කරන්න රෝගින් යොදාගන්නවා.සුලු මටිටමෙ පවතින විවිධ අසනීප වලට එකම බෙහෙත දෙනවා වර්ණය වෙනස් කරලා.ඔවුන් විශ්වාස කරනවා ඒ බෙහෙතෙන් තමා ඉක්මනින් සුවපත් වෙනවා කියලා.නමුත් දීලා තියෙන්නේ වෙනස් බෙහෙතක්.දෙවනි අවස්ථාවෙ වෛද්‍යවරයා මුනගැහෙන්න එනකොට වෙනදට වඩා සනීපයි කියනවා.ඔය වගේ දෙයක් අතනදිත් වෙනව.අනිත් කරැන අද්භුත බලවෙග වලින් තමන්ට යමක් කරගන්න පුලුවන් කියන බලාපොරොත්තුවෙන් ඒ තැන්වලට යන බොහෝ දෙනෙක්ට එහෙම ලොකු කරදර නැ.ඔවුන්ට කරදර අසනීප තියනවා කියන මානසික මටිටම ඇති කරන්නේ ඒ තැන්වලින්.ඒ තැන්වලට නිතර යන අය ගැන හොදට විමසලා බැලුවොත් පෙනෙවි හැමදාම කරදර අසනිප කියනවා,ගෙදරට හදි හූනියමි කරලා තියනවා කියනවා,නමුත් ඇත්තෙන්ම එහෙමටයි කියන්න කිසිම දෙයක් නැ ඔවුන්ට.සබරේ මම ඔය ගැනත් කෙටි ලිපියක් ඉදිරියේදි පලකරන්නමි.ආවට ස්තුතියි

      Delete
  17. හොඳ ලිපියක්. මෙන්න නෙලුම් යායටත් දැම්ම. මේවා ගැන කතා කරන්න ඕනේ හුඟක්ම.
    http://nelumyaya.com/?p=4220

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අයියේ.බිලොග් අවකාශයට නවකයන් වන අපට ඔබ වැනි පුද්ගලයෙක් පැමීනිමත් ඉතා ලොකු ගෞරවයක්.

      Delete
  18. තොවිලයකට ගිහින් හොද අත්දැකීමක් මටත් තියනවා....නොදන්න දේවලුත් ගිඩක් දැනගත්තා....
    මේ බොගේ පස්සෙනුත් පන්නනව එහෙනම් ඕන්...

    ReplyDelete
  19. මනෝ විද්‍යාව තුලින් මේ ජාවාරම් නැවැත්විය හැකියි.මේ තක්කඩින් ගෙ විගඩම් වලට වඩා මනෝ වෛද්‍ය ප්‍රතිකාර තුලින් ආතුරයන්ට සහනයක් දෙන්න පුළුවන්.මේවට ඇබ්බැහි වෙලා සේසතම නැති කරගත් අය ඉන්නවා.
    මේව ගැන සංවාද කළ යුතුයි.එවිටයි සත්‍ය ඉස්මතුවෙන්නෙ.
    දැන් ඔය වෙසමුනි කතානම් ඉස්සර මිනිස්සුන්ගෙ විශ්වාසනෙ.අවුරුදු දහස් ගනනකට පෙර ඇදහිලි. ඒව අද අභිචාර විදියට ඉතුරු වෙලා. මේව සුරංගනා කතා බව අනාගතයෙ අවබෝධ වේවි.

    ReplyDelete
    Replies
    1. නොදැනුවත් කම නිසාමයි බොහො දෙනෙක් මෙ මුලාවට පත්වෙලා ඉන්නේ.මෙ ගැන හදාරනකොට මට වැටහුන දෙයක් තමයි හරි අද්භූතයි,ආශ්චර්යයි,සත්‍යයි කියලා බොහෝ දෙනක් හිතන දේවල් වල ඇත්තේ හිස් බවයි මිත්‍යාවයි නොදැනුවත්කමයි කියන එක.මෙ ගැන සමාජ කතිකාවතක් ගොඩනැගෙන්න ඔන සමාජය දැනුවත් කරන්න ඔන.

      ඔබෙ අදහස් දැක්වීම පිළිබද ස්තුතිවන්ත වෙනවා.

      Delete
  20. ගස්ලබ්බා පට්ට ලැයික්.. පහු උනානෙ එන්න අප්පා.. දැං දිගටම එනව ඔන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙමයි ඒ පැත්තේ දිගටම රන් කරනවා.
      එහෙනමි ජය

      Delete
  21. ඕං අද තමයි මේක හරියට කියවලා ඉවර කළේ...

    මනෝ විරේක ක්‍රම කියන්නෙ මොනවද මනෝ? ඒ ගැන වෙනම පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete
  22. මානසික ආතතිය පීඩා දුරැ කරන්න නොයෙක් උපක්‍රම භාවිතා කරන්න පුලුවන් ඩ්‍රැකි.මානසික විරේකයන් කියලා අදහස් කරන්නේ ඒවැනි ක්‍රමවෙදයන් වලට.බඩ අජිර්ණයක් ආවම බඩ විරේක ක්‍රමයක් භාවිතා කරනවා වගේ තමයි.සමහර පුද්ගලයො ප්‍රශ්න හිතේ තද කරගෙන කාටවත් නොකියා ඉන්න වෙලාවන් තියනවා.එහෙම ඉන්න තරමට පීඩාව වැඩි වෙනවා.නමුත් ඔහුට ඔහුගේ ප්‍රශ්නය මුදා හරින්න තව කෙනෙකුට කියලා හිත නිදහස් කරගන්න අවස්ථාව සලසා දුන්නම ලොකු සැහැල්ලු බවක් දැනෙනවා.මුලින් තිබු පීඩාකාරි බව ක්‍රමයෙන් අඩු වෙනවා.එතන තිබෙනවා මානසික විරේකයක්.ලිපි පෙලේ ඒ ගැනත් ඉදිරියට ලියවෙනවා.

    ReplyDelete
  23. අනිත් කමෙන්ට් බැලුවේ නෑ. බොහෝ දේවල් වලට වෙන්නේ කරන්නන් වාලේ කරන්න ගිහිං ඒවායේ මුලික අරමුණු වලින් මිදීම.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සුදීක අයියේ.
      ඔබ වැනි පුද්ගලයෙක්ගෙන් දැන ඉගන ගන්නත් බොහෝ දෙවල් තිබෙනවා.ඒ නිසා ඔබෙ පැමීනීමත් ඉතා වටිනවා.ස්තුතියි අදහස් දැක්වීමට

      Delete
  24. මට මග හැරීගිය මහ නිධානයක් වගේ වටිනා ලිපි ගොඩක් ! අනෙක් ලිපිත් පසුව කියවීමට මගේ වලල්ලට ඇතුළු කරගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙ පැත්තේ ආවට අපව අගය කලාට.මමත් ඒ පැත්තට ගිහින් ආවෙ.

      Delete
  25. පොස්ටුව නම් අගේයි ! එත් දැනට අවුරුදු දෙකකට විතර ඉස්සර යාලුවෙක්ගෙ අක්ක කෙනෙකුට බුත දෝශයක් ඇතිවෙලා දෙවාලවල ගිහින් බැරිතැන psychiatric කෙනෙකු ගෙන් ප්‍රතිකාර කලා නමුත් සුව උනේ නැහැ. පස්සෙ කට්ටඩියෙක් තමයි මැතිරුමක් කරල හොඳකලේ . මෙ ගැන හිතාගන්න තවමත් අමාරැයි.

    ReplyDelete
  26. බලිතොවිල් යන්ත්‍ර මන්ත්‍ර නොවේ , ආරූඩ සියල්ල මානසික රෝග නොවේ. දෙවියන් මිනිසුන්ට ආරූඩ නොවේ, නොදන්නා දේ ගැන කතා කතා කිරීම මිස වෙන යමක් නැද්ද

    ReplyDelete
    Replies
    1. මුල් බුදුසමය අනුවනම් මිනිසුනට දෙවියන් පමනක් නොව අමනුෂ්‍යන් ආවේෂ විමද ගැටලුවකි.ඉදිරි ලිපියකින් ඒ පිළිබදව සාකච්ඡා කෙරේ.මෙහිදි කතා කර ඇත්තේ දේවාල වල කපුවන් විසින් තමනට විවිධ දෙවිවරුන් ආවේෂ වේ යැයි පවසමින් කරනු මුලාකිරීම් ගැනය.ඒක් අවස්ථාවක සුමන සමන් දෙවියන් ආවේෂ වන කපුවකුද මට මුන ගැසින.

      Delete
  27. මම අහලා තියෙන විදිහටනම් බටහිර වෛද්‍ය ක්‍රමයත් ලෝකෙට දීලා තියෙන්නේ හිපොක්‍රටීස් කියලා ග්‍රීක දෙවි කෙනෙක් එයා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ ඇක්ස්ලිපියස් කියන රෝම දෙවියන්ගෙන්. https://en.wikipedia.org/wiki/Asclepius https://www.britannica.com/biography/Hippocrates ඇක්ස්ලිපියස් දෙවියන්ගේ අතේ තියෙනවා දන්ඩක් ඒකෙන් සරපයින් දෂ්ට කරන විෂ අදින්න පුලුවන්ලු. ඉතින් ඒක හින්දා ඒ දන්ඩ අද ලෝක සෞඛ්‍ය සංවිධාන වල නිල ලාංඡනය විදිහට යොදා ගන්නවා. ලෝකෙ පලවෙනි සීසේරියන් සැත්කම ඇක්ස්ලිපියස්ගේ උපත විදිහට තමයි පිලිගන්නේ. වර්ථමානයේ වෛද්‍යවරු දිවුරුම් දෙන්නේ හිපොර්‍කටීස් දිවුරුමෙන්.

    මෙතන බෞද්ධ අය ඉන්නවානම් එයාලත් දන්නවා ඇති ආටානාටිය සූත්‍රයේ සඳහන් වෙනවා සතර වරම් දෙවිවරුන් ඇවිදින් බුදු හාමුදුරුවන්ට කියනවා යක්ෂ නාග ගන්දබ්බ කුම්භාන්ඩ සේනාවල් මිනිස්සුන්ට කරදර කරන හැටියි ඒ අය මිනිස්සුන්ට උදව් කරන හැටියි. පහරාද සූත්‍රයේ කියවෙනවා මුහුද ආශ්‍රිත ජීවත් වෙන අසුර කොට්ටාහයක් ගැන, සුර අසුර යුද්ධයේදී කියවෙනවා වේපචිත්ත්ති බන්දනයේ තියෙන බලය, මායා සූත්‍රෙය් කියවෙනවා සම්බරී මායාව කියලා බලගතු අසුරයන්ට ආවේනික මායාවක් ගැන, සංයුක්තයේ ඉසයෝසමුද්දක සූත්‍රයේ තියෙනවා සුර අසුර යුද්ධයක් ගැන.

    අපි ගොඩාක් අය හිතාගෙන ඉන්නේ භෟතික දේවල් වලට එහායින් දෙයක් නෑ කියලා. උදාහරණයක් විදිහට අපිට පරිසරයේ තියෙන සියලුම දේවල් පේන්නෙත් නෑ සියළුම ශබ්ද ඇහෙන්නෙත් නෑ. අපිට ඇහෙන එක පරාසයක් විතරයි. නැත්නම් අපිට FM 88 - FM 108 අතර ශබ්ද ගන්න සම්පේක්ෂණ කුලුනු අවශ්‍ය වෙන්නෙත් නෑ. රේඩියෝ ඕනෙත් නෑ. VHF, UHF, GSM, CDMA මේ මොනවත් අවශ්‍ය නෑ. ඒවගේම තමයි ඇහීම පෙනීම හැකියාවන් කියන මේ සියලු දේ එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. ඒක හින්දා කෙනෙකුට ඇහෙන්නැති දෙයක් තව කෙනෙකුට ඇහෙන්නත් පුළුවන් පේන්නත් පුලුවන්. මේක මගේ පුද්ගලික මතය විතරයි ඒවගේම ඔබ සියලු දෙනාගේම මතවලට මම ගරු කරනවා. වැරදි ඇතොත් නිවැරදි කරන්න. ස්තූතියි.

    ReplyDelete
  28. මම විවාහ වෙලා අවුරුදු දෙකක් පමණ වුනත් බිරිඳ සමග ලිංගික සබඳතාවයක් තිබ්බේ නෑ. සොකද අැය එ්කට ඉතාමත් අකමැති සේම ඉතාමත් භයයි. එ් වගේම රෑටත් බය වෙලා කෑගහනවා. අැයට කවරුහරි අතවර කරන්න එනවා කියලා.ඔහොම යද්දි වෙනවෙන තැනටම කටයුතු වුනා. අැය මහ ගෙදර ගියා. පස්සේ අැගේ මිතුරියක් මගෙන් අැහුවා මේ ගැන මම අැත්තම විස්තරේ කිව්වා. අැය කිව්වා අැය දන්න කපු මහත්තයෙක් ඉන්නවා කථා කරලා බලන්න ද අැහුවා මම හා කිව්වා මොකද කොහොමත් ඩිවෝස්වෙන්නනේ කථා වුනේ.පස්සේ කපු මහතා හම්බුනට පස්සේ කිව්වා දින හතක් මතුරන්න වෙනවා කියලා.මමත් හා කිව්වා හැබැයි කිසිම විශ්වාසයකින් නෙමේ මිතුරියගේ පෙරැත්තය නිසා.පස්සේ කපු මහතා අපේ ගෙදර අැවිත් රෑ අටේ ඉඳලා වැඩේ පටන්ගත්තා. බිරිඳගේ මිතුරියත් අාවා උදව්වට මොකද වෙන කාටවත් මේක නොකිව්ව නිසා.අැය අාවේශයෙන් ඔලුව කරකන්න ගත්තා කපු මහතා අපට කිව්වා කාමාරයෙන් එලියට යන්න කියලා. වැහෙන යක්ෂයා අැඟට අාවා එ් වෙලාවට වෙන කවුරුත් ඉන්න එක මරාන්තිකයි කිව්වා.කියලා දොර වැහුවා මට එ්ක අැල්ලුවේ නෑ.මම එලියට වෙලා අහගෙන හිටියා එ්ත ඔහු මතුරනවා. රෑ දෙක විතර වෙනකන් හිටියා එ්ත් මතුරනවා.මට ටිකක් පුටුවේ නින්ද ගියා. අැහැරිලා විපරම් කරා එ්ත් අවලක් නෑ. පස්සේ දෙවෙනි දවසෙත් එහෙම්ම වුනා. තුන් වෙනි දවසේ කපුවා කිව්වා අද නෝනා රෑ කීපවතාවක් අතරමැද කෑගහයි ගනන් ගන්න එපා කියලා. ඔය අතරේ බිරිඳගෙ මිතරියත් මා සමග ගොඩක් මිතුරු වුනා.එදා රෑ කීප වතාවක් අැගේ පූර්ණ නිරුවත් සිරුර හැම විදයකටම රස වින්දා. එදා රෑ 3ට විතර කපු මහතා චූ කරන්න එලියට අාවා දොර අරිද්දිම මම සැටියේ නිදි වගේ හිටියා. ඔහු අතුලට ගිහින් අායේ මතුරන්න ගත්තා.ටික වෙලාවකින් දැනුනා කුමක් හෝ කරමින් මතුරන බවක්. මට හිතාගන්න බැරි වුනා. මිතුරියත් නිදි මම වෙන එකක් වෙන්න අල්ලපු කාමරේ මේසෙට පුටුවක් තියලා නැගලා බැලුවා බලද්දි කපුවා බිරිඳ පැදුරක නිදිකරලා අත පයේ තෙල් ගාමින් හිටියා. බිරිඳ සිහි නැතිව වගේ හිටියේ. පස්සේ මූ බිරිඳගේ අැඳුම ඉනෙන් උඩට උස්සලා ලිංගය එලියට අරන් පිරිමදින්න ගත්තා.මම එදා හිතාගත්තා කොහොමත් අැයව ඩිවෝස් කරන බව. හැබැයි මේ වැඩේ ඉවර වෙනකන් කලා.හතරවෙනි දවසෙ මිතුරියගේ පූසා මගේ මීයා ගිල දැම්ම වෙලාවෙම බිරිඳගේ කෙඳරියක් අැසුනා. මම වෙනදා වගේ බිත්තියට උඩින් බැලුවා බලද්දි කපුවා අැගේ අැඳුම ඔසවා පූසා පිරිමදිමින් සිටියා. අැය අසිහියෙන් කෙඳිරිගාමින් සිටියා. අැය ටිකවෙලාවකින් වෙව්ලලා ගියා. කපුව නැවත මොනවද මුමන්න ගත්තා.අයත් එ්ක නතර වුනා බලද්දි ඔහු අැයව සම්පුර්ණයෙන් නිරුවත් කර සම්බාහනය කරන්න ගත්තා.පසුව ඔහු අැගේ කකුල් මෑත් කර අැගේ ලිංගය මත මුව තබා සිඹින්න ගත්තා. අැය දැඩි සතුටක් ලබන අාකාර දුටුවා.ටිකවෙලාවකින් අවුරුදු 25ක් වු අැගේ නිරුවත් සිරුර වසා ගනිමින් වැතිරුනු අවු45ක් පමන වු හොර කපුවා. ඔහුගේ ලිංගය අැයට අැතුල් කලා. මම අැය අැතැලම දැම්මා ඉතිරි දවස් කීපයෙත් මේ දේම වුනා.මේක ඉවර වුනාට පස්සේ. මම මේක දන්න බව අැඟෙව්වේ නෑ. අැය සාමන්ය විදියට සිටියා. මට රෑ කීප වතාවක්ම අහු වුනා අැය ස්වැංවින්දනයේ යෙදෙනවා. දවසක් මහ රෑ බ්ලූ එකක් බලමින් හිටියා. මම නිකමට අැය පොළඹවා ගන්න බැලුවා. අැය මා සමග එක් වුනා.මම අැයට තව තවත් බ්ලූ වීඩියෝ පෙන්නුවා එ්වගේ තියන දේවල් අැය කලා. අවසානෙට මට හිතාගන්න බැරි විදියට අැය මාව සතුටු කලා.පස්සේ අැය මට ගොඩක් ලං වුනා. මමත් අැය අතහරින අදහස අතහැරියා.අවුරුදු දෙකක් විතර ඔහොම ගියා.අැය දිනක අඬමින් මගෙන් සමාව ඉල්ලුවා. පස්සේ අැය සියල්ල පැවසුවා. කපුවා කල කී සියල්ල පැවසුවා.ඔහු පසුවත් කීපවතාවක් ගේම ගහලා තිබුනා.

    ReplyDelete
  29. ආටානාටිය සූත්‍ර දේශනාවේ තියනවා සමහැ යක්කු ආවේශ වෙනවා කියලා සමහර යක්කු හිංසා කරනවා කියලා, සමහර යක්කු ආවේස වෙනවා කියලා (අයං යක්කෝ හිංසති, අයං යක්කෝ ආවේසති)මට තේරෙන්නේ නෑ බුදු හාමුදුරුවන්ගේ දැනුමටත් වැඩිය දේවල් බටහිර මනෝ වෛද්‍යවරු හොයා ගත්තේ කොහොමද කියලා. බුදු හාමුදුරුවො වැඩියෙන්මෙ ධර්මය දේශනා කරලා තියෙන්නෙත් දෙවි වරුන්ට. බෞද්ධ අපි ආකසට්ටාච බුම්මට්ටා කියලා ආකාසේ භූමියේ දෙවිවරුන්ට පිං දෙනවා. නොපෙනෙන බලවේග කපුවන්ගෙන් දකින් යන එකයි, ධර්මයේ හරය සමහර දුස්සීල හාමුදුරුවන්ගෙන් දකින්න යෑමයි නිසා මිනිස්සු මං මුලා වෙනවා. ලංකාව තිබුනු තැන සුද්ධා දංන්නවා. අපේ පුස්කොල පොත් බ්‍රිතාන්‍යයට අරන් ගියේ උන් මන්තර ගුරුකම් පුරුදු වෙන්න නෙවෙයි. ඒවගේ ශක්තිය දන්න නිසයි. අපේ මුතුන් මිත්තෝ ඒවගෙන් වැඩ කලා සුද්දගේ යන්තු සූත්‍ර එන්න කලින් අපි සමුදුරු වගේ වැව් හැදුවා. සුද්දගෙ තුවක්කු වලට අපේ හෙල සටන් කලාවෙන් වැඩ පෙන්නුවා. පස්සේ සුද්දො ඇවිල්ලා මිෂනාරි ආගම් පැතිරෙව්වා. ඊට පස්සේ අපේ කම අමතක කරපු සුද්දට කඩේ යන නිවට ජාතියක් ලංකාවේ බිහි වුනා. කවුරුහරි අභියෝග කරනවානම් මම හෙළ වෙදකමින් ඕනෙම රෝගයක් සුවපත් කරලා පෙන්නනවා. සීනි ප්‍රෙෂර් හන්දිපත් වේදනාව උණ වගේ දේවල් විනාඩි 10ක් ඇතුලත හොඳ කරනවා. https://www.facebook.com/damanewewa1/

    ReplyDelete
  30. හොඳ ලිපියක් හොඳ පෙළගැස්මක් ජයවේවා!

    ReplyDelete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි