දේවාරූඪයෙන් අමනුෂ්‍ය දෝෂ ඉවත් කල හැකිද ?



           අප මින් පෙර පලකල ලිපි කීපයකින්ම ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලු පිළිබදව සාකච්ඡා කලෙමු.මෙවර අප සාකචිඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මදක් වෙනස් මාතෘකාවක් ඔස්සේය.එනමි අමනුෂ්‍ය දෝෂ,අමනුෂ්‍ය ආරෑඪ පිළිබදව සමාජයේ පිළිගත් මතිමතාන්තර වල යමි සත්‍යතාවයක් තිබෙද යන්න පිළිබදවය.පහත දැක්වෙන්නේ අමනුෂ්‍ය දෝෂ ඇතැයි සිතු බොහෝ දෙනෙක් ඒවා ඉවත් කරගැනීමට දේවාල පසු පස ගොස් සිදුවූ නොයෙක් ඛෙදවාචක පිළිබදව දිනපතා පුවත්පත් කිපයක පලවු වාර්ථාවන්ය.











         ඉහත උපුටා දක්වා ඇත්තේ වාර්තා කීපයක් පමනකි.දිනපතා මෙවැනි දෑ පිළිබදව මාධ්‍ය මගින් වාර්ථා කලද මෙවැනි මිත්‍යාවන් පසුපස හැල්මෙ දිව යන පිරිසේ නමි කිසිදු අඩුවක් නැත.තමාට යමි අමනුෂ්‍යයකුගේ බලපෑමක් හෝ දේව බැල්මක් ඇතැයි සදහන් කල පුද්ගලයන් කිහිප දෙනෙකුම මා හට හදුනා ගන්නට ලැබින.ඉන් දෙදෙනෙකු පිළිබදව තොරතුරැ මෙසේය.

           දැනට මාස කීපයකට පෙර මා හට හදුනාගන්නට ලැබුන විසි වැනි වියෙහි පසු වූ  එක් තරැණියකට ඇයගේ මිය ගිය ආචිචි අමිමා ආරැඪ වෙයි.ඇයට ආචිචි අමිමාගේ බැල්ම වැටි ඇති බවත් එය ඉවත් නොකලහොත්  ඇයගේ ජීවිතයට අවදානමක් ඇති වන බවත් පවසා ඇත්තේ කතරගම දේවාලයක කපු මහතෙකි.දෝෂය ඉතා ඉක්මනින් ඉවත් කල යුතු අතර ඒ සදහා අය කෙරෙන මුදල රැපියල් 35000 කි.

 ආචිචි අමිමාගේ ආත්මය ආවෙෂ වූ පසු ඉහත කී තරැණියගේ හැසිරීම නිරික්ෂණය කිරිමෙදි මෙවනි ලක්ෂණ දක්නට ලැබින.

1)      සිරැර අප්‍රණික වීම (දෙපා පන නැතිවීම.අත් පන නැතිවීම.)

2)      කතා කිරිමෙ වෙනස්කමි ඇති වීම.කතා කිරිමට බැරිවීම

3)      ඇස් පියවී යාම.තදින් වැසී යාම

4)      සිරැර ගැසෙන්නට පටන් ගැනීම

5)      නොතේරෙන බසකින් කතා කිරිම

6)      පියවි සිහිය ආ පසු කිසිවක් මතක නැතී වීම

 

         අනිත් තරැණිය මාගේ ඥාති සහෝදරියකි.ඇයට මිය ගිය ඥාතියකුගේ බැල්ම වැටි ඇති බවත් එම ඥාතියා ඉතා බලගතු බැවින් රාත්‍රි 12 පසු වෙත්ම සොහොනක තොවිලයක් කර ඔහු පලවා හැරිය යුතු බවත් කපුවකු පවසා තිබින.අය කෙරෙන මුදල හතලිස් දහක් හෝ එයට වැඩි විය හැක.

ඇයට තිබු ලක්ෂණ පෙරට වඩා වෙනස්ය.එම ලක්ෂණ කීපයක් මෙසේය.

  • සිහි කල්පනාව අඩු බව
  • කතා බහා කිරිම ඉතා අඩුය 
  • අත් හා දෙපාවල නිතර පවතින අප්‍රාණික බව
  • අමතක වීම
  • ගල් ගැසුනා සේ සිටීම
  • ආරෑඪ වූ පසු පියා සහ සහෝදරයා කෙරෙහි තරහින් කටයුතු කිරිම
  • තවද මෙයටඅමතරව පවතින ලක්ෂණ කිහිපයක්ද වෙ.

      අමනුෂ්‍ය දෝෂ ඇතැයි සිතු බොහෝ දෙනෙකුට ඔවුනට ඇත්තේ අමනුෂය දෝෂයකැයි මුලින්ම පවසා ඇත්තේ පවුලේ ඥාතින් හා සමීප මිතුරන්ය.දේවාල කරා ගොස් ඇත්තේ ඉන් පසුවය.එම දේවාල වල කටයුතු කරනු ලබන දේව ගැතිවරැන් විසින්ද පවසා ඇත්තේ ස්ථිර වශයෙන්ම අමනුෂ්‍ය දෝෂයක් හෝ මියගිය ඥාතියකුගේ බැල්මක් වැටි ඇති බවය.මෙම දෝෂ ඉවත් කිරිම සදහා සමහර දෙනෙකු විශාල මුදලක් වැය කිරිමට සිදුව ඇති අතර මා හට හමු වූ එක් පවුලක් ඒ වනවිටත් දේවාල ගණනාවකට දෙලක්ෂයද ඉක්මවු මුදලක් වැය කර තිබින.

            කෙසේ වුවද අමනුෂ්‍ය දෝෂ ඇතැයි මා හට පැවසු කිසිවකුට කිසිදු ආකාරයක එවැනි දෝෂයක් නොවීය.එහෙත් ඔවුන් දැඩිව විශ්වාස කරනුයේ තමනට යමි අමනුෂය දෝෂයක් ඇති බවමය.අමනුෂ්‍ය දෝෂ ලෙස අපට දක්නට ලැබෙන යමි යමි රෝගි තත්වයන් මනෝවෛද්‍ය විද්‍යාත්මකව විග්‍රහ කිරිම අරමුණු කරගෙන ලිපි පෙලක් මෙම අඩවිය තුලින් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වූයේද මෙම බොහෝ කරැනු පාදක කරගනිමින්ය.නැවත ඉදිරි ලිපියකින් හමුවනතෙක් ඔබගෙන් සමුගනිමි.
         

20 comments:

  1. අැත්තට ම මනෝ...

    මේ දේවල් වලින් ඉවත් වෙන්න මිනිස්සුන්ට දැන් කාලය අැවිල්ලා... හොද මාතෘකාවක්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලි ගන්නවා.ඇත්තෙන්ම මෙ මිත්‍යාව නිසා බොහෝ දෙනෙක් අද අමාරැවෙ වැටිලා ජීවිත විනාශ කරගෙන ඉවරයි.ඒ නිසා මෙ පිලිබදවත් ලිපි කීපයක්ම ලියන්න මා අදහස් කලා.

      Delete
  2. දේවාරෑඩයෙන් මොකුත් කරන්න බැහැ. දේවාරූඪයෙන් මොනවා හරි කරන්න පුළුවන්.

    බිලොග් සටහනේ, සමිබන්ධව, වාර්ථා, හදුනාගන්නට, තරැණිය, අමනුෂය, වියදමි, සහතික කෙරි, තියනවනමි

    ඊළඟ කොටස ලියන්න කලින් සිංහල ටයිප් කිරීම ඉගෙනගත්තනම් හොඳයි සහෝදරයා.

    ReplyDelete
    Replies
    1. අඩු පාඩුවක් පෙන්වා දීම පිළිබදව ස්තුතිය.ඒ අඩුපාඩුව පිලිගැනීමත් නිවරදි කරගැනීමත් ඉදිරි සාර්ථකත්වයට හේතුවක් නිසා.බොහෝ කටයුතු අතරේදි ඉක්මනින් ටයිප් කිරිම නිසා එවැනි අඩු පාඩු සිදු වී තිබෙනවා.සමර අවස්ථා වලදි කි බෝඩි එකෙත් දෝෂ එනවා.එය ලිපියේ අන්තර්ගතය තෙරැමි ගන්න අපහසුවක් නොවුනත් ලිපිවල පැවතිය යුතු ශාස්ත්‍රිය බවට එයින් හානියක් වෙන නිසා ව්‍යාකරණ,අක්ෂරදෝෂ පිලිබදවත් බොහෝ සේ සැලකිලිමත් වෙන්න වෙනවා. පරන ලිපි වල පැවැති යමි යමි අඩු පාඩු මෙ වන විටත් සකස් කර තිබෙනවා.Ano කෙනෙක් විදියට අදහස් ප්‍රකාශ නොකර නියම නමින් පෙනි හිටියනමි වඩා හොදයි.එහෙම උනානමි අඩුපාඩුවක් පෙන්වා දුන්න තවත් එක් මිතුරෙක් හදුනාගන්න ලැබෙනවා.වරදක් පෙන්වා දුන්නා කියලා කිසිම අමනාපයක් නැ.ජය

      Delete
  3. ඇත්තටම මනො දැන් මිනිස්සුන්ට මානසික ලෙඩ වැඩී. හැමෝම තමන්ගේ හෙවනැල්ලටත් බයයි. කතා කල යුතු දෙයක් මෙහෙම වෙන්නේ ඇයි තරුකානුකූලව හොදට ලියන්න මනෝ ... බලාගෙන ඉන්නවා ඇත්තම දැනගන්න

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා වර්ණෙ.දවසක් ඇතුලත් අනිත් ලිපිය පල කරන්න බලාපොරොත්තු වනවා.

      Delete
  4. මනෝගේ මන්දිරයට ගොඩ වැදුණේ අදයි.... එන්නම් දැන් දිගටම....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා සහෝ.ඔයගේ ස්ත්‍රීවාදයෙන් බැහැරව ලියැවුණු කාව්‍ය සංග්‍රහ දෙකක් ලිපිය කියවලා බැලුවා.අදහසක් නමි කොමන්ටි කරන්න බැරිවුනා.කරැනු ටිකක් ගොනු කරගෙනම අදහසක් දාලා යන්න එන්නමි.

      Delete
  5. ඔන්න මමත් නෑගම් ආවා. මේ ලිපි පෙල නිදහසේ කියවන්න හිතාගෙන ඉන්නෙ. දැන් ඒ නිසා ලිපිය ගැන කොමෙන්ටුවක් නොදා කියවලාම ලියන්නම්. මට හිතෙනවා මේක හොඳ වැඩක් කියලා. මනෝ විද්‍යා ලිපි සිංහලෙන් අඩුයි. ඒකට මෙය හොඳ විසඳුමක් වේවි. එය ඔබගේ කරුනු සොයා යාම මත තීරනය වේවි.
    ආයෙත් එන්නම්.
    ජයවේ.

    ReplyDelete
  6. සාදරයෙන් පිලිගන්නවා කසුන්.ඉදිරියේදි මගේ ලිපි පෙල තුලින් අපි සෑම දෙනෙකුටම බොහෝ උපකාර වන කරැනු පෙලක් පල කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සදහා ඔබ වැනි අපේ අනෙකුත් බිලොග් සහෘදයන්ගේ අදහසුත් බොහෝ වැදගත් වෙනවා.එහෙනමි ජය

    ReplyDelete
  7. //ඔන්න මමත් නෑගම් ආවා. මේ ලිපි පෙල නිදහසේ කියවන්න හිතාගෙන ඉන්නෙ.// කසුනාගේ පස්සෙන්ම මාත් ආවා. ඒ විදිහටම හිතුවා. උඹේ පසුගිය ලිපි කියවන්නත් තිියෙනවා. උඹ කරන මෙහෙවර වටිනවා මිත්‍යාව මේ ගෝත්‍රිකයින්ගෙන් බැහැර කරන්න.
    (මඩ කල්ලීයේ නවතම සාමාජිකයා.......පිළිගන්න... මනෝ මන්දිර! (කෝ මේ මෙන්ඩා, කැමා, ඩ්‍රැකියා, කසුනා, දිලා.....?))

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් සෙනෙහසින් පිලිගන්නවා සහෝ.මට මුලින්ම ලින්ක් එකක් දාන විදිය කියලා දුන්නේ කැමා.ඩ්‍රැකියා කොමන්ටි නොකලත් නිතරම මෙ පැත්තේ ආවා.කොහොමත් මෙකේ කලින් පලකරපු සමහර ලිපි සේප් එකේ බලලා යනවා මිසක් කොමන්ටි දාන්න විදියක් තිබුනෙත් නැනේ මචෝ.එහෙනමි ජය අපිත් දිගටම ඒ බැත්තේ එනවා.ඔන්න කසුනා උදේම අලුත් පෝස්ටි එකක් දාලා තියනවා දැක්කා.මම ඒ පැත්තේ ගිහින් එන්නමි

      Delete
  8. මටනම් කියන්න තියෙන්නෙ වෙනත් අදහසක්. ඒක කිව්වොත් කවුරුවත් පිලිගන්න එකක් නෑ. අමනුශ්‍ය දෝෂ, යක්කු, තොවිල්, ඔය සේරම ඇත්ත කියල මම අත්දැකීමෙන් දන්නව. හැබැයි බහුතරයක් කරන්නේ බොරුව. නමුත් කනගාටුවට කාරනාව කාටවත් යකෙක්, පෙරේතයෙක්ව "මේං යකෙක්" කියල පෙන්නන්න හැකියාවක් මට නෑ. නමුත් බටහිර වෙදකමට අහුනොවී අන්තිමට "විෂබීජයක්" කියන එකවුන්ට් එකට එකතුවෙන ලෙඩ බොහොමයක් අමනුෂ්‍ය දෝෂ. මානසික රෝග විතරක් නෙවෙයි කායික රෝගත් අමනුෂ්‍ය දෝෂ නිසා හැදෙනව. වැඩි විස්තර වෙනම ලිපියකින් ලියන්නංකො.

    ReplyDelete
    Replies
    1. සුරාගේ සුරාපානයට පස්සේ ඒ වගේ ලිපියකුත් පලකරමු.අපිත් ඒ පැත්තේ එන්නමි අදහසක් දක්වලා යන්න.
      බලි තොවිල් වල තිබෙන මනෝවිද්‍යාත්මක පදනම වගේම මානසික විරේකයක් විදියට බලි තොව්ල් වැදගත් වෙන්නේ කොහොමද කියන කරැනු වෙනම ලිපියකින් ලියන්න බලාපොරොත්තු වෙනවා උපදේශණ ඉතිහාසය කියන මාතෘකාව යටතේ.අමනුෂය දෝෂ සූක්ෂම පදාර්ථ ගැන බුදුසමයේ මොන වගේ ආකල්පයක්ද දක්වලා තිබෙන්නේ.අනිත් ආගමි වල ඒ ගැන සදහන් වෙනවද.නූතන විද්‍යාත්මක පර්යේෂණ වලින් එහෙම දේවල් ඇතිබව සනාථ කරගෙන තිබෙනවද කියන කරැනුත් මෙ ලිපි පෙලේ තියන්න බලාපොරොත්තු වෙනවා.මගේ පෞද්ගලික අදහස්වලට වඩා මම මෙ ලිපි පෙලේදි මනෝවිද්‍යාත්මක,ආගමික,දාර්ශනික,විද්‍යාත්මක කියන සියලු කරැනු වලට මුල් තැන ලබාදීමක් කරනවා.එහෙනමි ජයවෙවා

      Delete
  9. ඔන්න මමත් ආවා......... මේ බ්ලොග් එක මුල ඉදන්ම පිළිවෙළට නිදහසේ කියවන්න ඕන................ මේ මාතෘකාවත් දිගටම ලියන්න.................. සුබ පැතුම්.........!
    http://hudekalasithuwili.blogspot.com

    ReplyDelete
  10. සාදරයෙන් පිලිගන්නවා සහොදරයා.දිගටම රැදි සිටිමු

    ReplyDelete
  11. මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
    තතෝ නං දුක්ඛමන්වේති – චක්කං‘ව වහතෝ පදං

    ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි.

    (ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

    ජයවේ මනෝ.

    ReplyDelete
    Replies
    1. ජය වෙවා අපේ තෙලාටත්.ආයෙත් එමු අදහසක් දාමු

      Delete
  12. කිසිම දෙක අන්තවාදයකට යන්න හොඳ නෑ. අතීතයේ මේ දේවල් වල සිදු වූ සිදුවීම් වැරදි අර්ථකථන සහ අතින් දැමු දේ නිසා අද තිබෙන තත්වයට පත් වෙලා තියෙනවා. ගැටළු වලට මුහුණ දුන් මිනිසුන්ගෙන් ගරාගෙන කන එවුන් තමා වැඩි.

    ReplyDelete
    Replies
    1. සුදීක අයියේ පසුව දැක්කේ අදහස් දක්වලා තිබෙන බව.
      ඇත්තේනම අන්තවාදි වෙලා ගැටලු වලට මුහුන දෙන්නේත් නොදැනුවත්කම නිසා.ඒ නිසාමයි මෙහි සෑම පැතිකඩක් පිළිබදවම අප දැනුවත් විය යුත්තේ කියලා මම හිතනවා.අදහස් දැක්වීම පිළිබද ස්තුතියි ඔබට

      Delete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි