ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලු හදුනා ගනිමු

       ලිංගික චර්යා හා රැචිකත්වය පුද්ගලයාගෙන් පුද්යාගෙන් පුද්ගලයාට වෙනස් වීම සාමාන්‍ය දෙයකි.එමෙන්ම ලිංගික ආකර්ශණය හා තෘප්තිමත් වීම යනාදියද එසේම වෙනස් වෙි.එහෙත් තමාට හා අන්‍යයන්ට කරදරකාරි වන හා අස්වාභාවික අයුරෙන් ලිංගිකව එක්වීම හෝ ලිංගික තෘප්තියක් ලැබීමට උත්සහ කිරීම යනාදිය ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලු ලෙසින් හදුනා ගැනීමට හැකිය.
      මෙවා ගැටලු වන්නේ එවනි පුද්ගලයන් උපරිම ලිංගික තෘප්තියක් ලබන්නේ එවැනි අස්වාභාවික චර්යාවන්ගෙන් වීමය.බොහෝ විට එවැන්නන්ට සාමාන්‍ය ලිංගික සමිබන්දතා මගින් නොලැබෙන තෘප්තියක් අසාමාන්‍ය චර්යාවකින් ලැබෙ.වර්ථමානයේ බොහෝ දෙනෙකු මෙවනි ගැටලු වලින් නිරන්තරයෙන්ම පීඩා විදිනු ලබයි.තමන්ට එවනි ගැටලුවක් ඇතැයි දන්නා සමහරකුට ඉන් මිදිමට අවශ්‍යතාවය ඇතත් තමන් සමාජය ඉදිරියේ ලජ්ජාවට පත්වෙ යයි සිතන ඔවුන් තම ගැටලුව තවදුරටත් සගවාගෙන සිටි.එහෙත් නිසි උපදේශකවරයකු වෙත යොමු වීමෙන් එවනි ගැටලු විසදා ගැනීමට හැකියාව ලැබෙ.කෙසේ වුවද දැනට හදුනාගෙන ඇති එවැනි ගැටලු කීපයක් ප්‍රධාන වශයෙන් පියවර කීපයක් යටතේ හදුනා ගැනීමට පුලුවන.ඒ මෙසේය.



1.ලිංගික චර්ධනය නිසි ලෙස හදුනා නොගැනීමෙන් නව යොවුන් වියේදි ඇතිවන ගැටලු.

2.ලිංගික චර්යාවන් හා සමිබන්ධ මානසිකව පවතින ගැටලු

3.ලිංගික අක්‍රමිකතා



1.ලිංගික චර්ධනය නිසි ලෙස හදුනා නොගැනීමෙන් නව යොවුන් වියේදි ඇතිවන ගැටලු.

වැඩිවිය පැමිනිමත් සමග සිදුවන කායික මානසික වෙනස්කමි පිළිබදව නිසි දැනුමක් අවබෝධයක් නොමැති වූ විට යොවුන් වියේදි මුහුණදීමට සිදුවන ගැටලු රැසකි.මෙවනි ගැටලු නිසා බොහෝ සේ පීඩා විදින අය මාහට මුන ගැසි ඇත. රාත්‍රි නින්දේදි ස්වප්න මෝචනය සිදුවීම නිසා තමාට අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි බියට පත්ව ඒ සදහා පිහිට පතා දේවාලගානේ ගිය වයස අවුරැදු 15 ක පමන යෞවනයකු දිනක් මට මුන ගැසින.විශේෂත්වය වන්නේ ඔහුට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි තීරණය කලේ ඔහුගේ මැණියන්ය. මෙය ඔබ මුවට සිනාවක් ගෙන ආවද ඔහු සිටියේ අප සිනහ විය යුතු අවස්ථාවක නොව ඔහුට  උදවිකල යුතු අවස්ථාවකය.පියා නොමැති ඔහු මවගේ රැකවරණය මැද සැදි වැඩුන අතර ගත කර ඇත්තේ මිතුරන් ඉතා අඩු හුදකලා ජීවිතයකි.යොවුන් වියට පා තැබීමත් සමග ඇතිවු බොහෝ වෙනස්කමි පිළිබද ඔහුට අවබෝධයක් නොතිබිනි.අසා දැනගැනීමට හෝ සමීප මිතුරෙක් නොවීය.තමාට ස්වප්න මෝචනය සිදුවූ පසු බියට පත්වූ ඔහු ඒ බව පවසා ඇත්තේ තම මවටය.යන්ත්‍ර මන්ත්‍ර ගුරැකමි විශ්වාස කරමින් නිරන්තර දේවාල සරණපතන ඉතා නූගත් එම මැණියන් තම පුතුට අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි සිතා කටයුතු කරන්නට පෙළඹින.මෙම ගැටලුව ඉතා සරල සේ පෙනුනද එසේ සරල ලෙස ගැනිය නොහැකි ගැටලුද දක්නට ලැබෙ.දිගින් දිගටම එවැනි ගැටලු වලන් පීඩා විදින පුද්ගලයන් ලිංගික චර්යා හා සමිබන්ධ මානසික ගැටලුවලටද ගොදුරැ වෙ.


2.ලිංගික චර්යාවන් හා සමිබන්ධ මානසිකව පවතින ගැටලු


මෙම ගැටලු ස්ත්‍රි පුරැෂ භේදයකින් තොරව ඇති විය හැකි ඒවාය.මෙම ගැටලු ඉතා කෙටියෙන් මුලින් සදහන් කර පසුව පැහැදිලි කිරිමට බලාපොරොත්තු වෙමු.


  1. කිසිදු අයුරකින් ලිංගික තෘප්තියක් නොදැනීම
  2.  ලිංගික චර්යාවන් සදහා බිය දැක්වීම.
  3.  ස්වපීඩා කාමුකත්වය
  4.  පරපීඩා කාමුකත්වය
  5.   තම අවයව අන්‍යයන්ට ප්‍රදර්ශණය කර තෘප්තිමත් වීම
  6. අන්‍යයන්ගේලිංගික ක්‍රියාකරකමි හොරෙන් බලා තෘප්තිමත් වීම (එය ගැටලුවක් වන්නේ කෙසේදැයි යන්න ඉදිරියේදි පැහැදිලි කරනු ලැබෙ)
  7.  විරැද්ධ ලිංගිකයාගේ යට ඇදුමි ඇදීම,සිප ගැනීම,වැනි දේ මගින් ආස්වාදයක් ලැබීම.
  8.  ලිංගික උත්තේජනය ඇති නොවන සිරැරේ ස්ථාන හෝ වෙනත් දේ කෙරෙහි ඇතිවන ආශාව හා ඉන් තෘප්තියක් ලැබීම
  9. තම බිරිද හෝ ස්වාමිපුරැෂයා තමා ඉදිරිපිට වෙනත් අයකු සමග ලිංගිකව එක්වනු බලා ඉන් ආශ්වාදයක් ලැබීම
  10. ගුද සංසර්ගයට ඇති අස්වාභාවික රැචිය
  11. දුරකථනයෙන් අසභය දේ අසා හෝ පවසා ඉන් ආස්වාදයක් ලැබීම
  12. අපිරිසිදු බවින් ලිංගිකව එක් වී ආස්වාදයක් ලැබීම
  13. මහලු අය සමග ලිංගිකව එක් වී ආස්වාදයක් ලැබීම
  14. ඉතා ලාබාල දරැවන් ලිංගිකව එක් වී ආස්වාදයක් ලැබීම
  15. මෘත ශරිර සමග ලිංගිකව එක් වී ආස්වාදයක් ලැබීම
  16. මළපහ කිරිමෙදි දැක ලිංගික ආස්වාදයක් ලැබීම
  17. මූත්‍ර කිරිමෙදි දැක ලිංගික ආස්වාදයක් ලැබීම
  18.  තිරිසන් සත්වයින් සමග එක්ව ලිංගික ආස්වාදයක් ලැබීම
  19.  සතුන් ලිංගිකව එක්වනු බලා ලිංගික ආස්වාදයක් ලැබීම
  20.  උපකරණ මගින් ලිංගික ආස්වාදයක් ලැබීම
  21. සෙමි සොටු කෙල වැනි අපිරිසිදු දේ ස්පර්ශයෙන් අනුභවයෙන් සිරැරේ තවරා ගැනීමෙන් ලිංගික ආස්වාදයක් ලැබීම
  22.  අසභ්‍ය වීඩියෝ දර්ශණ නැරඹිමට ඇබැබැහී වීම
  23. ස්වයං වින්දනයට ඇබිබැහී වීම
  24. මව,සහෝදරිය,දියණිය,පියා,සහෝදරයා  වැනී සමීපතයන් සමග ලිංගිකව එක්වී ලිංගික ආස්වාදයක් ලැබීමට සිතීම



        තව මෙවනි බොහෝ ගැටලු තිබෙනවා.බහුලව දක්නට ලැබෙන ගැටලූ බොහෝමයක් මෙහි සදහන් කර තිබෙනවා.මෙවා ගැටලුවක් වන්නේ කෙසේදැයි හදුනා ගන්නා ආකාරය ඇතුලු තව බොහෝ කරැනු මී ලග ලිපියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා


7 comments:

  1. සෑහෙන්න වැදගත් දෙයක් වේවි..ඊලග ලිපිය එනකම් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ටිකක් කාර්ය බහුලයි.ඉක්මනින් අනෙත් ලිපිය පලකෙරෙනවා

      Delete
  2. සින්ඩියටත් අැතුල් කරගත්තා.... අගෙයි බ්ලොගය

    ReplyDelete
    Replies
    1. ඔබ සින්ඩියෙන් ලබාදෙන සහයෝගයට ස්තුතියි.ඔබෙි සින්ඩියේ කේතයක් ලබාදෙන්න මෙහි පලකිරිමට

      Delete
  3. Niyama topic ekak gena liyanne machan. Jaya wewa.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ දිරි ගැන්වීමට.ඉිදිරයේදිත් මෙි පිළිබදව ලියන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  4. මේව ගැන කතා කරන්න ඕන. මේ දැනුම සමාජයට යන්න ඕන.යව්වනයන් ලිංගික අධ්‍යාපනය ලබන්නෙ බ්ලූ ෆිල්ම් බලල නම් එතන ලොකු අවුලක් තියනව. එහෙම වෙන්නෙ මේ දැනුම නිසි ක්‍රමයට නොයන නිසයි.ලිංගිකත්වය ගැන තියන හපූයියා ආකල්පය අපට ආවෙ වික්ටෝරියානු සම්ප්‍රදායෙන්. වික්ටෝරියානු සම්ප්‍රදායට ඒ ආභාෂය ලැබුනෙ තුර්කිය හරහා අරාබි ආකල්ප තුලින් වෙන්න ඉඩ තියනව. කොහොමටත් නිරුවත මහමෙරක් කරගත්ත සමාජවල ලිංගිකත්වය ගැන කුතුහලයක් නෑ.

    කාම රෝග ගැන ලිවීම අගය කරනව. ඉදිරියෙදි මේ වගෙ දේවල් තවත් ලියන්න.

    ReplyDelete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි