ළමා අපචාර,ළමා අපයෝජන,ලිංගික අතවර සහ ස්ත්රිදූෂණ
ඉහත මාතෘකාවෙහි දැක්වෙන
අපචාර,අපයෝජන යන වචන අපට නිරන්තරයෙන්ම අසා හුරුපුරුදුය.මෙම වචන
දෙක සමාන අදහසක් ප්‍රකාශ කිරීම සඳහා යොදාගනු ලැබුවද සැබැවින්ම මෙම වචන
දෙකේ අර්ථ එකිනෙකට වෙනස්ය.එනම් අපචාර යන්නෙන් අපගාමි චර්යාවන් නැතහොත්
ලමුන් වැරදි චර්යාවකට යොමු කිරීම අදහස් කෙරේ.අපයෝජන යන්නෙන් අදහස්
කෙරෙනුයේ ලමුන් වැරදි ක්‍රියාවන් සඳහා යොදා ගැනීමය,වැරදි ක්‍රියාවක් යෝජනා
කිරීම,ළමයකුට වැරදි ක්‍රියාවක් කිරීම යනාදියයි.Henri Kempe නම් සමාජ විද්‍යාඥයා ළමා අපයෝජන අර්ථ
දක්වන්නේ එය ළමයකුගේ ශාරීරික මානසික වර්ධනය බිඳ වැටෙන ක්‍රියාවක් ලෙසින්ය.
ළමා අපයෝජන ප්‍රධාන වශයෙන් කොටස් හතරකට
අනුව විග්රහ කෙරේ.ඒ මෙසේය
- නොසලකා හැරීම.
- කායික අපයෝජනය.
- මානසික / චිත්ත වේගාත්මක අපයෝජනය.
- ලිංගික අපයෝජනය.
මෙහිදි ශාරිරික වශයෙන් ළමයින්ට සිදුකරනු
ලබන ප්රචණ්ඩ ක්‍රියාවන් හා ලිංගික අතවර මුල් තැනක් ගෙන අවධාරණය කර ඇත.ළමා අපයෝජනයක් පවුල තුල මෙන්ම පවුලෙන්
පිටතදි වුවද සිදුවිය හැක.අපයෝජනයක ස්වභාවය මෙසේ පෙන්වා දිය හැක.
පවුල තුල සිදුවිය හැකි අපයෝජන.
- දරුවාට පහරදෙමින් වදහිංසා සිදුකිරීම
- දරුවා නොසලකා හැරීම,දෙමාපිය ආදරය සෙනෙහස ලබා නොදීම.
- පවුලේ අයකු විසින් ලිංගික අපයෝජනයක් සිදුකිරීම.එය සියා,පියා,සහෝදරයා හෝ වෙනත් ඥාතියෙකුගෙන් සිදුවිය හැක.
- පාසල් නොයවා මෙහෙකාර සේවය සඳහා යොමුකිරීම.
- තම දරුවා සිඟමනේ යෙදවීම
- හැකියාව තිබියදීත් පෝෂණය ආරක්ෂාව ලබා නොදීම.
- තම දරුවන් ගණිකා වෘත්තියේ යෙදවීම
- දරුවන් අතහැරදා යාම
- මත්ද්‍රව්‍ය සඳහා යොමුකිරීම
මෙලෙස අපයෝජනයනට ගොදුරු වන
ළමුන් පසුකාලීනව සමාජ විරෝධික්රියාවන්හි නිරතවන බව දක්නට ලැබේ.පසුගිය
දිනවල මෙරට ආන්දෝලනාත්මක පුවත් මවන්නකු වූ වෙලේසුදා වැන්නවුන් කුඩා
කලසිටම විවිධාකාරයේ අපයෝජනයනට ගොදුරුවී ඇති බව පැහැදිලිය.ඉහත දක්වා
ඇති ආකාරයෙන් පවුලතුල මෙන්ම පවුලෙන් පිටතදීද ළමුන් අපයෝජනයකට ලක් විය
හැක.එනම්
- ඥාති නිවසකදි
- මිතුරකුගේ නිවසකදි
- පාසලේදි
- පාසල් වැන් රථයේදි
- පොදු ප්‍රවාහන සේවයකදි
- නේවාසිකාගාරයේදි
- නිවසින් පිටත වෙනත් ඕනම ස්ථානයකදි
එවැනි ස්ථානයකදි සිදුවිය හැකි අපයෝජන
මොනවාද ?
- පහරදෙමින් වදහිංසා සිදුකිරීම.
- තර්ජනය කිරීම,බිය ගන්වා අයුතු ක්‍රියාවන් සදහා යොදවා ගැනීම.
- ළමුන් සිඟමනේ යෙදවීම.
- මෙහෙකාර සේවයේ යෙදවීම.
- යුධ කටයුතු වල යෙදවීම.
- ගණිකා වෘත්තියේ යෙදවීම
- ළමුන් විකිනීම
- ළමුන් සමග ලිංගිකව එක්වීම
- මත්පැන්,මත්ද්‍රව්‍ය ලබාදීම
- අසභ්‍ය දෑ පෙන්වීම,අසභ්‍ය දෑ ප්‍රකාශ කරමින් ලිංගික ක්‍රියාවන් සඳහා පොලඹවා ගැනීමට උත්සහ දැරීම යනාදිය
- ළමුන්ගේ ලිංගේන්ද්‍රිය ස්පර්ශ කිරීම හෝ තම ලිංගේන්ද්‍රිය ළමුනට ප්‍රදර්ශනය කිරීම.
ලිංගික අපයෝජනයක් යනු
කුමක්ද ?
ළමුන් කුමන ආකාරයකින් හෝ ලිංගික ක්‍රියාවක්
සඳහා යොදවාගැනීම ලිංගික අපයෝජනයකි.ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1995
අංක 222 දරණ සංශෝධන පනතේ 286
(අ) I වගන්තියට අනුව ළමුන්ට අසභ්‍ය දේ පෙන්වීම
අසභ්‍ය දෑ ප්‍රකාශ කරමින් ලිංගික ක්‍රියාවන් සඳහා පොලඹවා ගැනීමට උත්සහ දැරීම නීතියෙන් වරදක් වන අතර ඒ සඳහා
වසර දෙකකට නොඅඩු වසර දහය නොයික්මවූ සිරදඬුවමක් නියම කල හැක.එමෙන්ම වයස
අවුරුදු 18 අඩු
දරුවකු අසභ්‍ය දර්ශනයකට චිත්‍රපටයකට
යොදවා ගැනීම හෝ එවන් දර්ශන ඇතුලත්
චිත්‍රපට,සඟරා ලඟ තබා ගැනීම,විකිණිම,ප්‍රකාශයට පත්කිරීම,යනාදියද ඉහත වරදටම අයත් වේ.
ළමා
අපයෝජනය හා ශ්‍රි ලංකාවේ තත්ත්වය
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන්
1/3 ආසන්නව දස ලක්ෂ
6.2ක් දුප්පත්කමින් පෙළෙති. මෙය ළමුන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට හා යහ පැවැත්මට බලපායි. ඇතැම්විට දරුවන් ප්‍රචණ්ඩත්වයට අපයෝජනයට හෝ
ළමා
සූරාකෑම් වලට ගොදුරු වෙති. දැඩි දුප්පත්කම ඇති තැන්හි මන්දපෝෂණයට
ගොදුරු
වන අතර ජීවිතයද අනතුරට පාත්රවෙයි. ඇස්තමේන්තු අනුව ශ්‍රී
ලංකාවේ වයස අවු:
5ට අඩු ළමයින්ගෙන් 38%ක් තම පළමු උපන්දිනයට පෙර මිය යති.
ද්විතියික පාසල් වශයෙන් සිටින ළමුන්ගෙන් 15%ක් පාසල් නොයති. යුද්ධය ළමුන්ට
උන්හිටිතැන් අහිමි කරන අතරම සෞඛ්‍ය පහසුකම් ද අහිමි කර තිබේ. සමහර ළමයින් සංවර්ධනය
සඳහා වන නිසි
සැළකිල්ල හෝ අවස්ථාව
නොමැතිව ආයතනය තුළ ද, වාසයට නොසුදුසු වීදිවල හා මුඩුක්කු වල ද, දිවි ගෙවති
1970න් පසු දේශපාලන වෙනස්වීම්
1997 විවෘත ආර්ථික රටාව තුළට විවෘත වීම සමඟ සංචාරක ව්‍යාපාරය හා තරඟකාරී
සමාජ රටාවට යොමුවීම තුළින්
ළමා අපයෝජනයන්
වර්ධනය වූ බවත් මෙයට දුප්පත්කම, යුද්ධය, ගෝලීය ආර්ථික රටාවද බලපෑ බව පෙනී යයි. මේ තුළ ළමා ලිංගික අපයෝජනය, ගණිකා සේවය, මෙහෙකාර සේවය, විදේශිකයන්ට ළමයින් විකිණීම, මහමග දරුවන් හැරදා යාම, දැරියන් දුෂණය කර මරා දැමීම, මත් ද්‍රව්‍ය ළමයින් අතර බෙදා හැරීම
වර්ධනය වී ඇත.යුද්ධය ලෝකයේ
ව්‍යාප්තව පවතින අතර
මේ තුළ ළමයින්ට සිදුවී ඇති අපයෝජනයන් වර්ධනය වී ඇත. මෙහිදී විවිධ ත්‍රස්තවාදී, දේශපාලන ගැටුම් නිසාවෙන් දිනෙන්
දින අවතැන්වෙමින්,
මවුපියන් අහිමිවීම, රැකවරණය අහිමිවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය අහිමිවීම, පෝෂණය නොමැතිව විවිධ අනාථ කඳවුරු, ළමා ගම්මාන හා ළමා නිවාස වල කොටුවන
ළමුන් ප්‍රමාණය අතිවිශාලය ( උපුටා ගැනීම - දිවයින පුවත්පත)
ළමා
අපයෝජන සම්බන්ධව ක්‍රියා කරන ආයතන
දිස්ත්‍රික් ළමා අයිතිවාසිකම්
කමිටුව,
මානව හිමිකම් කොමිසම, රාජ්‍ය නොවන සංවිධාන, පොලිස් ස්ථාන, පරිවාස කාර්යාල දිස්ත්‍රික්ක
මට්ටම නියෝජනය
කරමින් ළමා අපයෝජනයන් වැළැක්වීමට
පියවර ගනී. මෙහිදී උපදෙස් සැපයීම, මඟපෙන්වීම, වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීම හා
ළමයින්ගේ
උපරිම යහපත සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීම කරනු ලැබේ.
ජාතික ළමා රක්ෂණ අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිසම මේ
යටතේ ගැනේ. මේ මගින් අයිතිවාසිකම්
උල්ලංඝණය කිරීම පිළිබඳ මෙහෙයුම් හා සුපරික්ෂාවන් ප්‍රතිපත්ති සංවර්ධනය හා උපදෙස්
පිළිබඳ වගකීමද
දරයි.
තොරතුරු වීමසීම සඳහා යොමුවන්න.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ
මූලස්ථානය,
අංක 16,පාගොඩ පාර,
නුගේගොඩ.
ලිංගික අතවර
ශ්‍රිලංකා ද.නී.ස 345 වගන්තියට
අනුව ලිංගික අතවර කිරීමේ වරදට වසර පහක් දක්වාවූ සිරදඬුවම් නියම
කිරිමටත් දඩ මුදලක් අය කිරිමටත් නීතියෙන් ක්‍රියා කිරිමේ හැකියාව
පවති.වචනයකින්,ක්‍රියාවකින්,හෝ ඉඟියකින් වුවද ලිංගික ඉරියව් ඇඟවෙන අකාරයෙන් කටයුතු කිරිම ලිංගික අතවරයක් ලෙස සැලකේ.කාන්තාවකට හෝ
ළමුනට අසභ්‍ය යෝජනාවන් කිරිම,ලිංගිකත්වය සම්බන්ධ වචන කියමින්
ලජ්ජාවට පත්කිරීම යනාදිය
පවා ඉහත වගන්තියට ඇතුලත් වේ.පොදු ප්‍රවාහන
සේවයේදි බොහෝ කතුනට මෙවනි ලිංගික
අතවර සිදුවන බව නොරහසකි.එහිදි සිරුර
ස්පර්ශ කිරීම,කාන්තාවගේ ශරිරයට හේත්තු වීම ලිංගික
හිරිහැරයක් ලෙස සලකනු ලැබේ.තම සේවා ස්ථානයේදි වුවද මෙවැන්නකට මුහුන පෑමට සිදුවිය හැක.
ස්ත්‍රිදූෂණය
ලංකා දණ්ඩ නීති සංග්‍රහය 1995
අංක 22 හි 363 වන වගන්තියට අනුව පහත දක්වා ඇති අවස්ථා පහෙන් කවර අවස්ථාවක හෝ කාන්තාවක සමග
ලිංගිකව එක්වීම ස්ත්‍රිදූෂණයකි.
- වයස අවුරුදු 16 ට අඩු ගැහැනු ළමයකුගේ කැමත්ත ඇතිව හෝ නැතිව ඇය සමග ලිංගිකව එක්වීම ස්ත්‍රිදූෂණයකි.
- කාන්තාවකට මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර ලබා දී හෝ සහිවිකල් වූ පසු ඇය කැමති කරවා ගනිමින් ලිංගිකව එක්වුවද එය ස්ත්‍රිදූෂණයකි.
- බලහත්කාරයෙන්,තර්ජනය කිරිමෙන්,නීති විරෝධි ලෙසින් රඳවාගනිමින් කාන්තාවක බිය ගන්වා ඇය කැමති කරවා ගනිමින් ලිංගිකව එක්වුවද එය ස්ත්‍රිදූෂණයකි.
- ස්වාම්පුරුෂයා බව ව්‍යාජව අඟවා ලිංගිකව හැසිරීම.
- නීතියෙන් වෙන්ව සිටින භාර්යාව සමග ඇයගේ කැමත්ත නොමැතිව ලිංගිකව එක්වීම.
ස්ත්රිදූෂණයක් සඳහා නියම කල හැකි
දඬුවම් ද.නී.ස 364 වගන්තියේ දක්වා ඇත.එනම්
- වසර හතත් විස්සත් අතර කාලයක බරපතළ වැඩ සහිත සිරදඬුවම්
- වන්දි මුදලක් නියම කිරීම
ලංකා දණ්ඩ නීති සංග්‍රහය 364 (2) වගන්තියට
අනුව සුවිශේෂි අවස්ථා කිහිපයකදි ස්ත්රිදූෂණයකට සිරදඬුවම් සමග වන්දි මුදලක්ද නියම
කල හැක.
- රජයේ නිලධාරියකු තම නිල තත්වය භාවිතා කර ස්ත්‍රි දූෂණයක් සිදු කළ අවස්ථාවක
- රක්ෂණ නිවාසයක හෝ අත්අඩංගුවේ සිටින ස්ත්‍රියක් දූෂණය කිරීම
- රෝහල් ගත ස්ත්‍රියක් රෝහල් කාර්යමණ්ඩලය විසින් දූෂණය කිරීම
- ගර්භණි ස්ත්‍රියක් දූෂණය කිරීම
- වයස අවුරුදු 18 අඩු ස්ත්‍රියක් දූෂණය කිරීම
- ශාරීරක ආබාධ,මානසික ආබාධ සහිත ස්ත්‍රියක් දූෂණය කිරීම
- කණ්ඩායමක් විසින් ස්ත්‍රියක් දූෂණය කිරීම
කොහොමද වැඩ? අද මමයි එක. කෝ අර එක වෙන්න එන අනිත් උං? සෑහෙන්න කාලෙකින් එක වෙන්න ලැබුනෙ.
ReplyDeleteමනෝ, හැමදාම වගේ හොඳ කරුනු ටිකක්. වස්තුවේ තරහ නැතුව මේ පෝස්ට් එක තව සැරයක් බලහං.
Deleteඔය සොයා බැලීම් ඒ විදිහටම වෙනවද කියල හැමෝටම ප්‍රශ්නයක්. ඒ හොයා බැලීම් නිසි විදිහට උනානම් අද පොඩි දරුවන්ට මේ කලදසාව යන්නෙ නෑ. මේකට හැමෝම වගකිව යුතුයි නේද?
උඹ මේ ටිකේ පෙන්නම නෑනේ.තවම වැඩ වල හිරවෙලාද ?.
Deleteපෝස්ට් එකේ අකුරු පොඩි වෙලා තව පොඩි පොඩි අවුල් ටිකක් ඇවිත් තියනවා.ඒවා හදලා අප්ඩේට් කලත් අප්ඩේට් වෙන්නේ නැති ගැටලුවක් ආවා.
මේ මාතෘකාවට අදාල තව කරුනු තිබෙනවා.ඒ අතර එකක් තමයි මේ කරුනු විස්තරාත්මකව පැහැදිලි කිරීම.
ඉතාම වටිනවා මනෝ. ළමා අපයෝජනය සම්බන්ධ තවත් අවස්ථාවක් පෙන්වා දිය හැකි බව මෑතදී වෛද්‍ය මණ්ඩලය විසින් කළ නිර්දේශයක විස්තර දැකීමෙන් පැහැදිලි වුනා. දරුවන්ට සුදුසු ආහාර මේවා යයි පෙන්වා දෙමින් දරුවන් පොළඹවා ගැනීම හා දෙමාපියන් රැවටීම අරමුණු කරගත් ප්රචාරක කටයුතු දියත් කිරීම. මේක කාගෙවත් ඇඟට නොදැනී බොහොම ජයටම සිදුව තවත් ළමා අපයෝජනයක් නේද මනෝ.
ReplyDeleteඒ තුලින් ලමා අපචාරයක් සිදු වෙනවා.සමහර කාටුන් තුලින් ලමා මනස මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹවීමක් සිදු කෙරෙනවා.සූර පප්පගේ මැජික් අරිෂ්ඨය උනත් එහෙමයි.අපි එතරම් අවධානය යොමු නොකරන මේ වගේ කරුනු බොහෝමයක් තියනවා.සමහර දැන්වීම් තුලින් ඉතා සියුම්ව ළමා හිංසනය අනුමත කෙරෙන අවස්ථා පවා දැකිය හැකියි.මෙවනි දේ තුලින් ළමුන් වැරදි චර්යාවකට යොමුවිය හැකි බව වෛද්‍ය වරුන් පෙන්වා දෙනවා.
Deleteස්වාමිපුරුෂයාට වුනත් භාර්යාවගේ අකමැත්තෙන් කිසිම දෙයක් කරන්ට බෑ.
ReplyDeleteඔව්.එයටත් ස්ත්රිදූෂණයක් යටතේ නඩු පැවරිය හැකියි...
Deleteමාත් කියන්න ආවෙ ඒකයි. ඒක අර උඩ ලිස්ට් එකේ තුන් වෙනි ලයින් එක යටතට වැටෙනවා.
Deleteබොහොම අගනා විස්තරයක්....ඇත්තටම බොහොම හොඳ දැනුවත් කිරීමක්... අපචාර, අපයෝජන ගැන කොයි තරම් අහල්ල කියවන්න ලැබුනත් නිසි විග්‍රහයක් ලැබුනේ මේ ලිපියෙන්.. ස්තුතියි මනෝ...
ReplyDeleteස්තුතියි සජ්ජා.
Deleteමේ ලිපියට ඇතුලත් කල යුතු තව කරුනු තිබෙනවා.අපරාධකරුවන් බිහිවීමට හේතුවන කරුනු ගැනත් ඉදිරියේදි ලිපි කිහිපයක් ලියනවා.
සුපුරුදු ලෙසටම වැදගත් ලිපියක් අයියා......... එක තැනක අකුරු පොඩ්ඩක් අවුල්. ඒක හදන්න..........
ReplyDeleteස්තුතියි ආරි මල්ලි
Deleteඅකුරු පොඩි වෙලා අවුලක් වෙලා.කිහිප සැරයක්ම හදලා අප්ඩේට් කලා ඒත් හරි ගිහින් නෑ.මොකක් හරි දෝෂයක් තියනව වගේ.
අංග සම්පූර්න ලිපියක්. ඇත්තටම ළමා අපයෝජන සමාජ ප්‍රශ්නයක්. ලිංගිකත්වය ගැන තියන සමාජ කඩතුරාවත් මේව හොර රහසෙ දලුලා වැඩෙන්න එක හේතුවක්.
ReplyDeleteළමා අපයෝජන කරන ධනවත් අය යෙහෙන් වැජඹෙන එක කනගාටුවට කරුණක්.
ඔව් මධ්‍යස්ථ.ළමුන්ගේ මුලු මහත් අනාගතයටම බලපාන ප්‍රශ්නයක් තමයි ඔවුන් අපයෝජනයට ලක්වීම.මේවැනි දේ වෙනුවෙන් මොන තරම් නීති අනපනත් තිබුනත් ඒවා ක්‍රියාත්මක වීමේදි සාධාරණයක් ඉටු නොවන එකයි ගැටලුව.පසුගිය කාලවලදි සමහර ජනතා නියෝජිතයෝ කරපු කියපු දේවල් බලනකොට ඒ බව පැහැදිලි වෙනවා.
Deleteඅපි වගෙ අහිංසක ළමයින් ගැන අවධානය යොමු කිරීම ගැන මනෝ මාමාට ඉස්තූතියි.
ReplyDeleteජයවේවා..!!
බොලේ වයසක ලොකු ළමයෙක්.ලොකු මාමලා විතරක් ඉන්න තැන්වලදි ජංගි කොටේ විතරක් ගහගෙන ඉන්නවා එහෙම නෙවෙයි.
Deleteස්තුතියි මචං මේ පැත්තේ ආවට
පෝස්ට් එක වර්ඩ් වලට කොපි කරලා ෆොන්ට් එක හදලා ආයි දාලා බලපං.
ReplyDeleteබොහෝම වටිනා තොරතුරු ටිකක්. මේක ප්‍රින්ට් කරලා බෙදන්න වටිනවා.
අප්පේ උඹ දැක්ක කල් මචෝ.දැක්කත් සන්තෝෂයි....
Deleteඋඹ කියපු විදියට කලාම හරිගියා.මම උපදේශන ඩිප්ලෝමාව හදාරපු කාලේ ඉගෙන ගත්ත තොරතුරු උපකාර උනා මේ ලිපිය සකස් කරන්න.
ඉතා අවාසනාවකට මෙන්, අන්තර්ජාලයේ පලවන මෙවැනි අගනා ලිපි කියවනු ලබන්නේ, ඉතා සීමිත පිරිසකි. එම පිරිසද, තමාගේ සමාජ තලය තුළ, මිත්‍ර සමාගම් තුළ, මෙම කරුණු අනෙක් අයගේ අවධානයට/විමසීමට/සාකච්ඡාවට භාජනය නොකිරීමද කණගාටුදායකය.
ReplyDeleteඅනෙක් අතට, මෙවැනි ලිපියක් පුවත්පතක පළවුවද, මෙවැනි අපයෝජනයන්ට බහුලව ලක්වන අයගෙන් ඉතා ස්වල්පයක් පමණයි, පුවත්පත් කියවීම සහ කියෙව්වත්, පුවත්පතක ඇති ශාස්ත්‍රීය ලිපි කියවන්නේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා/ග්‍රාම සේවා නිළධාරි/වැනි අය මාර්ගයෙන්, ගම් මටමෙන් කුඩා වැඩමුළු සංවිධානයකොට, මෙම දැනුම බෙදාදීම සුදුසුයැයි සිතනවා.
ඇත්තෙන්ම පුවත්පතක මෙවනි ලිපියක් පලවුනත් ඒ ගැන ඒතරම් අවධානය යොමු කෙරෙන්නේ නෑ.ළමා හා කාන්තා කාර්යාංශ මඟින් මේ පිළිබදව දැනුවත් කෙරෙන වැඩසටහන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන බව කීවත් මම හිතන්නේ එහෙම වැඩසටහනක් කරන්නේ කලාතුරකින්.නිසි ක්‍රමවේදයකට අනුව මේ පිළිබදව දැනුවත් කෙරෙන වැඩසටහන්,ගම් මට්ටමේ සිටම ක්‍රියාත්මක වෙනවනම් මේ ගැටලු වලට පිලියම් යොදන්න තිබුනා.නමුත් අපේ රටේ අති විශාල වියදම් දරන්නේ වෙනත් දේවල් වලට.මෙවනි අවධානය යොමුකල යුතුම කරුනු වලට අවධානය යොමු කරන්නෙම නෑ
Deleteමම නම් කියන්නේ බ්ලොග්කරැවෝ එකතු වෙලා පත්තරයක් ගහන්න වටිනවා...මනෝ (අංකල් :) ) ලා ලියන මේ ලිපි මුල් පිටු වල යන්න ඕනා.... පැහැදිලිව ගොනු කරලා මේ විස්තර බෙදා ගත්ත එක ගොඩක් වටිනවා
ReplyDeleteඑල ද බ්‍රා යෝඡනාවක්
Deleteශානු මම තවම ලපටි කොලුවා.ඔන්න මෙන්ඩානම් අංකල් කෙනෙක්..
Deleteශානු යෝජනා කරනවා වගේ බිලොග්කරුවෝ එකතු වෙලා පත්තරයක් කලානම් හර බර ලිපි පෙලක් කියවන්න හැමෝටම අවස්ථාව සැලසෙනවා.ඒ යෝජනාව නම් අපි හැමෝගෙම අවධානය යොමුවිය යුතු යෝජනාවක්.
කවුරු හරි කරනවනං මාත් එනවා සපෝට් එකට...
Deleteහුගක්ම වැදගත් ලිපියක් මනෝ අයියා. ඇත්තටම ළමා අපචාර හා ළමා අපයෝජන කියන වචන දෙක සම්බන්ධයෙන් හරි අවබෝධයක් ලැබුනෙ අද.. ස්තූති දැනුවත් කිරීම ගැන
ReplyDeleteස්තූතියි ඔබට
Deleteඅනිත් කාරණය තමයි අපි ළමා අපයෝජන අපචාර සිදුවෙනකොට අපි බාහිරට ඇඟිල්ල යොමු කලත් පවුල් පසුබිම තුලමත් ඒවා සිදුවෙන බව අපි වැඩිය හිතුවේ නෑ..ඒ නිසාමයි මේ කරුනු පැහැදිලි කරලා ලිපියක් පල කරන්න හිතුවේ.
එල ද බ්‍රා ලිපියක්..
ReplyDeleteස්වාම්පුරුෂයා බව ව්‍යාජව අඟවා ලිංගිකව හැසිරීම.//
කැමා දැක්කානම් මාව වසර හතත් විස්සත් අතර කාලයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් දිලා
වන්දි මුදලකුත් නියම කරනවා..
කැමා අපේන් ගේම ඉල්ලුවා.දැන් පේන්න නෑ.කොහෝ හරි වලත්තු ගමනක් ගිහින් සති දෙකකට විතර පස්සේ ඇවිත් ආයෙත් ගේම ඉල්ලයි.
Deleteඋඔගේ පරන පෙස්ට් එක “වශි ගුරැකම්“ කියෙව්වා ආයමත්..පට්ට අාතල් බං
ReplyDeleteමචං ඒ පෝස්ට් එක තමයි වැඩිම පිරිසක් කියවලා තියෙන්නේ.දැනට 1000 පැනලා කියවලා.අපේ අනිත් උන් ටිකත් ඒකට හරි හරියට සෙට් උනානම් තව ආතල් කොමන්ටු ටිකක් වැටෙනවා.ඒ ටිකේ කැමයි මධුවයි හිටියෙත් නැනේ...
Deleteමටත් ඒ පෝස්ට් එක මිස් වෙලා පස්සෙ කියෙවුවෙ. මෙන්ඩයි ඉයනුයි පට්ට ආතල් එකක් දීල
Deleteකම්මලේ
Deleteඒ ටිකේ උඹත් හිටයනම් තමයි හරියටම හරි.
ළමයින්ට උන්ගෙ ළමා කාලය විදින්න නොදීමත් අපචාරයක්. 5 ශිෂ්‍යත්වෙත් ළමා අපචාරයක් විදිහට ගන්න ඕනෙ.
ReplyDeleteපැහැදිලිවම.ළමයකුගේ නිදහස අහිමි කරලා අනවශ්‍ය බරක් ළමයකුට පැටවෙනවා ඔය කාලේදි.සෙල්ලම් කරන්නවත් දෙන්නේ නෑ.උදේ ඉදලා මහ රෑ වෙනකම් මහා පීඩාවක් විඳින්නේ.ශිෂ්‍යත්ව විභාගේ දවස්වල ගෙවල් වලින් එල්ලවෙන පීඩනය හින්දා ළමයි මානසිකව ඇද වැටෙනවා.අපි පුංචි කාලේ අපි ශිෂ්‍යත්වය ලිව්වේ සාමාන්‍ය විභාගයක් ලියන විදියටමයි.ඔහොම පීඩනයක් තිබුනේ නෑ.දැන් ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිපල එන දවස්වලට ළමයි ඉන්නේ මර බයකින්.ඒ තරම් මේක ළමයින්ට පීඩනයක් වෙලා.දෙමාපියෝ තමයි මේ වරද කරන්න මුල් වෙන්නේ.
Deleteසීයට සීයක් එකඟ වෙනවා..
Deleteමං නම් සා.පෙළටත් පංති ගියෙ එකොළහ වසරෙදි ගණන් වලට විතරයි.
දැන් පොඩි එවුන්ව තුන වසරෙ ඉදන් පංති දානව ශිශ්‍යත්වෙ කියලා. මහම පවුකාර වැඩක්. පොඩි උන්ට ළමා කාළයක් විදින්න දෙන්නෙ නැති නිසා තමයි උන් වයසට වඩා පැහෙන්නෙ.. ලොකු වෙද්දි පොඩි කාලෙ තිබ්බ මානසික පීඩනය එක්ක වරදට පෙළඹෙනවා වැඩී කියලයි මං හිතන්නෙ.
අනේ මංදා අපි ශිශත්වෙ කරද්දි මට මතකයි ඉස්කෝලෙ දෙන පාඩම් වැඩ වලට අමතරව කියලා කරේ අම්මල ගෙනල්ල දෙන ළමා පත්තර වල තිබුන පාඩම් වැඩ කරපු එක. ඒ වුනාට ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිල්ල කෑම කාල එහෙම අපි කාටුනුත් බලලා ඇති වෙන්න සෙල්ලනුත් කලා. දැන් පොඩි උන්ට ඔය මුකුත් නෑ. දැන් යන කාටුනුත් මල විකාර නෙ.
පොඩ් දරුවන්ට එයාලගේ ලෝකය අහිමිවෙලා.ඒක ඒ දරුවන්ට කරන ලොකුම අසාධාරණයක්.
Deleteමේකටනං මාත් එකඟයි.
Deleteබෝම හොද වැඩක්.. ඉදිරියට යං..
ReplyDeleteස්තූතියි දේශක.
Deleteඅඩක් ලියපු ලිපි කිහිපයක් තිබෙනවා.ඒවා සම්පූර්ණ කරලා ඉදිරියේදි පල කරනවා.
මේක කියවන්න් පරක්කු වුනා , පරක්කු වෙලා හරි කියවන්න් ලැබිච්ච එක නම් සතුටුයි. කොහොම වුනත් ඇත්තෙන්ම මේක පත්තරයක පල වෙන්න් ඕන ලිපියක් එත් පත්තර කාරයෝ මේවා පල කරන්නේ නෑ. උන්ට ඕන කුණු රස විතරයි
ReplyDeleteමම ඒත් බැලුවා උඹ අද පරක්කු මොකද කියලා.වෙනදා මුලින්ම එන්නේ උඹනේ...
Deleteපත්තරකාරයෝ නම් සමාජයට මහා හානියක් කරන්නේ.මිත්‍යාවයි කුණූ රසයයි මුදල් කරනවා.දැන් පත්තරවලත් තරඟයක් තියෙන්නේ.
පත්තරේ මෙන්නෝ.......මනෝ බනිනවෝ්්්්
Deleteහැබැවටම අපෙත් පත්තරයෙක් ඉන්නවා නේද ?.කෝ යකෝ අපේ පත්තරයා.
Deleteඋඹල මේ විදියට බනිනකොට ඌට පත්තරයක් ඇඳං මෙතනට එන්න පුලුවනැයි.
Deleteවගකිව යුතු මාධ්‍ය කරුවෙක් ලෙස මෙය හෙලා දකිමි :D
Deleteවරෙන්කෝ ජනවාරියේ ලංකාවට
Deleteවසර හතත් විස්සත් අතර කාලයක බරපතළ වැඩ සහිත සිරදඬුවම්
ReplyDeleteමේ ටිකට පොඩි පබ්ලිසිටි එකක් දෙමුකො මනෝ.....
සබරේ
Deleteමේ සමහර කරුනු අපි බොහෝවිට දැනගන්න ලැබෙන්නේ නෑ.මට මේ ගැන ඉගෙන ගන්න ලැබුනේ උපදේශන ඩිප්ලෝමාවක් කිරීම නිසා.ඒ වෙලාවේ මට හිතුන දෙයක් තමයි මේ වගේ කරුනු උපාධියකට,ඩිප්ලෝමාවකට සීමා කරන එක හරිද කියන එක.මේවා පිළිබදව සමාජයම දැනුවත් විය යුතුයි.මේක ලොකු සමාජ ප්‍රශ්නයක්.
මනෝ...............
ReplyDeleteමේකයි වැදගත් ම දේ මචං... මේ විදිහට අගනා දැනුමක් ඒක්ක ලියැවන පෝස්ටු ඉතා වැදගත්.... මේක බ්ලොග් ලෝකයේ තියෙන දැනුම සම්බන්ධ සාකච්ඡාවට ඉතා වැදගත්.... මොනවා වුණත් මේ සාකච්ඡාව වටිනවා... මේ වගේ ලිපි තව තව ලියැවෙනවානම් අගෙයි..... නියමයි මනෝ...
කුරුටු
Deleteමේ මාතෘකාව සම්බන්ධයෙන්ම පමනක් වුවත් ලිපි ගණනාවක් ලියන්න තරම් කරුනු තිබෙනවා.ඒ කරුනු පලකලොත් අවම වශයෙන් පෝස්ට් විස්සකට වඩා ලියවෙනවා.ඒ හැම කරුනක්ම එකසේ වටිනවා.කාලවේලාව අනුව ඒ සියල්ල ලිපි පෙලකින් පලකරන්න හිතාගෙන ඉන්නේ.
පරක්කු උනා මනෝ ...කාලෙට ගැලපෙන වටිනා ලියවිල්ලක් ..
ReplyDeleteමිට වඩා ලෝකය තව ලස්සන වෙන දාක දුවේ
නුඹ තනි මඟ කොහේ ගියත් හිත බය නැ චුටි දුවේ
පුංචි කැකුළු පුංචි හිතේ ලපටි හිනා දැක පැහැදී
දන් නාරං හිඹුටු දොඩන් නුඹේ අතට එයි පාවී
දුවේ ඉතින් පරිස්සමින් දෝත පාලා ඒවා ගන්න
බොළඳ කතා දෙතොල නඟා වැඩි ඈතට එපා යන්න
කතා වේවි වැඩි ඈතට යන්න ගියොත් ඒ විදිහට
හෙටත් ඒවි තෑගි අරන් අදට වඩා හිතවත් ලෙස
ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය - ප්‍රේමදාස අතුකෝරල
ගී පද - රඹුක්කන සිද්ධාර්ථ හිමි
මම කල්පනා කලා උඹ ආවම මේ පෝස්ට් එකට දාන්න සිංදුවක් තියේවිද කියලා.ගැලපෙනම සිංදුවක් තිබිලනේ බං.ස්තූතියි උඹට මේ සිංදුව දැම්මට
Deleteඉතා වැදගත් ලිපියක් මනෝ.. කවි කතා රසවින්දන අතරේ මේ වගේ ලිපියකින් දැනුම ලබාගන්න ලැබෙන එක වටිනවා...
ReplyDeleteජයවේ මනෝ!
බිලොග් පෝස්ට් ගනනාවක් දාන්න තරම් මේ වගේ ලිපිනම් ලියන්න පුලුවන් වර්ණෙ.මේ වගේ ලිපියක් සකස් කරනකොට ටිකක් මහන්සි වෙන්න වෙනවා.හේතුව තමයි තොරතුරු නිවරදි විය යුතුයි.නීතිමය පැත්ත එහෙම නීති සංග්‍රහයේ තිබෙන ඒවම විය යුතුයිනේ.නමුත් ප්‍රයෝජනයක් ගන්නේ නම් අඩු පිරිසක්.
Deleteජයෙන් ජය වර්ණ මල්ලියටත්
මේ වගේ කරුණු එලිපිට කතාබහ නොකරන නිසා , නොදන්න දේවල් දැන ගන්න මනෝ මෙහෙම ලිපියක් ලියපු එක නම් මිල කරන්න බැරි තරම් වටිනවා.
ReplyDeleteමම මේ තරම් කල් දැනගෙන හිටියේ නැහැ අසභ්‍ය විහිලු කරන එක ලිංගික අතවර ගනයට ඇතුළත් වෙනවා කියලා.දැන් ඉතින් ආයෙ කවුරු හරි ඕන නැති කතාවක් කිවුවොත් කට මහනවා.
මේ බොහෝ කරුනු සමාජයට විවර වෙන ඒවා නෙවෙයි.ඒනිසා බොහෝ දෙනක් මේ ගැන දන්නේ නෑ.පොදු ප්‍රවාහන සේවයේදි කාන්තාවකට අතවරයක් වුනාම බයටත් එක්ක පාඩුවේ ඉවසගෙන යනවා.නමුත් එහෙම කරදරයක් වුනොත් නීතිය ඉදිරියට යන්න පුලුවන්.ඒ වගේම එවැනි වෙලාවක රියදුරු,කොන්දොස්තර දෙදෙනා කාන්තාවට ආරක්ෂාව සැපයිය යුතුයි කියන අනපනත් පවා තිබෙනවා.ඉදිරියේදි ඒ ගැනත් ලිපියක් පලකරන්නම්.
Deleteඅසභ්‍ය වචනයකින් බැන්නොත් පටිගත කරලා නීතියට ඉදිරිපත් කලොත් සාක්ෂි තිබෙන නිසා බැන්න පුද්ගලයට අදාල නීතිය ක්‍රියාත්මක වෙනවා.ඒ නිසා කවුරු හරි දුරකථනයෙන් කතා කරලා අසභ්‍ය වචනයක් කිව්වත් නීතියේ පිහිට පැතිය හැකියි.
ඔන්න ඔහේ අපි උගේ කට ඉතිරි කරමු...
This comment has been removed by the author.
ReplyDeleteමනෝ ..තව ප්‍රශ්නයක් තියෙනවා...හැම වෙලෙම අපි ලෑස්ති වෙලා ඉන්නෙ නැහැනෙ රෙකෝඩ් කර ගන්න.අපි අතේ මොනවත් සාක්ෂි නැත්නම් අදාළ පුද්ගලයා වරදක් කළා කියලා ඔප්පු කර ගන්න බැරි වෙනවානෙ.
ReplyDeleteඉතිං..හැමවෙලාවෙම ලැහැස්ති පිට හිටහන් නංගෝ...පඩුරකුත් ගැටගහලා බාරයක් වෙයන්..“අනේ මට අතවරයක් වෙන්න“ කියලා..
Deleteචෝදනාවකදි ඒ සඳහා අදාල වන සිද්ධිය ඔප්පුකර පෙන්වීමට අවශ්‍ය වෙනවා.පටිගත කරගැනීම නිතරම කරන්න බෑ.නමුත් වෙනත් අයගේ සාක්ෂි ඉදිරිපත් කරන්න පුලුවන්.අපි හිතමු බස් රථයකදි කාන්තාවකට අතවරයක් සිදුවුනා කියලා.ඒ වගේ අවස්තාවක රියදුරු,කොන්දොස්තර දෙදෙනා ප්‍රබල සාක්ෂිකරුවන් දෙදෙනක් වෙනවා.අමතරව බසයේ සිටි අනිත් මඟින්.නමුත් අවාසනාවකට අනිත් මඟින් සිද්ධිය නොදැක්කා වගේ ඉන්නවා.
Deleteඑක අවස්ථාවක අවුරුදු 15 ක වගේ පාසල් සිසුවියකට සෙනග පිරිලා හිටපු බස් රථයකදි ලිංගික අතවරයක් කරලා තියනවා.ඒ සිසුවිය බිය නිසා පාඩුවේ ඉඳලා.නමුත් දැඩිව අපහසු තාවයට ලක්වෙලා.එතන ආසන්නයේ වාඩිවෙලා හිටපු කාන්තාවක් මේ සිදුවීම දකිනවා.වහා ක්‍රියාත්මක වූ ඇය අසල හිටිය තවත් කාන්තාවත් සමග එකතු වෙලා අර පුද්ගලයාව අල්ලගෙන රියදුරුට කීවා බස්රථය වහාම ආසන්න පොලිසියට ගෙනියන්න කියලා.ආසන්න පොලිසියට පැමිනෙන්න විනාඩි විස්සක් විතර කාලය ගෙවුන අතරේ අර පුද්ගලයා බස් රථයේ මඟින්ගේ ග්‍රහණයෙ හිටියා.අර කාන්තාවන් දෙදෙනාගේ සාක්ෂි රියදුරාගේ සාක්ෂිය එතනදි අර පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්ක කරන්න උපකාර වුනා.
//පඩුරකුත් ගැටගහලා බාරයක් වෙයන්.// ඒකට අපේ දේවාලෙ තියෙනව. එන එකයි තියෙන්නෙ.
Deleteලග ලගම එකවගේ පෝස්ට් දෙකක්ම දැම්මනේ.ඊ ලඟ පෝස්ට් එකෙ සුලු කලකින් ධනවතකු විය හැකි මහා බලගතු යන්ත්‍රයක් ගැන දාන්නත් හිතෙනවා.දේවාලයක් කරපු මගේ යාලුවෙක් ලග එහෙම එකක් තිබුනා.මිනිහා ඒකේන් ධනවතෙක් වුනා.ඔය යන්තරේ හදා ගන්න විදිය කියලා දෙන්න කියලයි හිතාගෙන ඉන්නේ.ඒකත් මරු සිද්ධියක්
Deleteහොඳ විස්තරයක් මනෝ.
ReplyDeleteමේ බ්ලොග් වල යන ගොඩක් දේවල් තියෙනව පත්තර වලින් සමාජය දැනුවත් කරන්න ඕන දේවල්. ඒත් ඒවයෙ යන්නෙ වෙන වඳුරු කුණුහරුප මිසක් මිනිස්සුන්ට දැනුවත් වෙන්න ඕන දේවල් නෙමෙයි.
අර ශානු කියල තියෙනව වගේ බ්ලොග් කාරයො එකතුවෙලා පත්තරයක් කළානං මේව සමාජගත කරන්න තිබුණ.
ප්‍රසා
Deleteඔව් බං පත්තර වලනම් දැන් දැන් කියවන්න කිසිම දෙයක් නෑ.බහුභූත විතරයි තියෙන්නේ.වෙන එකක් තියා බුදුසරණ පත්තරෙත් දැන් වැඩිපුර තියෙන්නේ දඹදිව වන්දනා චාරිකා ගැන වෙළඳ දැන්වීම්.ඔන්න පත්තර වල කලදසාව.ශානුගේ යෝජනාව නම් හොඳයි තමයි.අඩුම මාසික සඟරාවක් වගේවත් නිකුත් කරන්න පුලුවන් උනානම් ඒක පුවත්පත් කලාවේ ලොකු වෙනසක් වෙයි.
පෝස්ට් එකනම් කියෙව්වේ දාපු දවසෙමද කොහෙද, ෆෝන් එකෙන් කියවපු නිසා කමෙන්ට් කරන්න බැරි උනා...
ReplyDeleteගොඩක් වැදගත් කාලින ලිපියක් මනෝ...
///දරුවාට පහරදෙමින් වදහිංසා සිදුකිරීම///
අපේ පොඩි එකා කරන සමහර වැඩ වලදී පස්ස පැත්තට දෙකක් නොදී බැහැ බං...
එහෙමවත් බැරිනම් අපේ දෙමව්පිය කම් ළමයෙකුට දීලා දාල පැත්තකට වෙන්නනේ බං වෙන්නේ...
නෑ බං.ඒ වගේ වරදකදි දෙමාපියෝ කරන තරවටු ගැන නෙවෙයි එතනදි කියවෙන්නේ.ඊට එහා ගිය අමානුෂික පහරදීම්,දඬුවම්,වදහිංසා ගැන.හිටපු ගමන් දරුවෝ පුච්චලා දාපු දේවල් ගැන එහෙම අපිට අහන්න ලැබෙන්නේ.අන්න ඒ වගේ දේවල්.ඒ සිදුවීම් දරුවට මානසිකව ලොකු බලපෑමක් කරනවා.
Deleteලොකු පුතේ.උඹ අලුත් පෝස්ට් එකක් දාන්නේ නැද්ද බං.
ස්ත්‍රී දූෂණයට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුමයි. ඊට සහය වන අයටත් මරන දඬුවම දෙන්න කරමයක් ඕනේ. එවැනි අපරාධ වලට සැක කෙරෙන අයට ඇප ලබා නොදියයුතුයි. කාන්තාවකට අයතා ලිංගික ඇසුරකට ආරාධනා කිරීමත් වරදක්. ඒ ගැනත් සඳහන් කරන්න. කාන්තාවකගේ ශරීරය අඟ පසඟ කාමුක සිතුවිල්ලෙන් ස්පර්ෂ කිරීමෙන්ද ස්ත්‍රී දූෂණයක් වෙනවා. මේ වගේ දේවල් සේරම දැක දැකත් ඒය වසන් කිරීමත් වරදක්. මේ වැරදි වගකිවයුත්තන්ට දැනුම් නොදෙන මගහරින අයටත් දඬුවමක් තිබුනනම් තමයි මට්ටු වෙන්නේ. ස්ත්‍රී දූෂණ වලට සැකපිට හෝ අත් අඩංගුවට පත් වීමට බිය වන තරමට නීති හා දඬුවම් දැඩි වෙන්න ඕනේ. ස්ත්‍රී දූෂණ වලට වගකිවයුත්තන් හිරගෙවල් වලට අනියම් ආකාරයට දැන හෝ නොදැන උපකාර කරන්නන්ටත් දැඩි දඬුවම් අවශ්‍යයි. ඔවුන්ද හිර ගෙවල් වල දමා හිරේදීත් දැඩි වද හින්සනයට ලක් කරන්න ඕනේ. ඔවුන්ට අනික් සිර කරුවන්ට වගේ මානුෂීය අයිතියක් පවා නොදිය යුතුයි.
ReplyDeleteනිතර පිරිමින්ගෙන් බලපෑම් එල්ලවන ඒ නිසාම අසරණ වන කාන්තාවන් නිතරම බියෙන් පීඩාවෙන් ඉන්නවා.එහෙම කාන්තාවන් කිහිප දෙනෙක්ම ඒ ගැන මගෙත් එක්ක කියලා තියනවා.එවැනි සමහර කාන්තාවන් තමාට රාත්‍රියට නින්ද නොයන බවත් කියනවා.ඒ බිය නිසා.ඔබ කාන්තාවක් නිසා ඔබ වගේම තවත් කාන්තාවකට විඳින්න සිදුවන දුක් ගැහැට පීඩා දුටුවම ආවේගයක් කෝපයක් ඇති වෙනවා.ඒ නිසා ඔබට හිතෙනවා කාන්තාවන්ට හිරිහැර අතවර කරන පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදීම තුලින් ඒ ගැටලුවට සම්පුර්ණ විසදුමක් ලැබේවි කියා.නමුත් එයින් වෙන්නේ එවන් එක් පුද්ගලයකු විනාශවීම පමනයි.නමුත් නැවත නැවතත් එවැනි පුද්ගලයන් බිහිවන සමාජ වටපිටාව අනෙකුත් සාධක තිබෙනතාක් මේ ගැටලුවට විසදුමක් ලැබෙන්නේ නෑ.ඒ නිසා ඒ කරුනු ගැනයි වැඩිපුරම අවධානය යොමුකරන්න වෙන්නේ.ඉදිරි ලිපියකින් ඒ කරුනුත් සදහන් කරන්නම්.එවිට වැටහෙනවා අපි තව බොහෝ කරුනු ගැන අවධානය යොමු කරන්න ඒන කියන එක.
Deleteහොඳ ලිපියක්.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1679-2015-11-25-23-36-51
ස්තුතියි අජිත් අයියේ ලබාදෙන යහයෝගයට
Delete[ලංකා දණ්ඩ නීති සංග්‍රහය 1995 අංක 22 හි 363 වන වගන්තියට අනුව පහත දක්වා ඇති අවස්ථා පහෙන් කවර අවස්ථාවක හෝ කාන්තාවක සමග ලිංගිකව එක්වීම ස්ත්‍රිදූෂණයකි.
ReplyDeleteවයස අවුරුදු 16 ට අඩු ගැහැනු ළමයකුගේ කැමත්ත ඇතිව හෝ නැතිව ඇය සමග ලිංගිකව එක්වීම ස්ත්‍රිදූෂණයකි.
කාන්තාවකට මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර ලබා දී හෝ සහිවිකල් වූ පසු ඇය කැමති කරවා ගනිමින් ලිංගිකව එක්වුවද එය ස්ත්‍රිදූෂණයකි.
බලහත්කාරයෙන්,තර්ජනය කිරිමෙන්,නීති විරෝධි ලෙසින් රඳවාගනිමින් කාන්තාවක බිය ගන්වා ඇය කැමති කරවා ගනිමින් ලිංගිකව එක්වුවද එය ස්ත්‍රිදූෂණයකි.
ස්වාම්පුරුෂයා බව ව්‍යාජව අඟවා ලිංගිකව හැසිරීම.
නීතියෙන් වෙන්ව සිටින භාර්යාව සමග ඇයගේ කැමත්ත නොමැතිව ලිංගිකව එක්වීම.]
මේකට අනුව භාර්යාව සමග භාර්යාවගේ අකමැත්තෙන් බලහත්කාරයෙන් ලිංගිකව එක්වීම ස්ත්‍රී දුෂණයක් නෙවෙයි.. මේ නීති මීට වඩා යාවත්කාලීන වියයුතුයි බන් ...
ඔව් සමහර නීති ගැටලු සහගතයි.මේ නීති සංශෝදනය විය යුතුයි.
Deleteභාර්යාවගේ අකමැත්තෙන් බලපෑම් කර කැමති කරවාගෙන මෙව්ව කිරීම ඔය ලිස්ට් එකේ තුන්වැන්න යටතට වැටෙනවා. යාවත් කාලීන කරන්න ඕනෙ ක නෙවෙයි, පිරිමින්ට වෙන අතවර, ස්ත්‍රී දූෂණයක නඩුවෙදි ඒක ඔප්පු කරන්න තියෙන ක්‍රමවේදය වගේ දේවල්.
ReplyDeleteමේ නීති යල්පැනලා තියෙන්නේ.වර්ථමානයත් එක්ක අලුතෙන් එකතු වියි යුතු කරුනු ගැන ඒ තරම් අවධානයක් යොමු වෙන්නෙ නෑ වගේ.
Deleteමම නම් හිතන්නේ මනෝ රටේ පවතින නීතිය ප්‍රමාණවත් මේවැනි අපරාධකරුවන්ට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට.නමුත් ඒ නීතිය හරියට සාධාරණව ක්‍රියත්මක නොවීමේ අඩුපාඩුවයි තියෙන්නේ.නීති අලුත් වෙන්න ඕනේ වගේම පවතින නීතිය ක්‍රියාත්මක වෙන්නත් ඕනේ සාධාරණව.
ReplyDeleteස්තූතියි මනෝජ් අදහසට.
Deleteපසුගිය වකවානු වල සිදුවුන සමහර සිදුවීම් බැලවම නීතිය ක්‍රියාත්මක වීමේදි සාධාරණය ඉටුවෙනවද කියන ගැටලුව මතුවෙනවා.මේ රටේ ඇමතිදූර දැරෑ සමහර අපරාධකරුවන් නීතයෙන් නිදහස් වුනා.සේයාගේ සිදුවීමේදි නිර්දෝෂි සමහරකුට අපරාධකරුවෙක්ය යන ලේබලයත් වැදුනා.
ඉවත් කරන ලද මගේ කලින් පෝස්ටුවක පැවසූ ගැටළුවෙන් ගොඩ පැමිණි දරුවකු දෙමාපිය ආදරය සෙනෙහස දැනෙන ලෙස ලබා දීම මගින් ඒ ගැටළුවෙන් මිදී සතුටින් සිටිමින් ඉගෙනීමේ යෙදෙන අයුරු දකින්නට ලැබෙන බව පෙනී යනවා. දෙමාපිය රැකවරණය හා දරුවාට දැනෙන ලෙස ලැබෙන ආදරය හොඳම බෙහෙතක් බව පසක් කරමින් සිටින්නියක්මි.
ReplyDeleteඅදාල ගැටළුව සම්බන්ධව මනෝ මැදිහත්ව ලබාදුන් සහාය ගැන ස්තුති කරන්න . මේ කොමන්ටුවෙදි මගහැරුනා. ඒ උපදේශය වෙනුවෙන් ස්තුතියි මනෝ
Deleteඒ දරුවට යහපතක් වුනා කියලා දැනගන්න ලැබුන එකත් සතුටක් සාරිකා.
Deleteඅද කාලේට වැදගත් කතාවක්....
ReplyDeleteජය වේවා...........