බූරු සෝමෙ අයියාගේ කලාබර ආත්මය



ඇත්තමයි නංගියේ
කළු කලාබර වගේමයි
කළු ම කළු පපුව
මේ සෝමෙ අයියගේ
ඒ වුණත් ලස්සනයි හදවත
හාරත ආසියා වගේ
උඹ නැති ජීවිතෙත්
හිස් ආසියා වගේ

කෝං ගහ යට
අපේ බූරුව පොළේ
ජේන් අක්කා
තෝන් ඉල්ලන වෙලාවේ
ගෙයි ජනේලෙන්
නුඹ එබී බැලුවේ

ඒ වෙලාවෙම පොරොව හාරත
පැදුර පිට පෙරළී
මට දිනුම ලැබුණේ

එදා ඉඳලම
ඒ කොලේටම
මං ආස කරුවේ

මූණ රතුවී
ඇයි ද අමනාපයෙන්
ඇත්තමයි උඹ
ඒ පොරොවමයි දැන්

මට ම කිව්වාට කවුරුත්
බූරුවා සෝමේ
බූරුවා කොළ කුට්ටමක්මයි
මේ සමාජෙත් නංගියේ
ඒකෙ ඉන්නා රුයිත බූරුවො
උඹට වහ වැටිලා
ඒත් උඹ නම් රවටන්න බෑ
ඒක නම් සත්තා
මටත් ජෝකර් කොළේ පෙන්නා
උඹ අහක බැලුවා

කාටවත් බහ නොදී තනියම
සෙව්වාට පීරා
නංගියේ බූරුව පොළේ නෑ
උඹ සොයන හේරා
(‘හෝඩිපොතේ මනමාලි’ කාව්‍ය සංග්‍රහයෙන්)

6 comments:

  1. මාතාගෙ පෝස්ට් එකේ කමෙන්ට් එක දිගේ ආවෙ. දිගටම ලියන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා...
    මෙතනින් ගිහින් live link දාන විදිහ බලන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ දිරි ගැන්වීමට

      Delete
  2. අම්මට සිරි උඹ දැන් ගුරා වෙලාද ?කොයි මේ කෝම් පිට්ටු කිව්වලු හා හා ඔහොම යන් ගොලොයෝ හදාගනිමු හැබැයි පඩ ටෝක් එපා පොඩි එවුන්ට

    ReplyDelete
  3. හොදමයි මහත්තයෝ....... දැන් සනීපයිද...?

    ReplyDelete
  4. Machan ube 3 wana lipiya kiyawanna be. Mama phone eken kiyawana nisa 3rd post eka thanikarama kalu paatai.

    ReplyDelete
    Replies
    1. ok මම ඒක නිවරදි කරන්නමි.ස්තුතියි දැනුමි දිම පිළිබදව

      Delete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි